උසස් පෙළ කරන්නේ මෙහෙමයි #දීර්ඝසටහනක් 20

පළවෙනි කාරණේ, ජීවිතය විඳින ගමන් උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ කරන කාලෙ ජීවිතයක් නෑ. තිබිය යුත්තේ උසස් පෙළ විතරයි.

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි… 12

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි...
අධ්‍යාපනික වශයෙන් යල් පැනගිය ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන රටාව කාලානුක්‍රමිකව වෙනස් වීමේ තදබල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය අසහනය පිළිබඳව සලකා බැලීමේදී මතුවූ තදබල අවශ්‍යතාවකි. වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු. විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමේදී ශිෂ්‍යයින්ට මුහුනපාන්නට සිදුවන ගැටලු සහ වාර විභාග වලට මුහුනදීමට නොහැකිව සියදිවි නසාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ යමින් ...

සමාජයීය සංවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ භාවිතය. 10

වර්තමානයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන මාතෘකාවකි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණ භාවිතයේ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය යුතු කාලයකි මේ. සාකච්ඡාව, සංවාදය තුළින් වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා භාවිතාකරුවන් පෙළැඹවීම තුළින් තොරතුරු තාක්ෂණ භාවිතා‍ව පිළිබඳව පොදුජන මතය තව දුරටත් ශක්තිමත් කරලීම තුළින් ශ්‍රී ලංකාව තුළ ...

අධ්‍යාපනේ – එළ! 29

කාලයත් සමඟ අපද මහත් බලාපොරොත්තු තබා කඩේ ගිය ඊනියා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ ටයි පටියෙන් ගෙල සිර වී මැරී ගියේ එක් ශිෂ්‍යාවක් නොවේ. අපද ශිෂ්‍යයින් වශයෙන්භෞතිකව හා  මානසිකව මිය යමින් සිටිමු. අවශ්‍යකරනු ලබන ප්‍රතිශක්තිය අධ්‍යාපනය තුළින් නොලැබෙන අවස්ථාවේ සිතන්නට ප්‍රතිශක්තිය නොලැබෙන රාමුගත අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළද… සිසුවෙක් වශයෙන් ප්‍රසිද්ධියේ ගෙල වැලලා මිය යාමට සිතුන වාර අනන්තය. නමුත් ...

නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද? 25

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ...

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම. 7

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක ...

මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි! 4

2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ‍ කෝටියයි. ඔන්න ‍මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ‍ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ‍”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන ...

අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය 16

මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ...

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!) 11

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව ...

සුපුන් ගියා දිව්‍ය ලෝකෙ 12

ඕන් සුදාරකගේ ජීවන අත්දැකීම් එකතුවට තවත් දවසක් එකතු වුනා! දැන් ඒ එකතු වෙච්ච ජීවන අත්දැකීම බ්ලොග් සටහනක කොටන්නයි‍ මේ හදන්නේ. හැබෑටම මොකක්ද මේ දිව්‍යලෝකේ? ආ… ඒක මහ ‍ලොකු දෙයක් නෙවෙයි. සාහිත්‍ය මාසේ නිසා දැන් ව්‍යංගාර්ථයෙන් කතා කරන්න පුරුදු වෙලා! 😀 පසුගිය බ්ලොග් සටහන් එක්ක එකතු වෙලා හිටියානම් වැඩේ තේරෙන්න ඇති. ඔව්, ඔබ හරි! 😀 මම ...