මෙහෙමත් නින්දක්! 8

ජූලි මාසෙත් ලැබුවා එහෙනම්. පුදුමේ කියන්නේ 2008 අවුරුද්දත් යන ඉක්මන. කොහොමහරි ඉතින් මම නම් සාමාන්‍යයෙන් රැ 12 වෙනකම් පාඩම් කරනවා. පාඩම් කරනකොට නම් නිදිමත දැනෙන්නේ නෑ. ඒති ඉතින් උදේ නැගිට්ටාම තමයි රඟේ දැනේනේනේ. උදේ පාන්දර පාඩම් කරන්න වෙලාව නැති නිසා මටනම් ඉතින් පාඩම් කරන්න හොඳම වෙලාව තමයි රෑ. ඒත් පාඩම් කරන්නේ රෑ 12 වෙනකම් විතරයි. ...

මේ දවස්වල අපේ අය… 5

විභාගය අත ළඟ… අත පොත ළඟ… පොත හිත ළඟ… හිත ඈ ළඟ… – කතෲ අඥාතයි 😀

කැමතිම දහය – පළමු ‍කොටස

යාවත්කාලීන සටහන – බ්ලොග් අඩිවියේ ඇතිවූ යම් යම් ගැටලු නිසා, මෙම සටහන නැවත වරක් සුදාරකගේ අන්තර්ජාල සටහනේ සටහන් කෙරේ. ඔබ විසින් මෙම සටහනට ලබා දුන් ප්‍රතිචාර ඉවත් වී ඇති බැවින්, ඔබට එයින් යම් කිසි අපහසුතාවක් වූවානම් සමාව ඉල්ලා සිටිමි. ස්තූතියි. අද ටිකක් වෙනස් මාතෘකාවක්! විභාග පීඩනෙන් මිදෙන්න දැන්නම් මට තියෙන් හොඳම ක්‍රමේ තමයි බ්ලොග් ලියන ...

නිදහස් අදහස් : ආරාධිත සටහන. 4

මෙම බ්ලොග් සටහන ලියන්නේ නිදහස් අදහස් බ්ලොග් අඩවියේ හිමිකරු වන වරුණ කණිෂ්කයි. අපේ සුපුන් සුදාරක මලය ගෙ බ්ලොග් අඩවියෙ ආරාධිත සටහනක් ලියන්න කියල කිව්වෙ ටික දවසකට කලින් වුනත් වැඩේ ටිකක් අතපසු වුනා. ඒ පාර රාත්‍රියේ ඇහැරගෙන හරි ලියල දාන්න කල්පනා කලා. මොනවද ලියන්නෙ කියන කල්පනාව ආවා ඊ ළඟට. අපේ බ්ලොග් කරුවන් පහුගිය දවස් වල ලියපු ...

සුදාරකට දහසයයි! 19

ඔන්න ඉතින් මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 16ක් නොදැනීම ගතවෙලා! ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ අන්තර්ජාලයේ මුලින්ම සුබ පතපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට හා SMS, E-Mail මඟින් සුබ පතපු අන්තර්ජාලයේ මිතුරන්ටත්. ඒ වගේම මට සුබ පතපු, සුබ නොපතපු, සුබ පතන්න අමතක වෙච්ච හැමදෙනාටම මේ අවස්ථාව කරගන්නවා මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූති කරන්න. ලාංකීය වර්තමාන ...

අපි නොදන්න අපේ අනාගතය 6

මම නම් ඉතින් කවි ලියන්න එච්චර දක්ෂ නෑ. ඒත් ඔය ඉඳලා හිටලා මොකක් හරි හිස් කොලයක් අතට ලැබුනොත් මොකක් හරි කුරුටු ගාන එක තමයි වැඩේ. ඒත් ඉතින් එක තැනක කියලා තියාගෙන ඉන්නේ නෑ. මේ ඊයේ ලියපුවා අද වෙද්දී කොහේ අන්තරස්ධාන වෙලාද කියලා මටම හොයාගන්න බෑ. කොහොමින් කොහොමින් හරි වාසනාවට ලැබිච්ච දින දෙකේ නිවාඩුවෙන් පස්සේ අදයි ...

ජුනි සටහන 3

ජුනි මාසෙත් ලැබුවා එහෙනම්. කොහොම කොහොම හරි අපි දවසින් දවස වයසට යනවා කියලා තේරෙන්නේම නෑ. බස් එකෙන් පන බයේ ඉස්කෝලේ යද්දී හිත ඈතට ඈතට යන්නේ හරිම පුදුම වේගයෙන්. කියලා වැඩක් නෑ ඒ ගැන. මේ අවු‍රුද්දේ දෙසැම්බර් මාසේ ටිකෙන් ටික ලංවෙන එක ගැන නම් තියෙන්නේ පුදුම ආකල්පයක්. එක පැත්තකින් සතුටක්, අනිත් පැත්තෙන් බයක්, තව පැත්තකින් දුකක්. ...

මියැසී මීරාවය 2008 4

සතියක දෙකක විවේකයෙන් පස්සේ ආපහු බ්ලොග් එකට ලියන්නයි මේ හදන්නේ. මේ දින ටිකේ මුකුත් ලියලා තිබ්බේ නැති නිසා වැඩි දෙනා කියවන්න ඇවිල්ලා තිබ්බේ නැ. මේ දවස්වල ලියන්න බැරිවෙච්ච හේතුව මොකක්ද කියලා නම් මටත් හිතාගන්නඅ අමාරුයි. (එක්කෝ බ්ලොග් අඩස්සිය, එහෙමත් නැත්නම් සා‍.පෙ පීඩනයද දන්නේ නෑ 🙂 ) මේක ලියන්න හිතුනේ ඊයේ තිබ්‍බ අපේ නේවාසිකාගාරේ 11ශ්‍රේණියේ සහෝදරයින් ...

සාමයේ පහන් දැල්වෙන, සුභ වෙසක් මංගල්‍යයක් වේවා. 2

සාමයේ පහන් දැල්වෙන, සුභ වෙසක් මංගල්‍යයක් වේවා.
වෙසක් සඳින් ආලෝකමත්වූ මේ රාත්‍රියේ අතැඟිලි තුඩින් ලියැවෙන සුදාරකගේ අන්තර්ජාල සටහනේ තවත් සටහනක් මෙසේ එළිදකින්නේ, සාමයේ පහන් දැල්වෙන වෙසක් තෙමඟුලේ ඔබට ආසිරි පතන්නටයි. බුදු රාජාණන් වහන්සේගේ උතුම් වූ උත්පත්තිය, උතුම් වූ බුද්ධත්වය හා උතුම් වූ පරිනිර්වාණය සිහිගන්වමින් සකල ලෝ බෞද්ධයා මෙවර වෙසක් තෙමඟුල සමරන්නේ මහත්වූ නේක දුක්ඛයන්ට මුහුණදෙමින් බව ඔබ සැම නොදන්නා කරුණක් නොවන බව ...

අයියෝ ෂර්ලොක්! 9

මම කලින් කිව්වා මතක ඇතිනේ ෂර්ලොක් හෝම්ස් කියලා ටෙලිනාට්‍ය පෙළක් රූපවාහිනියේ විකාශනය වෙනවා කියලා. ඉතින් ඒකට සමගාමීව මමත් ෂර්ලොක් හෝම්ස් ගැන සටහනකුත් දැම්මා. ඉතින් මම ගිය සතියේ සෙනසුරාදා ලේස්ති වෙලා ටී. වී එක ඉස්සරහා හරියටම 9.30ත් කලින් වාඩි වුනා. ෂික් නාට්ටේ මඟහැරිලාවත්ද? විනාඩි 10ක් විතර ගියා තාම නාට්ටේ පටන්ගත්තේ නෑ. ඉතින් මොකද කරේ නාට්ටේ බැලිල්ල ...