තවමත් තරගාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?

තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරගාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරගාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර නොවැම්බර් පළමු දින මධ්‍යහ්න 12ට ප්‍රථම ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න. සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ ...

කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව… 9

බ්ලොග් කියවන පාඨකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් බ්ලොග් අඩවි අතර නම ගිය බ්ලොග් අඩවියක් වුන “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියේ කතෘ කුමුදු පින්තු මහත්මාගේ අභාවය සමස්ත සිංහල බ්ලොග් අවකාශයම ශෝකයෙන් පිරවූ ප්‍රවෘත්තියක් වුණා. කෙසේ හෝ ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් පසු මිතුරකු සමඟ ඔහුගේ නිවසට යාමට අවස්ථාව හිමිවුවත් අවාසනාවට ඔහුට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි නොවූයේ තවමත් ...

කාලෙකට පස්සේ… ආයෙමත්. 11

මේ දවස්වල මුකුත් ‍නොලිව්වට මොකද, හිතේ නම් තිබුනෙ ලියන්නම කියලයි. ඒත් මොනව කියල ලියන්නද? ජීවිතේ එන්න එන්න සංකීර්ණ වෙනව. උසස් පෙළත් අත ළඟ. මේ අගෝස්තු වල ලියන කණ්ඩායමෙන් පස්සෙ ඊළඟට හෙනහුරා වැටෙන්නෙ අපේ ඔළුවට. හරි. කමක් නෑ කියමු. උසස් පෙළ කියන්නෙ සැඟවුනු ආශිර්වාදයක්. මේ දවස්වල සෑහෙන්න ප්‍රමාණයක් වැඩ කෙරෙනව. පුලුවන් තරම් කාල කලමණාකරණය කරගෙන හැම ...

විදූගේ කතාව. 27

විදූගේ කතාව.
පහුගිය අඟහරුවාදා දවසේ කොළඹ රීගල් සිනමාශාලාවට යන්න සුදාරකට අවස්ථාවක් ලැබුනෙ අශෝක හඳග‍මගෙ නවතම අධ්‍යක්ෂණය වන “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට විශේෂ  දර්ශනයකට සහභාගී වෙන්න. චිත්‍රපටය නරකම නෑ. වැඩිහිටි තේමාවක් රැගත් ළමා චිත්‍රපටියක්! චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ළමයෙක් කේන්ද්‍ර කරගෙන. තමන්ගෙ මවට, තමාගෙ අනන්‍යතාව තහවුරු කරන්න නොහැකි නිසා පාසල් යන්න නොහැකි වෙන මේ ළමය ඉගෙනගන්නෙ තමන්ගෙ ජීවන ...

අහෝ මැරතන්!‍‍ 8

මැරතන් දිවිල්ල පටන්ගත්තාට මොකද මට තාම ඉරෙන් ඉස්සරහට එක අඩියක්වත් තියාගන්න බැරිවුනා නෙව. මං දැන් මේ ඉන්නෙ මැරතන් මූලස්ථානයේ… මැරතන් මූලස්ථානයට එකතුවෙලා ඉන්න කාලිංග, මලින්ත, තිළිණ, සූ, ඉන්ද්‍රනාම, බුද්ධික කට්ටිය බරටම වැඩ‍‍.‍‍. ඒ අ‍‍තරෙ මැරතන් දුවන අයගෙ කතා කාමරේට එකතුවෙලා ඉන්න අය බරටම වැඩ පටන් අරගෙන. කොහොම වුන‍ත් මඩ ගැහිලි, වතුර ගැහිලි සහ රේඩියෝවේ උණුසුම් ...

ඔවුන් වෙනුවෙන්

අවුරුදු මතක 15

අලුත් අවුරුද්ද ලබන්න තව ඉතින් සුළු වෙලාවක් වෙනකොටත් මට තවමත් ‍අවුරුද්ද ගැන මුකුත් ලියාගන්න බැරිවීම නං ටිකක් කණගාටුවට කරුණක්. මේ දවස්වල ටිකක් ආතතිය වැඩියි. අනේමන්ද ඇයි කියල. අවුරුද්දට ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට එකපාරම හිතගියේ මීට අවුරුදු ගානකට කලින් සැමරුන අවුරුද්ද ගැන. ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ එන්න කලින් තිස්සමහරා‍මෙ ගත වුන කුඩා කාලෙ අවුරුද්ද ...

මැතිවරණ කතා 7

ජීවිතේ කුණාට සමය පහු කරගෙන ටිකෙන් ටි‍ක ඉදිරියට ඇදෙන මේ වයසෙදි මට නං ලංකාවෙ සිස්ටම් එක ගැන තියෙන්නෙ පුදුම අප්සට් එකක්. සිස්ටම් එකට අදාල නොවන‍ කෙනෙක් සිස්ටම් එකේ බලෙන් හිරකරල තියෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරපු අති බහුතරයකගේ තත්වයත් එහෙම වෙන්න ඕනෙ. වෙනද ඡන්ද ප්‍රතිඵල බලන්න රෑ ...

ආනන්දය… 81

පසුගිය දිනෙක රාජකීය විද්‍යාලය වෙත කඩාවැදුනු ආනන්ද විද්‍යාලයීය (ශිෂ්‍ය) මැරයන් සිය ආනන්දය සපුරාගත්තේ මේ ආකාරයෙන්. තත්වය‍ ගෞරවනීයව සමනය කිරීමට පැමිණි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකුට බරපතළ තුවාල කරල තමන්ගේ ආනන්දය සපුරා ගත් ආනන්දයීයන් ගැන අපිට තියෙන්නෙ පුදුම කණගාටුවක්. සැමට සහෝදර ප්‍රතිපත්තිය අනුගමනය කරන රාජකීය විද්‍යාලය, ආනන්ද මල්ලිලාගේ මේ දඩබ්බර වැඩේ ඉවසලා මල්ලිලාට සමාව දීමයි කළ ...

අතීත සිහිනය (කෙටි කතාවකි) 1

මේ කෙටි කතාව මම 8ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී ‍සිංහල ඇගයීමකට ඉදිරිපත් කරන්න ලියපු කෙටි කතාවක්.මේකේ පොඩි සංස්කරණයන් කරලා තමයි දැක් මගේ අන්තර්ජාල සටහනට දාන්නේ. එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ ...