Categories
කාලීන විවිධ

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ!

අද දෙසැම්බර් නව වෙනිදා.
හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්.
නිකං පියාඹනව වගේ…

පිස්සු!

හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

Categories
කාලීන ජීවිතේ දේශපාලනික විවිධ

සිස්ටම් එක සහ තවත් කතා

කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. අලුත්ම ට්‍රෙන්ඩ් එක මේ ලංකාවෙ සිස්ටම් එක ඇතුළෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ‍මට මතක ඇති කාලයක ඉඳල හැමදෙනාම තමන් බලයට පත් වුනේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල කියාගෙන. ඒත් කෙරුන අහෝසි කිරීමක් නැහැ තවත් ඒ තනතුරේ අධිපතීත්වය වැඩිවෙනව ඇරෙන්න. ඉතින් මං නං කියන්නෙ මේ සිස්ටම් එක ඇතුළෙ තමන්ගෙ ඡන්දයට එච්චර ‍ලොකු වටිනකමක් නැහැ කියන එකයි. දැන් ඔය සටන්වදින පාර්ශව වලට ඔය කියල ලොකූ උවමනාවක් තියෙනවනං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, ඒක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නෙ තනිකර බලය පිළිබඳ ප්‍රශ්නයක්.