සුදාරකගේ අන්තර්ජාල සටහන » ශ්‍රී ලංකා

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය
සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු උදෑසන මීදුමත් එක්ක සුදාරකට ජාතික කොඩි පෙනුනේ තවත් හිරු දහසක ආලෝකයෙන්. ජාතික කොඩියේ සිංහයා සුදාරකට අත වැනුවා. බෝපත් ලෙළදුන්නා. කොළපැහැති තීරුවෙන් මුස්ලිම් ජාතිකයෙක් සුදාරක ළඟට ඇවිත් “අපි නිදහස්” කිව්වා. තැඹීලි පැහැති තීරුවෙන් දමිළ ජාතිකයෙක් ඉදිරියට ඇවිත් “අපිත් නිදහස්” කිව්වා. සුදාරක, “ඔව්, අපි හැමෝම නිදහස්” කිව්වා.

ඔව්, වසර තිහකට ආසන්න කාලයක් පුරාවට හිඟන්නාගේ තුවාලය පාරමින් බෙහෙත් අරගන්න එක එක විදේශයන්ගෙන් ආධාර උපකාර ඉල්ලුවා. විදේශ මුදලාලිලා තුවාලයට බෙහෙත් දීලා සුව වෙනකොට ආයෙත් ඇඟිල්ලෙන් ඇනලා හිඟන්නාගේ තුවාලය පෑරුවා. රට ණය බරින් මිරිකුනා. හිඟන්නාට මරණ බියක් ඇතිවුනා. ඒත්… එක්තරා නි‍මේශයකදී මේ හිඟන්නා අලු ගසා දමමින් නැගිට්ටා. මිට අවුරුදු ගානකට කලින් තිබ්බ ප්‍රතිශක්තිය නැවතත් ලබාගත්තා. විදේශ මුදලාලිලාට පයිං ගහලා එලවලා දැම්මා. තුවාලය ආපහු සුවවෙන්න පටන්ගත්තා. ඇඟිලි ගහන්න ආපු උන්දැලාට සිද්ධ වුනේ ආපහු තමන්ගේ ඇඟිල්ල අරගෙන තමන්ගේ නිවෙස් කරා පියාඹන්න. තාමත් අපි ආර්ථික වශයෙන් හිඟන්නෝ. තාමත් අපිගාව තියෙන්නේ පරණ කළා නිර්මාණ. තාමත් අපිට ඉතුරුවෙලා තියෙන්නේ පරණ ඇල වේලි. බෙහෙත් ගන්නයි, අරවා මේවාටයි ගත්තු ණය ගොඩගැහිලා. අම්මලාට තමන්ගේ සැමියන් නෑ. පුතාලාට තාත්තලා නෑ. මේ වගේ තවත් ඥාති සම්බන්ධතාවන් විශාල ප්‍රමාණයක් අපි දන් දුන්නා…

අවුරුදු 30ක් පුරාම හිඟන්නාගේ ඇඟ උඩ වාඩිවෙලා හිඟන්නාව පාලනය කරන්න “හදපු” උදවිය… බෑ බෑ… අපිට මේ තුවාලේ සුව කරන්න බෑ. අපි තුවාලේ ගලවලා කකුල අත පහ කපලා හිඟන්නාව බෙදමු කියලා කෑ ගැහුවා. ඉතින් දැන්… ඒ සුව කරන්න බැරි වුන තුවාලය සුව වෙලා. නිකම්ම නෙවෙයි. විශාල කැපකිරීම් රැසකුත් එක්කයි ඒ තුවාලය සුව කරන්න වුනේ. ඒ තුවාලය මුලු සිරුර පුරාම ඔඩු දුවන්න පටන්ගත්තු නිසයි.

සුදාරක ඊයේ ඉස්කෝලෙට ගිහින් එන ගමන් මගේදී, මුලු පාර පුරාවටම මතුවුනේ වෙඩි බෙහෙත් ගඳ නෙවෙයි. රතිඤ්ඤා ගඳ.   වෙඩි බෙහෙත් ගඳ මැකිලා ගිහින් කියලා සුදාරකට හිතුනා. කන ළඟින් පත්තුවෙන රතිඤ්ඤා සද්දෙට ගෑනු ළමයි ගැස්සිලා ගියා සුදාරක දැක්කා. ජාතික කොඩිය මිනිස්සු තමන්ගේ ගෙවල්වල, ආයතනයක ඔසවනවා සුදාරක බලාගෙන. සමහරු ජාතික කොඩිය තමන් අතේම තියාගෙන සීරුවෙන් ‍වගේ නැගිටලා හිටියත් සුදාරක දැක්කා. ජාතික කොඩිය ඔසවාගෙන එහේ මෙ‍හේ දුවමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවාත් සුදාරක දැක්කා. බෝම්බ බයකුත් මීට කාලෙක‍ට කලින් ඇතිවෙලා තිබුන නිසා සුදාරකගේ හද ගැස්ම වැඩි වුනේ බැරි වෙලාවත් මේ සද්ද බද්ද අතරින් බෝම්බ සද්දයක්වත් ඇහේවි කියලා මර බියෙන්. ඒත් වාසනාවට එහෙම වුනේ නෑ. එහෙම වෙන එකකුත් නෑ. සුදාරකට හිතුනා.

අපිට දැන් සම්පූර්ණ රටක් තියෙනවා. මේ රට දියුණු කරන්න අපට පුලුවන්. සියලු සම්පත් සියළු ජාතීන් අතර බෙදිලා යන. සියළුම ජාතීන් රටේ දියුණුව උදෙසා කැපවන රටක් අපිට ඉදිරි‍යේදී ලබාගන්න අවශ්‍යයි. ඒක ‍විශාල අභියෝගයක් නෙවෙයි. ශ්‍රී ලංකාව තමන්ගේ මව් භූමිය කියන හැඟීමකුත්. සියල්ලෝ අප ‍සහෝදරයෝ සහෝදරියෝ යැයි හැඟීමකුත් පමණකුයි අපට අවැසි. පරාද කරන්න බෑ කියපු ත්‍රස්තවාදය පරාද කරපු අපිට ඕකත් මහ ලොකු කජ්ජක්ද?

සිංහල කතා කරන මිනිහා සිංහල සාහිත්‍යත්, දෙමළ කතා කරන මිනිහා දෙමළ සාහිත්‍යත්. චිත්‍ර පට කලාවත් දියුණු කරලා මිනිසාට හැඟීම් කාවද්දන්න අවශ්‍යයි. සාහිත්‍ය දියුණුවකින් තොර හු‍දෙක් භෞතික දියුණුවකින් ඉදිරියට ගියොත් ආයෙත් කවදාහරි පීඩිත පංතියක් නිර්මාණය‍ වෙන එක වලක්වන්න අමාරුවෙයි. ඉදින්, සියල්ල මනාව සැලසුම්කරන ලද වඩාත් මානව හිතවාදී ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. සියලු ජනයා අතර තම අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා හැකියාවන්ද දියුණු කිරීමේ වගකීම භාර ගත යුතුයි.

මිනිසත්කමින් පිරුණු සමාජයක් නිර්මාණය කරමු. දියුණුවේ රන් දොරටු විවෘත කරමු. තුවක්‍කුවෙන් නොව හදවතින් කතා කරමු. තම හැකියාවන් හරහා මේ මුලු අභිමානවත් දේශයම අවදි කරමු…!

අපි “ත්‍රස්තවාදයෙන්” නිදහස්!

මෙවන් වූ උතුම් නිදහසක් අප වෙත ලබාදීමට සිය දිවි දෙවැනි කොට කැපවූ අති උතුම් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට හා දේශපාලනික නායත්වය ලබාදුන් අතිගරු ජනපතිඳුන්ට ජාතියේ උත්තමාචාරය!

අපට ඇත ගොඩනගන්නට රටක්
රාවණ රජු එදා විසූ රටක්,

චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්,

තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්,

පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්,

දහසක් මහා වැව් බැඳි රටක්,

නිර්මල උතුම් බුදු දහම රැකි රටක්,

හතුරා‍ටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්,

අහසින් වැටෙන එක් දිය බිඳක් නික‍රුනේ මුහුදට ගලා නොගිය රටක්,

පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය හිමිකරදුන් රටක්,

ඔබට ඇත මෙරට වෙනුවෙන් කරන්නට යමක්,

කරව එය නොකර අඳුර‍ට සාපයක්,

අපට ඇත ගොඩනගන්නට රටක්,

යළි ගොඩනගමු අපේම ශක්තිමත් රටක්…

හෙට තියෙන ඉතිහාස පේපරේ ගැන උදේ බස් එකේ යන ගමන් හිත හිත යනකොට නිකන් අහම්බෙන් මේ සිතුවිලි පහළ වුනා. මම ඉතින් කොහොමත් කවි, නිසඳැස් එහෙම ලියන්න නම් දස්සයා නෙවෙයි. ඒත් ඉතින් ආපු සිතිවිලි වලින් ප්‍රයෝජනයක් ඇරගන්නේ නැතිව නිකන් ඕහේ අමතක වෙලා යන්න නොදී ගෙදර ආවාම බ්ලොග් එකේ ලියන්න, මාත් පහන් අයියාගේ බ්ලොග් ලියන ක්‍රමෙන් ප්‍ර‍යෝජනයක් ගත්තා.

