Categories
පොත්

Manuscript Found in Accra

manuscript-found-in-accra

පාවුලෝ කොයියෝ කියන්නේ ලංකාවෙ පරිවර්තන කියවන්නන් අතර ජනප්‍රිය චරිතයක්. සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist), මිනිත්තු එකොළහේ කතාව (Eleven Minutes), යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය (Devil and miss Prime) සහ තවත් මෙකී නොකී පොත් රැසක් මෑත කාලයේ පොත් කියවන්නන් අතර හුවමාරු වුනා. මම පුද්ගලිකව කොයියෝගේ දේව කතා කියවන්න කැමති නැහැ. ඒත් මේ ළඟදි මහරගම සරසවියට ගිය වෙලාවක කොයියෝගේ අලුත් පොත, Manuscript Found in Accra මුනගැහුනා.

පොතේ මිල නිසා ගන්නවාද නැද්ද කියලා සෑහෙන්න හිතන්න වුනත් පිටු එකින් එක කියවද්දි පොත ළඟ තියාගන්න සෑහෙන්න ආශාවක් ඇතිවුනා. Manuscript Found in Accra පොතේ කවරය නම් ඇත්තටම ලස්සනයි. Gold Color ප්‍රින්ට් එකකුත් තියෙනවා.

මේක නවකතාවක් කියලා කියන්න නම් අමාරුයි. නවකතාවක ලක්ෂණ තිබුණත් වර්ගීකරණය කරන්න වෙන්නෙ ආගමික සහ උපදේශණාත්මක අන්තර්ගතයන් (content) ඇතුළත් පොතක් විදිහට. ලියවිල්ල ඇත්ත වශයෙන්ම අලංකාරයි. සිත් ඇදගන්නා සුළුයි. පාවුලෝ කොයියෝගෙ හැම පොතකම වගේ එන ජිවිතය පිළිබඳව කියවීම් එක තැනකට ගොනු කරලා කියලයි මට හිතුනේ. ඒ වගේම පොතේ තැන තැන සඳහන් වෙන අප බලාපොරොත්තු නොවන අමුත්තා, එහෙමත් නැතිනම් “මරණය” මට නම් ඉඟිකරේ කොයියෝ මෑතක ඉඳලා තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා කියලා.

පොත වැඩිය ලොකු නැහැ. කතාවක්ම වාගේ නොවුනත් කියවාගෙන යන්න පුලුවනි. ඒ වගේම සංකීර්ණ ඉංග්‍රීසියකුත් නැහැ. (මේක පෘතුග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුන පොතක්) ඉතින් මේ පොත මඟඅරින්න එපා. සමහර විට ජීවිතය පිළිබඳව ඔබ හිතන විදිහ වෙනස් වෙන්න පුලුවනි. මටනම් කලින් කොයියෝ කියවා තිබුන ආකාරයට අලුත් යමක් දැනුන අවස්ථා අවමයි. නොදැනුනා නෙවෙයි. ඒත් අවමයි. වඩාම වැදගත් දේ ලියලා තියෙන ශෛලිය. ඒක ගැන නම් ඉතින් ලකුණු සීයෙන් සීයක් දෙන්න පුලුවනි. මැණික් කැටයක් ඔප දමන්නෙක් ආලෝකයට මැණික් කැටය නිරාවරණය කරලා හරව හරව බලන්නා වගේ අපි දන්න ජීවිත අත්දැකීමක්, ජීවිත අවබෝධයක් වඩාත් ඔපමට්ටම් කරල ඒ පිළිබඳ ආලෝකයක් අපට ලබාදෙන්න මේ පොත සමත්.

කෙටි සටහන නිමා කරන්නේ, උපුටා ගැනීමකින්. 🙂

Without solitude, Love will not stay long by your side.

Because Love needs to rest, so that it can journey through the heavens and reveal itself in other forms.

Without solitude, no plant or animal can survive, no soil can remain productive, no child can learn about life, no artist can create, no work can grow and be transformed.

Solitude is not the absent of Love, but its complement.

Solitude is not the absence of company, but the moment our soul is free to speak to us and help us decide what to do with our life.

Therefore, blessed are those who do not fear solitude, who are not afraid of their own company, who are not always desperately looking for something to do, something to amuse themselves with, something to judge.

If you are never alone, you cannot know yourself.

9 replies on “Manuscript Found in Accra”

එක පොතක්වත් කියවලා නෑ? :O
කොයියෝගෙ පොත් සෑහෙන්න හොඳයි. 🙂 අර මම සටහන පටන්ගන්න තැන නම් කරල තියෙන පොත් බොහොම ලස්සනයි. කොයියෝ පාවිච්චි කරන උපමා තමයි සෑහෙන්න වටින්නේ. 🙂

ඔව්. එකක් වත් කියවලා නැහැ 🙁 මම අටවක පුත්තු කියෙව්වෙත් මේ බ්ලොග් එක නිසා. ඊට පස්සේ සුනේත්‍රා කරුණානායකගේ පොත් සෙට් එක කියෙව්වෙත් මේ බ්ලොග් එකේ කොහේදෝ තිබ්බ පොඩි සටහනක් නිසා. දැන් මේකත් කියවන්නම වේවි වගේ 🙂

මමත් මේ පොත නොගන්න තීරණය කරලා තිබුන එකක්..ඒ The Valkyries, Brida පොත්වල එයාගේ ආගමික දර්ශනය උලුප්පන්න උත්සාහ කරලා තිබුන නිසා..මේ පොතත් ඒ වගෙයි කියලා හිතුනේ..

ස්තුතියි සුදාරක..ආයෙත් පොඩ්ඩක් පොත කියවලා බලන්න ඕන..

මේ පොතෙත් ආගමික වටපිටාව බොහොම සැරයි. ඒත් ලියවිල්ල සෑහෙන්න ලස්සනයි. 🙂 ආගමික ලියවිලි වලට අකමැති වුනාට මේ පොත කියවන්න ඒකෙන් බාධාවක් නෑ කියලයි මට නම් හිතුනේ. ඉතින් කියවලා බලන්න. 🙂

මම නම් පොත් දෙකක් කියවල තියේ.පරිවර්න.
මිනිත්තු එකොළහයි
සැන්තියාගෝයි

අර කීව වගේ දෙවියන් සහ ආගමික වටපිටාව සැරයි තමයි ගොඩක් කතා වල….ඒ නිසා වැඩි කැමැත්තක් නැහැ කියවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.