Categories
විවිධ

කොටම කොට නිසඳැස් දෙකක්…

Physics පන්තිය ඇතුලේ නිකන් ඉන්නකොට ලියැවිච්ච විකාර නිසඳැස් දෙකක්…

නුඹට කියන්නට…

සැමඳා බලා ඉන්නට නොහැකි නිසාම
සිතින් විඳවන්නට නොහැකි නිසාම
කියන්නට යමක් ඇත නුඹට…
ඒ…

නිදහස

ආකලනය, විකලනය
වන සිතුවිලි
අංග විකල නොවන ලෙස
ප්‍රකාශනයට

මේ දවස්වල මුකුත් හරියට ලියැවෙන්නෙත් නෑ අප්පා. දන්නවානේ ඉතින් කේස් එක 😉 ඉතින් ඒ කොහොම වුනත් මේ දවස්වල එක පැත්තකින් පන්ති වලට. අනිත් පැත්තෙන් ව්‍යාපෘතියකට. තව පැත්තකින් මගේම හිතට හිරවෙලා… 😀 අලි මදිවට හරක් කියනවා වගේ බ්ලොග් අඩවියටත් සම්බාධකයක් පැනවුනා. ඔන්න සම්බාධක බිඳගෙන නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහන ලියැවෙනවා.

සස්රුත ගැන ලිපියක් ලියන්නත් තියෙනවා… සමාවෙන්න ඕනේ ප්‍රමාද වෙනවාට. මට මේ දවස් වල කට කපලා වැඩ 😀

Categories
විවිධ

පැණි වරකා ගහටමලු හෙන ගහන්නේ!

බ්ලොග් අඩවියට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇතිවුන නිසා බ්ලොග් අඩවියට මීට දවස් දෙකකට කලින් ඉඳලා ඇතුලත් වෙන්න බෑ කියලා මේ බ්ලොග් අඩවියට පිවිසුන ඔබට දැනගන්න ලැබෙන්න ඇති. දැනටමත් බ්ලොග් අඩවිය හදමිනුයි සිටින්නේ. යම් යම් අපහසුතාවන් ඇතිවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. බ්ලොග් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.