ඇය. 4

ආයෙමත් වැස්ස කාලෙ ඇවිදින්. තෙතමනයක් නැතිව විඩාබර වෙලා හිටපු ගස් කොළං පුදුම ගාම්භීරව ආයෙමත් පණ ගහල ඇවිත් තියෙනව දැක්කම මට ඇතිවුනේ පුදුම සතුටක්. දැන් වෙලාව හරියටම කීයද කියල හිතාගන්න බැරිවුනත් මේ හිමිදිරිම උදේ. තැන අඳුරගන්නත් මට වැඩි වෙලාවක් ගියේ නෑ. මේ විහාරමහාදේවී පාර්ක් එක.

කලින් මෙතනට ඇවිත් තිබුනෙ නැතිවුනත් ඔෆිස් එකට යන්නෙ එන්නෙ මේකෙ ඉස්සරහින්. එතකොට අත් එකට අල්ලං ඉන්න කපල් දැක්කම හැමදාම හිතුනෙ ඇයි මම මෙතනට එයත් එක්ක ආවෙ නැත්තෙ කියල. හැමදාම එයාගෙ උත්තරේ වුනේ “ඔය ප්‍රාථමික මිනිස්සු වගේ අපි පාර්ක් වල අත් අල්ලන් ඉන්න එක හරි කැතයි. අනික දන්න කවුරුහරි ආවොත් මගෙ ප්‍රිෆෙක්ට්ෂිප් එකටත් කෙලවෙනව ෂුවර්.”

බම්බුව තමයි!

ඒ මං හිතන්නෙ දැනට අවුරුදු පහ හයකට කලින්. මට හරියට මතක නෑ. මතක් කරන්න ඕනෙකමකුත් නෑ. හරි අපි වර්තමානෙට එමු?

මට තාම හිතාගන්න බෑ මං මෙතනට ආවෙ කොහොමද කියල. අද උදේ ඇස් අරිනකොට මං මෙතන. වටේ පිටේ හිටියෙ හිමින් හිමින් ගස් යට තියෙන බංකු වලට මානගෙන අත් අල්ලගෙන ඇවිදින කපල්. පස්ස පැත්තෙ පොකට් එක අතගාලා බලනකොට තමයි දැනුනෙ පර්ස් එක නෑ කියල. ආහ්! මේ තියෙන්නෙ පර්ස් එක.

හැබැයි ඒකෙ කීයක්වත් තිබුනෙ නෑ. දෙකට තුනට හතරට පහට නවල දාගත්තු ආර් ඇන්ඩ් ආර් එකේ රුපියල් විසිදාහක බිලකුයි, පේපර් සර්වියට් එකකුයි ලියපු කවියකුයි (පස්සෙ වෙලාවක දිග ඇරල බලද්දි ඒකෙ කවියකුත් ලියල තිබුනා!) විතරයි ඒක ඇතුළෙ තිබුනෙ.

වැහි වලාකුළු නිසා තාමත් හරියට ඉර එළිය පාර්ක් එක ඇතුළට වැටිල තිබුනෙ නෑ. කපල් වලට බාධා කරන්න බැරි නිසාත්, පොලීසියට බය නිසාත්, වෙලාව අහගන්න තනිකඩ කවුරුහරි හොයනකොට දැක්කෙ හෑන්ඩ් බෑග් එකක් එල්ලගත්ත, ජීන්ස් ඇඳගෙන හයි හීල් දාගෙන නොඉවසිල්ලෙන් පාර දිහාටයි, අත් ඔරලෝසුවටයි ඇස් යවන කෙල්ලෙක්. ෂුවර් එකටම කොල්ල එනකන් බලාගෙන ඉන්නව වෙන්න ඕනෙ.

කවුරුවත් ඉම්ප්‍රෙස් කරන්න තරම් මට්ටමක හිටපු නැති නිසා කට වටේයි, ෂර්ට් එකෙයි, ඩෙනිමෙයි ඇලිල තිබුන තණකොල පස් පිහිදගෙන මං ගියා එයා ගාවට.

“එක්ස්කියුස් මී, අර්ම්… කැන් අයි (ක්)නෝ වට් ටයිම් ඉට් ඉස්?”

උදේ පාන්දරම කඩන් පාත් වුන කඩ්ඩෙන් කතා කරන මේ හෙනහුරා කවුද කියල බලන්න වගේ මගේ දිහා හිසේ ඉදන් දෙපතුල් දක්වා ඈ මාව නිරීක්ෂණය කලේ අන්වීක්ෂයට අහුවුන මේ ක්ෂ්ද්‍ර ජීවියා මොකාද කියල බලන්න වගේ. කොහොමහරි අන්තිමේ ඈ කතා කරා.

“ඉට්ස් සෙවන් ෆෝටි ටූ”

“තැන්ක්‍යූ, ආ යූ වේටින් ෆෝ යුව බෝයි ෆ්‍රෙන්ඩ්?”

“නෝ අයිම් වේටින් ෆෝ මයි ක්ලයන්ට්”

අම්මටහුඩු!

ඒත් එක්කම වගේ එයාගෙ ෆෝන් එක සද්ද කරන්න පටන්ගත්තා.

“හෙල්‍යොව්…” ඒකත් හරිම තාලයට තමයි එයා ශබ්ද කරේ.

“වට්? රියලි?”

ඊළඟට කතා කරපු ඒව මට හරියට ඇහුනෙ නෑ. ඒත් ඈ ඉන්නෙ හරිම නොසතුටින් වගේ කියල තමයි මට තේරුනේ. මටත් ඉතින් යන්න දිහාවක් නැති නිසා එතනට වෙලාමයි හිටියෙ.

“අදත් මේ කැම්පස් එවුන් පාර බ්ලොක් කරලලු.” ඇමතුම විසන්ධි කරපු ඈ කතා කරා.

“එනිවේ… හව් මව් යූ හැව්?” එහෙම ඇහුවෙත් ඈ ම තමයි.

“වට්, මී? අයි ගොට් නතින්.”

“එහෙනං මොන මඟුලක්ද මෙතන කරන්නෙ?”


ඔයාලටත් එකපාරටම හිතුනනං මෙතන මොන මඟුලක්ද කරන්නෙ කියල, අද අප්‍රේල් පළවෙනිදා. මේක මට වෙච්ච සිද්ධියක් නෙවෙයි. දැන් අප්‍රේල් පළවෙනිද නිසා ඔයාල හිතයි මං කියන්නෙ බොරු කියල. ඒක අදාළ නෑ. මට මොනවහරි ලියන්න හිතුනා. ඒ, මට තැන තැන මුනගැහුනම ආයෙමත් ලියපං කියන අය වෙනුවෙන්. ඊළඟ ලිපිය ආයෙ කවද ලියයිද දන්නෑ. ඒත් ආයෙමත් ලියන්න ඕනේ.

සුබ අප්‍රේල් පළවෙනිදාවක්!

4 thoughts on “ඇය.

  1. Reply Namila Bandara Apr 1,2017 9:12 pm

    haha apinam ahu une ne :p

  2. Reply Rangi Apr 1,2017 9:44 pm

    Wow sudaraka boy is back.

  3. Reply සොඳුරු සිත Apr 2,2017 1:54 pm

    ඉස්සර කැමැත්තෙන් කියවපු බ්ලොග් ලියපු බහුතරයක් අද නිහඩයි. ඒත් මේ ලඟකදි ඉදල එයාල ආපහු ඇහැරෙන්න පටන් අරන්. සිහි සටහන් බ්ලොග් එකත් දැන් දිගට ලියැවෙන්න අරන්. cult බ්ලොග් එකත් මේ දවස් වල අප්ඩේට් වෙනවා.බොහොම සතුටුයි.බොහොම ඉස්තුති….

  4. Reply dulan Apr 2,2017 1:59 pm

    අද අපේල් එක
    ආය ලියනවා කියලා බොරු කියනවා

Leave a Reply

%d bloggers like this: