බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට ...