කුරුලු හදවත ගැන කෙටි සටහනක් 9

කුරුලු හදවත ගැන කෙටි සටහනක්
ලියනගේ අමරකීර්තිගේ පොතක් විදිහට මුල්වරට කියවෙන්නේ අටවක පුත්තු. තමාගේ රසවිඳීමේ විචාරය තීරණය වෙන්නේ තමන්ගේ පෙර අත්දැකීම් හා තමාගේ වටාපිටාව එක්ක. ඉතින් මට අටවක පුත්තු සෑහෙන්න වැදගත් පොතක් වුනා. පොත කියවන්නේ උසස් පෙළ කරන කාලේ. එහෙම පොතක් නොකියෙව්වානම්, සමහර විට මට ගණිතය අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුනා වෙන්න පුලුවනි. 😛 මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා අපේ ...

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට 24

මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ. ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා ...

කිඳුරියගේ විලාපය 20

ම්… අපේ 10-11 සාහිත්‍ය පොත නිකම් පෙරළනකොටයි කිඳුරු වලප පාඩම අහුවුනේ. කිඳුරු වලප පාඩම දැක්කාමයි මතක් වුනේ රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාරය අංක 1 කියන පොත. සාහිත්‍ය අමාරු නම්, ඔන්න මේ පොත කියවන්න අමතක කරන්න එපා O/L මල්ලිලා නංගිලා. නියමෙටම කියලා තියෙනවා. සාහිත්‍ය විචාරය ලියන්න අමාරු නං, මෙන්න පොත ඇරගෙන කියවන්න. එතකොට තමන්ගේම කියලා ...