ප්‍රශ්න 11

මං මෙහෙම පටන්ගන්නම්… සිංහල අයට සිංහල වීම නිසා ප්‍රශ්න තියෙනවා, දෙමළ අයට දෙමළ වීම නිසා ප්‍රශ්න තියෙනවා, මුස්ලිම් අයට මුස්ලිම් වීම නිසා ප්‍රශ්න තියෙනවා, දේශප්‍රේමීන්ට දේශප්‍රේමී වීම නිසා ප්‍රශ්න තියෙනවා, දේශද්‍රෝහීන්ට දේශද්‍රෝහී වීම නිසා ප්‍රශ්න තියෙනවා, කලා කාරයන්ට කලා කාරයන් වීම නිසා ප්‍රශ්න තියෙනවා, දේශපාලකයින්ට දේශපාලකයින් වීම නිසා ප්‍රශ්න තියෙනවා, ළමයින් ළමයින් වීම නිසාද, තරුණයින් ...

ජීවත් වෙලා මක්කටෙයි? 12

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ...

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව 42

මෙත් සිතින් ගායනා කරනු මැනවි. අධ්‍යාපනං භයංකාරං සබ්‍බ රෝගෝ නිවාරණං උසස් පෙළං හරි සනීපං විශ්වවිජ්ජාලංච ගච්ඡමං සර්ව ආතල් දූරිංභූතං විසූක දස්සනං නොම බලං චිත්ත සම්පත්තී දූරංගමං නේක විසූක දස්සනං යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං වන්දේ හෝම්වර්ක් කන්දං සාදු සාදූ අයිසැක් නිව්ටං සාදු සාදු අයින්ස්ටයිං රසායන විද්‍යා මහප්‍රාණං සිලබස් පතරංග ජාතකං විද්‍යාගාරං අති උත්තමං ප්‍රැක්ටිකල් කරපං මචං ...

මෙන්න ප්‍රවෘත්ති! 16

ප්‍රවෘත්ති පිළිබඳ දැඩි ඌණතාවකින් පෙළෙන හුදී ජන පහන් සංවේගය උදෙසා ක්‍රියාත්මක වන අප හිතවත් ජනමාධ්‍ය වර්තමානයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අකටයුතුකම් වාර්තා කරමින් සිටියි. මේ දුටු හද කම්පිත ජනතාවගේ අනාගත නායකත්වය උසුලන පාසල් සිසුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවනතාව උච්ඡත්වයට පත් වෙමින් පවතින මේ මොහොතේ ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් ක්‍රියාත්මක නොවී, ඊටත් වඩා අති සාර්ථක ...

ජීවිතය යනු අත්දැකීම් සමුදායකි. 9

වැඩමුළු අතර අත්විඳි අත්දැකීම් කිහිපයක්. ජීවිතය හා යා කිරීමකි… — කාලෙකින් බ්ලොග් සටහනක් ලියැවුනේ නැත්තේ ජීවිතයට දැනිලා තියෙන තෙහෙට්ටුව නිසා. සමහර විට ළඟින්ම කියලා තියාගන්න කෙනෙක් නැතිවෙච්ච නිසා වෙන්න ඇති. දැන් ඉතින් කවි කතා ලියන්න තරම් හිතට උත්ප්‍රේරකයක් නෑ. හිතුවාට වඩා ආදරය කියන දේ හරිම සංකීර්ණ ප්ලෑන් එකක්. ඒක හොඳටම තේරුනේ මොනවාහරි වැඩක් කරන්න යද්දී. ...

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා… 32

මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ! ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා 17

සිංහල බ්ලොග්කරණ තරගාවලිය - මාධ්‍ය සාකච්ඡාව දා... සහ තවත් අතුරු කතා
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම ...

ඊළඟ බ්ලොග් සටහනකට පෙරවදනක් සමඟින් තවත් බොහෝ දෑ 5

අලුත්ම අලුත් උණු උණු ප්‍රවෘත්ති වටින් ගොඩින් ඇහෙනාතුරේ (ඇහෙන + අතරතුරේ) TV එක දැම්මේ නිළ වශයෙන් තහවුරු කරන ලද ( 😉 ) ප්‍රවෘත්ති මොනවාද කියලා දැනගන්නයි. චැනල් මාරු කරනාතුරේ සුදාරක‍ට වුනේ කබලෙන් ලිපට වැටෙන්නයි. එක චැනල්ලෙකක සින්දු කියනවා. ඒකේ තරඟකරුවෝ විනිසුරු උතුමන්ගේ රෙදි ගලවලා යන නිසාත්… ඒවා කොටු කොටු දාලා වහන්නැති නිසාත්… ටීක්! ටීක්!! ගාලා ...

කොටම කොට නිසඳැස් දෙකක්… 20

Physics පන්තිය ඇතුලේ නිකන් ඉන්නකොට ලියැවිච්ච විකාර නිසඳැස් දෙකක්… නුඹට කියන්නට… සැමඳා බලා ඉන්නට නොහැකි නිසාම සිතින් විඳවන්නට නොහැකි නිසාම කියන්නට යමක් ඇත නුඹට… ඒ… — නිදහස ආකලනය, විකලනය වන සිතුවිලි අංග විකල නොවන ලෙස ප්‍රකාශනයට — මේ දවස්වල මුකුත් හරියට ලියැවෙන්නෙත් නෑ අප්පා. දන්නවානේ ඉතින් කේස් එක 😉 ඉතින් ඒ කොහොම වුනත් මේ දවස්වල ...

පැණි වරකා ගහටමලු හෙන ගහන්නේ! 12

බ්ලොග් අඩවියට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇතිවුන නිසා බ්ලොග් අඩවියට මීට දවස් දෙකකට කලින් ඉඳලා ඇතුලත් වෙන්න බෑ කියලා මේ බ්ලොග් අඩවියට පිවිසුන ඔබට දැනගන්න ලැබෙන්න ඇති. දැනටමත් බ්ලොග් අඩවිය හදමිනුයි සිටින්නේ. යම් යම් අපහසුතාවන් ඇතිවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. බ්ලොග් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.