Game of Thrones ශ්‍රී ලංකා. 15

Game of Thrones ශ්‍රී ලංකා.
ප්‍රසිද්ධ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ මීළඟ කතා පෙළ නිකුත් වෙන්නේ මේ අප්‍රේල් 12 වෙනිදා ඇමරිකාවෙ වේලාවෙන් රෑ 9ට. ඒ කියන්නෙ 13වෙනිදා උදේ වෙද්දි ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙයි. මං මේ කතා කරන්න හැදුවේ අලුත් කතා පෙළ ගැන නෙවෙයි. මං කල්පනා කරේ Game of Thrones කතා මාලාවේ සිද්ධි පෙළ ලංකාවේ වුනොත් ඒකට සමපාත වෙන ශ්‍රී ලංකා ...

SLIIT පළමු වසරට ඔබ සාදරයෙන් පිළිගනිමු. 6

පූර්වකථනය මෙච්චර දිග ලිපියක් කියවන්න කෙනෙක්ට වෙලාව හෝ උවමනාව තියේදැයි දන්නෑ. නමුත් ලිවීම සහ කිසියම් හෝ තැනක වාර්තා කර තැබීමයි අවශ්‍ය. අනිත් කාරණේ මේක SLIIT එකේ වෙළඳ දැන්වීමක් නෙවෙයි. 😛 ඒ වගේම SLIIT එකට අදාළ වෙන සමහර දේවල් අනෙකුත් අධ්‍යාපන ආයතනවලටත් අදාළවෙන්න පුළුවනි. මේ වගේ සටහනක් ලියන්න හිතුනෙ 2014 අධ්‍යයන වර්ෂය සඳහා අලුතෙන් ඇතුළත් වුන ...

සබඳ අපි කඳු නොවෙමු

සබඳ, අපි කඳු නොවෙමු… උනුන්… පරයා නැගෙන. සුනිල දිය දහර වෙමු… එකම… ගඟකට වැටෙන. 🙂 සබඳ, අපි කඳු නොවෙමු. උනුන්… පරයා නැගෙන… සුනිල දිය දහර වෙමු… එකම… ගඟකට වැටෙන.. වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින සබඳ, අපි කඳු නොවෙමු. උනුන්… පරයා නැගෙන… සුනිල දිය දහර වෙමු… එකම… ...

ප්‍රේම පාරමිතාව. 6

මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන. පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය කියවලා නැති නිසා සහ කතාවට අකුරු පැටලිලා තියෙන එළිසමයෙන් පද එළියට ගලවාගන්න බැරි නිසා මට හිතාගන්න බැරි මේ පද පේළි ඇත්තටම බයිබලයේ තියෙන ...

මම කවුද? 11

බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට ...

කවියෝ නොවෙති කිසිදා පෙම්වතුන්. 4

හද බිඳෙන බව දැන ආදරය කරන හදවත් දිනෙක හද බිඳුන තැන වෙතිය කවියෝ වදන් ගලපන. කවි වලට පෙම් බඳින කවියක්ම යැයි සිතා පෙම් බඳිති කවියන්ට අරුත් විසඳා බැලුමට. කවි තරම් කවියෝ රසවත්ව නැති නිසා කවියාගෙ හද ද බිඳ යති යන්න කවි සොයා. නැවත හඳ බිදුන තැන රසිකාවියක සොයමින් නැවත කවි ලීවද කවියෝ නොවෙති කිසිදා පෙම්වතුන්.

අවුරුදු හතරක කතාව. 26

පසුගිය ජනවාරි විසි එක්වෙනිදා වෙනකොට සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු හතරයි. එතකොට අවුරුදු හතරක් බ්ලොග් අවකාශයේ හිටියත් බ්ලොග් අඩවියට සාධාරණයක් ඉටුකරල තියෙනවාද කියන එක සැකයි අවුරුදු හතරකට ලියැවිලා තියෙන ලිපි ගාණ බැලුවාම. ඒත් අවුරුදු හතරක් ඇතුළත සෑහෙන්න දේවල් වෙනව වගේම අවුරුදු හතරකදි වයසින් වැඩි වියට පත්වෙනකොට එකතු වෙන වගකීම් එක්ක හිත එකලාසයක කරගෙන ලියන්න අපහසුකමකුත් තියෙනවා. ...

මාර්කටින්ග් 22

වැඩ කෝටියක් තිබුනත් බ්ලොග් එක පාලුවෙන් තියන්න හොඳ නෑ නෙව. මේ දවස්වල මම ඇර අනිත් විද්‍යා ගණිත කාරයෝ උසස් පෙළ කරල නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා හෝ විනෝද චාරිකාවේ ඉන්න ගමන්. මේ අතරෙ උසස් පෙළින් පසු අලුත් දැනුම හොයාගෙන යන්න පෙළඹවිම් ඇතිකරන්න එක එක ආකාරයේ වැඩසටහන් දියත් වෙලා තියෙනවා නෙව. ඔය අතරේ අපේ ගෙදරට ආවා ලිවුමක්. ...

ගෝලීය උණුසුම 8

ගෝලීය උණුසුම
මෙච්චර කල් මට පෞද්ගලිකව නොදැනුන දෙයක් දැන් දැනෙන්න පටන් අරගෙන. ඒ මොකක්වත් නෙවෙයි. ගෝලීය උණුසුම. ගෝලය කෙසේවෙතත්. ගෝලය මැද්දෙ පුංචි (අ)මුතු ඇ‍ටේ නම් මේ දවස්වල විඳින්නෙ පුදුම පීඩාවක්. මේ තත්වෙ දිගටම තිබුනොත් නම්, මැතිවරණ උණුසුම කෙසේවෙතත්. කට්ටිය ගෝලීය උණුසුමෙන් හෙම්බත්වෙයි කියලයි මට නං හිතෙන්නෙ. වැඩවසම් යුගයෙන් පස්සෙ එන කාර්මික විප්ලව යුගයෙ අවුරුදු 200 පහුකරගෙන එනකොට ...

කෙටි සටහනක් 7

රුපියල් හැත්තෑපන්දහසක් ලබාදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී මාසය මාසය බැගින් විධායක ජනාධිපති ක්‍රමයේ සුව පහස විඳීමට තට්ටු මාරු ක්‍රමයට සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අවස්ථාව ලබාදෙන්නේ නම් මැනවි. පෙබරවාරි මාසය සඳහා විධායක ජනාධිපති ධූරය සඳහා ලියාපදිංචි වන අපේක්ෂකයාට වි‍ශේෂ වට්ටම් ලබාදීමට හැක. එතකොටවත් සාමාන්‍ය ජනතාවට ඔවුන් මොන රෙද්දක් කරගත්තත් සැනසිල්ලේ සිටීමට හැකිවනු ඇත.