Categories
ගීත

සින්දු කතා.

සංගීතය කියන්නේ ජීවිතය ආශ්වාදනය කරන්න දෙවියන්වහන්සේ මැවූ දිව්‍යමය දායාදයක්ලු. ජීවිත කතා සින්දුවලට හැරවිලා සංගීතයත් එක්ක මිශ්‍ර වෙනකොට ජීවත් වෙන්න රාගයක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ජීවිතය පිළිබඳ ආදරයක්. ලස්සන සින්දු ටිකක් ලැබුනා. ෂෙයාර් කරන්න හිතුනා. කෑමක් කනකොට වුනත් බෙදාගෙන කනකොටයි රහ. කෙනෙක්ගෙ සංගීතය පිළිබඳ ආශාවන් විවිධ වුනත්, බෙදාගෙන සින්දු අහනකොටයි රහ.

[youtube=http://www.youtube.com/watch?v=OWW74AXzASE]

සින්දුව නම් මට තේරුනේ නෑ. දෙමළ නිසා. ඒත් සින්දු රස විඳින්න භාෂාව කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. Google කරොත් ගී පද වල ඉංග්‍රීසි පරිවර්තනය හොයාගන්න පුලුවන් වෙයි. 🙂

[youtube=http://www.youtube.com/watch?v=wUK2QmdUXas]

මම Metallica අහන්න පුරුදු වුනේ මේ සින්දුවෙන්. මට තාම අනිත් Metallica සින්දු ඇල්ලුවේ නෑ. ඒත් මේක ලස්සනයි. සින්දුව පටන්ගනිද්දි ඇහෙන ගිටාර් වාදනය මට Colombo Colombo වේදිකා නාට්‍යයේ අහන්න ලැබුනා මතකයි. ඉතින් මට ආයෙමත් Colombo Colombo බලන්න හිතුනා. සින්දුවේ තේරුමත් මාරම ලස්සනයි. කියවලා බලන්න. මටත් එහෙමයි ආදරය කරන්න හිතුනේ. 🙂

[youtube=http://www.youtube.com/watch?v=fregObNcHC8]

 

මේ සින්දුව සිරා. ඇයි කියන්න තේරෙන්නෙ නෑ. :/

[youtube=http://www.youtube.com/watch?v=gPn24t0z_kI]

 

අටුවා ටීක අවශ්‍ය නැතැයි සිතමි. 🙂

 

[youtube=http://www.youtube.com/watch?v=-Dbv7VXjcUU]

අන්තිමට මේ හලාල් කරපු සින්දුවක්. මට ඇහෙන්නෙ ඉස්ලාම් භක්ති ගීයක් වගේ. ඉස්ලාම් ආගම ගැන දැනුම මදි නිසා සහ සින්දුවේ පද නොතේරෙන නිසා වැඩිය මුකුත් කියන්න බෑ. සින්දු පහෙන් දෙකක්ම A. R. Rahmanගේ වීම හරිම සාමාන්‍යයි. 🙂

ඉතින් නැවත ලියනකන් රසවිඳින්නැයි ඉල්ලා සිටිනවා. 🙂

3 replies on “සින්දු කතා.”

මරේ මරු! ඔය මෙටලිකා සින්දුවෙ ලයිව් වර්ෂන් එක මේකට වඩා එළ!

මාත් දැක්කා. දෙපාරක් හිතන්න වුනා, ඒකද ෂෙයාර් කරන්නෙ, මේකද ෂෙයාර් කරන්නෙ කියලා. අන්තිමේ ඔරිජිනල් එක ‍ෂෙයාර් කරන්න ඕනෙ වුනා. 🙂

ඒක හරි සින්දුවක් උනාම රසවිඳිනවා වගේම රසේ බෙදාගන්න ඕනෑ, එතකොට තමා ඒක ගන විමසනකොට තමා රස තව තවත් වැඩිවෙන්නේ..,
පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක මාතී බානී ගේ සින්දු සෙට් එක බලන්න.., ඔතෙන්ටික් ටියුන්ස් උනාට ඒ මිනිස්සු සින්දු ඇතුලේ ජීවත් වෙලා ඒ සින්දු රස විඳින විදිය හරිම අපූරුයි..!
මෙන්න ඒකට ලින්ක් එක : http://www.youtube.com/user/Maatibaani
වැඩිය නෑ සින්දු 6 යි තියෙන්නේ,

අහ් තව, Shanker Tucker, Coke studio, Devarists season 1,2 වගේ එව්වත් බලන්න, මේ ඔක්කොම යූටියුබ් එකේ තියෙනවා.., ලින්ක්ස් දාන්න කම්මැලී හොයාගෙන බලපන් 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.