Categories
Social Media ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය බ්ලොග් මතවාද

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද?

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන් කාලයක් මේ.

ප්‍රධානම බ්ලොග් කියවනය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ, ​සිංහල බ්ලොග් කියවනය දිහා බැලුවම දැනට ඇතුළත් වුන බ්ලොග් අඩවි ප්‍රමාණය එක්දහස් එකසිය දහ නවයක්. මේක පහුගිය අවුරුද්දු දෙකත් එක්ක බැලුවාම 200%ක විතර වැඩිවීමක්. (හරිහැටි ගණන් බැලීමකින් තොරව කට වහරෙන් අර්ථ දක්වනවානං) ඒත් ඒ හා සාපේක්ෂව ගුණාත්මක කියවීමක් කරන්න පුලුවන්ද? මේක නිකන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ. ඔළු ගාණ (මගේ ඔළුවත් ඇතුළත්ව) කොච්චර වුනත් කිසිම ගුණාත්මක භාවයක් නෑ.

(මාත් ඇතුළත්ව අනිත් අයත් ලියන) පුද්ගලික කතා-ස්වයං වින්දන කතා හැරුණ කොට අන්තර්ජාලයේ සිංහල කියවන්නන්ට වෙන හොඳ කියවීමක් ඇත්තේම නැද්ද?

තවත් දෙයක්, කට්ටිය බ්ලොග් ලියන්නෙ සින්ඩියකට වැටෙන්න බලාගෙන මිසක්, තමන්ගෙ ස්වයං අරමුණු සාක්ෂාත් කරගන්න නෙවෙයි වගේ. එහෙම කරන අය ඉන්නෙ එකක්-දෙකක් වගේ පිරිසක්. ඒ වගේම කට්ටිය ලියන්නෙ කමෙන්ට් බලාගෙන, හිට්ස් බලාගෙන. ඒක වැරදියි. තමන් අන්තර්ගතය නිර්මාණය කරන්න ඕනෙ තමුන්ට ඕනෙ විදිහට. මේක නිකන් රටේ ජනාධිපතිට හරි විපක්ෂ නායකට හරි තමන්ගෙ ළමය හදන්න දීල (ඒ අයගෙ ළමයි හැදීමේ හැකියාව ගැන කතා නොකර ඉමු නේද?) පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා වගේ වැඩක්. සින්ඩිකේටර මත යැපෙන්න එපා. හිට්ස් ලැබෙන්න ඕනෙ තරම් විකල්ප තියෙනවා. අන්තර්ගතය ලස්සන නම් එතනට හිට්ස් අනිවාර්යෙන්ම වැඩි වෙනවා සත්තයි. Google, Google Reader, Twitter, Buzz, Facebook සහ Social Bookmarking tools තියෙන්නෙ ඒකට තමයි.

මේ අවකාශය ඇතුළෙ පෙම් කෙළින, බූට් කන තරුණ තරුණියෝ විතරක් ඉඳල මදි. මේකට දෙමව්පියෝ, සාදාචාරවාදීන්, රස්තියාදුකාරයින්, ගුරුවරු, වඩුවො, බේබද්දො, ගණිකාවො, සල්ලාලයො, වෛද්‍යවරු, කුකරි ක්ලාස් කාරයො, සැලොන් කාරයො අනිවාර්යයෙන්ම ඕනෙ.

ඒ කිව්වෙ මෙහෙමයි… දැනටමත් වෙදකම, ගුරුකම වගේ දේවල් ගැන ලියන අය ඉන්නවා. හැබැයි ටිකයි. තව වැඩිවුනොත් තමයි වටින්නෙ. ඒක තනි වෙදෙකුට, ගුරුවරයෙකුට විතරක් කරන්න බෑ. තව අය එතනට ඕනෙ. ස්ටයිල් ගැන කාලයක් කෙරුණ බ්ලොග් එකත් අතෑරල දාලා…

මේක මේ කනෙන් ඇදල බලෙන් ලියවන්න හදන ලිපියක් නෙවෙයි. කොහොමත් කනෙන් අල්ලන්න තරම් මට උස මදි. මම කියන්නෙ කට්ටියට තවත් බොහෝ දේවල් කරන්න පුලුවන් කියල හැඟීමක් එන්න ඕනෙ.

තව කට්ටියක් Social Media ගැන කොහෙන්හරි course එකක් කරල, ඒක ලංකාවට ඇප්ලයි කරන්න හදල ලංකාවෙ බිස්නස් “so called win-win situation” එකට කරන්න හදනව. කොහොමද, ගෙදරට බොරු කියල, ක්ලාස් කට් කරල කොම්පැණියකින් තියපු පාටියකට ගිහින් තමන්ගෙ පොටෝ එකක් පත්තරේ පලවුනාම තියෙන ආතල් එක? කෝ අපේ මිනිස්සුන්ගෙ privacy policies?

වෙලාවකට හිතෙනව මේ රටේ විශ්ව විද්‍යාල වලට හෙණ ගහලද කියලත්. ඒක විශ්ව විද්‍යාල වල වරදද? ඉගෙන ගන්න එවුන්ගෙ වරදද? ක්‍රමේ වරදද?

60 replies on “බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද?”

මේ සුට්ටං කොල්ලො
අමතක උනාද?
අපි බ්ලොග් ලියන්නෙ යුනිකෝඩ් ප්‍රමෝට් කරන්න. 😛

දැන් ඔය පුතාගේ අදහස මොකක්ද..? මේකට ගන්න ඔනේ ක්‍රියාමාර්ගයක් තියෙනවද ?

“මේ අවකාශය ඇතුළෙ පෙම් කෙළින, බූට් කන තරුණ තරුණියෝ විතරක් ඉඳල මදි. මේකට දෙමව්පියෝ, සාදාචාරවාදීන්, රස්තියාදුකාරයින්, ගුරුවරු, වඩුවො, බේබද්දො, ගණිකාවො, සල්ලාලයො, වෛද්‍යවරු, කුකරි ක්ලාස් කාරයො, සැලොන් කාරයො අනිවාර්යයෙන්ම ඕනෙ.”

“ගණිකාවො, සල්ලාලයො”
මෙවුන්ගේ බ්ලොග් තියෙවිද බං ?

බ්ලොග් එකේ ගන්ජාගහපු එකෙක් ගැන කතාවක් කිවාම.. එකෙන් ගන්ජා ගහන්න අබ්බැහිවෙනවා කියන්න තරම් හරක් රැලක් ඉන්නෙ.. එවුන් තමා අර google search මොඩ්ල් එකේ සයිට් කරන්නෙ.. එහෙම උන් ඔව්වාගේ ඇනොනිමස් කමෙන්ට් දාලා සිගිති ආතල් ගනිවී.. එතකොට බ්ලොග් එක කරන එකා කරාවිද ඕක ?
වඩුවෙක්ගේ බ්ලොග් එකක් කරතැහැකි.. අනේ මොන මගුලකටද කියලා අහන්නත් ඇවුන් බිහි වේවී.. 🙂
නොදොකිං මෙහෙමත් බ්ලොග් කෙරුවාවක්..

ඔය ගංජා කෙරුවාව මාත් දැක්ක. එහෙම ප්‍රතිචාර මත ලියවිලි remove කරපු එක නම් අපරාදෙ. කමෙන්ට් වලට බය නොවී ඒක ලියන්න තිබුන. අපරාදයක්.

“එවුන් තමා අර google search මොඩ්ල් එකේ සයිට් කරන්නෙ” කියන්නේ මොකක්ද

ඕක තමයි කතන්දරේ. මොකද කරන්න ඔන කියලා සුදාර අයියාට කියන්න අමතක වෙලා.. මේක ගැන මීට වඩා ලොකු කතිකාවක් ගොඩ නැගෙන්න ඕන කියල්යි මගේ අදහස.

ඊයේ සීන් එක සැරටම වැදිලා වගේ.
මගෙත් ලොකු විරෝධයක් තියෙනවා පෙරේරා අක්නල් කරපු වැඩේ ගැන :/

ලිපිය ගැන කිව්වොත් ඔය අදහසම මටත් ඇවිල්ල තියෙනවා ගොඩක් අය බලන්නේ එක්කෝ තමන්ගේ සයිට් එකේ හිට්ස් වැඩි කරගන්න එක්කෝ කමන්ට් වැඩි කරගන්න මිසක ලියන ලිපියේ හරවත් බව හෝ කියවන්නාට යමක් ඉගෙන ගන්න පුලුවන්ද බැරිද යන්න නෙමේ.සමහර අය ලියන ලිපි කිසිම වැඩකට නැති ඒවා [ ගොඩක් අය ලියන්නේ කොහොමද මේක කරන්නේ අරක කරන්නේ කින්ද මන්ද මිසක් ] වැඩකට ඇති දේවල් නෙමේ. සිඳී වලින් පෙන්නන ලිපි වලින් 80%කටත් වැඩ තියෙන්නේ මේ වගේ වැඩකට නැති ලිපි. ඒ අතරත් තරමක් දුරට වැදගත් ලිපි තියෙනවා නැත්තෙවත් නෑ. එත් ඒ වැදගත් ලිපි නොවැදගත් ලිපි වලින් වැහෙන එක තම දුක.

කෙලින්ම කිව්වොත් බ්ලොග් කරණයට සුධාරක කිව්වා වගේ ” යූ ටර්න්” එකක් අවශ්‍ය වෙලාවක්

මම මේ වගේ එකකට උත්තර දෙන්න තරම් සිනියර් කෙනෙක් නම් නෙමෙයි, නමුත් ඉතින් ඒ දේවල් ගැන ලියන්න නම් ඒ දේවල් කරන්න ඕනේනේ ඒ කියන්නේ, වෙද කම ගැන ලියන්න නම් වෙද කම ගැන දැනුමක් තියෙන්න ඕනේ ඒ වගේ, එහෙම කට්ටිය බ්ලොග් ලියන්නේ නැති එකයි තියෙන අව්ල

මගේ බ්ලොග් එකේ උනත් එකක් කියලා නෑ හැම එකම වගේ ලියනවා :D,

P.S- SBU එකට මම දන්න විදිහට අලුත් බ්ලොග් එකක්වත් ඇඩ් කරලා නෑ ( මගේ එකත් ඇතුලුව ) ඉතින් ඒක නිසා, ඒක නිසා බ්ලොග් ගාන ආසන්න වශයෙන්වත් කියන්න බෑ

යුනිකෝඩ් පොමට් කිරිල්ල කෙසෙවෙතත්. දැන් හැමෝම වැඩියෙන්ම ලියන්නේ වල් පල් කතා. ඉස්සර හැම සිංඩියෙම අමතු ගතියක් තිබුනා හවස වෙනකොට කියවන්න පුලුවන් ලිපි තියෙනවා. දැන් ඒ බව වෙනස් වෙලා.. මම හිතනවා උපා දූප යන Gosip බ්ලොග් වැඩි එවාත් එක හේතුවක් කියලා ‍වෙනස් වීමට. දැන් හවස් වෙනකොට හැම සිංඩිය ඉරිදා පත්තරේ වගේ කතා වලින් පිරිලා ඉවරයි. ඉස්සර සමහර අය ලිව්වා වගේ කතා නෙමෙයි දැන් ලියන අය ලියන්නේ. සිංඩි වලින් දැන් කිසිම ජොලියක් නෑ . සිංඩි බැලිලත් එපා වෙනවා වෙලාවකට. මට බ්ලොග් එපා වෙලා. එත් ලියලා පුරුදට ලියනවා.

ආ මල්ලේ.. උබ බ්ලොග් ලියනවයි ? මං හිතන්නෙ වැඩිම බ්ලොග් ගානක් තියෙන්නේ මල්ලිට නේ ?

මේකනෙ ලොක්කා, අද කාලේ බොහෝ දෙනෙක් කැමති වල් පල් කියවන්න. ඉතින් බ්ලොග් ලියන්නොත් තමන්ගෙ බ්ලොග ප්‍රොමෝට් කරගන්න ලියන්නෙ වල් පල් තමා. වල් පල් කියවිල්ල මනුස්ස අපි හැමෝගෙම එක්තරා විනෝදාංශයක්නෙ…. 😀

සින්ඩි වැහි වැහැල බ්ලොග් වලට විවෘත ආර්ථිකය උදා වුණාට පස්සෙයි මෙහෙම වුණේ (ඔන්න දැන් සින්ඩි අයිතිකාරයො මාව පන්නනව එහෙම නෙවෙයි )

අපි කරන රේස්ලින් බොලොග් එක හොගක කට්ට්ය දකින්නේ වෑරදි ආකරයට ඈයි එ මේ sbu එකට අපි මේ බොලොග් එක ගෑන දෑම්මේ ජුනි 9 තාම පිලිතුරක් නෑ අනිත් හෑම සින්ඩියෙම අපිව ගත්තා ඈයි අපිව මේක ඈතුලට ගන්නේ නෑත්තෙ අපි කරන්න පුලුවන් හෑම දෙයක්ම කරා නමුත් මොනවා කරන්නද අපි මේක කරන්නෙ කිසිදු මුලමය බලාපොරොත්තුවකින් තොරවයි නමුත් අපි සෑලෙන්නේ නෑ දිගටම කර ගෙන යනවා අපි ඔයාගේ ලිපිය දෑක්ක නිසයි ලියුවෙ මොනවා කරන්නද මිනිස්සු වෙනසකට කෑමති ඔනාට එක ලෑබෙන්නෙ නෑත්තම්

මෙයට රෙස්ලින්.lk කන්ඩායම

ඔබලාගේ ප්‍රචාරණ යාන්ත්‍රණයට නම් මම කැමති නැහැ.මම පමණක් නොවේ වතපොතේදීත් මේ ගැන පහුගිය දිනවල කතිකාවක් ගිය බැවින් බොහෝ දෙනා එයට අකමැති බව පෙනීයනවා.හේතුව ඔබලා මුලින්ම කලේ හැම බ්ලොග් පෝස්ටයකම වගේ “රෙස්ලින් බලන්න කැමතිනම් මේ පැත්තට එන්න“ සමගින් ඔබලාගේ බ්ලොගයට අධි සන්ධියක් තබා තිබුනා.පසුව “පෝස්ට් එක හොඳයි. රෙස්ලින් බලන්න මේ පැත්තට එන්න“ වශයෙන් එම දේම නැවත නැවත කරතිබුනා.ඔබලාගේ කමෙන්ටුව එම පෝස්ටයට හෝ එම බ්ලොගයට අදාල කිසිවක් නොමැතිව ඔබලාගේ බ්ලොගයට ට්‍රැෆික් අද්දවාගැනීම යන කාරණාව මතම පමනක් පදනම් වූවක් බව පැහැදිලිව පෙනී ගියා.
SBU සම්බන්ධයෙන් නම් මා යමක් දන්නෙ නැහැ.සින්ඩිකේටර අවශ්‍යම නම විකල්ප සින්ඩිකේටර ගණනාවක් තිබෙනවා.අනෙක සුදා කිව්වා වගේම ගුණාත්මක භාවය ඉහල නම් පාඨකයෝ එන්නේ හොයාගන.මම නිතිපතා කියවන සිංහල බ්ලොග් එකක්වත් මම සින්ඩිකේටර හරහා බලන ඒවා නොවේ.ඒ බ්ලොග් අතරින් සමහර බ්ලොග් කිසිදු සින්ඩිකේටරයකට ඇතුලත් කරත් නෑ.නමුත් අතිවිශාල හිට්ස් සහ කමෙන්ට් සංඛ්‍යාවක් නිතිපතා ලබනවා.ඒ ගුණාත්මක භාවය නිසා.අනෙක් අතට
කමෙන්ට් තීරුවක් තියෙන්නේ බ්ලොගයට හෝ ඒ ලිපියට අදාල කරුණු කාරණා සම්බන්ධයෙන් රචකයා හා පාඨකයා අතර බුද්ධිමත් සංවාදයක් ඇතිකරගැනීමට මිසක් ඇඩ් දැමීමට නොවේ.

ආ කවුද දන්නැ එකෙක් ඔය ගැන FB එකේ කතා කරලා තිබ්බා 😉

ඔව් ඔකෙන් වෙන්නෙ ඔය සයිට් එක බලන අයට එපා වෙන එක විතරයි 😀

බ්ලොග් කරණය කියන්නෙ පෞද්ගලික දෙයක්(ගොඩ දෙනෙකුට ) . ගොඩ දෙනෙක් බ්ලොග් එකක් ලියන්නෙ තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක . සිංහල බ්ලොග් ලියන සාතිශය බහුතරයක් තරුණ වයසෙ ඉන්න අය . ඉතින් මේ අයගේ ජීවන අත්දැකීම් කාපු බීපුව . ජොලි කරපුව , බූට් කාපුව තමයි . තමන් නොදැනම ජිවිතයේ අත්දැකීම් ගොනුව මොහොතින් මොහොත පිරි ගියත් ගොඩ දෙනෙකුට ඒ අත්දැකීම් පිලිවෙලකට අඩුක් කරගන්නවත් ආපහු පෙරලල බලන්නවත් හැකියාවක් නැ. ඒ දේවල් නැවත මතුවෙන්නේ ඒ අත්දැකීම ප්‍රායෝගිකව ඕනි මොහොමතකදි විතරයි . ඉතින් බ්ලොග් ලිපියක් ලියන්න පරඝනකය ඉස්සරහ වාඩි උනාම , තමන්ගෙ ලිපි වැඩි දෙනෙක් කියවාවි කියන බලාපොරොත්තුවත් එකතු උනාම සුදාරක චෝදනා කරනවා වගේ ලිපි වැඩිපුර ලියවෙන එක සාධාරණයි.තාම සිංහල බ්ලොග් අවකාශය තරුණයි මේ පිස්සු කෙලින තරුණයො ටික එක එක වෘත්තීන් වලට ගියා දවසකටත් මේ බ්ලොග් කරණ ආශාව පැවතුනොත් සුදාරක බලාපොරොත්තු වෙනවා වගේ තත්වයක් උදාවෙයි .

කලින් බ්ලොග් කරනය තමන්ගෙ මතවාදයන් වෙනුවෙන් ලියපු අයගෙනුයි පිරිලා තිබුනේ , අද වෙනකොට ඒ සමහර අය බ්ලොග් කරනයේ නැතත් ඉතුරු වෙලා ඉන්න පිරිස තාම තමන්ගෙ කාර්යය කරගෙන ය්නව . නමුත් අර විදිහෙ බහුතරයක් අතර ඒ දේවල් යට ගිහිල්ලයි තියෙන්නෙ . සිංහ්ල යුනිකේත ප්‍රමෝට් කිරීම වැඩකට නැති වුනත් , තමන්ගෙ අදහස් මවුභාෂාවෙන් අන්තර්ජාලයට එකතු කරන පිරිස වැඩි වෙන එක මම නම් දකින් විදිහට සුභ දායකයි . මොකද ඕනිම කෙනෙකුට තමන්ගෙ හදවත විවර කරල කථාකරන්න පුලුවන් ම්වු භාෂාවෙන් විතරයි . මේ සමාජයට් අඩු පාඩුවක් වෙලා තියෙන්නෙත් එහෙම විවෘත මිනිසුන්මයි

එකඟයි. ඒත් තව දුරටත් මව් භාෂාවෙන් අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙකුට ඒක වැදගත් වෙන්නෙ යුනිකෝඩ් ප්‍රචාරණයෙන් පමණක් නෙවෙයි. ඒක නිසා ගුණාත්මක අන්තර්ගතය වැඩිවීම වැදගත්. ඒක බලෙන් කරන්න බෑ. ඒකට අවශ්‍ය කික් එක දීමයි මේ ලිපියෙ බලාපොරොත්තුව. 🙂

හෙහෙහෙ.. ඊයේ නම් පට්ටම ආතල් එක නේද? 😀 😀

මේ ලිපියේ කියලා තියෙන දේවල් නම් 100% ක් ඇත්ත. ඒත් දැන් බ්ලොග් කියන දේ මට නම් එපා වෙලා. මං බ්ලොග් ලියන්නේ තියා කියවන්නේ වත් නෑ. මේකත් මේ කවුද ලින්ක් එකක් එවලා තිබ්බ නිසා කියවන්න ගොඩ වුණා. වටින ලිපියක්, සුදා..!!

මේක ක්‍රමේ වැරැද්දක් මම හිතන්නෙ. මුඵ ක්‍රමයම කාලයක් තිස්සෙ බාල වුණා. ඉතින් මේකටත් ඒකෙ බලපෑම් ඇති.

මේකට මුකුත් නොලියා ඉන්න හිතලත්… ඔන්න ඔහේ.

“සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන් කාලයක් මේ.”

මොකක්ද දෙයියනේ අත්වෙලා තියෙන “ශෝචනීය ඉරණම”. මාත් 2009 ඉදලම බ්ලොග් කියවනවා. 2010 ජූනී ඉදලා බ්ලොග් එකක් ලියනවා. මට තේරුනේ නැහැනේ ඔහොම “ශෝචනීය ඉරණම”ක් ගැන. ඔව් ඇත්ත, දැන් ටැබූ, කොලු වගේ වටින පොලිටිකල් බ්ලොග්ස් නම් නැහැ තමයි.
ඔයා කථා කරන්නේ ඒක ගැනද? 😉

අනික් අතට, U TURN දෙන්න හදනවට වඩා වටින්නේ සිස්ටම් එකටම එයාගේ ඉක්විලිබිර්යම් පොයින්ට් එකේ ස්ටේබ්ල් වෙන්න දෙන එක. නැත්නම් හැදෙන්නේ අන්ස්ටේබල් විකෘතියක්.

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ,
කාලානූරූපිව වෙනස් නොවන දෑ විනාශ වී යනු ඇත.

ලියන මිනිසුන් ලියනු ඇත,
කියවන මිනිසුන් කියවනු ඇත.

ඉර පායනු ඇත,
සඳ බැස යනු ඇත.

පවතින දේ පවතිනු ඇත,
නොපවතින දේ නොපවතිනු ඇත.

ස්තූතියි.

ප.ලි: අන්තිමේ මට නම් ඔයාට කියන්න තියෙන්නේ,
බ්ලොග් අවකාශයට විනය පාලක පොලිසි හෝ අපි ලිවිය යුත්තේ මොකක්දැයි කියා දෙන “අයියලා” [අයියලාට බය නැත] සහ අයියලාගේ පවර්ස් ගත් “චන්ඩි මල්ලිලා” ඕනේ නෑ කියන එක.

අන්න අන්න සහෝදරය පටලවාගෙන නෙව. හරියට කියවලා නෑ. මේක කනින් ඇදල ආ ලියපිය කියන පෝස්ට් එකක් නෙවෙයි. ලියන්න කියලා ඉල්ලපු සටහනක් විතරයි. විනය පාලක පොලිසී ඉඳීම වැදගත්. ඒත් විනය ගරුක නොවෙනවාද, විනය ගරුක වෙනවාද කියන එක තමුන්ගෙ දෙයක් බ්ලොග් අවකාශය තුළදි. බ්ලොග් අවකාශය චන්ඩි මල්ලිලා සිටීම බ්ලොග් ලිවීම තවත් උණුසුම් කරනවා කියලයි මටනං හිතෙන්නෙ. චණ්ඩි මල්ලි කෙනෙක් ආවොත්, දුවල යන්නෙ නැතුව. කනේ පාරක් ගහල දෙකයි පණහට දාන්න. නැතිනම් මෛත්‍රියෙන්ම පමණක් වෛරය සන්සිදේ කියල තමුන්ගෙ පාඩුවෙ ලියාගෙන යන්න පුලුවන්. ඒකටයි බ්ලොග් අවකාශය වැදගත්. 🙂

“අන්න අන්න සහෝදරය පටලවාගෙන නෙව. හරියට කියවලා නෑ.” 🙂

උපුටා ගැනීම,
“සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන් කාලයක් මේ.”

මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න,

1. මොකක්ද දෙයියනේ අත්වෙලා තියෙනවැයි කියන “ශෝචනීය ඉරණම”?
[හැකිනම් කළින් පැවති අන්දම හා දැන් පවතින ශෝචනීය ඉරණම ගැන සංසන්ධානත්මක උදාහරණ දෙන්න]
2. U TURN එකක් දෙන්න ඕනෙ කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද?
[මේ යන මඟ අංශක 360කින් හැර වීමක්, එනම් ආපසු ගමන් කිරීමක්?]

ඇත්තටම කලින් ප්‍රශ්නය මඟඇරිලා නෙව. සමාවෙන්න. ප්‍රශ්න දෙකටම, මෙන්න එකට උත්තර.

ඇත්තටම ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම සින්ඩි බැලුවාම පේනවා නේද? කවි-කතා-ආදරයෙන් විතරක් බ්ලොග් අවකාශය පිරුණාම ඇතිද කියන ප්‍රශ්නය බ්ලොග් කියවන කෙනෙක්ට එන්න පුලුවන් නේද?
බ්ලොග් අවකාශයේ මුල් කාලයේ සෑහෙන්න හොඳ බුද්ධි මට්ටමේ සංවාද තිබුනා. අවකාශය බොහොම සමතුලිතයි. (මේ කතා කරන්නෙ දේශපාලනික සමතුලිතභාවයක් ගැන නොවෙයි) ඒත් දැන් සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ තරුණයා පත්තරේ කවි පිටුව වගේ. බ්ලොග් අවකාශය කියන එක ඊට වඩා පුළුල් වෙන්න ඕනේ. ඉංග්‍රීසි බ්ලොග් අවකාශයට පොඩ්ඩක් ඇහැ දාලා බලන්න. ඒ තරම්ම ඉහළට යන්න නොවුනත්, සිංහල භාෂාවෙන් මීට වඩා තව අන්තර්ගතයෙන් සිංහල බ්ලොග් අවකාශය පූර්ණත්වයට පත්විය යුතුයි.

U TURN කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තේරුම ගන්න එපා. මම ඉල්ලා සිටින්නේ වෙනසක් මිසක් සියළුම බ්ලොග් සමූලඝාතනය කරලා පරණ බ්ලොග් නැවත ප්‍රතිස්ථාපනය කරන්න නෙවෙයි. වෙනසක් අවශ්‍යයි. සිංහල කියවන්නෙක් බ්ලොග් අවකාශයට ඇවිත් ආදරය ගැන ඉගෙනගෙන ගිහින් ආදරෙන් පවුලක් නඩත්තු කරයි. ඒත් පවුලක් නඩත්තු කරන්න ආදරේ විතරක් මදි නේද? එතකොට පුද්ගල නිපුණතා වලට මොකද වෙන්නෙ? ප්‍රශ්ණය සරළයි නේද?

මමනම් බ්ලොග් කියවන්න හොයාගන්නේ සින්ඩි වලින් [මටනම් සින්ඩි කියන්නේ විකාරයක්] නෙමෙයි, “අඹ ගහ යට” බ්ලොග් එකෙන් සහ අනිත් අයගේ බ්ලොග් වලට දාන කමෙන්ට් වලින්. හොඳයි කියලා හිතුනොත් බුක් මර්ක් එකක් දාගන්නවා.

“ඒ තරම්ම ඉහළට යන්න නොවුනත්, සිංහල භාෂාවෙන් මීට වඩා තව අන්තර්ගතයෙන් සිංහල බ්ලොග් අවකාශය පූර්ණත්වයට පත්විය යුතුයි.”

අර “`Outsider“` කිව්වා වගේ, ඒක අපේ සමස්ත සමාජයේම තියෙන කඩා වැටීමක්, සමාජයෙන් වියුක්ත වෙලා බ්ලොග් අවකාශයට පවතින්න බැහැ. අනික් අතට පරීපූර්ණතවයට පත් වෙන්න ඕනේ කාලානූරූපීව, ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

“එතකොට පුද්ගල නිපුණතා වලට මොකද වෙන්නෙ?”

පුද්ගල නිපුණතා සංවර්ධනය කරගන්න ටෙක්නිකල් කොලේජ් එකට යන්න එහෙම නැතිනම් මොකක් හරි බියුටි කෝස් එකක් කරන්න. බ්ලොග් වලින් ඒවා උගන්වන්න, ඉගෙන ගන්න හදන එක මටනම් හිතෙන්නේ ඵලදායි නැහැයි කියලා?

“ප්‍රශ්ණය සරළයි නේද?”

අවංකවම කිව්වොත් මටනම් මෙතන ප්‍රශ්නයක් පේන්නේ නැහැ 😉

එකඟවෙන්න බැහැ. වල් පල් එපා කියන්නෙ නෑ. වල් පල් ඕනෙ. ඒ හා සමානව ගුණාත්මක අන්තර්ගතයකුත් ඕනෙ. එච්චරයි. 😀

“එකඟවෙන්න බැහැ”
අවුලක් නැහැ.
ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා 😉

අනේ මංදා බං..උඹ කියන කතාවත් ඇත්ත..ඕවට ඉතිං අපෙත් වැරදි ඇති. ඒත් ඉතිං ඕච්චර දේවල් හිත හිත ලියන්න බැහැ බං..හිතට එන ඕන මගුලක් ලියනවා ඇර.හැබැයි අර උඹ කිව්වා වගේ සින්ඩි ගැන හිතලා ලියනවා කිව්ව චෝදනාව මටත් අදාලයි කියලා මං අවංකවම හිතනවා..මොකද සින්ඩි වලත් මේක යන හින්දා මං පොඩ්ඩක් සංවර වෙලා වැඩියි වගේ..නැත්තං තව මීට වඩා කුණු කතා ටිකක් එළියට එන්න තිබුනා..

මං දැන් දවස් ගානක් තිස්සෙම ඔය ගැන හිතුවා..ඒත් තීරණයකට ආවේ නැතිව හිටියේ.සින්ඩි ගැන නොහිතා ලියන්නත් පුළුවන්.ඒත් ඒ රාමුව ඇතුලේ ලියන්න දේවල් තියෙන තාක් කල් රාමුවෙන් පැනලා ලියන්න ලොකු පෙලඹවීමක් ලැබෙන්නේ නැහැ.ඒ අතින් මං දුර්වලයි. බලමු ඉස්සරහටවත්..

