ඔයා මගෙ ලයිෆ් පාර්ට්නර් වෙනවද? 11

“බලන්න අයියෙ ඔයාගෙ යාලුව මට කරපු දේ. එයා මාවයි, අපෙ ගෙදර අයවයි දෙගොල්ලොම රැවැට්ටුවා. මට එයාව ආයෙ එපා. ඒත්… එයා මට කරපු දේවල් නම් කවදාවත් අමතක කරන්න බෑ…” “එයාව ආයෙ එපා” කියන වචනෙම ආයෙත් ලැබුනොත් අරගන්නවා කියන තේරුම තිබුන නිසාම මම දුක් ගැනවිල්ල අහගෙන හිටියෙ මොකක්වුනත් අපේ එකා වෙනුවෙන්. අපරාදෙ කියන්න බෑ ලස්සන කෙල්ල. අපිට ...

විවාහය 36

මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි. නෑ. ඒක එහෙම නෙවෙයි. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු ...

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට 24

මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ. ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා ...

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

විකාර 35

ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා ...

“බබාටත් අයිඩෙන්ටියක්” සමඟින් තවත් බොහෝ දෑ! 10

😀 මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම් තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ? ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. ...

අනේ අපොයි සහ තවත් බොහෝ දෑ… 20

සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා මට හිතුනා මගේම ‍තැන හොඳයි කියලා. ඕන් ඒක නිසාම, ආපහු මගේ තැනටම මාරු වුනා. ඒක තමයි පළවෙනි කාරණය. මේ දෙවැනි කාරණය. සාමාන්‍ය පෙළට තව ...

සුපුන් ගියා දිව්‍ය ලෝකෙ 12

ඕන් සුදාරකගේ ජීවන අත්දැකීම් එකතුවට තවත් දවසක් එකතු වුනා! දැන් ඒ එකතු වෙච්ච ජීවන අත්දැකීම බ්ලොග් සටහනක කොටන්නයි‍ මේ හදන්නේ. හැබෑටම මොකක්ද මේ දිව්‍යලෝකේ? ආ… ඒක මහ ‍ලොකු දෙයක් නෙවෙයි. සාහිත්‍ය මාසේ නිසා දැන් ව්‍යංගාර්ථයෙන් කතා කරන්න පුරුදු වෙලා! 😀 පසුගිය බ්ලොග් සටහන් එක්ක එකතු වෙලා හිටියානම් වැඩේ තේරෙන්න ඇති. ඔව්, ඔබ හරි! 😀 මම ...

මෙහෙමත් නින්දක්! 8

ජූලි මාසෙත් ලැබුවා එහෙනම්. පුදුමේ කියන්නේ 2008 අවුරුද්දත් යන ඉක්මන. කොහොමහරි ඉතින් මම නම් සාමාන්‍යයෙන් රැ 12 වෙනකම් පාඩම් කරනවා. පාඩම් කරනකොට නම් නිදිමත දැනෙන්නේ නෑ. ඒති ඉතින් උදේ නැගිට්ටාම තමයි රඟේ දැනේනේනේ. උදේ පාන්දර පාඩම් කරන්න වෙලාව නැති නිසා මටනම් ඉතින් පාඩම් කරන්න හොඳම වෙලාව තමයි රෑ. ඒත් පාඩම් කරන්නේ රෑ 12 වෙනකම් විතරයි. ...

අලුත් අවුරුදු සුබපැතුම :D 3

මේක මට ලැබුනේ අපේ අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයක SMS එකක් විදිහට ඇතුළේ තිබිලා! කොහොමද කියලා කියවලාම බලන්නකෝ! 😀 හිසට රන්පත් (Gold Leaf 😀 ) පයට බෙන්සන් තබා, තැබෑරුමක් දෙස බලා. ඕල්ඩ් රිසර්ව් මිශ්‍ර නානු බී කබරයා දැමීම මැනවි. සුභ අලුත් අවුරුද්දක් වේවා! මේක අලුත් තාලේ සුභපැතුමක්! අලුත් අවුරුද්දට රත්වෙන අයට කියාපු සුභ පැතුම. 😀 😀