බ්ලොග්? 14

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද? නෑනෙ. වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ ...

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද? 60

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) ...

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව 6

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා ...

සමාජයීය සංවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ භාවිතය. 10

වර්තමානයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන මාතෘකාවකි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණ භාවිතයේ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය යුතු කාලයකි මේ. සාකච්ඡාව, සංවාදය තුළින් වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා භාවිතාකරුවන් පෙළැඹවීම තුළින් තොරතුරු තාක්ෂණ භාවිතා‍ව පිළිබඳව පොදුජන මතය තව දුරටත් ශක්තිමත් කරලීම තුළින් ශ්‍රී ලංකාව තුළ ...

බ්ලොග්කරණ තරගාවලියක්? ඒ මොන අහවල් එකටද? 12

කලින් බ්ලොග් සටහන ටිකක්… නෙවෙයි හොඳටම සංකීර්ණ වැඩියි කියලා තමයි ලැබිච්චි ගොඩක් ප්‍රතිචාර වලින් කියැවුනේ. ඇත්තටම ඒක සංකීර්ණයි. මටවත් හරියට තේරුම්ගන්න අමාරුයි මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඒ කොහොමවුනත්, මං දැන් මේ කියන්න යන්නේ බ්ලොග්කරණ තරගාවලිය ගැන. ඇයි අපි බ්ලොග්කරණ තරගාවලියක් සූදානම් කරන්නේ කියන දේ ගැන පොඩ්ඩක් ම‍‍‍ගේ පැත්තෙන් කතා කරන්න. සිංහලෙන් ලියන බ්ලොග් අඩවි හැම ...

සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි! 13

සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි!
ආ… මෙන්න නියම ආරංචියක්! මේ ආරංචිය මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටයි! අද (16) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු අලුත් මිල ගණන් යටතේ ඔබට දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිවේවි! මාත් උපහාර ‍එකෙන් ආපහු Pre-Paid වලට මාරු වෙන්න හිතුවා. මෙන්න මෙහෙමයි ගාස්තු. පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – පළමු අවුරුද්ද මොබිටෙල් වෙත – රුපියල් 2යි වෙනත් ...

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම. 7

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක ...

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි! 7

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි!
ආ… කට්ටිය දැන් බයවෙලා මේ මොකද වෙන්නේ කියලා. එළකිරි අඩවියේ එහෙම ටෙලිකොම් එකේ පලු පැලෙන්න බනිනවා. ඒ අතරේ එක එක තැන්වල එක එක කතා. මේ ඔක්කොම පටන්ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් නවතම ප්‍රචාරණ වැඩසටහන එක්කයි. ඒ මොකක්ද ඒ? මේ තියෙන්නේ ඒක… ගත්තා ටෙලිකොම් ADSL පාරිභෝගික සේවාව. පුදුමයකට වගේ ඉතාමත් ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගන්න ලැබුනා. ඒක ලොකු දෙයක් ...

මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි! 4

2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ‍ කෝටියයි. ඔන්න ‍මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ‍ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ‍”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන ...

පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩ මුළුව 3

ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද? වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි. මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු ...