අලුත් වෙච්ච පරණ රොබින් 17

අලුත් වෙච්ච පරණ රොබින්
දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ ම‍ං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ ‍දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ ‍මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් ...

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට 24

මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ. ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා ...

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

ඔබේ අනන්‍යතාව අර්බුදයකද? 8

ඔබේ අනන්‍යතාව අර්බුදයකද?
යාවත්කාලීන කිරීම: මෙතන කියලා තියෙන JanRain RPX plugin එකේ පොඩි අවුලක් තියෙනවා කියලා අපේ ඉන්දරේ අයියා වාර්තා කරලා තිබුනා ව‍ගේම අවුලක් තියෙනවා තමයි. ඉතින් ඒක නිසා ඒ ගැන තියෙන සටහන භාවිතා කිරීම වැඩක් නැහැ. කොහොමවුනත් තමන්ගේ ‍‍‍ඩොමේන් නාමය OpenID එකක් කරගන්න හැටි ගැන තියෙන සටහන නම් හරියටම වැඩ! හැම කෙනාටම තමන්ගේ අනන්‍යතාව අන්තර්ජාල ඇතුලෙදී ආරක්ෂා ...

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති 22

එකමත් එක පිටරටක - ලියනගේ අමරකීර්ති
හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය ...

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව 42

මෙත් සිතින් ගායනා කරනු මැනවි. අධ්‍යාපනං භයංකාරං සබ්‍බ රෝගෝ නිවාරණං උසස් පෙළං හරි සනීපං විශ්වවිජ්ජාලංච ගච්ඡමං සර්ව ආතල් දූරිංභූතං විසූක දස්සනං නොම බලං චිත්ත සම්පත්තී දූරංගමං නේක විසූක දස්සනං යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං වන්දේ හෝම්වර්ක් කන්දං සාදු සාදූ අයිසැක් නිව්ටං සාදු සාදු අයින්ස්ටයිං රසායන විද්‍යා මහප්‍රාණං සිලබස් පතරංග ජාතකං විද්‍යාගාරං අති උත්තමං ප්‍රැක්ටිකල් කරපං මචං ...

අධ්‍යාපනේ – එළ! 29

කාලයත් සමඟ අපද මහත් බලාපොරොත්තු තබා කඩේ ගිය ඊනියා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ ටයි පටියෙන් ගෙල සිර වී මැරී ගියේ එක් ශිෂ්‍යාවක් නොවේ. අපද ශිෂ්‍යයින් වශයෙන්භෞතිකව හා  මානසිකව මිය යමින් සිටිමු. අවශ්‍යකරනු ලබන ප්‍රතිශක්තිය අධ්‍යාපනය තුළින් නොලැබෙන අවස්ථාවේ සිතන්නට ප්‍රතිශක්තිය නොලැබෙන රාමුගත අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළද… සිසුවෙක් වශයෙන් ප්‍රසිද්ධියේ ගෙල වැලලා මිය යාමට සිතුන වාර අනන්තය. නමුත් ...

මෙන්න ප්‍රවෘත්ති! 16

ප්‍රවෘත්ති පිළිබඳ දැඩි ඌණතාවකින් පෙළෙන හුදී ජන පහන් සංවේගය උදෙසා ක්‍රියාත්මක වන අප හිතවත් ජනමාධ්‍ය වර්තමානයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අකටයුතුකම් වාර්තා කරමින් සිටියි. මේ දුටු හද කම්පිත ජනතාවගේ අනාගත නායකත්වය උසුලන පාසල් සිසුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවනතාව උච්ඡත්වයට පත් වෙමින් පවතින මේ මොහොතේ ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් ක්‍රියාත්මක නොවී, ඊටත් වඩා අති සාර්ථක ...

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක 6

රාත්‍රිය නිසලමුත්, සිත තාම චංචලයි. මිනිස් කය නිසලමුත්, සිත තාම චංචලයි. සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ කවුළුවෙන් ඇස තුළට වැදී තෙරපී හඬා… කළෙත් මා සිත අවදි, සිත කෙළේ කය අවදි. සුරත් ගත් මිතුරු පන්හිඳ, සරත් සුදු පත්ඉරුව මත. සිපගනිමින්… නමුත් සොඳුරිය, වත නුඹේ ඔය, නොලද්දෙමි අවසර සිඹින්නට. නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව, ...

කාමරේ… 12

කාමරේ...
මේ දවස්වල සුදාරකට නොසෑහෙන්න වැඩ. එක වැඩක් කරද්දී තව වැඩ දහයක් ඔළුවේ. ඒ වැඩ දහය ගැන හොයලා බැලුවොත් ඒ වැඩත් එක්ක තව දහසක් වැඩ. ඒ වැඩ මේ වැඩ අර වැඩ මේ ඔක්කොම වැඩ-වැඩ-වැඩ ගොඩගැහිලා තියෙන වෙලාවේ ඒ වැඩ දැක්කාම පිස්සු හැදිලා ඒ වැඩ ‍ඔක්කොම කරන මගේ කාමරේ දැක්කාම පිස්සු ඩබල් වුනා. ඉතින් ගොඩ ගැහිලා තියෙන ...