කවියක් යැයි සැලකිය හැකි යමක්. 2

බිඳී යන සිහින මත යලි ගලපා තබා ප්‍රේමය මල් මාවතක් ලෙසින් සකසා කරයි ඒ මත සක්මන්, ඔබ. සිනිඳු දෙපා මල් නොතලා විරාගී දෙනෙත් විකසිත කර බොළඳ වදන් තෙපලා ආරාධනා කරයි මා වෙත, ඔබ. සයුර මැද සිර කුටිය තුළ මල් වැසි වැටෙනමුත් වට බැමි බිඳ දැමිය නොහැකි නම් කරමි නම් කෙසේ ප්‍රේමය, මම. ප.ලි: මේක ෆේස්බුක් ...

ජනාධිපති මියයයි #කෙටි-කතාවකි 47

මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ. තේමා ගීතය වාදනය වේ… ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප ...

තවත් උදෑසනක් 14

මම අවදිවුනෙමි. “අද ගෙදරද?” අම්මා තේක රැගෙන මේසයෙන් තබා ඇඳේ තවමත් ගුලි වී සිටින මා දෙස බලාහිඳිමින් මගෙන් විමසුවාය. ඔව්. අද ගෙදර. හවස පන්සල පැත්තෙ යන්න ඕනෙ. ඒක හොඳයි. අද උපන්දිනේනෙ. පන්සල් යන්න. ඊයෙ රෑ බීල ආවෙ මොකද? මම? නෑ. මම බිව්වෙ නෑ. පුතා හැරෙනකොට මම දන්නව. පුතා සිගරට් බොනව කියලත් මම දන්නව. පුතා දැන් ...

සංක්‍රාන්ති සමය – not a love story 13

අඳුර ගලා ගොස් දැන්, යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී… සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ. ඇත්තේ මන්ද ආලෝකයක් පමණි. නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ… රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි. සිත ඔත්පලව නැත. සිත පනගසයි. සිත තවමත් බලවත්ය. තැන ...

නවකතාවකින් කොටසක් යැයි සැකකළ හැකි යමක් 14

උදේ පාන්දර ඉස්කෝලෙට එන්ටර් වෙනකොට හද්ද චාටර්. ඉස්කෝලෙ තාප්පෙටත් වඩා උසට ප්‍රිෆෙක්ට්ල තාප්පෙ. ඇතුල්වුනෙත් මරණ බයෙන්. කඩාගෙන බිඳගෙන යන්න හැදුව විතරයි. ම්හු.! “කොහෙ යනවයි කියලද හිතාගෙන ඉන්නෙ? යනව ගිහින් හිටගන්නව.” වෙලාව හරියටම උදේ පාන්දර හතයි හතලිස් පහයි. ඉස්සර නං සංගමේ වැඩ ඕන හුටප්පරයක් කියල ඇතුළට යත හැකි. අම්මෝ බලන්න එපැයි අලුතෙන් පත්වෙච්ච ශිෂ්‍ය නායක මණ්ඩලේ ...

වනචර කෙල්ල. (කෙටි කතාවකි) 41

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය. හ්ම්… යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා ...

කෙටි කතාවක්: පණිවිඩය එනකන්… 24

ඇගෙන් ඇගේ ආදරය ඉල්ලා යවපු කෙටි පණිවිඩයට තවමත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැතිවුනත් මගේ හිත කියන්නෙම ඇය මට ආදරය දෙයි කියල. ඒ මට ඇයව දැනෙන නිසා. ඒත්, මම ඇයව තවමත් ඇහින් දැකල තියෙන්නෙ එකපාරක් විතරයි. ඒකත් විනාඩි පහකට. ඉතින් ඇගේ කැමැත්ත ලැබෙයිද? ඇයට කැමති වෙන්න මගේ කිසිම ගුණාංගයක් නොතිබීම මට-මාවම එපා කරවපු ප්‍රශ්නයක්. ඉතින් ඇය මට ...

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… 9

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම ...

ඉස්කෝලෙදී… 15

මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යන‍කොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙ‍ඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ ...

කවියැයි සැලකිය හැකි යමක්. 6

මෙව්වත් ලියැවුනේ බස්සෙකේ යද්දි තමයි… 😀 — පෙම දකිමින. මහමඟ යන. මහමඟ යන විටදි දකින වතට වතින මුවට මුවින ඇස් පැටලෙන බස් දොඩවන සරග නෙතින බැලුම් හෙලන යොවුන් වියෙන හිත් නැ‍ටවෙන මන බඳවන ආලය මිණ පහන් දවන තොල්පෙති මන විල කලඹන පෙම්වත් දන මඟදි දකින සතුටු සිතින දුක විඳිමින පෙම දකිමින මහමඟ යන — මුඩුක්කු ...