අහසින් වැටෙන එක ජල බිඳුවක් වත් ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන්න නොදී රට සහළින් ස්වයංපෝෂිත කරපු පරාක්‍රමබාහු රජතුමාව ආදර්ශයට ඇරගෙන, හිතට නැගෙන එක සිතුවිලි බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන ඔහේ අමතක වී යන්න නොදී ප්‍රයෝජනයක් ගන්න නම්…

සිංහල බ්ලොග් නියම තැන!

වීරයා ඔබයි…
ආරක්ෂක හමුදාවන් විසින් යුධමය වශයෙන් වැදගත් පුනරින් ප්‍රදේශය කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගැනීමේ චිත්ත ප්‍රීතිය නිමිත්තෙනි.

(ජායාරූපය උපුටාගැනීම ශ්‍රී ලංකා හමුදා වෙබ් අඩවියෙනි.)

එකම රටක් තුළ. එකම ශ්‍රී ලාංකීය ජාතියක් වෙනුවෙන්. සිහළ, දමිළ, මුස්ලිම් සියල්ලන් වෙනුවෙන්. සිය දිවිය දෙවැනි කොට මාතෲ භූමිය පෙරට තබා සිය සිතට ධෛර්ය ගෙන, ගතට වීර්ය ගෙන, මානුෂීය හැඟුමින් තුවක්කුව අතට ගත් ඔබ…

අපට මහා විරුවෙකි.

නුදුරු දිනකදී මේ මහා පුණ්‍ය භූමිය ඒක ඡත්‍ර කොට, නිවහල් ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරනුයේ ඔබේ දෑතේ සවියෙනි. ඔබේ රුධිරය මතින් ඉදිරි දිනෙක ඔබේ දූ දරුවන් මේ මහා ලෝකය ජයගනු ඇත. එය සනාතන සත්‍යයකි. ඔබේ නාමය අපේ හදවතේ ගලේ කෙටූ අකුරක් මෙන් සනිටුහන් වනු ඇත. රන් මලක් ලෙස දෙව් බඹුන් පිදූ මේ භූමියේ ආශිර්වාදය ඔබට සදා ලැබෙනු ඇත. ඔබේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු ඇත. නුදුරේම සිහල දමිළ හා මුස්ලිම් ජනයා එකා වන්ව එකමුතුවනු ඇත. ඒ ඔබේ දහඩිය හා රුධිරය මතිනි. කුරිරු ත්‍රස්තවාදයෙන් දමිළ ජනයා, සිහළ ජනයා හා මුස්ලිම් ජනයා මුදාගනිමින් ඔබ කරන්නාවූ මේ මානුෂීය‍ මෙහෙයුම ඇගයීමට වදන් අප වාග් කෝෂයේ ඇත්‍දැයි සැක සහිතය. එපමණටම ඔබේ මානුෂීය මෙහෙයුම උතුම් වේ. යුධබිමට පැමිණීමට තරම් අප සිත්හි ධෛර්ය නොමැති වුවද අප හදවත්වලින් ඔබ යුධබිමේ තනි කරලීමට, ඒ බැඳීම බිඳහෙළීමට දෙවියන්ටවත් නොහැකි වනු ඇත.

කුරිරු ත්‍රස්තවාදය මේ මහා පුණ්‍ය භූමියෙන් තුරන් කරළන දිනය වැඩි ඈතක නොවේ!

චිරං ජයතු!!!

පුනරින් මුදාගැනී‍මේ වැඩි විස්තර – http://www.army.lk/morenews.php?id=18144

අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය
මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. මං මේ කතා කරන්නේ අන්තර්ජාතික පාසල්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඉස්කෝලත් එක්ක තියෙන වෛරයක් පිරිමහගන්න නෙවෙයි. ඒත් ම‍ට මෙහෙම හිතෙනවා. පෞද්ගලික පාසල් නිසා කුඩා දරුවන් අතර සමානාත්මතාව බිඳ වැටිලා. එක එක නිළ ඇඳුම්. බස් එකේ ඉඳලා ගෙදර ‍එනකොට නානාප්‍රකාර ඇඳුම් ඇඳගත්ත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒකේ පේන්න තරම් ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් හැම දෙනාම එකම වගේ නිල ඇඳුමක් අඳිනවා නම් කොච්චර ලස්සනද කියලා දවසක් බස් එකේ යද්දී හිතට ආවා. ඒක පොඩි සුළු කාරණයක්. දැන් අපි බලමු බැරෑරුම් ප්‍රශ්න මොනවාද කියලා, අධ්‍යාපන වාණිජකරණය වෙලා. ඒක නිසාම දැන් රජයේ පාසල් වල ගුරුවරුත් තමන්ගේ ගෞරවය බල්ලට දාලා වර්ජනය කරන්න පටන් ඇරගෙන. (වාර්තා වෙන විදිහට නම් හෙටත් වර්ජනයක් තියෙනවා) මේකෙන් අපිට අයිස් ගහන්න ලැබෙන එක වෙනම කාරණයක් ඒ වුනාට බොර දියේ මාලු බාන කෙනෙකුට ඇත්ත ප්‍රශ්නෙටත් වඩා දේවල් මවලා පෙන්නලා ගුරුවරුන්ගේ ප්‍රතිරූපය විනාස කරන්න පුළුවන්. මෙන්න මේ කාරණය නිසා රජයේ පාසල් වල තත්ත්වය පහළ යනවා ව‍ගේම, අන්තර්ජාතික පාසල් වලට හොඳ ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ වගේම මේ පාසල් වල උගන්වන්නේ මුදලටනේ. ඉතින් ඒ පාසල් වලට යන්නේ ලොකු ලොකු පැලැන්ති වල උදවිය. මෙන්න මේක නිසා ‍එත‍න කිසි විවිධත්වයක් නෑ. සමාජයක් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. රජයේ පාසලක එහෙමද? උදාහරණයක් විදිහට අපේ පාසල ගමු. අන්ත දුප්පතාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ පුත්තු වෙනකම්ම එනවා. ඒ අය සමහර වෙලාවට සුහදව කතා කරගන්නවා. සමහර වෙලාවට ගහගන්නවා. මේවා සියල්ලම ජීවන අත්දැකීම් විදිහට තමන්ගේ ජීවි‍තයට එකතු වෙනවා. එතකොට පස්සේ කාලෙකදී තමන් සමාජයක හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අත්දැකීම් ලැබෙනවා වගේම සමාජ පන්ති අතර සුහදත්වය ගොඩනැගෙනවා. ශිෂ්‍ය ජීවිතයේ වාසිය උපරිම වශයෙන් විඳිනවා. අන්තර්ජාතික පාසලක මොන පහසුකම් තිබුනත් ඒ දේ නම් නෑ. එන්නේ ලොකු ලොකු පැලැන්ති වලින්. ඒ වගේම තමන්ගේ ඉඩ කඩම් උගස් කරලා අන්තර්ජාතික පාසල් වලට දාන ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒ අය සුළුතරයක් විතරයි. ඒ අය අර බහුතරයක් වෙච්ච ලොකු පැලැන්තියේ ග්‍රහණයට හසුවෙනවා. තමන්ගේ හැකියාවන්, උවමනාවන් මොනවාද කියලා දන්නේ නැතිව ඒ සුළුතරය අර බහුතරය අතරේ හිර වෙන එක සාමාන්‍ය කාරණයක්. අන්තර්ජාතික පාසල් වලට ළමයින් ඇතුලත් කරන්නේ ඒ ළමයින්ගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න. ඇයි කට්ටිය තමන්ගේ දරුවාව සිංහල භාෂාව පිළිබඳ උගන්වන පාසල් වලට යොමු කරන්නේ නැත්තේ? ඔව්! ඒ වර්තමාන ලෝක ආර්ථික තත්ත්වය නිසා තමයි. ඉංග්‍රීසි භාෂාව දැන් මව් භාෂාවටත් වඩා අත්‍යවශ්‍ය භාෂාවක් වෙලා ඉවරයි. මෙන්න මේ කාරණය නිසා, සිංහල භාෂාව නොදත් සිංහල කළු සුද්දන් පැළැන්තියක් බිහිවෙනවා.

අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ, ලංකාවේ පන්ති බේදයක් නිර්මාණය වීම පමණයි.

ජාතියේ ඉදිරි පැවැත්මක් මේකෙන් වෙන්නේ නෑ. හැමෝම කළු සුද්දන් වෙනවා. ඉංග්‍රීසි භාෂාව හැදැරීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ, ඇයි කාටවත් බැරි සිංහල භාෂාව හා සමගාමීව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තමන්‍‍ගේ දරුවා යොමු කරන්න? ලෝකයේ හොඳම ඉංග්‍රීසි කියන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසින් හැරුනාම ලෝකයේ හොඳටම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් බව අතිශයෝක්තියක් නෙවෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ අපූරු සිංහල මව් භාෂාව නිසා. මේක අපිට උපතින්ම දායාද වෙලා තියෙනවා. සිංහල භාෂාවෙන් ලැබූ දායාදය නිසා අපි ඉතාමත් අලංකාරව ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. ඒත් දැන් වෙන්න යන්නේ මොකක්ද? ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ගිහිල්ලා දැන් අමුතු විදිහට සිංහල කතා කරන්න පටන් ඇරගෙන. මං හිතන්නේ දැන් පරපුර ඒක කරන්නේ විලාසිතාවට. බලන්න බල්ලෙක් පස්සෙන් පැන්නුවොත් “බුදු අම්මෝ!” කියලා දුවන්නේ නැද්ද කියලා?

ඒ අන්තර්ජාතික පාසල් නිසා මව් භාෂාවට අත් වන ඉරණම. සාමාන්‍යයෙන් එදිනෙදා අපි අපි කතාක‍රගන්නකොට ඉංග්‍රීසි වදන් යොදාගැනීම නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඕනැවට වඩා ඉංග්‍රීසි වෙන්න ගිහිල්ලා සිදුවෙන්නේ තමන්ගේ මව් භාෂාව ක්ෂීණ වෙලා යන එකයි. වෙන්න ඕනේ තමන්ගේ මව් භාෂාවයි. ඉංග්‍රීසි භාෂාවයි දෙකම පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. හරි අපි හිතමු අනාගතේ අපි ඉංග්‍රීසියෙන් විතරක් වැඩක් කරන්න ගියා කියලා, එතකොට අපිට කිසිම රහසක් තියාගන්න බැරිවෙනවා. මේ සරල උදාහරණයක්.

අපේ ක්‍රිකට් කණ්ඩායම ඔන්න ගියා පිටරට මේ අය එක්කෙනෙක් වත් හරියට සිංහල භාෂාව වත් දන්නේ නැ. (සමහර දෙමළ අයටයි මුස්ලිම් අයටයි දැන් සිංහල අයටත් වඩා ‍හොඳට සිංහල භාෂාව කතා කරන්න පුළුවන්) ඉතින් කොහොමද කණ්ඩායම තමන් ක්‍රීඩා පිටියේ ඉඳිද්දී එකිනෙකා අතර තමන්ගේ ක්‍රීඩා උපක්‍රමය පිළිබඳව අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ? ඔක්කොම උපක්‍රම ප්‍රතිවාදී කණ්ඩායම දැනගන්නවා.

ලෝකේ සීමිත සිංහල ජාතියට වගේ මේ ලැබිලා තියෙන ස්වර්ණමය භාෂාවක් රැකගන්න බැරිනම් අපි සිංහල වෙලා ඇති වැඩක් නෑ. ජපානයේ රැකියාවකට අවශ්‍ය මූලික සුදුසුකම ඉංග්‍රීසි දැන සිටීම නොවෙයි. ජපන් භාෂාව හොඳින් දැන සිටීමයි.

ඉතින් මම අවධාරණය කරන්නේ, අපි ඉස්සරහට ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම්, අපි ලෝකයා සමඟ ගනුදෙනු කරමින් ආර්ථික පැවැත්ම පවත්වා ගැනීමට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුවත්කමින් සිටිය යුතුවා වාගේම, ජාතියේ පැවැත්ම වෙනුවෙන් සිංහල භාෂාව හා සිංහල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්.

නැතිනම් සිංහල ජාතිය පැවතෙන්නේ තවත් පරම්පරා කීපයක් පමණයි. ඊ‍ට පසු වඳවී ගිය මානව කොට්ඨාසයක් ලෙසින් ඉතිහාසයට වැළලිලා යාවි.

ඉතින් මේකට අන්තර්ජාතික පාසල් වහලා හරියන්නේ නම් නෑ. රජයක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ!

හරිම සරලයි, හරිම පහසුයි. ජනතාවගේ සල්ලි වලින් ඩෙඟා නටන්නේ නැතිව ඒ මුදල් ‍රටේ අධ්‍යාපනයට ආයෝජනය කරපල්ලා යකුනේ!!! ත්‍රස්තවාදය මැඬලන්න කරගෙන යන යුද්ධයට මුදල් යෙදෙව්වාට පසු, ජනතාව වෙනුවෙන් ආයෝජනය කරන්න තවත් මුදල් රාශියක් භාණ්ඩා‍ගාරයේ තියෙනවා. ඇයි නෑ කියන්නේ? ‍එහෙනම් කෝටි ගණන් අර අහවල් ආයතනයට යොදලා බංකොලොත් කරගත්තේ? අර අහවල් සමුළුව තිව්වේ කො‍හොමද? පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ දරුවන් හොඳ පාසල් වලට ගිහිල්ලා පිස්සු කෙලිද්දී හිසට වහළක් නැතිව ගස් යට වාඩි වෙලා අධ්‍යාපනය ලබන අහිංසක ළමයි‍න්ගේ ජීවිතත් එක්ක විහිලු කරන්න එපා කරුණාකරලා… ඕන නැටුමක් නටාගන්න! ඒත් රටේ අනාගතය භාරගන්න බලාගෙන ඉන්න අයට පාර හදලා දීලා ඉන්න. ගොවියාගේ, කම්කරුවාගේ දරුවා කොහොමද අන්තර්ජාතික පාසලකට ගිහිල්ලා කඩ්ඩෙන් කොටන්න ඉගෙනගන්නේ? ඊළඟට ඒ දරුවාට ඉතිරිවෙන්නේ අමුඩ ලේන්සුවයි, උදැල්ලයි විතරයි. කඩ්ඩෙන් කෙටිල්ල කෙසේ වෙතත් කුඹුරු කෙටිල්ල විතරයි ඉතිරිවෙන්නේ. ඒ පාසල් වල අවශ්‍ය පහසුකම් තිබුනානම් ඒ දරුවා ‍ඉගෙනගන්නවා කොහොමද නව තාක්ෂණය යොදාගෙන ඵලදාව දියුණු කරන්නේ කියලා. අධ්‍යාපනයට සල්ලි‍ යෙදවීම විහිළුවක් කරගන්න එපා. ඒක හරිම බරපතලයි. අනාගතේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩන් වැටෙනවා නිසි අධ්‍යාපනයක් නැති වුනාම. හරියට රටක් පාලනය කරගන්න බැරි දේශපාලනය ගැන නොදන්න විදේශ ගැති මී හරක් රැලකට නොමිලේ පුන්නක්කු දෙන තැනක් වෙනවා අනාගත පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රඳාපවතින්න නම් දේශපාලන දැනීම තියෙන. පොදු ජනතාවත් එක්ක ගනුදෙනු කරන අයයි පත් වෙන්න ඕනේ. ඉතින් ඒක අනාගතේ වෙයිද?

ඔය භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලින් ගමේ නග‍රයේ පාසල් වලට යටිතල පහසුකම් සපයන්න. ගුරුවරු අතිරික්තයන් පවතින තැන් වලින් ඌනතාවන්ගෙන් පිරිච්ච පාසල් වලට මාරු කරන්න. මුදල් නැතිනම් ණය ගන්න. ඒක අනාගතයට ආයෝජනයක් විදිහට යොදන්න ඔය එක එක මඟුල් කරන්නේ නැතිව. මං මේ කියන්නේ දැන් ආණ්ඩුවට විතරක් නෙවෙයි. ඔය එන්න බලාගෙන වලි කන එවුන්ටත් එක්ක. උනුත් ඇවිල්ලා කාලා බීලා ‍ජොලි කරලා ආතල් එකේ ඉඳලා යනවා විතරයි. අධ්‍යාපනයට යොදන මුදල් කප්පාදු කරන්න එපා. අද දුප්පත් කම්කරුවාගේ පුතා, දුව හෙට රටට වැඩදායී නව දැනුමෙන් සන්නද්ධ පුරවැසියෙකු බිහිවෙනවා නියතයි!

වැහිච්ච පාසල් නැවත විවෘත කරන්න

හිසට වහලක් හදලා දෙන්න

ළමයින්ගේ අච්චු පොත් එක්ක පිස්සු කෙලින්නේ නැතිව වගකීමෙන් වැඩකරන්න

පාසල් තුළ ඉංග්‍රීසි, සහ දේශීය භාෂාවන් (සිංහල, දමිළ) පිළිබඳ අධ්‍යාපනයට වැඩි අවධානයක් දී ඒවා දියුණු කරන්න

බටහිර සංගීතය, පෙරදිග සංගීතය, දේශීය සංගීතය, නර්තනය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපනය දියුණු කරන්න

යටි මඩි ගහන්නේ නැතිව ඉගෙනුම් උපකරණ, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න.

කෘෂිකර්මය පිළිබඳ දැනුම තීව්‍ර කරන්න උත්සාහ කරන්න

ගුරුවරුන්ට නිසි ඇගයීම් කරන්න

ගමේ සම්පත් ගමෙන් වෙන් නොකර, ගම තුලම ව්‍යවසායකත්වය දියුණු කිරීම අන්තර්ජාල පහසුකම්, දුරස්ථ අධ්‍යාපන උපක්‍රම දියුණු කරන්න.

මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. මේවා කරාම අර අන්තර්ජාතික පාසල් වලට නිර්මාණය වෙමින් තියෙන තැන කඩාගෙන වැඩෙටනවා. සමාජ තත්ත්වය දියුණු වෙනවා. අනාගතේ සුවිශාල සමාජයයීය බලවත්කමක් නිර්මාණය වෙනවා වගේම නිෂ්පාදනය දියුණු වෙනවා. ඒකෙන් රටේ දියුණුව ඇති වෙනවා විතරක් නෙවෙයි සංස්කෘතිය පිරිහෙන්නෙත් නැහැ. සාමාජ පන්ති නිර්මාණය වෙලා අන්ත දුප්පත් පීඩනයට පත් කම්කරු පන්තියක් නිර්මාණය නොවී, ශක්තිමත් දැනුමෙන් පිරි කම්කරු පන්තියක් නිර්මාණය වෙනවා.

ලංකාවේ තවම පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වෙලා නෑ. රජය නිසි ප්‍රතිපාදන දැනට පවතින විශ්ව විද්‍යාල වලට යොදනවා නම්, ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය කරන්න කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. විශ්ව විද්‍යාල වලට හොඳට ප්‍රතිපාදන යොදනවා නම්, බොර දියේ මාලු බාන්න එක එක දේශපාලන පක්ෂ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. මහත් බලාපොරොත්තු තියාගෙන ගමේ කට්ට කාලා විශ්ව විද්‍යාලයට ආපු ශිෂ්‍යාවෝ කිහිපදෙනෙක් කොළඹ සමාජය විසින් දැනටමත් ඩැහැගෙන. කැසිනෝ ශාලා වල සේවය කරන්න ඔවුන්ව යොදවනවා කියලා අපිට ආරන්චියි. ඉතින් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරාම මේ තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. දැන් පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඇරගෙන බැලුවාම මේ තත්ත්වය ගණිකා වෘත්තියෙනුත් එහා ගිහිල්ලා එයිනුත් නත‍ර වෙන්නේ නැහැ. මේ විනාශ වෙන්නේ නිකන්ම නිකන් අය නෙවෙයි රටේ මානව සම්පත. ඉතින් සිසුන්ට හා විශ්ව විද්‍යාල වලට නිසි ප්‍රතිපාදන වෙන් කරලා හොඳ විශ්ව විද්‍යාල අපේ රටේ නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට විදෙස් රටවලින් සිසුන්ව ගෙන්න ගන්න පුළුවන්. විදෙස් රටවලින් සිසුන්ගේ පැමිණීමත් සමඟම රටට විදේශ විණිමය ලැබෙනවා. විදේශ විණිමය ලබාගන්න එතකොට විශ්ව විද්‍යාල අරින්න වැඩක් නැහැ. රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.

මේ කියන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි නේද? මට මේක පේන්නේ මේ විදිහට. ඔබට වෙනත් විදිහකට පේන්න පුළුවන්. ඔබේ අදහස් මොනවාද?

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!)
ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව දේශපාලන ලෝකයේ විවිධ කතාවන් නිර්මාණය වෙලා තියෙද්දී, සාමාන්‍යයෙන් අපි අපි අතරත් කතා බහ සිදුවෙනවා. මේ මැදිහත්වීම නිසාම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ වෙලා තියෙන කරුණක් වන්නේ අප සැම දෙනාම එකම ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතුවිය යුතු බව. කෙ‍සේ නමුත් ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් බල‍වතෙක් වෙමින් නැඟී සිටින ඉන්දියානු මහා පොදු සාධකය නිසාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය විසඳා ගැනීමේ ගැටළු රාශියකට මුහුන දීමට සිදු වෙලා තියෙනවා.

ලංකාව‍ට ඓතිහාසිකව එල්ලවූ ඉන්දියානු බලපෑම් මුලින්ම හඳුනාගනිමු.

මහාවංශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රධානතම මූලාශ්‍රය. උතුරු ඉන්දියානු ආර්ය ජනකොට්ඨාශයකින් පැවත එන සිංහබාහු පරපුරේ ඊළඟ පුරුක වූ විජය කුමරු ලංකාවට පැමිනෙන්නේ අහම්බෙන්. අහම්බෙන් පැමිණි නමුත් කුවේණිය සමඟින් කරන ලද රාජ්‍ය කුමන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවේ බලය යක්ෂ ගෝත්‍රයෙන් ලබාගැනීමට සමත්වනවා. නමුත් ලංකාව ඉන්දියාවේ පාලනයට යටත් වන්නේ නැති බව මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක්. කෙසේ නමුත් උතුරු ඉන්දියානු ආර්ය ගෝත්‍රය සමඟින් සම්මිශ්‍රණය වූ ස්වදේශික ජනතාව එක්සත් වී සිංහල නමැති ඒකීය ජාතිය පිහිටුවාගැනීමට පණ්ඩුකාභය රජු දවස සමත්වීම නිසාවෙන් ලංකාවට ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම යම්තාක් දුරකට සමනය වූවත්, දක්ෂිණ ඉන්දියා‍වේ බලවත් වූ ද්‍රවිඩ රජ පරපුර සිය දමිළ රාජ්‍යය ව්‍යාප්ත කිරීම සඳහා ලංකාවට විවිධ ආක්‍රමණ දියත් කරන නමුත් ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රයේ හා ආර්ය සම්මිශ්‍රණයේ ජානමය බලපෑම හමුවේ ආක්‍රමණ සාර්ථක කරගැනීමට ‍නොහැකි වනවා.

කෙසේ නමුත් අපි සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ…

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් ඇති ඒකීය ‍ස්වෛරී රාජ්‍යයක් වන බවයි.

චණ්ඩාශෝක නමින් විරුධාවලිය ලත් අශෝක නම් වූ ඉන්දියානු අධිරාජ්‍යයා සිය අධිරාජ්‍ය පුළුල් කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ඇප කැපවෙමින් කටයුතු කරනු ලැබූ අතර අවසානයේ සිය දිග්විජය ප්‍රතිපත්තිය වෙනු‍වට ධර්ම විජය ප්‍රතිපත්තිය දියත් කරන ලද්දේ අන් කිසිවක් සඳහා නෙවෙයි. අපි දන්නවා යම් කිසි ජනකොට්ඨාශයක් සිය පැවැත්මට අනුගත කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ මොළ ගුද්ධ කිරීමක් අවශ්‍ය බව (බ්‍රේන් වොෂ් කිරීමක් – Brain Wash) ඉතින් ඉන්දියානු අධිරාජ්‍යාත් ඒ අවස්ථාවේදී බුදු දහම ලංකාවට හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාව තමන්ට අනුගත ආකාරයට නම්‍යශීලි කරගනු ලැබුවා. තිස්ස රජතුමා දේවානම්පිය යන මුල් නාමය එකතු කරගැනීම. ඉන්දියාවෙන් රාජ කකුධ භාණ්ඩ ගෙන්වාගනිමින් නැවත රාජාභිෂේකය ලබාගැනීම හරහා වක්‍රාකාරයෙන් ඉන්දියානු බලපෑමට ලංකාව නතු වුනා.

මෙය මෑත කාලීන ඉතිහාසයට මේ ආකාරයෙන්ම සම්බන්ධ කරන්නම්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුධ සමයේදී ලෝක බලවතුන් ලෙසින් නැඟි ආ අමෙරිකානු එක්සත් ජනපදය සිය ධනවාරී ආර්ථික ක්‍රමයට ලෝකයා අනුගත කිරීමට උත්සාහ දැරීම සහ, එයට සමගාමීව සෝවියට් රුසියාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට ලෝකයා අනුගත කරගැනීමට උත්සාහ ගැනීම. මෙහිදී යම් කිසි රටකට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නමුත් සිදුවන්නේ බ්‍රේන් වොෂ් කිරීමක්. එය යුද්ධ කිරීමට වඩා බරපතල දෙයක්. ඒ වගේම ඊටත් පෙර ඉතිහාසයේ; ඉස්ලාම් රාජ්‍ය බිහි කිරීම, එක්සත් ක්‍රිස්තු ලෝකයක් බිහි කිරීම වැනි දෑ සිද්ධ වුනා. එයද එක්තරා ආකාරයකට බ්‍රේන් වොෂ් කිරීමක්.

මා උත්සාහ කළේ ලංකාවේ බෞද්ධාගම ස්ථාපිත වීම හෑල්ලු කිරීමට නොවෙයි. දේශපාලන උපක්‍රම පිළිබඳව ඔබට දැනුමක් ලබාදීමටයි. කෙසේ නමුත් බෞද්ධාගම ස්ථාපනය කිරීම නිසා ඇතිවූ බ්‍රේන් වොෂ් කිරීම නිසාවෙන් ලංකාවේ ඒකීය භාවය පසුකාලීනව සුරැකීම විශේෂත්වයක් වගේම, ඉන්දියාව හා ලංකාව අතර විශාල සම්බන්ධතාවයක් ඇති බවට විශ්වාස කිරීමට මිනිසුන්ව පෙළඹුවා.

ඒ ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවූ දේශපාලනමය සම්බන්ධතාවයයි. කෙසේ නමුත් ඉන්දියාවේ බෞද්ධාගම සිඳී යාමත්, හින්දු ආගමේ නැඟී සිටීමත් සමඟම ශ්‍රී ලංකා – ඉන්දියා සමාජ සම්බන්ධතාවයන්ගේ නූල දිරායන්ට පටන්ගත්තා. මේ නිසාම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ගැලවීමක් ලැබීම සතුටට පත්විය යුතු කාරණයක්. එසේ නොවුනානම්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වලක්වන්නට නොහැකි වනවා නිසැකයි.

ඒ ඉන්දියාවත් ලංකාවත් අතර ඓතිහාසිකව ඇතිවු දේශපාලනික හා සාමාජීක සම්බන්ධාවයන් පිළිබඳ කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් පමණයි. තවත් වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් අවශ්‍යනම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ ‍වගේ තවත් සුවිශේෂී දේශපාලනික හා සාමාජීය සම්බන්ධතා රැසක් සපයාගන්න හැකිවේවි.

දැන් අපි මෑත ඉතිහාසය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගමු.

ඉන්දියානු නිදහස් සටනේදී එක්සත්ව ක්‍රියාකරන ලද හින්දු, මුස්ලිම් සහ දමිළ ජනතාව අතුරෙන් මුලින්ම මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ මුස්ලිම් ජාතිය ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් සහිත පකිස්ථානු රාජ්‍යය නිර්මාණය කරගනු ලබන්නේ තමන්ට ස්වයං තීරණ අයිතියක් ලබාගැනීම සඳහායි. නමුත් පකිස්ථානය වෙන් වීමටත් ප්‍රථමයෙන් දමිළ ජනයාද ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් සඳහා වූ “අපි දෙමළ” නම් වූ ව්‍යාපාරය දියත් කරා. නමුත් ඔවුන්ට එය නිදහසට පසුව වූවත් සිදු කරගැනීමට නොහැකි වීම හා ඔවුන් කොපමණ උත්සාහ කරත් අති බහුතරයක් වූ හින්දු ජනයාගෙන් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැහැ. මේ කාරණය නිසා ඔවුන් ලංකාවේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගැනීම සඳහා ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක වැනි ප්‍රබල ශ්‍රී ලංකා දේශපාලඥයින් සමඟින් සාකච්ජා පැවැත්වූවත් බණ්ඩාරණායක මහතා එයට කැමැත්ත ප්‍රකාශ නොකරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගැනීමත් රාජ්‍ය බලය ලබාගැනිමත් නිසාවෙන් ඒ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට ‍නොහැකි වනවා. මෙන්න මේ නිසා ඉන්දියාව තුළ කැකෑරෙන ගිනි බෝලයක් හිමින් සීරුවේ නිර්මාණය වීම ඇරඹුනා. මෙසේ කැකෑරෙමින් පැවැති අර්බුධය ඉන්දියාවට ඉමහත් හිසරදයක් වෙමින් පැවතුනා.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධූරය හොබවන ලද ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ගෙනියන විදේශ ප්‍රතිපත්ති පිළිබඳව මීළඟට අවධානය යොමු කිරීම වැදගත්. 1977දී ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වාදීම ඉන්දියාවේ ඇහේ කටු අනින්න‍ වගේ වුනා. එවකට සෝවියට් රුසියා හිතවාදී රටක් වුනු ඉන්දියාවට මෙන්ම රුසියාවටද මෙය දරාගැනීමට අපහසු වුනා. එමෙන්ම ජයවර්ධන ජනාධිපතිතුමා අමෙරිකාව සමඟින් සමීප සම්බන්ධකම් පැවැත්වීම හා ‍ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා පකිස්ථානය බව පැවසීම නිසා ඉන්දියානු හොඳ හිත පළුදු වීම සිද්ධ වුනා. මේ හේතුව නිසාවෙන් ඉන්දියානු රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාවටත් වඩා හමුදා බටයින් විශාල සංඛ්‍යාවක් එල්. ටී. ටී. ඊ සංවිධානයට පුහුණු කරදෙමින් එල්. ටී. ටී. ඊ සංවිධානය ඇති කරාක් මෙන්ම යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සියළුම අනුබලදීම් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීම සිදු කරා. ඉන්දියාව බලාපොරොත්තු වූ ආකාරයෙන් පළමු ඊළාම් යුද්ධය නිර්මාණය වූ අතර ඉන්දියාව එහි අවසානයට ළඟා වෙමින් තිබියදී අහසින් පරිප්පු දමමින් බාධාවන් රැසක් එල්ල කරමින්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති‍ගේ අතින් අඹරා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරගැනීමට සමත්වුනා. වර්තමාන අර්බුදයට ඉන්දියානු මැදිහත්වීමේ ආරම්භය එයයි

ඉන් අනතුරුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසුව පත්වූ සියලූම ලංකා රාජ්‍ය නායකයින්ට ඉන්දියාවට හිස නැමීමට සිදු වීම අවාසනාවට කරුණක්. කෙසේ නමුත් මෙතෙක් ලංකාවේ නොතිබූ තරමේ ඊළාම් අර්බුධයක් නිර්මාණය කිරීමට ඉන්දියාව සමත්වුනා. ඒ තුලින් ලංකාවේ සාමාජීය, ආර්ථික තත්ත්වයන්ට විශාල බලපැමක් එල්ලවූ අතර එහි අනිටු පළවිපාක වත්මන් පරපුර විඳිනු ලබයි.

ඉන්දියාව ඉන් අනතුරුව ධනවාදී ආර්ථික ක්‍රමයකට යොමු වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ දෙබිඩි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රදර්ශණයක කරා. ලංකා‍වේ සියළුම සොබාවික සම්පත කප්පමක් වශයෙන් ලබාගැනීමටත්, ඉන්දියාවේ වෙළඳපළ ලංකාවේ නිර්මාණය කිරීමට ඉන්දියානු බලධරයන් සමත්වන අතර, ඔවුන් ත්‍රස්තවාදයට අනුබලදීම් රාශියක් සිදු කරා. ලංකාවට යුධමය ආධාර ලබාදීමට එකඟ වුනේද ඉතාමත් සැක සහිත ආකාරයකින්. ඔවුන් පැවසුවේ ලංකාවට අපි ලබාදෙන්නේ ප්‍රහාරාත්මක අවි නොව ආරක්ෂක අවි පමණක් බවයි. ප්‍රහාරාත්මක අවි වලින් තොරව ඇති ආරක්ෂක අවි වලින් කුමක් කරන්නද? එය ‍කඩුව නොමැතිව පළිහ පමණක් රැගෙන යුධ පිටියට ගියාක් හා සමාන වන්නක් නොවේද? අවසානයේ පළිහ දරා පස්සෙන් පස්සට තල්ලූ වී හිරවී මියායම පමණයි නේද සිදුවන්නේ? එයින්ම පැහැදිලි වන ආකාරයට පෙනෙනුයේ එය ඉන්දියානු බලධරයන් සිදුකරන ලද්දේ ඔවුනට ලබාගැනීමට අවශ්‍ය ආර්ථික වාසි වෙනුවෙනුයි. එමෙන්ම ඉන්දියාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරිමට ඔවුන් ලංකාවේ ත්‍රස්තවාදී අර්බුධය දඩමීමා කරගනු ලැබුවා. ඉන්දියාව තුළ ඊළාම් යුද්ධයක් ඇතිවනවා වෙනුවට දමිළයන්ට ලංකාව තුළ ස්වයං පාලන අයිතියක් ලැබෙන බවත් එනිසා ඉන්දියාව තුළ ගැටුම් ඇති නොකරගත යුතු බවත් යන්න පෙන්වමින් ඉන්දියාවේ දමිළ ප්‍රජාව විසින් ඇතිකරනු ලැබීමට නියමිතව තිබූ නිදහස් සටන ලංකාවේදී ඉතාමත් අසාධාරණ තත්ත්වයන් යටතේ ඇතිවුනා. (ලංකාව යනු දමිළයන්ගේ නිජභූමිය නොවේ. ඉන්දියාව දමිළයන්ගේ නිජභූමියයි. එනිසා ඔවුන්ට සිය නිජභූමිය පිළිබඳව අයිතිවාසික ප්‍රකාශ කර හැක්කේ ඉන්දියාව තුළදී පමණි. ලංකාව තුළදී දමිළයන් යනු ශ්‍රී ලාංකීය ජාතියේ කොටසකි. එවිට ඔවුන් සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් විදියටයි.)

වර්තමානයේදී යුද්ධයේ අවසානයේ ආසන්නයටම පැමිණ ඇත.

එසේනම්,

යුද්ධය අවසන්වීම ඉන්දියාවට බලපාන්නේ මේ ආකාරයෙනි

තමිල්නාඩුව තුළ නිදහස් අරගලයක් නිර්මාණය වීම

ලංකාව ඉන්දියාවට ආර්ථිකමය වාසි ලබාදෙන, ඉන්දියාවේ පදේට නැටීමට සූදානම් ඔවුන්ගේ ආර්ථිකම ප්‍රාන්තයක් බවට පත් වීම වැලැක්වීම නිසා ඉන්දියාවට ලෝක බලවතෙකුගේ තත්වයට පැමිණීම ප්‍රමාද වීම

ඉන්දියාවට ආසන්නයේ ශක්තිමත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණ වීම හරහා. සොබාවික සම්පත් වලින් අනූන වූ ශක්තිමත් ආර්ථිකයකින් යුතු රටක් නිර්මාණය වීම ඔවුන්ගේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීමට සමත් වීම.

මීට අමතරව සමස්ථ ලංකාවම ඉන්දියානු ප්‍රාන්තයක් කරගැනීමේ යටි අරමුණ ඉටු කරගැනීමට නොහැකි වීම යන කරුණු පෙන්විය හැකියි. ඉතින් ජාතියක් වශයෙන් අප සියළු‍ දෙනාම එකතු විය යුතුයි. ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් බවට ලංකාව පත් වෙනවාට ඔබ කැමතිද? එසේත් නැතිනම් අ‍‍පේ සියළුම සොබාවික සම්පත ඉන්දියානු ආර්ථික හස්තයට හසු‍වනවාට ඔබ කැමතිද? ඔබ අකමැති වනවාට කිසිදු සැකයක් නැහැ. එනිසා දැන් දැන්ම එකතු වෙමු හඬක් නඟමු! ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතු වෙමු!

අවසාන වශයෙන් ඔබට තවත් මෙවැනිම ඉතිහාස සාධයකයක් පෙන්වීමට සිතුනා. ඒ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ මුල් බිම වූයේ මහා බ්‍රිතාන්‍යයි. නමුත් ඔවුන් සිය නිදහස් නිවහල් භාවය වෙනුවෙන් සිය මව් රට වූ බ්‍රිතාන්‍ය සමඟින්ද සටන් කරා!. දැන් බලන්න ඔවුන් කෙ‍තරම් දියුණු වී ඇත්ද? ජාතික රාජ්‍යයක් ගොඩනගාගැනීම තුළින් ලෝක බලවතෙකු තත්ත්වයට පත්වූ ආකාරය බලන්න. ඉදින්, ඉන්දියාව එවන් තත්වයක් අපෙන් ඇතිවීම වලක්වන ආකාරයක් ඔබට නොපෙනෙන්නේද?

ඇමරිකානු නිදහස් සටන පිළිබඳ වැඩි විස්තර –  http://en.wikipedia.org/wiki/American_Revolution

ඉන්දියාව මේ සම්බන්ධව කුමන මතයක් ලෝකයාට පෙන්වූවත් තිත්ත ඇත්ත එයයි. තමිල්නාඩුව වර්තමානයේ ප්‍රදර්ශණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ උවමනාවයි. ඒ බව අප තේරුම්ගත යුතුය.

එන්න, එක්සත්ව එක්සිත්ව ඒකීය ස්වෛරී ජාතික රාජ්‍යයක් නිර්මාණ කිරීම උදෙසා හඬනඟන්න!

(මෙම සටහනට පදනම් වූයේ 2008.10.20 දින ටී. එන්. එල් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “ජන හඬ” දේශපාලානාත්මක සංවාද‍යයි. එම වැඩසටහනට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා වන විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ලද ස්වාමීන් වහන්සේට මාගේ විශේෂ ස්තූතිය.)

අබා සමඟින් සටහන් ශතක පූරණය
මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලාංකීය සිනමාව, ඉතිහාසය ගැන තමයි. වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මාතෘකාව දැකපු ගමන් කියන්න ඇහැකි මොකක්ද ‍මේ දැන් මම මේ කතා කරන්නේ හදන්නේ කියලා. ඔව් කතා කරන්න යන්නේ අබා චිත්‍රපටිය ගැන. අබා චිත්‍රපටි කතාව නම් කියන්නේ නැහැ. මොකද ඒක ලංකාවේ ඉතිහාසය හදාරපු ඕන කෙනෙක් දන්න නිසා වගේම, මෙය කියවන ඔබගේ රසවින්ඳනයට බාධා කරන්න කරන්න අකමැති නිසා. දැන් මාතෘකාවේ පළවෙනි කොටස තේරෙන්න ඇති. අබා චිත්‍රපටිය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වගේම සුදාරකගේ අන්තර්ජාල සටහනේ සිය වෙනි සටහන කියන්නේ සුදාරකේ අන්තර්ජාල සටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ දෙකම එකට ගැලපුනේ පුදුම අවස්ථාවකදී. ඒ ‍‍කො‍හොම වෙතත්, සුදාරකගේ අන්තර්ජාල සටහනේ සියවෙනි සටහන මෙවර ලියැවෙන්නේ, සිංහල සිනමාවට විශේෂ මෙහෙයක් ඉටු කරන, කරමින් සිටින ජැක්සන් ඇන්තනී කලා ශූරින්ට කෙරෙන ගෞරවයක් වශයෙන් වගේම, අබා චිත්‍රපටිය හා එහි සංවාදයට ගැනෙන ලංකා ඉතිහාසය ගැන මට හිතෙන දේ ගැන කියන්න. ඉතිහාසය ගැන මගේ දැනුම අඩු වුනත්, ඉතිහාසය හදාරන්න පොඩි කාලේ ඉඳලාම තිබ්බ ආශාව නිසාම අබා චිත්‍රපටියේ එන ඉතිහාස කතාව ගැන මට හිතෙන දේ කියන්නයි මේ හදන්නේ.

මුලින්ම චිත්‍රපටිය බලපු හැටි කියලා ඉන්න එපැයි.

