අන්තර්ජාලය(ට) අලුතෙන් ලියමුද? 11

පසුගිය අවුරුදු කිහිපය තුළ සිංහල බ්ලොග් අවකාශය ප්‍රමාණාත්මක වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒත් ගුණාත්මක වර්ධනයක් ලබාගෙන ඇත්ද විමසීමයි නියම ප්‍රශ්නය. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බ්ලොග් කියවනය අනුව එහි අන්තර්ගතවන්නේ බ්ලොග් අඩවි 591ක් පමණයි. එහි තේරුම පසුගිය මාස 3 ඇතුළත් නිසි පරිදි යාවත්කාලීන වී ඇත්තේ මේ බ්ලොග් අඩවි පමණක් ද? එහෙම නැතිනම් යාවත්කාලීන වන අනෙකුත් බ්ලොග් අඩවි හසුකරගැනීමට ...

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද? 60

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) ...

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව 6

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා ...

අලුත් වෙච්ච පරණ රොබින් 17

අලුත් වෙච්ච පරණ රොබින්
දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ ම‍ං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ ‍දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ ‍මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා 17

සිංහල බ්ලොග්කරණ තරගාවලිය - මාධ්‍ය සාකච්ඡාව දා... සහ තවත් අතුරු කතා
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම ...

ඊළඟ බ්ලොග් සටහනකට පෙරවදනක් සමඟින් තවත් බොහෝ දෑ 5

අලුත්ම අලුත් උණු උණු ප්‍රවෘත්ති වටින් ගොඩින් ඇහෙනාතුරේ (ඇහෙන + අතරතුරේ) TV එක දැම්මේ නිළ වශයෙන් තහවුරු කරන ලද ( 😉 ) ප්‍රවෘත්ති මොනවාද කියලා දැනගන්නයි. චැනල් මාරු කරනාතුරේ සුදාරක‍ට වුනේ කබලෙන් ලිපට වැටෙන්නයි. එක චැනල්ලෙකක සින්දු කියනවා. ඒකේ තරඟකරුවෝ විනිසුරු උතුමන්ගේ රෙදි ගලවලා යන නිසාත්… ඒවා කොටු කොටු දාලා වහන්නැති නිසාත්… ටීක්! ටීක්!! ගාලා ...

කිලිනොච්චිය නිදහස්! 3

කිලිනොච්චිය නිදහස්!
අලුත් අවුරුද්දක සාමයේ අලුත් බලාපොරොත්තු දල්වාලමින් නව වසර ලැබූ සැනින්, ‍කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳුවූ කිලිනොච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින්, කොටි හදවත විනාශ කරන ලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය! කිලිනොච්චි සටන ගැන තවදුරටත් විස්තර – http://www.defence.lk/new.asp?fname=20090102_05 –‍ පසුව ඇතිවූ අවබෝධය මත මෙම කොටස ඉවත් කරන ලදී — ‍ගුවන් හමුදා මූලස්ථානය අසල අද සිදුවූ ...

තරු 8

උඩ බැලුවත් තරු බිම බැලුවත් තරු කොහෙ බැලුවත් තරු තරු පෙන්වන තරු රෑ පායන තරු ගී ගයනා තරු ලව් කරනා තරු අපි අඬවන තරු සෙවනැලි රන් තරු සුපිරි කොමඩි තරු අපි දිනවන තරු අප පරදන තරු බැටරි තියෙන තුරු credit තියෙන තරු බිල වැඩි වෙන තුරු තරු රජවන තුරු — හික්! මං මේ අද ඉස්කෝලේ ...

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම. 11

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.
ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… 😀 සිරසෙන් හොඳ වැඩක් ...

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්! 10

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න ...