Categories
දේශපාලනික

දේශපාලනයේ සදාකාලික මිතුරන්ද, සදාකාලික සතුරන්ද නැත | Conspiracy Theory and Game of Pawns

පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අපකීර්තියට පත්වෙමින් සිටියදී හිටපු ජනාධිපති රාජපක්ෂ අපූරු තීන්දුවක් ගන්නා ලදී. ඒ, වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමයි.

අවශ්‍යතාව වූයේ ජනමතය පරීක්ෂාකර බැලීම සහ හදීසියේ හෝ ජනමතය වෙනස් වී ඇතිනම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.

පැවති තත්වය අනුව ලංකාව දරුණු මූල්‍ය අර්බුධයක වූ අතර, තව දුරටත් ජාත්‍යන්තර ණය ගැනීමට නොහැකි තත්වයට ආණ්ඩුව පත්ව සිටියේය. ඒ අතර යුරෝපයෙන් එල්ලවන මානව හිමිකම් චෝදනා උත්සන්න වෙමින් පැවතින. එමෙන්ම මූල්‍ය අර්බුධයෙන් ගැලවීමට අවශ්‍ය ආර්ථික ව්‍යාපෘති (පෝට් සිටි, කැසිනෝ, රෙඩ් ලයිට් සෝන්) ඇති කිරීම සඳහා සිංහල බෞද්ධ බලවේග සහය නොදක්වන තැනකට පැමිණ තිබිණ.

මේ සඳහා අවශ්‍ය වේලාව ලබාගැනීමට ජනාධිපතිවරණයෙන් අවස්ථාව ලැබුණ අතර හදිසි ආණ්ඩු පෙරළියෙන් පසු ජාත්‍යන්තරයෙන් මද අස්වැසිල්ලක් ලැබුණි. සංවර්ධන කටයුතු වලට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තර කරගැනීමට වර්තමාන ආණ්ඩුව දරණු ලැබූ ප්‍රයත්නය එය පැහැදිලි කරයි.

මේ සමය තුළ ඇල්ලූ හොරෙක්ද නැත, චෝදනා පමණි. දහනව වෙනි සංශෝධනයෙන් විධායකය අහෝසිවන්නේ නැත. අලුත් ඡන්ද ක්‍රමයක් සඳහා දින සියය කල් මදි ය.

*පවතිනා මූල්‍ය අර්බුදයේ ස්වභාවය පසුගිය රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට උත්සාහ කළ පනතෙන් අවබෝධ කරගත හැක.*

අවසානයේ “මහින්ද නැතුව බෑ” මතය තහවුරු වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනේ අනෙකුත් සුළු පක්ෂ වල සහයෝගය නොමැතිව තරග කර අගමැති ධූරය ලබාගනු ඇත. එවිට සියල්ලට විරුද්ධවන සුළු පක්ෂ වල අවම බලපෑම යටතේ මේ වන විට රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ආරම්භකිරීමට හැකිවනු ඇත.

අප කැමති වූවත් අකමැති වූවත් ඉතා ඉක්මනින් කැසිනෝ සහ අනෙකුත් මෙගා ඩීල් ඇතිකරගැනීමට නොහැකි වුනොත් ආණ්ඩුවට දරුණු අයවැය හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.

මේ ක්‍රියාදාමයේ රනිිල් වික්‍රමසිංහ ඉතාමත් වැදගත් භූමිකාවක් රඟදක්වා ඇත. පෝට් සිටි, කැසිනෝ වැනි ව්‍යාපෘති කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට පරිභාහිර ඒවා නොවේ. ඡන්දයෙන් පසු පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔහුගේ මතයේ වෙනස එයින් පෙන්වයි. මෙය නරක තත්වයක් නොවේ. නමුත් පසුගිය ඡන්දයේදී ඔබේ ජන මතය දේශපාලකයින් විසින් පාවා දුන්නායැයි සිතෙන්නේනම් වහා හිත හදාගත යුතු කාලය එළඹ ඇත.

5 replies on “දේශපාලනයේ සදාකාලික මිතුරන්ද, සදාකාලික සතුරන්ද නැත | Conspiracy Theory and Game of Pawns”

1994 සිට දැන් 2014 දක්වා සිරි ලංකාවේ දේශපාලනයේ සහ පුවත්පත්වල නිතර දකින වචන කිහිපයක් තාමත් තියෙනවා..චන්ද්‍රිකා රනිල් මහින්ද ආදී ඒ කිහිපයක්. අපිට වසර විස්සක්තුල අලුත්නායකයින් සොයාගන්න බැරිවෙලා තියෙනවා…

මම නම් හිතන්නෙ හරියන්න හෝ වැටෙන්න මේ දැන් නායකයින්ට තව ඉන්න පුලුවන් අවුරුදු 5යි..ඒ නිසා දැන් තවත් ඉන්න මහන්සි වේනනෙ නැතුව ඊලග පරම්පරාවට බලය දෙන්න ඕනි…අවුරුදු දහයක් චන්ද්‍රිකා අවුරුදු අටක් මහින්ද සහ අවුරුදු දෙකක් රනිල්වශයේන මේ රට ඔය තුන්දෙනාම පාලනය කරලා තියෙනවා…

මෛත්‍රි උන්නැහගේ ලොකු සිතියකමක් නැහැ රට දියුනු කරන්න..ඉතිං අනිවාර්යෙන් මේ අයගෙන් පසු පරම්පරාවට දැන් රට බාරදෙන්න කාලය හරි…ඒකට එක්සත් ජාතික පක්ෂයෙන් සහ නිදහස් පක්ෂයෙන් දෙවන පෙලක් නිර්මාණය කරල නැහැ.. ඒයෙහමයි කියල අපිට මේ නාකි බුවාල එක්ක හැමදාම ඉන්නත් බැහැ….

මේ කථාව ඇත්ත තමයි. ඒත් ඉතින් තරුණ වීමම දෙයකට සුදුසු කමක් නෙවෙයි. ඒක හරියට වයසින් අඩු නිසා සනත් ජයසූරියව අයින් කර්ලාඅ චාමර කපුගෙදරව දැම්මා වගෙ වැඩක්. . අපි ට වරදින්නෙ දේශපාලනය නිසා ම නෙවෙයි. දේශපාලකයො පහල වෙන්නෙත් මේ සමාජයෙන්මයි. දැන් ඕකෙ ඉන්න තරුණයො කියලා වෙනසක් නෑ, ඒ අය ක්‍රියා කරන්නෙත් අන්ත මොට්ට විදියට. දෙවන පෙල කට්ටිය හැටියට ඉස්සරහට ස්ව උත්සාහයෙන් ආපු කෙනෙක් තමා මහින්ද. දැන් කොල්ලන්ට පොඩි අවුලක් තියනව ඉස්සරට වඩා, පහල මධ්‍යම පන්ට්තියේ සිට ඉහල මධ්‍යම පන්තිය වෙනකම්ම කොලු පරපුර අම්මා කියන අරුම පුදුම මැෂිමෙන් රැකෙන අය. එයාලාට තනි මතයක් ඇත්තෙම නෑ. කැම්පස් එකේ හොස්ටල් ආශ්‍රිත් පක්ෂ දේශපාලනය කරන සෙට් එක කිව්ව ගමන් එයාලා යනවා උද්ඝෝෂණ වලට. ඒක ඉවර වෙලා හොඳ බබාලා වගේ ගෙදර yයනවා, යූ ජී සී එක එහා පැත්තෙ බස් හෝල්ට් එකෙන් බස් එකට නැගලා. පාවිච්චි කරන ෆෝන් වලට මුදල් ගෙවන්නෙ කවුරු හම්බ කරපු සල්ලිද? තමන්ගෙ සල්ලි වලට් තමන් වග නොකියන 18 ත් -25 අතර තරුණයො වැඩියම ඉන්නෙ ලන්කාවෙ, එයාලගෙ ඡන්දෙ ගන්න එක් හරිම ලේසියි. කරන්න තියන්නෙ වර්චුවල් රියැලිටි බුවාලා ඡන්දෙට දාන එක විතරයි. 75,000 ෆෝන් එකක් ලන්ඩන් වල ඇල්බට් මාමාගෙන් හම්බ වෙලා පාවිච්චි කරන රී ලෝඩ් සමාජයට අයිති තරුණයන්ට ගැස් කෑන් එකේ රුපියල් 300 වැඩි වීම අඩු වීමෙන් අම්මලා තාත්තලාට් ලැබෙන සහනය හෝ අපහසුව් ගැන හැඟීමක් නැහැ.
මේක ගමේ කොල්ලන්ට නෑ කියලා කියන්න එපා, ඒ අය අඩු ගානෙ උඩින් පෙන්නන්නෙවත් අර වගේ හැසිරෙන්නෙ. කොල්ලගෙ වයස 23 යි අම්මාගෙන් අහලා තමයි මල ගෙදරක ගොක්කොල එල්ලන්න එන්න දෙන්නෙ. ඒකෙන් ඌ සදාචාරවත් වෙනවද? සියාගෙ මරණය දවසෙත් ක්ලාස් යනවා. කොල්ලා හිතනවා ලෝකෙ කැරකෙන්නෙ ඌ වටා කියලා. අද කඩයප්පන් හදලා ඒක කඩේට ගේන්නෙ කොල්ලා නෙවෙයි අම්මාමයි. කොල්ලා පට්ට ෆෝන් එකකින්—- ඒ ලෙවල් / කෝස්/ කරනව. ඔක්කොටම වඩා තියන දුක පැය 7 ක ක්ලාස් එකක කැමැත්තෙන් වාඩි වෙලා ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක දැක්කාම!
අඩු ගානෙ දියුණුව කියන්නෙ මොකක්ද කියලාවත් අපට හැඟීමක් නෑ. කට්ටියක් විශ්ව ශක්තිය, රාවණා, ගම පන්සල, පරිසරය කතා කිය කිය ෆැක්ටරියක් හදපු ගමන් ඒකට විරුද්ධ වෙනවා. ගොඩක් අය නිව් ටෙක්නොලොජි කියලා වැලඳගන ඉන්නෙ සොෆ්ට් වෙයාර් වගේ දේවල්. කොහෙද දෙයියනේ මේ ෆෝන් හදන්නෙ? කවුද දෙයියනේ ටයිටේනියම් හාරලා ලෝකෙ වනසන්නෙ? තව කට්ටියක් ඇල්කොහොල් කන්ටේනර් ඇල්ලුවාම හිතන්නෙ ලන්කාවෙ ඇල්කොහොල් කවදාවත් තිබ්බෙ නෑ කියලා.
පරණ පරම්පරාවෙ ගාණ්ධිගෙන් පිබිදුනු අය හිටියා. කලිසම අතෑරලා ආරිය ඇදුම ඇඳපු තරුණයො හිටියා. කෝ ඒ තරුණ විප්ලවීය මානසිකත්වය? අද කවි කියන එකා හෙට ඇඩ්වටයිසින් වලට විකිනිලා, අපි එහෙම වුනාට හැම රටේම තරුණයො එහෙම නෙවෙයි. ඉස්සරත් කට්ටිය රැකුනේ අම්මා ලාගෙන් වුනාට උන් ඉතාලියට හරි පැන්නේ කාටවත් වද නොදී. දැන් ” මන් දන්නෑ මාව කොහේ හරි රටකට යවන්න නැත්තම් මම…..” කියන මානසිකත්වයයි තියන්නෙ.
මේක දිග වැඩියි ඒත් ලියපු නිසා දානවා. අපි කියන ඒවා කවුරුත් අහන්නෙ ත් නෑනෙ, ඒකයි මෙහෙම වර්බල් ඩයරියා හැදෙන්නෙ. අපි රිජෙක්ක්ටඩ් ඇන්ඩ් ඩිජෙක්ටඩ්, ඒ ගැන නෙවෙයි දුක හෙට බාරගන්න ඉන්න එවුන් දැක්කාමයි.

සුධාරක හිටි හෑටියෙ දේශපාලන සත්ත්වයකු වීම ගෑනත්, තමන්ගේ ආස්ථානයේ අනිත් හෑමෝම ඉන්නවාය කියා වගේ හිතාගන ලියා ඈති බවක් පේනවා.
අනික සුධාරක ට අමතක වෙනවා, රනිල් වික්‍රමසිංහ ගේ අගමෑති කමේ දේශපාලන සුජාත බවක් නෑ කියලා. මේක මහින්දවත් ( මහින්ද ගෑන ‘එහෙම’ හිතනවා නම් ) නොකල වෑඩක්. කිසිම බලයක් අයිතියක් නෑතුව බලය මහ දවල් කොල්ල කෑවේ ජනපති වුන කෙනා ගෑන කිසිම තෑකීමක් නොකර එහෙම අටව ගත්තාම අර්බුද ඈති නොවී තියන්නේ නෑනේ. ඒ අය මේ ඔක්කොම කිරීම තුල, ජනපති දරුණු විදියට හෑල්ලු වෙනවා, ඔහු උස් තැන් දැක ඇකිලෙන , මිටිතැන් දැක පුප්පන කෙනෙක් වෙලා. ඔහු තමන්ගේ පාක්ශිකයින්ව මට්ටු කරන අතර රනිල්, චන්ද්‍රිකා, විග්නේශ්වරන්, සම්බන්දන් ඉදිරියේ නිවට වෙනවා.
ඉතින් මොකද වෙන්නේ?
කොහොම වුනත් සුදාරකගේ අනිත් පෝස්ට් වල තියන සිත්ගන්නා සුලු බව මේකේ නෑති බව නම් කියන්න වෙනවා. මේක සුදාරකගේ තාත්තා කෙනෙක් හෝ බාප්පා කෙනෙක් ලිව්වාද කියලා වෙලාවකට හිතුනා. මේකේ ඈති ගෑඹුරක් නෑ. ආචාර්ය මහාචාර්ය ගාන්ධර්ව පන්ඩිත කවුරුත් ලංකා දේශපාලනයේදී කුජීත වුනේ, ඒ නොගැඹුරු බලහත්කාරය නිසාමයි.
එදා එස්මන්ඩ් වික්‍රමසිංහ ට වඩා රනිල් වික්‍රමසිංහ වෙනස්ද? දෙන්නාම ජනබලයට වඩා තකන්නේ කුමන්ත්‍රණ බලය. ඒ වගේ ඉතින් ඕන නම් ප්‍රේමදාස ව මහින්දට අනුරූපනය කරන්න පුලුවන්. ජේ ආර් යැන්කි උරුමයට අනුරූප වෙනවා. චන්ද්‍රිකා කුමාරතුන්ගට සහ වේලුපිල්ලේ ප්‍රබාකරන් ට අනුරූප කවුරුත් නෑ. දෙන්නාවම අනුගමන්ය කරන කෙනෙක් මග ඉන්න පුලුවන්, ඒ අය එදාටත්, ඉතිරි වෙලා ඉන්න මේ චරිතත අද කරන්න හදන විනාසයත් ගෑනයි පක්ෂග්‍රාහී විදියට පටු ක්‍රමවේදයන් ගැන නොහිතා කළ යුතු.

අනිත් අතට ලන්කාවට වරදින මූලික කරුනු දෙකක් තියනවා
1. හැමදාම අපේ රට බේරගන්න දියසේන කෙනෙක් හොයන එක. මේක කන්ඩායම් වෑඩක් කියලා නොහිතා, හොඳ වෑඩට හොඳ කියන්නෙත් නරක වෑඩට බනින්නෙත් ඒ රජටම තමයි. මයිත්‍රී ඒ ඔටුන්න අනිත් අය එක්ක බෙදාගෑනීමේ අවුලක් නෑ, අවුල තියන්නේ ඒක බෙදා හදාගන්න අය ගෑනයි.
2. හෑමදාම අලුත්ම ලංකාවක් හදනව කියලා,තියන ලංකාව උඩු යටි කුරු කරන්නට හෑදීම.

මේ ඔක්කොම ලිව්වේ සුදාරක අලුතින් පිහිටුවාගත්ත යූ ඇන් පී ෆේස්බුක්, අන්තර්ජාල බලකායේ සාමාජිකයෙක් කියලා නොහිතන නිසයි. ඒක එහෙම නම් ඉතින් සොරි වෙන්න ඕන, එහෙම නම් මේක පල නොකර හිටියත් මට තේරුම් ගන්න පුලුවන්.

ඉන්න අය ට විවේචනය කලේ පරන අය හොඳ නිසා නෙවෙයි, ලන්කාවේ ගිය අයට දෙස් දෙවොල් තිය තිය දේශපාලකයො අවුරුදු ගනන් ගොඩ යන නිසා, හරියටම යුද ජයග්‍රහණය වගේ,

බොහොම වැදගත් ප්‍රතිචාරයක්. ඇත්තටම මේක සීරියස් ගත යුතු සටහනක් නොවෙයි. මේක තියරියක් විතරයි. වටේ සිද්ධවෙන දේවල්, සංකේත දිහා බලල දේවල් Theorize කරන්න මං ආසයි මේ දවස්වල. ඒක මේ Game of Thrones පොත් කියවල ඇතිවෙච්ච ආසාවක්.

මම මේ දවස්වල කිසිම දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ නෑ. නරඹන්නෙක් විතරයි. 🙂

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ සුළු පක්ෂ වල සහ නොමැතිව මහින්ද නැවත අගමැති වේවිය කියන කතාව කිසිදා විය නොහැකි කථාවක් නේද?

හරියට Trial by Combat එකකදි Tyrion විසින් Mountain ව පරද්ද්නවා වගේ වැඩක්. කිසිදා විය නොහැක. 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.