චිත්‍රපටිය බලන්න ඕන ඕන ඕන කියලා කිව්වාට මොකට බලන්න යන්න තැනක් හිතාගන්න බැරිවයි හිටියේ. මේ දවස් ටිකේ අපේ ඉස්කෝලේ අමතර නිවාඩු කාලීන පන්ති වගයක් පවත්වපු නිසා අපේ නේවාසිකා‍ගාරේ අයත් මේ දවස්වල ‍ඉස්කෝලේම නැවතිලා ඉන්නවා. ඉතින් ඔන්න මට අදහසක් ආවා අපේ පන්තියේ ඉන්න නේවාසිකා‍ගාරේ කට්ටියම එකතු‍ වෙලා සැවෝයි එකේ චිත්‍රපටිය බලන්න යන්න. කිහිප‍ දෙනෙකුට ටිකට් ඇරන්දෙන්නවා කියලත් පොරොන්දු වෙලා දිනයක් ලේස්ති කරගත්තා. ඒ දවස තමයි මම මේ දැන් කියන දිනයට පස්සේ දවස. ‍පොරොන්දුව වෙච්ච දිනයේ හවස මට අමතර පන්තියක් තිබ්බ නිසා අපේ ඉස්කෝලේ ආපනශාලාවෙන් කෑම එකක් ගත්තා. කෑම එක ටිකක් ඇඟට ඇල්ලුවේ නැති ගතියක් තිබ්බ නිසා. ඇඟ දෙවෙනියට තියලා බඩ ගැන හිතලා කෑම එක ගත්තා. අනික සල්ලි දීලා ගත්තු කෑම එකනේ. අත අරින්නත් බෑනේ කියලා කෑම එකට වැ‍ඩේ දුන්නා. හිටු කියලා වැඩේ දුන්නට බස් එකට නැග්තා විතරයි. කාපුවා ඇඟේ වැඩකරන්න පටන් ඇරගෙන පොඩි බඩේ අමාරුවකුත් හැදුනා. කොහොමහරි බස් එක පන්තියට ළං වෙච්චි, ළං වුනාට දැන් පන්තියට යන්න බැරි තරමට ‍බ‍ඩේ අමාරුව උත්සන්න වෙලා. අන්තිමට පන්තිත් යන්නේ නැතිව කෙලින්ම ගෙදර ඇවිල්ලා වැසිකිලියේ තමා නතර වුනේ.   ඉතින් ඔන්න පහු ගිය දවසේ. ඒ කියන්නේ අබා බලන්න යන්න තීරණය කරගත්ත දවසේ ඉස්කෝලේ යන්න බැරි වුනා. එදත් Live @ 55, පුවත් වියමන වගේ පැයෙන් පැයට වැසිකිළියට වාර්තා කරන්න සිද්ද වුනා   . අද තමයි අර නිවාඩු කාලීන අමතර පන්ති පැවැත්වුන අන්තිම දවස. අන්තිම දවසේ තිබ්බේ එක කාල පරිච්ඡේදයක් විතරක් නිසා උදේ 9.30 වෙනකොට ඉස්කෝලේ අහවර වුනා. අර මගේ නින්ද වීඩියෝ කරපු යාළුවත් එක්ක තමයි මම සාමාන්‍යයෙන් මහරගමට එන්නේ, ඉතින් ඔන්න මහරගමට ලං‍ වෙලා වෙලාව බැලුවාම 10.15යි. වෙලාව බැලුවාම තමයි ඕං ගණ දෙවි නුවණ පහලවුනේ.   එකපාරටම ඔළුවට විදුලියක් කෙටුවා වගේ මතක් වුනා මහරගම නැෂනල් සිනමා ශාලාවේ අබා පෙන්නනවා කියලා. ඒ අතරේ හිමීට සාක්කුවත් ඇදලා බැලුවා. ඇදලා බැලින්නං මෙන්න රුපියල් 150කුත් සාක්කුවේ. මං යාළුවගෙන් හිමීට අහලා බැලුවා “මචන්, රුපියල් පනහක් තියේද? මං අතින් 50ක් දාලා යමුද අබා චිත්‍රපටිය බලන්න?” (මං මේ මහා දාන පතියා වෙන්න හදනවා නෙවෙයි. ඇත්ත කතාව කියන්න එපැයි ඉතින්. මට කියන්න ඕනේ වුනේ මේක හදිස්සියේ ගත්ත තීරණයක් කියලා කියන්න) වැ‍ඩේ කියන්නේ මිනිහා අතේ සන්තකේටමත් හරියටම තිබ්බේ රුපියල් 50යි. ඉතින් ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියලා කිව්වාලු. මහරගමින් බහිනකොට උදේ 10.25යි. කොහොමහරි පාර මාරු වෙලා. මහරගම නැෂනල් ශාලාවට ගිහිල්ලා හරියටම චිත්‍රපටිය පටන්ගන්නකොටම අසුන් ගත්තා. හැබැයි මහරගම නැෂනල් එකේ DTS එහෙම නැති නිසා හරියට ශබ්ද රසේ නම් විඳගන්න බැරිවුනා. ඒත් ඉතින් මට මේ කතාව නොවැ වැදගත්. ඉතින් ඕං ඔහොමයි අබා චිත්‍රපටිය බලන්න අවස්ථාව ලැබුනේ. හැබැයි ඉතින් අම්මාට නොකියා හදිස්සියේ චිත්‍රපටිය බැලුවා කියලා බැනුම් අහන්නත් වුනා. ඒක ඉතින් වෙනම කතාවක්. මම හැබැයි කලින් අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර ඇරගෙන තිබුනේ හොස්ට‍ල් එකේ අයත් එක්ක බලන්න යන්න. ඒත් ඉතින් කරුම බඩේ අමාරුවක් හැදුනා නොවැ. හරි දැන් මාතෘකාවට පිවිසෙමුකෝ…

ලංකාවේ නිර්මාණය වෙච්චි චිත්‍රපටි අතුරින් අක්ෂරය චිත්‍රපටියට (බලලා නැහැ. බලන්න වයස හරි නෑ නොවැ. මේක බලපු කෙනෙකුගෙන් අහලා දැනගත්ත එකක්) පස්සේ සිංහල සිනමාවට ලෝක සිනමා තාක්ෂණය නියමාකාරයෙන් එකතු වෙච්ච සිනමා නිර්මාණයක්. තාක්ෂණය එකතු වෙනවා කියන එකේ අර්ථය මම මෙතනට යොදාගෙන තියෙන්නේ ත්‍රිමාණ සජීවීකරණ වගේ දේවල් ගැන නෙමෙයි. මම මෙතැනදී තාක්ෂණය කියන්නේ කැමරා, පසුතල නිර්මාණය හා ශබ්ද පරිපාලනය කියන දේවල්වලට. ලංකාවේ පළවෙනි වතාවට ‍දේශීය නිෂ්පාදකව‍රයෙකු යටතේ කෙරෙන ලද අති දැවැන්තම නිර්මාණයත් මේකම වෙන්න ඇති. ලංකාවේ නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් විදිහට ගත්තොත් නම් අති විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඒත් මේ චිත්‍රපටියට යම් තාක් දුරකට ලෝක සිනමාව සමගත් ගැටෙන්න බැරි කමක් නැහැ. චිත්‍රපටියේ නම අබා වුනාට චිත්‍රපටියේ වැඩි තැනක් දීලා ති‍බුනේ හබරා චරිතයට. ඇත්තෙන්ම මෙම චරිතය නිරූපණය කරන සෞම්‍ය ලියනගේ අති දක්ෂ අන්දමින් මෙම චරිතයට සාධාරණයක් ඉටු කරලා තිබුනා. මේ චිත්‍රපටියේ ඔහුගේ දක්ෂතා දැක්කාම මට හිතෙනවා අර මස් පුම්බගෙන ජනප්‍රියතාවයට දඟලන ලංකාවේ අනිත් නළුවන්ට වඩා සෞම්‍ය ලියනගේ අති දක්ෂයෙක් කියන එක. අවිවාදයි! සෞම්‍ය ලියනගේ තමයි ලංකාවේ දැනට අතිදක්ෂ චිත්‍රපටි රංගන ශිල්පියා!!. ඒ වගේම චිත්‍රපටි‍යේ ප්‍රධාන චරිතය, එසේත් නැතිනම් අබා චරිතයට රඟ දක්වන ළමා නළු සජිත අනුත්තරත් දක්ෂයි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් නැත්තේ නැහැ. ඔහුට තියෙනවා දැන් සෑහෙන්න දුර ගමනක් ඉදිරියට යන්න. ඔහුටත් මෙය අවස්ථාවක් කරගන්නවා සුභ පතන්නට. ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ. අධ්‍යක්ෂකවරයා අන්‍යාගමිකයෙක් වූ පමණින් එ‍සේ ලේබල් ගැසිම නම් හොඳ දෙයක් නෙවෙයි. ඒවාගෙම මෙහි චිත්‍රරාජ මරණයට ගෙන යන අවස්ථාව නිරූපණය කරවලා තියෙන්නේ හරියට අර ආගමික නායකයා මරණයට ගෙන යනවා වගේ තමයි. ඒත් එය චිත්‍රපටියේ උච්ඡ නාට්‍යමය අවස්ථාවක් නිරූපණය කිරීමට යොදවාගන්නා ලද්දක් මිසක්, ඒ ආගම ඉස්මතු කරවීමක් ලෙස නොවෙයි මා නම් එය දුටුවේ. අමතර දෙයක් කියන්න තියෙනවා. අපි අව් කණ්ණාඩියක් දාගත්තාම අපිට පේ‍න හැමදෙයක්ම කලු පාටට, ඒ ‍වගේ එක එක පාට කණ්ණාඩි දාගත්තාම අපිට ‍දේවල් පේන්නේ ඒ ඒ පාටට. නමුත් චිත්‍රපටියක් ඒ විදිහට පාට පාට කණ්ණාඩි දාගෙන බලන එක හොඳ දෙයක් නෙවෙයි. අපි අපේ කණ්ණාඩි අපිටම තියාගත්තාවේ. ඒත් චිත්‍රපටියකදී, වි‍ශේෂයෙන්ම මේ ව‍ගේ ලාංකීය දැවැන්ත නිර්මාණයකදී එසේ කිරීම වැරදියි. මෙහි යම්කිසි ආගමකට, ජාතියකට කිසිදු ආකාරයෙන් නිගරුවක් කරලා නැහැ කියලා ඔබට අර කණ්ණාඩි ගලවලා බැලුවාම පෙනේවි. චිත්‍රපටියේ කිරියක්කිනි චරිතයට වෙනුවෙන් නිරූපණය කරන දිනූෂා රාජපතිරණත් ඉතා අලංකාර ආකාරයෙන් හැඟීම් දනවමින් චිත්‍රපටියේ තමන්ගේ රංග කාර්යය කෙටි චරිතයක් වුවත්, ඉටු කරලා තියෙනවා. මේ ආකාරයට, චිත්‍රපටියේ අනෙකුතු රංගන ශිල්පීන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදෙද්දී නවක නිළි දුලානි අනුරාධා විසින්, මෙහි තවත් ප්‍රධාන චරිතයක් වන ශුකුම්බකබතා චරිතය නිරූපනය කරනවා දකින්න පුළුවන්. ඇගේ රං

ගන හැකියාව මීට වඩා තවත් ටිකක් දියුණු කරගන්න තිබ්බා කියලා තමයි මට නම් හිතෙන්නේ. කෙසේ වෙතත්, ඇයද ඇයගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත්වී තිබෙනවා.

මීළඟට මෙහි එන ඉතිහාස කතාව ගැන අවධානය යොමු කරමු.

මෙම චිත්‍රපටියෙන් කිසිදු ආකාරයෙන් භාවිත ඉතිහාසය විකෘති කිරීමක් සිදුවී නැහැ කියලයි මුලින්ම කියන්න අවශ්‍ය. එමෙන්ම පණ්ඩුකාභය කුමරුගේ පියා දීඝ ගාමිණී කුමරු නොවන බව අධ්‍යක්ෂක විසින් පවතා තිබෙනවා. එමෙන්ම සාමාන්‍යයෙන් පිළිගනු ලබන දීඝ ගාමිණී කුමරුගේ චරිතය රූප රාමු කිහිපයක‍ට පමණක් සීමා කරමින් චිත්‍රරාජ චරිතය ඉස්මතු කරවීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබෙනවා. චිත්‍රරාජ, විජය රජු විසින් උදුරාගත්, තම ගෝත්‍රයේ ප්‍රෞඩත්වය උපක්‍රමශීලීව නැවත ගොඩනගාගනිමින් රටේ හිමිකාරයන් වෙත රටේ බලය හිමිකරගැනිමට දිවිපරදුවට තබා ගනු ලබන උත්සාහය ඉස්මතු කර පෙන්වීමට ගනු ලබන උත්සාහය මැනවින් මෙහි නිරූපණය වී තිබෙනවා. චිත්‍රපටියේ සැඟවුනු අර්ථයට අනුව චිත්‍රරාජ චරිතය යනු උන්මාද චිත්‍රගේ ආරක්ෂාවට පිහිටුවන්නා නොව, ගෝත්‍රික ඔටුන්න හිමි කුමාර චරිතයකි. ඒ විදිහට මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. චිත්‍රරාජ තමන්ගේ ගෝත්‍රයේ නිවහල්භාවය වෙනුවෙන් වංග රටින් පැමිණි සිංහ වාංශිකයන්ගේ වහළෙකු වශයෙන් සේවය‍ට ගොස් දේශපාලනික උපක්‍රමයක් යොදවයි. යක්ෂ ග්‍රෝත්‍රික ලෙයින් බලවත් රාජ වංශයක් ඇරඹීමට තවත් රාජ වංශික කුමාරිකාවක් වන උන්මාද චිත්‍රාවගෙන් දරුවකු උපද්දවයි. ඔහුට දේශීය යුධ දැනුම ලබාදී ඔහු ලවා පිටදේශක්කාර ඔහුගේම මාමාවරුන් නූතන සිංහල  රාජවංශය ලක්දිව පිහිටවනු ලබවයි. මෙය අපේ ඉතිහාසය පිළිබඳ දැවැන්ත අභිරහසක් හෙළි දරව් කරනු ඇත. පණ්ඩුකාභය Half Blood Prince කෙනෙකු විය නොහැකිද? දැන්, ඔහුගෙන් නූතන සිංහල පරපුර පැවතගෙන ඒ යැයි නිගමනය කළ හැක්කේ නොවේද? හෙළ පරපුරක් වූ යක්ෂයින්ගේ උපායශීලී බව, තාක්ෂණික ඥානය, රාජ්‍යෝපායන් මිශ්‍ර වූ ඉන්දු ආර්ය මිශ්‍ර වූ බලවත් ජාතියක ආරම්භය මෙය යැයි සැලකිය හැකිද? ඒ බලවත් ජාතියේ බලය මෑත කාලීනව හීන වූයේද යන ආකාරයේ උභතෝකෝටික ප්‍රශ්ණ මාලාවක් සාමාන්‍ය අයෙකුගේ සිතේ ඇතිවීම සාධාරණයි නොවේද?

එය එසේ තිබෙද්දී පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ යමින්, අනුරාධපුරය නමැති ‍ලෝක පූජිත ගණයේ රාජ්‍යය ගොඩනංවනු ලැබුයේ පණ්ඩුකාභය රජු නොවේ යන්නටද විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, සිංහල නම් දුර්ලභ ජාතියේ මූලය සොයාගැනීමේ අර්බුධය මුලින්ම ඉපදුනේ කිකිළිද බිත්‍තරේද කියන ගැටළුවටත් වඩා අපහසු කරුණක් වී ඇත. කවුරුන්හෝ මේ ජාතියේ තොරතුරු යටගියාවේ සඟවා ඇත. එය හොඳට හෝ නරකකට විය හැකියි. සමාවෙන්න, භාෂා භාවිතයේදී වෙච්ච අත් වැරැද්දට නොදැනීම ලියැවෙන භාෂාවෙන් ලියැවිලා අන්තිම ටික. ඔන්න ඕකයි කතාව.

කොහොමහරි අබා දෙවැනි කොටසක් අනිවාර්යයෙන්ම එනවා වගේ හිතෙනවා. ඒ දෙවැනි කොටසේ රංගන ශිල්පීන්ගේ දක්සතා ටිකක් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ ‍වගේම අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද යුධමය ජවනිකා අඩංගු වේ යැයි බලාපොරොත්තු වෙනවා.

ඒ කිව්වේ අබා චිත්‍රපටිය ගැනනේ. අබා චිත්‍රපටිය ගැන එළකිරි වෙබ් අඩවියේ ෆෝරමයට ඇමුණුමක් එවා තිබුණා “අබා අප වනසන සොබා” කියන නමින්. ඒකට ප්‍රතිචාරයක් දක්වලා ම‍ගේ බ්ලොග් අඩවියේ ‍තියෙන්නේ වල් පල් කියලා අහගන්නත් වුනා නොවැ. ඉතින් හිතුවා බ්ලොග් අඩවියේ තත්ත්වය දියුණු කරගන්න මේ බ්ලොග් අඩවිය කියවන ඔබගෙන් අදහස් ලබාගන්න අවශ්‍යයි කියලා. මේ ‍බ්ලොග් අඩවිය ගැන ඔබේ අදහස් මෙම බ්ලොග් අඩවියේ “මත විමසුම” පිටුවේ සටහන් කරන්න පුළුවන්. ලිඛිත අදහස් තියෙනවා නම්, ඒවා මගේ ඊමේල් ලිපිනය වන supun[@]sudaraka[dot]com යන ලිපිනයට යොමු කරන්න.

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද?
සුදාරකගේ සටහන

කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්.

මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට කතෲ හිමිනමට අවශ්‍ය වූ දේ ඉස්මතු කරලා පෙන්නන්නත්, කතෲ හිමියන් අකමැති වූ කරුණු යටගහන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අද බොහෝ දෙනෙක් මහාවංශයේ ඉතිහාස කරුණු සමඟ ඝට්ඨනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න මගේ තියෙන අවශ්‍යතාවය (මේකට කියන්නේ අතීතකාමය කියන වචනේද දන්නේ නෑ) මෙවර උච්ජත්වයට පත්කරේ මෙවර රිවිර පුවත්පතේ ලිපියක්. ඇත්තටම අපි ‍නොදන්න ගොඩක් දේවල් අපේ ඉතිහාසයේ හැංගිලා තියෙන පාටයි. සිංහල යන ජාතියේ මූලාරම්භය සිදුවන්නේ කෙසේද කියන දේ ගැන ලොකු කුතුහලයක් තමයි මගේ තියෙන්නේ. ඉතින් කොහොමින් හරි වැඩි අටුවා ටීකා නැතිව, ඔබව රිවිර පුවත්පතේ සටහනට යොමු කරන්නම්.

http://www.rivira.lk/2008/07/13/rividahara1.htm

ඔබත් පිව්සි‍ලා නිවාඩු පාඩුවේ කියවලා බලන්න. ඉතිහාසය ගැන හිතේ කුතුහලයක් තියෙන අයට කියාපු ලිපිය.

හෙට (2008.07.14) අපිට සාමාන්‍ය පෙළ විභාගයට ළකුණු එකතු වෙන දවසක් ඒ කියන්නේ හරියට සා.පෙ පටන්ගත්තා වගේ තමයි. හෙට අපිට තියෙනවා නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් එක්කම දෙවැනි වාර විභාගෙත් පටන්ගන්නවා. ඒක නිසා VHOST වල පාරිභෝගිකයන්ට දුරකථනයෙන් පාරිභෝගික සහාය ටික කාලයකට ලබාදෙන්නනම් බැරිවේවි. කොහොම වුනත් ගිණූමේ ගැටළුවක් මතුවුනොත් cs@vhost1st.com වෙතට ලිපියක් යොමු කරන්න. කාල සටහනේ හැටියට අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදෙන්න උත්සාහ ගන්නම්.

එහෙනම් මම ගියා! නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු.

අහ්! තව එකක් කියන්න අමතක වුනා. සිංහල බ්ලොග් අවකාශයේ හැම දෙනාම දන්න අඳුරන කෙනා තමයි මලින්ත කියලා කියන්නේ. හෙට මලින්ත අයියාගේ උපන්දිනේ! සුභ උපන්දිනයක් වේවා මලින්ත අයියේ!

නිදහසට 60යි!
ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!