Categories
Uncategorized

ස්තූතියි!

සාමාන්‍යයෙන් අගය කිරීම් සඳහා බොහෝ දෙනෙක් කැමතියි. කෙටි ස්තූති වදනක් හෝ සුබ පැතුමක් බොහෝ දුර යා හැකියි. සරළ උදාහරණයක්, ගෑනු ළමයෙක්ට ලස්සනයි කියල බලන්න! 😉

මේ සටහන ලියන්නේ බස් රේඩියෝව විසින් ඊයේ පවත්වන්නට යෙදුන ඔවුන්ගේ ප්‍රථම සිංහල බ්ලොග් සම්මාන උළෙළේ (අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු) හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සඳහා වූ සම්මානය හිමි වීම නිමිත්තෙනුයි. විභාග කාරණා සහ අතුරු කතා මැද කාලයක් නොලියවුනු සුදාරකගේ අන්තර්ජාල සටහන නැවත ටිකෙන් ටික ලියවෙන්නට පටන්ගත් මොහොතේම මෙවැනි සම්මානයක් හිමි වීම ඇදහිය නොහැකි ආශ්වාදයක් සහ නැවත ලියන්නට දිරි ගැන්වීමක්.

මීට අවුරුදු හතරකට පහකට පෙරදී අන්තර්ජාලයට ඇතුළත්වෙද්දී අන්තර්ජාලය අතහැර දමා තිබුණ මුඩු බිමක් වගේ. (මෙලෝ රහක් නෑ?) තාමත් හරිහැටි මතකයේ නැති වැඩකට සිංහල අකුරු හොයද්දී හමුවුන සිංහල යුනිකේත සමූහය මගේ ජීවිතය වෙනස් කරා කිව්වොත් නිවැරදියි. හහා! මේ එහෙම කියන පළවෙනි පාර.

සිංහල යුනිකේත සමූහයෙන් පටන්ගත්ත අන්තර්ජාල මිතුරන් හඳුනාගැනීම සහ බ්ලොග් ලිවීමම පමණක් ගොඩක් දුර ගෙනගියා. සිංහල බ්ලොග් මැරතන් පැවැත්වීමට දායක වීම, බ්ලොග්කරුවන්ගේ සංසදය පිහිටුවීම (දැන් නම් එහි කටයුතු කරන්නේ නැහැ) සහ අවසාන වශයෙන් රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ක්‍රියාකාරකම් වෙත දායක වීමෙන් සිංහල අන්තර්ගතයන් පැතිරවීමේ කාර්යයට පදනම් දැමීමේ කොටස් කාරයෙක් වීම සහ ඒ සම්බන්ධ පුද්ගලයන්ගේ මතකයේ රැඳීමට හැකිවීම අහඹු නමුත් සතුටුදායක කාරණයක්. ඒ කියන්නෙ දැන් සතුටෙන් මැරෙන්නට පුලුවනි. 🙂
දැනුත් කණ්ඩායම් වශයෙන් සහ තනි තනි වශයෙන් අන්තර්ජාලයේ සිංහල අනන්‍යතාව තබා ගනිමින් සිටින ආකාරය දැකීමට සතුටක්. කණ්ඩායමක් නවතිනකොට තවත් කණ්ඩායමක් තමන්ගේ ආරම්භය කෙසේ හෝ සටහන් කිරීම ස්වභාවයෙන්ම සෑම තැනකට සිදුවෙන නමුත් “දැන් බ්ලොග් ඉස්සර වගේ නෑ” “දැන් එකමුතුවෙන් ලස්සන වැඩක් වෙන්නෙ නෑ” කියනවාට වඩා එය වැදගත්.

අන්තර්ජාලය ලෝකයටම අදාළ වුවත්, සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා තම තමන්ගේ අනන්‍යතාව රැකගැනීම වැදගත්. කාලයකට ඉහත දී අන්තර්ජාලයේ නන්නත්තාර වෙලා සිටි ලාංකීය සුලුතරයටත් ක්‍රමයෙන් ලංකාවේ වර්ධනය වන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවටත් අන්තර්ජාලයයේ අනන්‍යතාව නිසා බොහෝ දේ කළ හැකි යැයි මම තවමත් විශ්වාස කරනවා.

ඉතින් බස් රේඩියෝ කණ්ඩායමට ඉදිරි කටයුතු සඳහා සුබ පතන අතරේ ඔවුන්ට සහ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන නොකියවන හැමදෙනාටම ස්තූතියි.

බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශිත නාමයන් සහ සම්මාන ලාභීන් මෙතැනින් කියවිය හැකියි. ඒ ඔස්සේම බස් රේඩියෝ ශ්‍රවණය කරන්නත් හැකියාව තියෙනවා.

මං දන්නවා ලිවිල්ලට තරමක් අලුත්, එහෙමත් නැතිනම් අවුරුදු දෙකකට අවම නවක බොහෝ දෙනෙක් සුදාරක නොදන්නවා ඇති. ඉතින් මම ආයෙ ලියනවා සහ ඔවුන්ගේ කියැවීමට මඟහැරුන ලිපි සහ බොහෝ දෙනා කැමැත්තෙන් කියවූ ලිපි කිහිපයක් Shameless Self Promotion වෙනුවෙන් පහත තියෙනවා.

නැවතත්,
ස්තූතියි! 🙂

5 replies on “ස්තූතියි!”

ඉස්සර වෙබ් සයිට් 10ට ගියොත් ෆොන්ට් 10ක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ.. එහෙම කාලෙත් එක්ක බලද්දී අපේ රටේ යුනිකේත ප්‍රස්ද්ද කිරීමට ඔබ ඇතුළු කණ්ඩායම දැක්වූ දායකත්වය අතිවිශිෂ්ටයි. දැන් සියලුම වෙබ් අඩවි බාවිතා කරන්නේ සිංහල යුනිකේත එහි කිසිම සැකයක් නැහැ..

මෙයාට ගිය කලක්… සම්මානයක් දෙන්නම ඕනේ නේද බ්ලොග් එක අප්ඩේට් කරන්න අනේ අනේ.

මම බස් සම්මාන ගැන යමක් නොදනිතත් ඔබ බ්ලොග් හා සිංහල යුනිකේත වලට කල සේවය අමතක කරන්න බෑ. මම හිතන්නේ සුදාරකලා තමයි පළවෙනියටම බ්ලොග් සම්මාන ගැන උනන්දු වෙන්නේ අසෙනිය කුසුම හරහා. මේක අගය කල යුතුම දෙයක්.

අනික දැන් මොනවද ඔයාගේ අව්‍යාජ ආත්මකතනයද මොකක්ද එක? මේකේ වැඩි හරියක්ම තියෙන්නේ අන්තිම වසර දෙකේ නිකම් එල්ලෙන සටහන්නේ. ඒවට සම්මාන හම්බවෙනවද? හික්ස්… මම ඊයේ දයානන්ද මහත්තයාගේ අස්වැන්න කියවලා ඔයාගේ හන්තානෙට පායන සඳ මතක් කලා මතක විදියට ඒ දවස් වල සුදු පුතා කිව්වේ ඔසී වලට පායන හඳවල් ගැනනේ. බ්ලොග් සටහන හෙව්වත් හමු උනෙත් නෑ.

දැන් සම්මානත් හම්බ වෙච්ච එකේ ආපහු ලියන්න පටන් ගත්තා නම් මල් හතයි… බොහොම ස්තුතියි සුදාරක බ්ලොග් හා සින්හල වෙනුවෙන් කල සේවාව වෙනුවෙන්.

මම සුදාරක ගේ බ්ලොග් එක ගිය අවුරුද්දේ නොවෙම්බර් වලදි වගෙ.. ඇත්තටම ගොඩක් ජිවිතෙට ගන්න දෙයක් තියෙන බ්ලොග් එකක්. මෙ විදියට සුදාරක ඉදිරියටත් අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගනි කියල විශ්වස කරනව. ජයෙන් ජය. සම්මානය ගැන කිඋවොත් මේක සුදාරක ලගා කර ගත්තු එකක්…

සුදාරක
ඔබේ ජයග්‍රහනයට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.
තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා.
කලින් කමෙන්ට් එක දැම්මේ වැරදි තැන.

henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

Leave a Reply to sandun Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.