කොහොම උනත් මල්ලියේ උඹේ සිහි කැඳවීම නං බොහොම අගෙයි..අර චානුක කිව්වා වගේ දොඩං ගෙඩි දෙකක් තරමට උස නැති නමුත් මේ පුතා තමා…

(අර කනෙන් අල්ලන කතාවට මට හිනා ගිය තරම උඹ දන්නවනං…)

වටිනා අදහසක්…..
බ්ලොග් අවකාශය කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ,විචාර ,ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් පහසු අවස්ථාවක්.නමුත් දැන් පවතින බ්ලොග්කරණ භාවිතයේ බොහෝ පිරිසක් තම තමන්ගේ හෑලි ,සහ කයිවාරු ඉදිරිපත් කිරීමට බ්ලොග්කරණය මාධ්‍යයක් කරගෙන. බ්ලොග්කරණය යනු වගකිවයුතු හැසිරවීමක් තිබිය යුතු දෙයක් කියා ඔවුන් තේරුම් අරන් නැති බවයි වැටහෙන්නේ..මෙහි පෞද්ගලික බ්ලොග් ප්‍රතික්ෂේප කිරීමක් නොව ඇතම් සංඥයමය නොමැතිව ,සිතුනු,එවෙලේ දුටු දෙයක් කරන්නනන් වාලේ පල කරන්නාවූ ලිපි නිසා බ්ලොග් අවකාශයේ වටිනාකම හරය සහ බර හෑල්ලු වී ඇති බව හුවා දැක්වීම අදහසයි .මෙය බරපතල තත්වයකි.මෙවැනි වූ අවභාවිතයන් නිසා බ්ලොග් කියවන්නන් අදාළ රසිකත්වය වෙන යම් දෙයකට ආදේශ කරගැනීමේ දෘශ්‍ය ප්‍රතික්ෂේප කිරීමක් පැහැදිලිවම පසුගිය කාලය තුල නිරීක්ෂණය විය…එය අප රටේ සිනමා ශාලා පාලු වුවා සේම නිහඩ ප්‍රතික්ෂේප කිරීමක අවදානම් අවස්ථාවක සිටිමු.හරවත් හා විචාරශීලී රසික සමුහයක් බිහිකර ගැනීමට බ්ලොග්කරුවන්ට සාධනීය මෙහෙවරක් කිරීමට විභවයක් ඇත.

සිංහල බ්ලොග් කළාව පිළිබඳ මගේ අදහස නම් ….

“සිංහල බ්ලොග් කළාව යනු digital spaceහි සුන්දරතම බිම් කඩකි” යි , මම සිතමි .විටක එතුල සුන්දර සිනවන් දෝරෙ ගලා යත්දි , තවත් විටෙක සහෘදයා පිළිබඳ සංවේදී බවෙන් පිරීගිය හෘදයාංගම මිත්‍රත්වයේ සුවඳින් පිරී යන්නේය එලෙසින්ම ආදරයේ සුන්දර හැඟීම් වලින් සාරවත්ව සුන්දර පැතුම් දළුලා වැඩෙන්නේ සුන්දර බිම් කඩ තවත් සොඳුරු කරමිනි . මේ සොඳුරු බිමේ ….පන්සලක , පල්ලියක හෝ කෝවිලකදී ලැබෙන , දැනෙන සිත් සුවයම විඳිය හැකි අධ්‍යාත්මික ගරු බිම් බොහෝය , කැටපෝලයේ පටන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ද කුස්සියේ ලුණු පොල්කට්ටේ සිට ඔබේ උකුලේ සුවයෙන් රැදී සිටින Laptop එක දක්වා ඇති තාක්ෂණයය පිළිබද ඔබේත් මගේත් දැනුම් පිපාස සන්සිඳුවන දැනුම් දැනුම් උල්පත් බොහෝය … ඉතින් මේ සරු බිමින් නිසි පලදාවන් නෙලා ගැනීමේ වගකීම ඔබ මා සතුය..

ඇවිත් බලන්න http://nursinglanka.blogspot.com මගේ අඩවියටත් , comments නැතුවට කමක් නැහැ ඇවිත් යමක් අරගෙන යන්න

“තව කට්ටියක් Social Media ගැන කොහෙන්හරි course එකක් කරල, ඒක ලංකාවට ඇප්ලයි කරන්න හදල ලංකාවෙ බිස්නස් “so called win-win situation” එකට කරන්න හදනව”

සිරාවට… 😀

මුලින්ම කියන්න ඕන හොඳ ලිපියක්. සහතික ඇත්ත කියලා තියෙන්නෙ. ඒත් මම හිතන විදියට මේ බ්ලොග් අවකාශයේ ගුණාත්මක බවින් පරිපූර්ණ බ්ලොග් නැහැ කිව්වොත් ඒක අමූලික බොරුවක්, වෙලා තියෙන්නෙ ගුණාත්මක බ්ලොග්වලට සාපේක්ෂව ගුණාත්මක බවක් නැති වල්පල් තියන බ්ලොග් වැඩි වෙච්ච එකයි.

ඒත් මම ඒකෙ වැරැද්දක් දකින්නෙ නැහැ, මොකද ඒ වල්පලුත් කියවන අය ඉන්නවනෙ, කවුරුවත් කියවන්නෙ නැත්නම් ඒ බ්ලොග් ලියන එක නවත්තයිනෙ ඒවා ලියන අය. මම හිතන විදියට තෝරා ගැනීම තියෙන්නෙ අපේ අතේ. අපි අපිට හොඳයි කියලා හිතෙන ගුණාත්මක බ්ලොග් විතරක් තෝරගෙන කියෙව්වාම ඉවරයිනෙ. අනිත් වල්පලුත් තියෙන්න ඕනෙ, නැත්නම් අපිට ගුණාත්මක බ්ලොග්, වල්පල් තියන බ්ලොග් කියලා වෙන් කරන්න බැරි වෙනවනෙ.

sbu එක ගැන කියනවානං ඒක ගැන මගේ අදහස් පහල දාලා තියන ලින්ක් දිහා කියෙව්වාම දැන ගන්න පුලුවන්.

මේක ගූගල් සමූහයේ ගිය ත්‍රෙඩ් එකක්
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/2a49fa6a395ff147/162208c0461f1afd

මේක sbu එක සම්බන්ධව දාපු ලිපියක් උඩ ත්‍රෙඩ් එක හා සම්බන්ධයි
http://sansarasidu.blogspot.com/2011/06/blog-post_26.html

මේක මගේ බ්ලොග් එකේ දාපු ලිපියක් sbu එකට මගේ බ්ලොග් එක ඇඩ් කර නොගැනීම සම්බන්ධව
http://pansalhandiya.blogspot.com/2011/05/sbu-sinhala-bloggers-union.html

මොකක්ද මේ ඊයෙ සීන් එක කියන්නේ? මම මේ දවස් ගානකට පස්සෙ දාන පළවෙනි කමෙන්ටුව. පොඩ්ඩක් ඊයෙ ගැන පැහැදිලි කෙරුවනම්… නිධාන කතාව නැතිව මේක තේරෙන්නෙ නෑ වගේ…

මට උඹේ පෝස්ට් එකෙන් වැඩක් නෑ.. ඊයෙ සීන් එකට ලින්ක් එකක් දාහං 😉

අනේ නෑ බංස් මම කවදත් සුළුවෙන්නේ… මට චැට් බැට් නෑ කොල්ලො.. පුළුවන් නම් මේලයක් එවන්ට! දැන් උනන්දුවත් ගියා වගේ…. ඒ නිසා නැතත් අවුලක් නෑ…. 😉

සුදාරක මලයා මම දාපු කමෙන්ට් එකයි ඒ ලින්ක් ටිකයි බලලා හරි හෝ වැරදි ගැන අදහසක් දුන්නොත් මොකද, කතා නොකර ඉන්න එපා …………

social media වලට ලංකාව තුල කරන්න පුලුවන් දේවල් එමටයි. කවුරුහරි වැරදි වැරදි හරි ලංකාව තුල මේවා පටන් ගන්න එක අගය කරමු. ටික ටික වැරදි හැදෙයිනේ

සිරාවට පොඩි එකෝ මාත් දැන් වැඩියේ බ්ලොග් කියවන්නේ නෑ,එහෙම කියවන්න කියල හිතෙන බ්ලොග් නෑ නේ දැන් වැඩියේ 🙁

ඔක සම්පුර්න ඈත්ත අපි අතිනුත් වෑරදි ඔනා නමුත් අපේ ලිපි වල කුනු කන්දල් නෑ අපි පිලිවලට වෑඩ කරනවා කොමන්ට් දාලා ප්‍රශ්න ඈති කරත් අපිට හරි මාර්ගය ගොඩක් කට්ට්ය පෙන්වපු නිසත් අපි අනිත් සින්ඩ් වලට මාරු උනත් අපි ඉල්ලුම් sbu අපිව නොසලකා හරින නිසයි මෙසේ ලිවුවෙ
රෙස්ලින්.lk team

ලංකාවෙ අන්තර්ජාලය සහ මිනිස්සු දැං හොද තත්ත්වයකට ඇවිත් තියෙනවා මීට අවුරුදු 10 – 15 කලින් බ්ලොග් එකක් තියා ගොඩක් මිනිස්සු කම්පියුට එකක් යූස් කරගන්නවත් දැනං උන්නේ නෑ ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු දැං දියුණුයි

ටෙලිවිෂන් කියන්නේ කලා මාධ්‍යයක් නොවෙයි, ඒ නිසා ටෙලි නාට්‍ය කියන්නේ කලා කෘති නෙමෙයි කියල තියෙනවා එක්කෝ හඳගම නැත්තම් ජයන්ත චන්ද්‍රසිරි.

මෙතන උත්ප්‍රාසය තමයි ඒ දෙන්නම හොඳ ටෙලි නාට්‍යකාරයෝ වීම.

බ්ලොග් ගැන මටත් හිතෙන්නේ ඒ විදියටයි.

මෙතන සරල වින්දනයක් මිසක් මහා විප්ලවයක් කරන්ණ පුළුවන් තැනක් නෙමