Categories
කාලීන විවිධ

මාර්කටින්ග්

වැඩ කෝටියක් තිබුනත් බ්ලොග් එක පාලුවෙන් තියන්න හොඳ නෑ නෙව. මේ දවස්වල මම ඇර අනිත් විද්‍යා ගණිත කාරයෝ උසස් පෙළ කරල නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා හෝ විනෝද චාරිකාවේ ඉන්න ගමන්.

මේ අතරෙ උසස් පෙළින් පසු අලුත් දැනුම හොයාගෙන යන්න පෙළඹවිම් ඇතිකරන්න එක එක ආකාරයේ වැඩසටහන් දියත් වෙලා තියෙනවා නෙව. ඔය අතරේ අපේ ගෙදරට ආවා ලිවුමක්. උසස් පෙළින් පසු!

රුපියල් 12,000ක් වටිනා ශිෂ්‍යාධාරයක්!

පරිගණක තොරතුරු තාක්ෂණය වෙනුවෙන් රු12000/- වටිනා ශිෂ්‍යාධාරයක් ඔබටද හිමිවී ඇති බව සතුටින් දන්වා සිටිමි.

රැකියාවකට යන විට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන විෂයන් තුනකින් නොමිලේ දේශන ආරම්භ වේ.

ඔබට උගන්වන ව්‍යාපාරික ගැටලු.
සුපිරි වෙළඳ සැලක ලාභ අලාභ, බැංකුවක තැන්පත් මුදල් සඳහා පොලී විශ්ලේෂණය, විදුලි බිල විශ්ලේෂණය, ලීසිං, වැටුප් පද්ධති, මුදල් වර්ග කිරීම, ව්‍යාපාරයත ලාභ හෝ පාඩු විශ්ලේෂණය, Breakeven analysis, විභාග පරිගණකගත කිරීම, අදායම් බදු…

(මෙන්න හොඳම හරිය)
මධුසමය ගත කිරීමට හෝටලයට යන ගනුදෙනුකරුවන්ගේ බිල් සකස් කිරීම, කුරුමිණියෙක් පියාඹා ඇවිත් රූමත් තරුණියකගේ හැට්ටය උඩට වසන අයුරු Animation නිර්මාණය කිරීම, කැළයෙන් එලියට පැමිණෙන ඇනකොණ්ඩා, ළමුන් දෙදෙනෙකු සපා කා නැවත කැළයට යන අයුරු…

Graphic Designing
ව්‍යාපාරික ලාංඡන 25ක් නිර්මාණය කිරීම, ශාරුක්ඛාන් නිදාසිටින ඇඳක ඔබද එහි නිදා සිටින අයුරු Image නිර්මාණය කිරීම, විලියම්ගේ මංගල ඇඳුම ඔබ ඇඳගෙන කේට් සමඟ සිටින අයුරු Image නිර්මාණය කිරීම, නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම, පාරට වැස්සක් වහින ආකාරය, දේදුන්නක් මුහුදට වැටෙන ආකාරය, රූමත් යුවතියකට මහළු පෙනුමක් ඇතුළත් කිරීම යනාදී නිර්මාණ ගැටලු 100ක්

අයියෝ මාර්කටින්ග්!

22 replies on “මාර්කටින්ග්”

මේක ඇත්තම එකක් ද බං? මාරකටින්ග් බල්ලට ගිහින් කියල තමා කියන්න වෙන්නෙ මේක ඇත්ත නම්

“නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම” නැතුව ගලවලා විතරක් තියන්න උගන්න්නෙ නැද්ද දන්නෙ නෑ. අර විලියම්ගෙ මන්ගල ඇදුම උඹට මක්කටද? : දිව දොට්ට

හැබෑට? ඔව් ඉතින් ඕක ඔය අහවල් ශිෂ්‍යත්වෙ නැතුවත් කොරගන්න බැරි කමක් නැහැනෙව … මන් කිවුවෙ මෙ නිලියෙක්ගෙ ඇදුමක් ගලෝන එක

ඹය ශි‍ෂ්‍යත්වය දෙන ප්පෙලෙස් එක කොහෙද මටත් ආසයි
රූමත් යුවතියකට මහළු පෙනුමක් ඇතුළත් කිරීම
නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කරන්න වාගෙ වැඩ කිඩ ටිකක් ඉගෙන ගන්න :දිව දොට්ට

“නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම”
එතකොට මුලින් තිබ්බ ගවුම අයින් කරල වෙන එකක් අන්දන කල් නිලිය ඇඳන් ඉන්නේ මොකද්ද..?? #කොන්පියුස් 😛

පට්ට මාකටින් පාර .. ඔය වගේ බඩ්ඩක් අපේ පැත්තේ එහෙම පැවැත්වුවා නම් ඔය ක්ලාස් එක පැලෙන්න ළමයි ඒවි .. ඒ අස්සේ දෙමවුපියොත් ඒවි ..

පිස්සු හැටන් කිව්වලු 🙂 මම සා පෙ කරලා අවුරුදු දෙකක් විතර යනකන් ඔහොම ඒවා ආවා කියලා මතකයි, හැබැයි මෙච්චර creative එකක් නම් ඇවිත් නැහැ

//කැළයෙන් එලියට පැමිණෙන ඇනකොණ්ඩා, ළමුන් දෙදෙනෙකු සපා කා නැවත කැළයට යන අයුරු//

මේකනං එච්චර අල්ලන්නෑ සුදා.. කෝකටත් යනවනං ලෑල්ලක් අරං පලයන්.

ඕන මඟුලක් කියලා තමන්ගේ සාක්කු පුරෝගන්න තියෙනවා නම් එච්චරයි. එකනේ දැන් වෙලා තියෙන්නේ 🙂

මාටිං වික්‍රමසිංහ ලොක්කගෙ මඩෝල් දූවෙ “මගඩි නැටුම” මතක් උනා.

මචං ඔය ලියුම අපේ ගෙදරටත් ඇවිත් තිබුණා! මුන්ට හෙන ගහනවා බං. අයියෝ මාකටින්ග්

හක් හක් හා… 😀 😀 මේක ඇත්තම එකක්ද????
මං හිතුවෙ සුදාගෙ තවත් ක්‍රියේටිව් වැඩක් කියලා..

Leave a Reply to සුපුන් සුදාරක Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.