Categories
චිත්‍රපටි

DHOOM3 ගැන කෙටි කතාවක්. (SPOILER FREE)

dhoom3-aaliya-katrinakaif

දැන් ඉස්සර වගේ ලියන්න හිතෙන්නෙ නෑ. සමහර විට ආසාවක් නැති නිසා වෙන්න පුලුවන්. අනිත් එක අපේ බ්ලොග් කියවනවාට වඩා දැන් කියවන්න ඕනෑතරම් දේවල් අන්තර්ජාලයේ තියෙනවා! #ඉරිසියාව 😛 කොහොමහරි දැන් උසස් පෙළ සහ අනෙකුත් අපළ විභාග ඉවරයක් කරල හරිම සතුටෙන් අවුරුදු පහකට පස්සෙ මාස දෙකක නිවාඩුවක් අරගත්තා. ඊළඟ දෙවෙනිදා ඉඳල ආයෙමත් වැඩ. 🙂

ඒ කතා පස්සෙ.

ඉතින් නිවාඩුව අවසානයේ තමයි චිත්‍රපටියක් බලන්න ගෙදරින් එලියට බැස්සෙ. ඇත්තටම කිව්වොත් එක චිත්‍රපටියක් නෙවෙයි, චිත්‍රපටි දෙකක්. එකක් DHOOM3 සහ අනිත් එක The Hobbit: The Desolation of Smaug; Hobbit ගැන පස්සෙ කතා කරමු. මේ කෙටි කතාව, DHOOM3 චිත්‍රපටිය ගැනයි.

මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටිය බැලුවේ මහරගම ඇමිටි ලයිට් සිනමා ශාලාවේ. හෙණ ගහන්න වගේ සද්දෙ. විශේෂයෙන්ම DHOOM3 වගේ ක්‍රියාදාම චිත්‍රපටියක තියෙන ශබ්ද මේ සිනමා ශාලාවේදී අත්වින්ඳොත් ඔබට ශ්‍රවණ ආබාධ ඇතිවීමේ ලොකු හැකියාවක් තියෙනවා. ප්‍රවේශ පත්‍රයේ මිල නම් මට මතක විදිහට රුපියල් 270ක්. ඒක අනිත් සිනමා ශාලා එක්ක සසඳද්දී බොහොම අඩු මිලක් වුනත්… ලාබ බඩුවේ හිලක්!

DHOOM3 චිත්‍රපටියේ ඉලක්ක ප්‍රේක්ෂකයින් නම් අවම සිනමා සාක්ෂරතාවක් තියෙන ආතල් එකට / මහන්සිය නිවාගන්න චිත්‍රපටි බලන උදවිය.  ඒක කමක් නෑ කියමු. ඒත් මේ චිත්‍රපටිය නිසා මෙතෙක් කල් අමීර් ඛාන් නළුවෙක් වශයෙන් තිබුන ප්‍රතිරූපය බින්දුවට වැටෙනවා. කත්‍රිනා කයිෆ් මේ චිත්‍රපටියේ ප්‍රදර්ශන භාණ්ඩයක් විතරක් වුනාට එයා චරිතයට උපරිම සාධාරණය කරනවා කියල කියන්න පුලුවනි. අනික එයා කියන්න බැරි තරම් ලස්සන නිසා මට වැරැද්දක් හොයාගන්නම බැරිවුනා වෙන්න පුලුවන්. 😛

චිත්‍රපටියට 10න් ලකුණු දෙනවානම් මම දෙන්නෙ 1/10ක් විතරයි. ඒක මම චිත්‍රපටියට ජීවිතේ දීල තියෙන අඩුම ලකුණ. මොකද මේක ලොකුම අපේක්ෂා භංගවීමක් නිසා වෙන්න පුලුවන්. චිත්‍රපටි පිටපත හදිස්සේ ලියල ඉවර කරපු එකක් කියල පේනවා. අධ්‍යක්ෂණය කරන්න නම් යම්කිසි උත්සාහයක් අරගෙන තියෙනවා කියන්න පුලුවන්.

 Hobbit ගැන පස්සෙ ලියන්නම්. ගිහින් එන්නම්. 🙂

2 replies on “DHOOM3 ගැන කෙටි කතාවක්. (SPOILER FREE)”

මම නම් තාම බැලුවේ නෑ. පූර්ව ප්‍රචාරක පට බැලුවමනම් මටත් ආමීර්ගේ රගපෑම් වල කෘතිම බවක් පෙනුණා. මොනවා වුණත් ආමීර් (Mr. Perfectionist) කියන්නේ මම ගොඩක්ම කැමති නළුවෙක්.
හැබැයි ආදායම් වාර්තා වලින් නම් Dhoom:3 පෙරමුණේ ඉන්න පාටයි.
http://en.wikipedia.org/wiki/List_of_highest-grossing_Bollywood_films

ආදයම් වාර්තා වලින් පෙරමුණේ ඉන්න නම් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අමිර් ඛාන් ඉන්න එක. අනිත් එක තමයි මේක හදල තියෙන ඉලක්ක ප්‍රේක්ෂක පිරිස. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.