අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය 10

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය
සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු ...

අපට ඇත ගොඩනගන්නට රටක් 12

රාවණ රජු එදා විසූ රටක්, චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්, තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්, පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්, දහසක් මහා වැව් බැඳි රටක්, නිර්මල උතුම් බුදු දහම රැකි රටක්, හතුරා‍ටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්, අහසින් වැටෙන එක් දිය බිඳක් නික‍රුනේ මුහුදට ගලා නොගිය රටක්, පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය ...

වීරයා ඔබයි… 2

වීරයා ඔබයි...
ආරක්ෂක හමුදාවන් විසින් යුධමය වශයෙන් වැදගත් පුනරින් ප්‍රදේශය කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගැනීමේ චිත්ත ප්‍රීතිය නිමිත්තෙනි. (ජායාරූපය උපුටාගැනීම ශ්‍රී ලංකා හමුදා වෙබ් අඩවියෙනි.) එකම රටක් තුළ. එකම ශ්‍රී ලාංකීය ජාතියක් වෙනුවෙන්. සිහළ, දමිළ, මුස්ලිම් සියල්ලන් වෙනුවෙන්. සිය දිවිය දෙවැනි කොට මාතෲ භූමිය පෙරට තබා සිය සිතට ධෛර්ය ගෙන, ගතට වීර්ය ගෙන, මානුෂීය හැඟුමින් තුවක්කුව අතට ...

අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය 16

මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ...

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!) 11

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව ...

අබා සමඟින් සටහන් ශතක පූරණය 5

මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලාංකීය සිනමාව, ඉතිහාසය ගැන තමයි. වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මාතෘකාව දැකපු ගමන් කියන්න ඇහැකි මොකක්ද ‍මේ දැන් මම මේ කතා කරන්නේ හදන්නේ කියලා. ඔව් කතා කරන්න යන්නේ අබා චිත්‍රපටිය ගැන. අබා චිත්‍රපටි කතාව නම් කියන්නේ නැහැ. මොකද ඒක ලංකාවේ ඉතිහාසය හදාරපු ඕන කෙනෙක් දන්න නිසා වගේම, මෙය කියවන ...

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද? 7

සුදාරකගේ සටහන කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්. මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට ...

නිදහසට 60යි!

නිදහසට 60යි!
ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ...