අම්මලාගේ සහ දුවලාගේ වැඩිහිටි කතා… 13

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක මව් පදවියට හිමිවන්නේ විශාල තැනක්. ඒ වගේම කාන්තාවන්ට උසස් ආකාරයෙන් සැලකිය යුතුයි, කාන්තාවන්ට තැනක් ලබාදිය යුතුයි, යන මතය එන්න එන්නම ලෝකයේ ස්ථාපිත වෙමින් පවතින යුගයක් මේ.

කොහොමවුනත් කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම අතින් ලංකාවට කිසියම්ම වූ ගෞරවයක් තිබෙන බව අමතක කළ යුතු කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාවෙ බහුතර දෙනාගේ ආගම, එහෙම නැතිනම් රාජ්‍ය ආගම බුදු දහම, බෞද්ධ දර්ශනය ඇතුළෙත් පැහැදිලිව කාන්තාවන්ගෙ නිදහස තහවුරු කර තිබීම එක් අතකට ලංකාවේ ආඩම්බරයට කාරණයක්.

මේ කතාව කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම පිළිබඳව නෙවෙයි. මේ තත්වය බොහොම බැරෑරුම්ව කතිකාවට ලක්කළ යුතු දරුණු මාතෘකාවක්.

අපි කවුරුත් කැමති නෑ කාගෙහරි අම්මකෙනෙක්ට මොනවහරි වැරදි දෙයක් කියන්න. කොටින්ම කිව්වොත් අපේ අම්මට කවුරුහරි මොනවහරි කිව්වොත්, අපිට තරහයනව. ඒක ස්වභාවිකයි. එහෙම නොවුනොත් තමයි පුදුමෙ.

හැබැයි. හැම අම්ම කෙනෙක්ම උතුම් නෑ. හැම අම්ම කෙනෙක්ම උතුම් කියල හිතාගෙන ඉන්නවනම්, මේ ලිපිය කියවල ඉවරවෙනකොට ඔබ කම්පනයට පත් වෙලා තියෙයි. කියවලා ඉවරවුනාට පස්සෙ කියන්න එපා මම මුලින් අනතුරු ඇඟෙව්වෙ නෑ කියලක්!

මේ මව් පදවියේ උතුම්කම නොදත් මව්වරුන්ගෙ එක පැත්තක්. මේක සම්බන්ධ වෙලා තියෙන්නෙ ගණිකා වෘත්තියත් එක්ක.

කෙනෙක් ගණිකා වෘත්තිය තෝරගන්න හේතු කිහිපයක් තියෙනව. බොහෝ විට මුදල් ප්‍රශ්න, එහෙම නැතිනම් යම් කිසි කෙනෙකුගේ පෙළඹවීම මත හා බලහත්කාරකම මත යම්කිසි කෙනෙක් ගණිකා වෘත්තියට පෙළඹෙනව. හැබැයි, තමන් ගණිකාවක් වීම නිසා තමුන්ගෙ දුවත් ගණිකාවක් කරන්න ඒ මව පෙළඹෙනවානම්, මොකද කරන්නෙ? මුදල් ප්‍රශ්න නිසා තමන්ගෙ දරුවාගෙ යහපත වෙනුවෙන් තමන් ගණිකා වෘත්තිය තෝරාගෙන ඒ දරුවාට කවල පොවල අධ්‍යාපනය දීල ඒ දරුවට යන්න පාර හදල දෙනව වෙනුවට මමත් ගණිකාවක්, උඹත් ගණිකාවක් වෙයන් කියල අර ගෑනු දරුවාව ගණිකාවක් වෙන්න වැඩකටයුතු සලසන එක හොඳ වැඩක් නෙවෙයි නේද? ඒ දුව ස්ව කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තෝරාගැනීම වෙනම කතාවක්. ඒත් බලහත්කාරයෙන්?

බොහෝවිට මේ පෙළඹවීම කරන්නෙ ඒ පවුලෙම තවත් පිරිමි කෙනෙක් අතින් අර ගැහැණු දරුවාව පෙළඹවීමට ලක්කිරීමෙන් සහ පූර්ණ ලිංගිකව හෝ අර්ධ ලිංගිකව දූෂණයෙන්. ඊට පස්සෙ අර ගැහැණු දරුවා මානසිකව වැටෙනව. තමන් ගැන තේරුම්ගන්න පුලුවන් එකම කෙනා විදිහට තමන්ට තමන්ගෙ අම්මව පේනකොට ඒ අම්මගෙන් උපදෙස් පතල අම්මත් ඒක ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නෙ? අන්න එතනින් තමයි බොහෝ දේවල් පටන්ගන්නෙ.

ඒක තමයි බොහොම සුලබ පැතිකඩ. අනිත් එක බොහෝ දෙනා නොදකිනා පැත්තක්. මේක ඉහළ පන්තියේ පවුල් වලටත් වඩා වැඩියෙන් සිද්ධ වෙන්නෙ සමහර ඉහළ මධ්‍යම පන්තියේ පවුල් වල. දුව යන්නෙ ඉහළ පාසලකට සහ මවත් සෘජුව ගණිකා වෘත්තියේ නොවන රැකියාවක් කරනවා. මේ මව සෙල්ලක්කාර චරිතයක්. තමන්ගෙ වයසට බොහොම අඩු, පිරිමි ළමුන් පොළඹවාගැනීම සහ ඔවුන් සමඟ #බලධාරියා-විසින්-කපාහරින ලදී#. මේ කාන්තාව අර තමන්ගෙ දුව සෝෂල් කිරීම, සමාජගත කරනු පිණිස ගෙදර කවුරුත් නොමැති වෙලාවට අර තමන් එක්ක ඉන්න පිරිමි ළමයෙක් ගෙදර එවල දුවට අත්දැකීම් ලබාදෙන්න පටන්ගන්න පුලුවන්. ඒක තනිකරම වෙන්නෙ දුවගෙ කැමැත්තෙන් නොවෙයි. තමන්ගෙ අම්මයි තාත්තයි අතර ඇතිවෙලා තියෙන අනිත් ආරවුල් මදිවට දැන් තමනුත් පත්වෙලා ඉන්න තත්වය නිසා තවත් පවුලේ ආරවුල් ඇතිකරන්න කැමති නැති දුව නිහඬ ජීවිතයක් ගතකරන්නත්. අර පෙළඹවීම් සහ ලිංගික පීඩනයට යටත් වෙන්නත් පටන්ගන්නවා. ඒ වගේම අර මව විනෝද චාරිකා යනකොට අර ගෑනුළමයාව ගිහින් තවත් පිරිමි ළමයෙක් ළඟින් අසුන්ගන්වනවා… මේ හැමදේම කරන්නෙ මව වගේ දුවක් බිහිකිරීමට. තමන් කැමැත්තෙන් පිරිමි ළමයෙක් ළඟින් අසුන්ගැනීම සහ මව විසින් ප්‍රසිද්ධියේ…

“ආ ඔයා මේ අයිය ළඟින් වාඩි වෙන්න දුව.”

කිව්වාම අර ගෑනු ළමයාට එතනින් වෙන තැනකටත් යන්න බැරි මානසික ගැටුම්කාරී තත්වයක් උදාවෙනවා නේද?

විනෝද චාරිකාවේ මුකුත් නොවුනත්, අර පිරිමි ළමයා ගෙදරට එන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ගෙදර කවුරුත් නැතිවෙලාවට. ඊට පස්සෙ… බලහත්කාරකම්.

අර දියණිය, ඊට පස්සෙ තමන්ගෙ හැම වේදනාවක්ම සඟවගන්නවා. ඒ වගේම සමහර විට ඇගේ ජීවිතයට පෙම්වතෙක් ඇතුල්වෙන්නත් පුලුවන්. ඒත් මේ ප්‍රශ්න නිසා ඒ ආදරය කඩා වැටෙන්න අරගෙන තවත් ආරවුල් රැසකට මුලපුරන්න ගන්නව. පෙම්වතාගෙ ජීවිතයත්, අනාගතයත් එයින් පසු අනතුරේ!

අපිට මේක වලක්වන්න ගන්න පුලුවන් පියවර මොනවාද?

ඇත්තටම මේක ළමා හා කාන්තා කාර්යාංශයට නවත්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. මොකද බොහෝ දෙනා කැමති නැහැ තමන්ගෙ අම්ම ගැන එහෙම කතා කරන්නත්, තමුන්ගෙ පවුල් ආරවුල් ගැන පිටට දෙන්නත්. හැබැයි ළමා හා කාන්තා කාර්යාංශය සහ පොලිසීය මේ වගේ දේවල් පිළිබඳව උපදෙස් දෙන්න පුලුවන් රහස්‍යභාවය ආරක්ෂා කරන උපදේශන සේවාවක් පවත්වාගෙනයාම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්.

ලිංගිකත්වය බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් අනිසි පෙළඹවීම් මත, විශේෂයෙන්ම මවගේ හෝ පියාගේ පෙළඹවීම් මත? ඒකනම් භයානක තත්වයක්. හැම අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් එහෙම නොවෙයි කියල මතක තියාගන්න. මේ තත්වය බොහොම සුලුතර තත්වයක් වුනත්, අර දියණිය සහ අර දියණියගෙ අනාගතය? ආදරය? තමන් විසින්ම තමාව විනාශ කරගැනීම අපිට නොසලකා හරින්න පුලුවන් කියමු. ඒත් අනුන්ගේ, විශේෂයෙන්ම තමන් ආදරය කරන අයගේ පෙළඹවීම මත අනවශ්‍ය ගැටලුකාරී තත්වයකට පත්වීම?

13 thoughts on “අම්මලාගේ සහ දුවලාගේ වැඩිහිටි කතා…

  1. Reply indika kumara Jul 27,2011 2:34 pm

    මල්ලි ලස්සනට පටිරෝල් එකක් ලියල තියෙනව හොඳයි..ඔබවැනි අයට ලංකාවෙ පත්තරේක කතෘ කමක් ගන්න පුලුවන් වෙයි..
    මම ගැහැනිය ගනිකාවක් වන්න බලපාන හේතු කියන්න යන්නෙ නෑ..මොකද ඒක හරි දිග පැහැදිලි කිරීම් තියෙන දෙයක්..
    අපි ගණිකාවක් ගෙ දකින සීරියස් ගතිය එයාල ලඟ නෑ..ඒක තවත් ජොබ් එකක් විතරයි..

  2. Reply ප්‍රසාද් මහේශ් Jul 27,2011 5:09 pm

    ගොඩක් කාලෝචිත මාතෘකාවක් ගෑන ලියපු එකට ගොඩාක් ස්තුතියි සහෝ.

  3. Reply පූසා Jul 27,2011 6:00 pm

    මටත් ඔය වගේ කතා තියන කෙල්ලෝ ගැන අහන්න ලැබිලා තියනවා. හැබැයි මම හිතාගෙන හිටියේ ඕක වෙන්නේ ඉහළ පන්තියේ පවුල් වල කියලා. මොකද ඒ කොල්ලෝ ඔක්කොම වගේ ගියේ බොහෝම ඉහල පන්තියේ පවුල්වල ළමයි යන ඉස්කෝල වලට නිසා. ඒ වගේම ඔය වගේ කතා බොහොමයක් අහන්න ලැබුණෙත් අපි ඉස්කෝලේ යන දවස් වල. මොකද අපේ යාළුවෝ යාළුවෙලා හිටිය ඒ ඉස්කෝල වල කෙල්ලෝ, මේ වගේ කට්ටිය එයාලගේ පන්ති වල ඉන්නවා කියලා කියලා තිබ්බා.

  4. Reply hare :-) Jul 27,2011 6:47 pm

    හි… හි… මේක කියවද්දි අතීතයෙ සිදුවීමක් මතක් වුණා. ඉස්සර කාර්යාලෙට ආපු …. එක්කො ඕන නෑ… උඹට පස්සෙ වෙලාවක මතක තිබුණොත් කතාව කියන්නම්. මොනව වුණත් මේ දෙමාපියන්ගෙ බලපෑම මත (ඔවුන් ලිංගික ශ්‍රමිකයො වුණා හෝ නැතුව) සිදුවෙන පෙළඹ්ම් ඕනම මට්ටමකදි දැකගන්න පුළුවන් දෙයක් තමයි. ඒත් සමහර විට ඕකට විසඳුම තියෙන්නෙ ඔය පීඩනයට ලක්වෙන තැනැත්තිය සතුව විතරක් වෙන්න පුළුවන් නේ…

  5. Reply malinda Jul 28,2011 8:27 am

    Good article malli!

  6. Reply දුකා Aug 5,2011 8:59 pm

    ඉස්සර වෙරළාශ්‍රිත සංචාරක නගර වල දරුවන් දෙමාපියන් විසින්ම සුද්දන්ට සුද්දියන්ට ලිංගික ශ්‍රමිකයෝ විදිහට ලබාදුන් කතා පුවත්පත් වලින් කියවලා තිබුනා. ඒත් ඒවා හුදු ජනමාධ්‍ය මවාපෑම්දෝ කියලා හිතෙනවා ඒ සිදුවීම් සත්‍ය බවට එකම එක්කෙන්ක්ගෙන් වත් හැබෑවට අහන්න නොලැබුනු නිසාම. ඒවා දුප්පත්කම නිසාම සිදුවූ දේවල් බවයි කියවුනේ. ඒත් මේ උඹ ලියපු එක ඊට වඩා වෙනස්.

    සමාජ තත්වය ආරක්ෂා කර ගන්න තමන්ගේ දියණිය ඇගේ වයසේම පිරිමි දරුවෙක් වෙතට ලංකල මවක් ගනිකාවක් නොවෙන්න පුලුවන්. ඒත් පිටින් දකින කෙනෙක් එක පාරටම දකින්නේ වෙනස් විදිහකට. විශේෂයෙන් අම්මා කොන්ඩේ ටින්ට් කරලා නම්, පාර්ටියකදී වයින් බොනවා නම්, තාත්තා බලන් ඉන්නකොට වෙන පිරිමියෙක් එක්ක ඩාන්ස් කරනවා නම් අපේ සමාජයේ අය දෙපාරක් නොහිතා ඈ ගණිකාවක් ලෙස හංවඩු ගහනවා. ඒත් ඈ තම ස්වාමියා ඇර වෙන කිසිවෙකු සමඟ යහන් ගතවූ අයෙක් නොවෙන්න පුලුවන්.

    උඹ කියූ ආකාරයට දෙයක් වෙනවා නම් ඒක සම්පූර්ණයන් වැරදියි අවිවාදයෙන්ම. ඒත් මතුපිටින් දකින දේට වඩා යමක් තියෙනවා වෙන්න පුලුවන්. සමාජයේ මුල් බැසගත් ආකල්ප වලින් ගැහැනියක්, කෙල්ලෙක් ගණිකාවක් ලෙස අර්ථ දක්වන්න කලින් අර දකින දේට එහා ගිහින් දකින්න පුලුවන් උනොත් (කැම්පස් වල ඥාන පාල මෙතඩ් එක නිසා) ගණිකාවක් ලෙස හංවඩු ගැහැන්න පුලුවන් කෙල්ලෙක්ගේ චරිතය ආරක්ෂා කර ගන්නත් පුලුවන් වෙයි මල්ලී . . .

    • Reply සුපුන් සුදාරක Aug 10,2011 9:57 pm

      දුකා අයිය හැම දේම දිහා ධනාත්මකව බලනව පේන්න තිබුනත් ඕක නෙවෙයි තිත්ත ඇත්ත. මේ ළඟදි ප්‍රෘවෘත්තියක් විකාශය වුනා (මේ බ්ලොග් සටහනට පසුව) ගැහැනු ළමයාගේ මව, මවගේ අනියම් සැමියාට දියණිගේ පහස ලබාදීමට උත්සාහ කරද්දී, ඒ සම්බන්ධව ගැහැණු ළමයාගේ පෙම්වතා පොලීසියට පැමිණිලි කර දියණියව බේරාගත් බව. ලෝකය ඔය හිතන තරම් මල් යහනාවක් නෙවෙයි දුකා අයියෙ, යථාර්ථයට එන්න. මතුපිටින් පෙනෙන දේ වගේම යටින් පෙනෙන දේත් හිතාගන්නබැරිතරම් ගුප්තයි.

  7. Reply Buddika Aug 16,2011 6:54 pm

    ane podi eko umbatat matai hariyana colombo kello,waren yanna Thissata henawath kotan inna,

  8. Reply ධනුෂ්ක Aug 22,2011 4:02 pm

    මේ කියන දේවල් ඇඩ්වටිසිං ෆීල්ඩ් එකට අලුතින් එන පොඩි ගෑනු ලමයින් ව එක්ක එන අම්මිලගෙ දක්නට ලැබෙන චර්යාවක්. ඔය උඩ කමෙන්ට් කරල තියන දුකා කවුරුත් දන්න හඳුනන දුකා නම් එයා මේව නොදැන ඉන්න විදියක් නෑ. ෆොටෝ ෂූට් වලදී දුව පොඩි ගවුමක් තෝරගත්තම අම්මි කියනවා “අපෝ දුවා ඕක දිග වැඩියි ” කියලා. අම්මිලාව ටාගට් කරන වෙනම සෙට් එකක් ඒ ෆීල්ඩ් එකේ බිහිවෙලා තියනවා

  9. Reply Buddhika Asela Nov 9,2011 5:01 pm

    පිස්සු හැදිල ආයෙමත් හැදෙනවා………..!!!!

Leave a Reply

%d bloggers like this: