සංසාරේ බවේ දුකා

බුදු දහමේ ඉගැන්වෙන හැටියට වෙනස් නොවෙන එකම දේ තමයි වෙනස් වීම. ඉතින් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ කිසිම දෙයක ස්ථිර පැවැත්මක් නැති බවයි. මේ ස්ථිර පැවැත්ම නැති නිසා එක දුකක්. එමෙන්ම මම, මගේ යන සංකල්ප සීමා වන්නේ වචන වලට පමණයි. මෙය මගේ, මාගේය, මාගේමය කියලා කොචිචර කිව්වාත් අවසානයේ සිදුවන්නේ එය අපෙන් ඈත්වීම. උදේ පාන්දර පොඩ්ඩක් හිතන්න ...

සුභ උදෑසනක් වේවා!

නොකඩවා ලියන්න හිටියට මේන් වැඩේ කරන්න හම්බවුනේ නෑ. ගොරව ගොරවා, අකුණු ගහ ගහ වහින්නට වුනානේ. ඉතින් වැස්ස පෑයුවාම ආපහු දුවන්න හිතාගෙන පොතක් අතට ඇරගෙන කියවන්න ගත්තා… පොත කියවලා ඉවරවෙනකොට මට දැනුනා මුළු පරිසරයම නිකන් ආලෝකමත් වෙලා, වැස්ස නතරවෙලා කියලා! අහ් දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා. මොනවා කරන්නද, කමක් නෑ මෙතන ඉඳගෙන හරි ඉදිරියට ලියනවා…

නුගේගොඩ ගමන

ඔන්න ඉතින් අද ඒ.ඩී.ඇස්.ඇල් ගන්න නුගේගොඩ ගියානේ. අද නිවාඩු දවසක් නිසා වැඩිපුර තදබදයක් තිබ්බේ නම් නෑ.. ඒක නිසා හොඳට ගියා. ඒ.ඩී.ඇස්.ඇල් ඇරගෙන පොඩි සවාරියක් දැම්මා නුගේගොඩ කට්ටියත් අඩුයිනේ 😉 ඔන්න ඉතින් සවාරියේ යද්දී දැක්කේ නැතෑ වෙසක් කූඩුවක්. මේ ජිවීතේට එහෙම එකක් දැක්කාමයි. දණහිසට අඟල් දෙක තුනක් උඩ වැහෙන්න විතරයි ඇඳලා හිටියේ. තව පොඩ්ඩෙන් මේ වෙසක් ...

නැවතත් බ්ලොග් මාර්ගයට

බ්ලොග් මැරතන් එක මට නම් හරියට බාධක දුවනවා වගේ, එහෙන් අකුණු ගහනවා. මෙහෙන් මගේ දුරකථන බිලත් ආරක්ෂා කරගන්න එපැයි. සැලසුම් කර විදිහට බ්රෝඩ්බෑන්ඩ් නියමිත දිනට ලබාගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ඔක්කොම. ඔන්න ඉතින් කොහොම කොහොම හරි බ්ලොග් මැරතන් තුන් වෙනි පැයටත් ළඟාවුනා. දිගටම මැරතන් ඉසව්ව සමඟ රැඳී සිටින්න, හොඳ හොඳ ‍සෙල්ලම් බලාගන්න පුළුවන්…!

වෙබ් අඩවියට ප්‍රචාරය – 2

ඔබේ වෙබ් අඩවියට කට කතා මා‍ර්ගයෙන් ප්‍රචාරණය ලබා දීම පිළිබඳව තමයි අප කතාකරේ. වෙබ් අඩවියට ප්‍රචාරණය ලබාදීමට තවත් ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඔබේ වෙබ් අඩවිය පිළිබඳව ඔබේ මිතුරන්ගේ බ්ලොග් අඩවි තිබේනම්, ඒවායෙහි ඔබේ වෙබ් අඩවිය ගැන හිතන්නේ මොනවාද කියලා සටහන් කරන්න කියන්න, ඒ තුලින් ඔබට ඒ බ්ලොග් අඩවි හරහා ඔබේ වෙබ් අඩවියට ප්‍රචාරණය ලබාගන්න පුළුවන්. මෙයට ...

