කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න… 43

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න… මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න… හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න… මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න… අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න… අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න… කුඩේ ...

කරති ප්‍රේමය දුරින් දුරසිට 15

‍සොඳුරු සුකොමළ මියුරු මදහස විදින සත්සර පෙමැති අදහස දුරිනි නුදුරිනි හඬිනි පෙම්සර විඳිමි සොඳුරිනි රැවැති නුඹ හස පෙමැති අදරැති සුරැකි පෙම්බස සයුරු නිම්නැති අදර හදබස කරති ප්‍රේමය දුරින් දුරසිට නුමුදු සොඳුරිය ළඟකැ ඇතිමෙන් සුමුදු තොල් පෙති පහස විඳිමෙන් කෝල වෙයි සිත අදර බැල්මෙන් මියුරු සුමියුරු ප්‍රේම නල රැල් විදිමි දින දින සිහිනයෙක මෙන් සුරත සතපා ...

ආදරය 26

සෑහෙන්න කාලයක ඉඳල ලියන්න කියල හිතාගෙන තිබුන මාතෘකාවක් තමයි මේ ආදරය. සංවේදී මාතෘකාවක්. ‍දේශපාලනයට නෙවෙයි. හදවතට සංවේදී මාතෘකාවක්. සෑහෙන්න කාලයට ඉඳල මම බස් එකේ යනව. දවසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ බස් එක ඇතුළෙ කිව්වොත් ඒක අතිශ‍යෝක්තියක් නෙවෙයි. ඒ අතින් හදවතට සංවේදීම වාහනය බස් එක. ලොකු වෙලා ලොකු රස්සාවක් කරල පුතේ කාර් එකක්, වෑන් එකක් ...

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… 9

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම ...

අද හරි පුදුම දවසක් 17

අද හරි පුදුම දවසක් වුනේ අමුතුම යමක් අහම්බෙන් හමුවූ යමෙක් වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක් හමුවී බොහෝ කල් ඇතත් අපේ ලංවීම නොදැනුනත් හිතට හොර රහසේ ලංවුනත් කරනට වුනේ සීමා පමණ මිතුදමකටත් ෆේස්බුක් පණිවිඩයක් ස්කයිප් ඇමතුමක් අකුරු ඇමතුමක් වුනේ මා හදගත් ඇති වූ නමුත් අදහසක් නොපැවසී ඇයට කිසිවක් ඇය තුළත් අදහසක් ඇති වී ඇතැයි සිතුවත් කලින් මා ...

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක 6

රාත්‍රිය නිසලමුත්, සිත තාම චංචලයි. මිනිස් කය නිසලමුත්, සිත තාම චංචලයි. සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ කවුළුවෙන් ඇස තුළට වැදී තෙරපී හඬා… කළෙත් මා සිත අවදි, සිත කෙළේ කය අවදි. සුරත් ගත් මිතුරු පන්හිඳ, සරත් සුදු පත්ඉරුව මත. සිපගනිමින්… නමුත් සොඳුරිය, වත නුඹේ ඔය, නොලද්දෙමි අවසර සිඹින්නට. නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව, ...

මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න 10

දවසක් මං නුඹව දුටුව උදයේ පිපුන මලක් විලස නුඹට කතා කරන් නැතිව හිටියේ මම ආදරයට නුඹ දිහාම බලා හිටියේ නුඹේ ‍සොඳුරු බව නිසාම එළි වැට නැති ආදර කවියක් ලියැවුනි නුඹේ නමට මා සිතනා පතනා දෙය නුඹටත් එලෙසම දැනෙනවා ද? නොදනිමි නුඹ මා ගැන එක වරකටවත් හිතනවා ද? අද රෑටත් නුඹ මට සිහිනෙන් පෙනෙනවා ද? සින්දු ...