Skip to content

ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.*

ඔක්තෝබර් 31, 2011

ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්.

සාරධා: ඇයි?
මහේල: ඇයි?

සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ?
මහේල: මම කතා කරන්න ඕනෙමද?

සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි.
මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි.

සාරධා: නෑ. එහෙම නෑ.
මහේල: එහෙනම් මම කතා කරන්නද?

සාරධා: ඔව්. කතා කරන්න.
~~
මහේල: මම ගොළුවෙක් වුනානං
සාරධා: ඔයා ගොළුවෙක්ද, නැද්ද කියන එක අපේ කතාවට බාධාවක් නෙවෙයි.

මහේල: ගොළුවෙක් කසාද බැඳල වැඩක් තියේද?
සාරධා: නෑ.

මහේල: එහෙනං කසාද බඳින්නෙ?
සාරධා: ‍ඔයා ගොළුවෙක් නෙවෙයිනෙ.

මහේල: මම ගොළුවෙක් වුනානම් ඔයා මාව කසාද බඳින්නෙ නැද්ද?
සාරධා: මම ඔයාව කසාද බඳින්න ඕනෙමද?

මහේල: නෑ.
සාරධා: ඒකනෙ. ඒ වුනාට මම ඔයාව කසාද බඳිනවා.

මහේල: බොරු.
සාරධා: ඔයා කොහොමද ඒක බොරු කියල ඔප්පු කරන්නෙ?

මහේල: සමහර බොරු, බොරු කියල ඔප්පු කරන්න අමාරුයි.
සාරධා: නෑ. සමහර ඇත්ත, ඇත්ත කියලයි ඔප්පු කරන්න අමාරු.

සාරධා: අපි බල්ලෙක් හදමු?
මහේල: O.o

සාරධා: ෂීඊඊ… නෑ. මම කිව්වෙ අරන් හදාගමු.

මහේල: මේක වෙයිද?
සාරධා: මම හිතන්නෙ මේක වෙයි.

මහේල: ඒ වුනාට අපි කවද මැරෙයි කියල කවුද දන්නෙ?
සාරධා: ඉතින්?

මහේල: ඒකත් ඇත්ත. හැමදේම වෙන්නෙ හොඳට.
සාරධා: ඒකනෙ.

සාරධා: මම එනකන් ඉන්න පුලුවන්ද?
මහේල: ඉන්න සිද්ධ වෙලා තියෙනවා නේද?

සාරධා: එහෙම නෑ.
මහේල: ඒ වුනාට මම ඉන්නං.

සාරධා: මට වඩා හොඳ කෙනෙක් ලැබුනොත්?
මහේල: වැඩක් නෑ. උඹට වඩා හොඳ අය ඔක්කොම මට වඩා උසයි නෙ.

සාරධා: උස වැඩක් නෑ.
මහේල: එහෙනං මොකක්ද වැදගත්?

සාරධා: ආදරේ.
මහේල: ඒ ෆිල්ම් වලටයි, බ්ලොග් වලටයි, කමෙන්ට් වලටයි විතරයි.

සාරධා: ඇයි මට?
මහේල: ඔයාට කිසිම දේක වැදගත්කමක් නෑනෙ. කොළඹ මෙඩිකල් ෆැකල්ටිය ඇරෙන්න.

සාරධා: ඔව්. මම ෆැකල්ටියට ආදරෙයි.
මහේල: එතකොට මට ආදරේ නැද්ද?

සාරධා: ඔයාටත් ආදරෙයි.
මහේල: එකපාර දෙන්නෙක්ට ආදරේ කරන එක චපල නැද්ද?

සාරධා: චපලයි.
මහේල: එහෙනං එහෙම ආදරේ කරන්නෙ?

සාරධා: මම චපල නිසා.
මහේල: කමක් නෑ.

මහේල: ජනතා විමුක්ති පෙරමුණට මොනව වෙලාද?
සාරධා: භාරතටයි, දුමින්දටයි වුන දේමයි.

මහේල: සමාජවාදෙයි, කුඩුයි පටලගන්න හොඳ නෑ.
සාරධා: එයාලාට සමාජවාදෙ නෑ වගේම, මෙයාලට කුඩුත් නෑ.

මහේල: එහෙනං?
සාරධා: හැමෝටම බලය ඕනෙ.

*මෙහි එන චරිත නාම අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍ය පිටපතෙන් උපුටාගන්නා ලද්දකි. චරිත ස්වභාවයන් ඒ පිටපතේ හා මේ පිටපතේදී සමාන නැත. ඒ කෙසේදයත් කෙතරම් සමාන පුද්ගල නාමයන් සමාජයේ මුනගැසුනද චරිත ලක්ෂණ බොහෝ වෙනස්වන නිසාවෙනි.

ප්‍රතිචාර 4 leave one →
  1. ඔක්තෝබර් 31, 2011 1:13 ප.ව.

    අමුතු රහක් තියෙනවා මෙ කෙටි දෙබස් වලත්…සින්තටික් සිහින ටෙලි නාට්‍ය ඔක මම පොඩිකාලේ බලුවා.. එහකොට තෙරුන්නෑ දැන් තමා එකෙ ගියපු රූප රාමු වල බර තේරෙන්නෙ.

  2. බුරු බබා permalink
    ඔක්තෝබර් 31, 2011 1:23 ප.ව.

    මට ටිකක් විතර යමක් හිතෙනවා. ඒත් ඔය නාට්‍ය අරවා මේවා නැති හින්දා මගේ සංකල්පණය වෙන්නේ වෙනස් දෙයක් ඔන්න. ආයෙත් එක්සෑම් එකට සයිබීරියාව වෙයි වගේද?

    • ඔක්තෝබර් 31, 2011 1:30 ප.ව.

      ඔය හිතන්නෙ පරණ ගෑනු කෙනෙක් ගැනනම් හිතපු දේ සම්පූර්ණ වැරදියි. ඒව ඉවරවෙලා දැන් මාස එකොළහක් වෙන්නත් ළඟයි.

  3. Charana permalink
    ඔක්තෝබර් 31, 2011 9:59 ප.ව.

    හ්ම්ම් සෑහෙන්න දෙයක් නම් තේරෙනව සුදාරක… අනේමන්ද වගේ දෙයක්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 61 other followers