හැරී පෝටර් මීළඟ චිත්‍රපටිය 1

මේක තමයි අළුත්ම වින්දනීය ප්‍රවෘත්තිය. ලෝකය පුරා ජනාදරයට පාත්‍ර වූ කතා මාලාවක් වන හැරී පෝටර් ආශ්‍රයෙන් නිර්මාණය වන මීළඟ චිත්‍රපටිය වන Harry Potter And The Half Blood Prince චිත්‍රපටිය මේ වසරේ නොවැම්බර් මාසයේ 21වන දිනයේ මහජන ප්‍රදර්ශනය විවෘත වන බව තමයි ආරංචි වන්නේ. මෙම චිත්‍රපටියේ අළුතින්ම ඔබට දැකගැනීමට ලැබෙන චරිතය වන මහාචාර්ය ස්ලග්හෝර්න් ලෙස ජිම් ...

මැරතන් දෙවැනි පැය

ඔන්න සිංහල බ්ලොග් මැරතන් දෙවැනි පැයත් පටන් ගත්තා. කට්ටිය දිගට හරහට “අත් දෙකෙන්ම” දුවනවා වගේ. මාර්ගය දෙපස මැරතන් බලන්න කට්ටිය පිරිලා බව මගේ බ්ලොග් අඩවියට පිවිසෙන පිවිසුම් ගණන දිහා බැලුවාම පේනවා. අපි දැන් පිවිසෙන්නේ මැරතන් දෙවැනි පැයට, මේ පැයේදී මා බලාපොරොත්තු වනවා. වෙබ් අඩවි ප්‍රචාරණය පිළිබඳ සටහනක් අළුතෙන්ම නිකුත් වන චිත්‍රපටියක් පිළිබඳ විස්තරයක් ෆිල්ම් ෆෙයාර් ...

වෙබ් අඩවියට ප්‍රචාරය

මා කලින් ඔබට සඳහන් කරන ලද විදිහට වෙබ් අඩවියකින් ඔබට ඇති ප්‍රයෝජන බොහොමයි. ඔබේ අදහස් ලෝකය පුරාම ප්‍රචාරණය කරන්න, ඔබේම රසික පිරිසක් ඇති කරගන්න විතරක් නෙවෙයි තවත් බොහෝ දේ පුළුවන්. ඔබ දන්නවාද? ගූගල් වෙබ් අඩවිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ගරාජයක් ඇතුලේ ඉඳගෙන කියලා? දැන් ගූගල් කියන්නේ ලෝකයේම ප්‍රචලිත, වැඩිම ආදායම් ලැබෙන වෙබ් අඩවි ජාලයක්. දැන් ...

සුදාරකගේ ADSL වික්‍රමය – 1

මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ සුපිරි අශ්ව බල වේගය ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. මම දැන් මේ බොහොම අමාරුවෙන් මන්දගාමීව තමයි දුවන්නේ. මොනවා කරන්නද? ඔන්න ඉතින් මාස 4ක් බලාගෙන ඉඳලා අද තමයි වැඩේ හරිගියේ ඒත් තාම මොඩම් එක විතරයි. අද උදේ ටෙලිකොම් එකෙන් කතා කරා ඉතින් ඔන්න මම ගියා නුගේගොඩ ටෙලිකොම් එකට, වැඩේ හරි අළුත් දුරකථන අංකයකුත් ...

මැරතන් විස්තර විචාරය

ඔව් මෙන්ම මේ දැන් ටිකකට කලින් බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුනා. ශෝකජනක ආරම්භයක් වූ නමුත් ඉදිරියේදීවඩා හොඳ තරඟයක් තරඟකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකියි. හෝව්! හෝව්!! මලින්ත, මේ මල් කඩන වෙලාවක් නෙවෙයි! මැරතන් එක මැරතන් එක… ඔව් වතුර බාල්දියක් ඉදිරියට රැගෙන දුවන සුදාරකගේ ජල පහරක් මේ අවස්ථාවේදී මලින්තට එල්ලවුනා! ඔව් මලින්ත! නාගත්තා!!! මේ අතර ආනන්දවර්ධන හිමින් සීරුවේ ...