Skip to content

අවුරුදු හතරක කතාව.

ජනවාරි 23, 2012

පසුගිය ජනවාරි විසි එක්වෙනිදා වෙනකොට සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු හතරයි. එතකොට අවුරුදු හතරක් බ්ලොග් අවකාශයේ හිටියත් බ්ලොග් අඩවියට සාධාරණයක් ඉටුකරල තියෙනවාද කියන එක සැකයි අවුරුදු හතරකට ලියැවිලා තියෙන ලිපි ගාණ බැලුවාම. ඒත් අවුරුදු හතරක් ඇතුළත සෑහෙන්න දේවල් වෙනව වගේම අවුරුදු හතරකදි වයසින් වැඩි වියට පත්වෙනකොට එකතු වෙන වගකීම් එක්ක හිත එකලාසයක කරගෙන ලියන්න අපහසුකමකුත් තියෙනවා.

ලියන්න නම් කොච්චර දේවල් තියෙනවාද? පුද්ගලික විශ්ව විද්‍යාල ගැන, ආදරය ගැන සහ මොනවත්ම ලියන්න ඉතිරි නොවුනොත් කෙටි කතාවක් හෝ කවි වුනත් ලියන්න පුලුවන් නෙව. ඒ වුනාට මේ දවස්වල ඔළුව යකාගෙ කම්මල වගේ. පහුගිය අවුරුද්දෙ නොලිව්ව උසස් පෙළත්, උපාධියේ විභාග දෙකක්ම එකතු වෙලා තියෙන නිසා මොන? කොහේ ලියන්නද? ඒත් මාසෙකට එකක්වත් අඩුම තරමෙ ලියන්න උත්සාහ කරනවා. :)

සුදාරකගේ අන්තර්ජාල සටහන පටන්ගන්නෙ සුදාරක සාමාන්‍ය පෙළ කරන අවුරුද්දෙ. එතකොට සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ වෙලා තිබුන එකෙන් තමයි සිංහලෙන් ලියන සෑහෙන්න පිරිසක් අන්තර්ජාලයේ එකතු වෙන්නෙ. ඒ වෙනකොට අන්තර්ජාලයේ හිටපු අය අඳුනාගැනීමට ලැබීම ඉතාමත් සතුටක්. නම් කියාගෙන ගියොත් අන්තිමට මට මේ ලිවිල්ල පැත්තක තියන්න වෙනව.

කලින් සමහර ලිපි වල සඳහන් වෙනව වගේ සුදාරකගෙ අන්තර්ජාල සටහනට නම වැටුනෙ ඒ වෙනකොට අන්තර්ජාලයේ තිබුන අතලොස්සක් සිංහල බ්ලොග් අතරින් එකක් වුන මලින්තගේ සටහනේ නම කොටස් වලට කඩල. මලින්තගේ නම අයින් කරල අතරමැදට “අන්තර්ජාල” එකතු කරල. :)

ඔය අතරෙ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදය බිහිවෙන්නෙ සහ පළවෙනි සිංහල බ්ලොග් මැරතන් එක පැවැත්වෙන්නෙ. එතනින් ලබාදුන්න ආරම්භය තමයි වර්තමානයට බොහෝ විට බලපාන්න ඇත්තෙ. එහෙම නැත්තං මේ වෙනකොට තාමත් සිංහල බ්ලොග් අවකාශය කියල වචනයක්වත් හොයාගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

දැන් සුදාරකට තවත් මාස හයකින් අවුරුදු විස්සක්. එහෙම බැලුවාම පහුගිය අවුරුදු හතර ඇතුළත සුදාරකට ඉඩ ලැබුන සෑහෙන්න වෙනස් වෙන්න. සමහර විට ඒක බ්ලොග් ලිවිල්ල නිසාම ලැබුන දෙයක් වෙන්න ඇති. එහෙම නැතිනම් සිංහල බ්ලොග්කරණ තරගාවලිය අඳුන්වාදෙන්නත්, සීයට අසූව පැත්තකින් තියල ඇවිද ඇවිද වැඩ කරන්නත් ඉඩ ලැබෙන්නෙ නෑ. උසස් පෙළ නොලිවීම ජීවිතේ එක තැනක් අඩාල වීමක් වුනත්, පසුතැවීමක් නැත්තෙ පහුගිය අවුරුදු හතරකට ජීවිතේ ගැන ලැබුන අත්දැකීම් ටික සෑහෙන්න වටින නිසා. ඒක නිසා මට උසස් පෙළ නොලිවීම පාඩුවක් නෙවෙයි. මම හිටපු ඉස්කෝලෙත්, රාජකීය විද්‍යාලය වීම නිසා ඒකත් බොහෝදුරට බලපාලා ඇති. :) ඒ අතරෙ ජීවිතේ, අන්තර් පුද්ගල සම්බන්ධතා, ආදරය, අධ්‍යාපනය වගේ දේවල් ගැන තේරුම්ගැනීමට ලැබීමම ඇති. සාමාන්‍ය පෙළ කරාට පස්සෙ ඊළඟට තමන්ට ලැබෙන අවුරුදු කිහිපය ජිවිතය පිළිබඳව බොහෝ දේවල් වෙනස් කරාවි, තීරණය කරාවි. :)

අවුරුදු හතරක වුන දේවල් මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි. සමහර දේවල් දැනටමත් මේ බ්ලොග් අඩවියේ තැනිත් තැන ලියවිලා ඇති. :) මේ අතරෙ බ්ලොග් අවකාශයේ අවුරුදු තුනකින් වයසට යන ඉන්ද්‍රනාමටත් සුබ පැතුම්! :)

මතක් කළ යුතුම (එකිනෙකට බොහෝ වෙනස් සහ කාලයෙන් කාලයට හමුවූ හෝ තවමත් දෑසට නොදුටු නමුත් පහුගිය අවුරුදු හතරේ වැදගත් වූ විවිධ චරිත ඇති) අය:

ආනන්දවර්ධන, මලින්ත සමරකෝන්, ටැබූ සබ්ජෙක්ට්ස්, රංගි අක්කා, මලී අක්කා, හරේෂ්, සූ අක්කා, ශ්‍රී ෂානු, චානුක වත්තෙගම, ලිෂාන්, රචින්ත, කේ. කේ. සමන් කුමාර, කාලිංග, අනූ අක්කා, සුපුන් බුධාජීව, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර, ලක්පති විජේසේකර, පැතුම් එගොඩවත්ත, කෝසල සෙනෙවිරත්න, රවිඳු රුක්ෂාන්, මනෝද්‍ය දිල්ෂාන්, ඉසුරු චින්තන, ළහිරු වික්‍රමසිංහ, ළහිරු සඳරුවන්, නිමේෂ්, චම්ලි, තිරංජය, මරණෙ, චමිල ද අල්විස්, පහන් සරත්චන්ද්‍ර, බිංකු, සංජය ඈපා සෙනෙවිරත්න, වසන්ත දේශප්‍රිය, අතුල පුෂ්පකුමාර, ප්‍රියංක ආරියසුමන, ඉන්ද්‍රනාම, සචී පනාවල, හෂිත අබේවර්ධන, දුකා, හර්ෂණ වීරසිංහ, කතන්දරකාරයා, මනුෂාන්, ප්‍රවීන් සමරකෝන්, චාමර පීරිස්, පැතුම් පුංචිහේවා, සඳුන් ලක්මාල්, වරුණ ඉද්දමල්ගොඩ, ලියනගේ අමරකීර්ති, නිලක්ෂ, ධනික, අසංකා, කැළුම් නවරත්න, ප්‍රභාත් රණසිංහ, සහන් අරම්පත්.

මේ අතර අනාගතයට සහ අතීතයට අයත් දෙදෙනෙක්ගේ (පුද්ගලිකත්වය රැකීමට අවශ්‍ය නිසා) නම් නෑ කියා වැඩිදුර හිතන්න අවශ්‍ය නෑ. :) ඒ නම් දෙකද ඇතුළුව මේ හැම නමක්ම මේ අවුරුදු හතරේ බොහෝ වැදගත් වූ අය. එහෙම නැතිනම් වචනයකින් හෝ උදව්වක් දැක්වූ අය. :)

මට කියන්න ඕනෙ වුනේ. බ්ලොග් ලිවීම ජීවිතය වෙනස් කරන අත්දැකීමක්. විවිධාකාර අයත් එක්ක ගැටෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒකම ඇති බොහෝමයක් දේවල් ඉගෙනගන්න. :)

ප්‍රතිචාර 26 leave one →
  1. චම්ලි permalink
    ජනවාරි 23, 2012 3:50 ප.ව.

    තව කාලයක් ලියපා………………………………න් :D

  2. ජනවාරි 23, 2012 3:56 ප.ව.

    අවුරුදු 4ක් යම් දෙයක් පවත්වාගෙන යනවා කියන එකත් පොඩි දෙයක් නෙවෙයි. ඊට මනා නොවුනත් කිසියම් හෝ කැපවීමක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට ලේසි කාලයන්, අමාරු කාලයන් එනවා හරියට මුහුද වගේ හැමතිස්සේම වෙනස් වෙන. උඹ මම ඇතුලු අපි ඔක්කොගේම එහෙමයි.
    ඉතින් තව කාලයක් රැඳී ඉන්න ශක්තිය සහ වාසනාව ලැබේවා කියා පතනවා..!
    සුභ වේවා..!
    ජය!

  3. ජනවාරි 23, 2012 3:58 ප.ව.

    බ්ලොග් ලිවීම ජීව්තේ වෙනස් කිරීම කෙසේවෙතත් විවිධ අය එක්ක නම් ගැටෙන්න අවස්තාවක් තමා. මේ වගේ අවස්තාවක් කාර්යාලයකදීවත් ලැබෙන්නේ නැහැ. වෙන තැනකදිත් ලබන්න අමාරුයි. ලොකේ පුරා ඊන්න විවිධ ක්ෂේත්‍ර වල ඉන්න අය මෙහෙම එකට එකතු වෙනවා අඩුයි නේ.

    සුබ ගමන් උඹට. අඩු වයසකින් පටන් ගත්ත නිසා ගොඩක් කල් මේකේ ඉන්න ලැබේවි උඹට

  4. ජනවාරි 23, 2012 4:16 ප.ව.

    සුබ සංවත්සරයක් වේවා!

    *ස්නේප්ගෙ නම අමතක වුනා නේද?*

    • ජනවාරි 28, 2012 11:51 පෙ.ව.

      මම ඒක ගැන දෙපාරක්ම හිතුවා. අමතක කළේ නම් නෑ! :)

  5. ජනවාරි 23, 2012 4:49 ප.ව.

    අපි බාහිර වැඩ කරලා ලැබෙන සමාජ පිලිගැනීමට වහ වැටිලා සමහර වෙලාවට ප්‍රධාන අරමුණු වලින් නොදැනම අයින් වෙනවා. හැරිල බලන කොට අර හැමදෙයක්ම හැමෝටම අමතක වෙලා අපිටම සිද්ධ වෙනවා මතක් කර කර යන්න. දැන් දැන් බ්ලොග් ලියන එවුන් බලනවා ඇති කවුද මේ සුධාරක කියන්නෙ කියලා.
    දැන් නම් බ්ලොග් පඩංගු කීයක් තියෙනවද කියවන්න. උඔලගෙ කාලෙට වඩා හැමදෙයක්ම වෙනස් වෙලා බන්. විබාග ටික කරගනින්. (මම අදටත් මගෙ සමහර යාලුවො ගැන දුක් වෙනවා උන් ඉගෙනීම කඩාකප්පල් කරගෙන අද වෙලා තියෙන දේ දැක්කම).
    මම අගෝස්තුවෙ දාපු කොමෙන්‍ටුවක් ආපහු කොපිකරලා මෙතන දමන්න හිතුවා.

    //චානුක කීප තැනකම මහන්සි අරන් තියෙනව දැක්කා සුදාරකට අවවාද දෙන්න. සමහර විට ගඟට ඉනිකැපුව වගේ කියනන්නෙ මේවගේ ඒවට වෙන්න ඇති. ටැලන්ට් එක තියෙන හුඟක් එවුන් AL වලින් හැලෙනවා. ටැලන්ට් එක අඩු සාමාන්ය එවුන් වෙන කරන්න දේකුත් නැතිනිසා කට්ට කාල කැම්පස් යනවා (ඔක්කොම නෙවෙයි). උන් කැම්පස් ඇවිල්ල කයිය දෙන්නෙ උන් තමයි ඉස්කෝලෙ බාහිර වැඩ කලේ, උන් තමයි රගර් ගැහුවෙ, උන්ට තමයි බඩු වැ‍ටුනෙ කියලා. අහන් ඉද්දි හිනාත් යනව මටනම්.

    හැබැයි ඕක තේරෙනකොට පෙරහැර ගිහිල්ල හමාරයි. විභාගෙට ලියාපදිංචි වෙලා නොලිය ඉන්න එක මෝඩ කමක් මම හිතන හැටියට. AL ගොඩනොදැම්මොතින් මැරෙනව කියල නෙවෙයි මම මේ කියන්න හදන්නෙ. කවද හරි ඕයගැන එන කලකිරීම දැනුන දවසක තමයි ඕක තේරෙන්නෙ. වුන දේ වුනා කියල හිත හදාගෙන ලබන පාර විබාගෙ කරපන්. මේක ලියන මම පලවෙනි පාර ඇනගෙන දෙවෙනිපාර මොර‍ටුවෙ ඉන්ජිනීරින් ගියා. හරි රිවිශන් ක්ලාස් ටිකක් හොයා ගනින්. බ්ලොග් කෙලිය අල්ලලම දාපන්. ගට අරගෙන වැඩ කලොත් ගොඩයන එක ලේසියි. ඉස්කෝලෙ බාහිර වැඩ කරපු බඩු ඇනගනිපු කීදෙනෙක් AL ගොඩ දානවද බන්. ටැපලි ටැපලි මේටික ටයිප් කලේ මට මගෙ යාලුවො ගොඩාක් ගැන සමීප අත්දැකීම් තියෙන නිසා.//

    • ජනවාරි 23, 2012 4:51 ප.ව.

      එකඟයි. ඒකයි මේ පාර උසස් පෙළ කරන්නෙ. :)

  6. මාරයා... permalink
    ජනවාරි 23, 2012 5:08 ප.ව.

    සුභ පැතුම් සුදාරක මලේ..!
    මම මේ සයිබරේට පය ගහපු දවස්වල බොලයි ඉන්දරෙයි සාකුන්තලයි එතකොට බුධාජීවයි වගේ කිහිපදෙනෙක්ගේ ලිපි සෑහෙන තල්ලුවක් උනා ලියන්න පොලඹවන්න.. ඒ වගේම අදටත් මං දැකපු ගමන් කියවන බ්ලොග් කිහිපයෙන් එකක් මලයගේ මේ අන්තර්ජාල සටහන…

    වයසට වඩා බොහෝම ලොකු දෙයක් කරපු කෙනෙක් සුදාරක මලයා…

  7. ජනවාරි 23, 2012 5:19 ප.ව.

    නියමයි අයියෙ. ළගදි බ්ලොග් ලියන්න එකතු වුනත්, ඔයාගෙ ඔක්කොම ලිපි කියවන්න බැරි වුනත් මං දකින සාර්ථකම සිංහල බ්ලොග් කරුව කවුද කියල ඇහුවොත් මුලින්ම කියවෙන්නෙ සුදාරක කියල. තව අවුරුදු ගාණක් ලියන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  8. ජනවාරි 23, 2012 5:22 ප.ව.

    කෝ බොලව් මගේ නම? කියවන අපි අමතක උණාද? :P

    • ජනවාරි 23, 2012 5:25 ප.ව.

      හත්තිලව්වයි. ඇත්තටම අමතක වෙලා. :(

  9. ජනවාරි 23, 2012 6:39 ප.ව.

    මගේ උණුසුම් සුබපැතුම්. දිගටම ලියමු මල්ලි….!!!

  10. ජනවාරි 23, 2012 7:36 ප.ව.

    සුබ පැතුම් සහෝ..!

  11. ජනවාරි 23, 2012 9:24 ප.ව.

    සුභ පැතුම්!

  12. ජනවාරි 23, 2012 9:29 ප.ව.

    සුභ පැතුම් සහෝ….!!! :)

  13. ජනවාරි 24, 2012 12:01 පෙ.ව.

    සිව් වසරක පෙම් ගීතය… ගොළු වෙලා ගියාදෝ….. එක්ක ආදරයට සිව් වසරක් පිරුණා…. ඒ දෙක මේකට ආදාල වෙන්නෙ අවුරුදු 4 නිසා විතරමයි. උඹ ඊට වඩා පරණයි. ඉදිරියටත් උඔ නොහිතන දේවල් වලින් වෙනස් වෙන්න පුළුවන් කැපෑසිටයක් උඹට තියෙනවනේ… ඒ දේවල් ගැන ඉඟියක් බත්තරමුල්ලෙදි මම කිව්ව කියල මට මතකයි!

    ජීවිතේ හෙන දිග පරීක්ෂණයක්. අපිම කරගන්න එකක්. සමහර රිසල්ට්ස් අවුල්. සමහරක් ඒව හරි යනවා… මොනව වුණත් අපි දිගටම ගේමේ…

    ජය වේවාහ්!

  14. ජනවාරි 24, 2012 12:57 පෙ.ව.

    අඩෝ උඹ නේද ‘සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය‘ කියල නම යෝජනා කළෙත්? නැත්තං සංසදය කියල කෑල්ල විතරක් හරි උඹ තමා අතඇරියෙ නේ? ඒ කලෙ ඉඳං උඹල කරපු කියපු දේ අපිත් අහගෙන බලාගෙන උන්නෙ ඇටෙං පොත්තෙං නාවට මාර ටෝක්නෙ මූ දෙන්නෙ කියල. (සිබ්ස එකට කලිනුත් සියුස දි එහෙම) :D

    උඹේ සාපෙ ප්‍රතිඵල එද්දි අපි උන්නෙ ඕං පාං කකා. එළටම තිබ්බ නෙව. එදා මරු දවස. හැබැයි කවුද කින්ද මන්ද දන්නැති අර J කියල උඩිං ලියල තියන හාදය කියල තියනව කතාවට ප්ලස් වන් ඈ!

    ජයවේවා!

    පලි: උඹ වගේ පොරක් බ්ලොග් ඇනිවසරි පෝස්ට් එකේ මගේ නමත් දාල තියෙනටකොට මට හරි ආඩම්බරයි බං. (නෝන්ඩියට වගේ කිව්වට නෝන්ඩියට නෙමේ සිරා ඈ) හැබැයි උඹ තාම නම වරද්දල ලියද්දි ලාවට දුකයි. :P

  15. රංගි permalink
    ජනවාරි 24, 2012 2:32 පෙ.ව.

    අර උඩින් ශ්‍රී ශානු කිව්වා වගේ ආඩම්බරයි මගේ නමත් දැක්කම.
    අර හරේ කියපු දේ තමයි මටත් කියන්න වෙන්නේ. ඔයාට තියෙන්නේ අපි කාටවත් හිතාගන්නවත් බැරි කැපසිටි එකක්. කොටින්ම ඔයා අවුරුදු 12 දි විතර මුලින්ම අර සින්හලයා එකේ හැක් කිරිල්ලක් ගැන කියපු වෙලේ ඉඳන් මම හිතන් හිටපු ලොකු හයේ හතරේ පොරක් නොවී දොඩම් ගෙඩි දෙකක් උස නැති පොලොවේ පය ගහලා ඉන්න කොල්ලෙක් වීම අස්සේත් මට නම් තියෙන්නේ ඔයා රියල් පොරක් කියන අදහස තමයි. මා දන්න සුදාරක ගාව මනුස්සකම වගේම නිහතමානිකමත්, පොරක් වුනාට මම පොරක් කියලා ලෝකේට පේන්න කෑ අඬ නොගහන එක වගේම කරන්න ඕනේ නැති ඔක්කොම කුනු වැඩ ටිකත් කරේ දාගන්න ඒ විතරක් නෙමෙයි ඒ දේවල් දැන දැනමත් (හොඳ හා නරක)කරන කොල්ලෙක් කියලා මම දන්නේ.
    ජීවිතේ තව බොහෝ දුරක් කටු කන්න බලාගෙන ඉස්සරහට එන්න කියන්න තමයි මට නම් තියෙන්නේ… ඒකනේ ඔය ඕනේ නැති වැඩ දැන්මම බලෙන් ඉල්ලන් කරන්න හදන්නේ… හික්ස්… (කන අතගාල ටොකු දෙනවා කියන්නේ මේක වෙන්න ඕනේ නේද)
    මොනවා වුනත් අපේ සුදා බෝයිට එහෙම නැත්නම් සුදාරක සුදු පුතාට දිග ගමනක් යන්න තියෙනවා. ඒක කොහොම හරි යන්න ඕනේ. ඒ අස්සේ මේ බ්ලොග් එක වගේම අපේ නෝටි සුදාත් ඉන්න ඕනේ.

  16. ජනවාරි 24, 2012 7:41 පෙ.ව.

    අර මරණයා කිව්වත් වගේ විවිධ අදහස් ඇති විවිධ තරාතිරම් වල අය සමග ගැටෙන්න බ්ලොග් තරම් හොද තැනක් වෙන කොහේවත් නෑ!!
    උඹටත් සුබපැතුම්… දිගටම ලියපං!!

  17. ජනවාරි 24, 2012 9:07 පෙ.ව.

    සුභ පැතුම් මලේ….පරණම බ්ලොග්කරුවන්ගෙන් මම දැනට දන්න අය අතරින් ඉතුරු වෙලා ඉන්න කීපදෙනාගෙන් කෙනෙක් තමා උඹ…..මම බ්ලොග් කියවිල්ල පටන් ගත්ත අඩවි කීපයෙන් එකක් තමා සුදාරකගේ සටහන…(ඩීප්ස්,බිංකු,චමිත,බුද්ධික වගේ අයගේ ඒවා කීපයක් ඇරුණම.)….හොඳ අනාගතේකට සුභ පැතුම් මලයා….

  18. ජනවාරි 24, 2012 10:54 ප.ව.

    මකුළුවා කියපු හැටියට සිංහල බ්ලොග්කරණයේ ආරම්භකයන්ගෙන් ජීවතුන් අතර ඉන්න එකම කෙනා උඹ.

    අනාගතයට සුබ පැතුම්…… ඉදිරියටත් ලියන්න…..

  19. ජනවාරි 25, 2012 7:17 පෙ.ව.

    සුභ අනාගතයක් වේවා මලා….!! :)

  20. Kawee permalink
    ජනවාරි 30, 2012 2:52 ප.ව.

    සුභ පැතුම් සුදාරක !දිගටම ලියන්න ශක්තිය ලැබේවා..ජය!

  21. ජනවාරි 30, 2012 3:04 ප.ව.

    මාත් බ්ලොග් වලට එන්නෙ සුදාරක,කාලිංග,ටැබූ , ඉන්ද්‍රනාම වගේ නම් නිසා…
    මලය කියනව වගේ “බ්ලොග් ලිවීම ජීවිතය වෙනස් කරන අත්දැකීමක්. විවිධාකාර අයත් එක්ක ගැටෙන්න ලැබෙන අවස්ථාවක්. ”
    බ්ලොග් එකක් සජීවීව වසර ගානක් කරගෙන යන එක ඇත්තෙන්ම අභියෝගයක්!
    බ්ලොග්කරණය ට කරපු වැඩ වගේම තමන්ගේ ජීවන කඩයිම් වලදිද් ඉහලම අයුරින් වැඩ පෙන්නන්න ලැබෙන්න කියල පතනවා…

  22. ජනවාරි 30, 2012 11:31 ප.ව.

    එල කිරි මලයා. ලියපං ලියපං. මටත් වෙලාවකට හිතෙනවා බං. අවුරුදු තුනහමාරක් තිස්සේ එපාවෙන්නේ නැතුව නවත්තලා දාන්නේ නැතුව කරපු එකම දේ මේ බ්ලොග් කෙරුවාව කියලා. සුබ පැතුම් ඔන්න.

  23. පෙබරවාරි 21, 2012 9:03 පෙ.ව.

    මුලින්ම සුදාරක මලයගෙ ලිපි කියවනකොට මෙච්චර පොඩි එකෙක් කියලා හිතුනෙම නෑ. මම නම් ඉගෙන ගත් දේ බොහොමයි මේ පොඩි එකාගෙන්, සුභ පැතුම් !!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 61 other followers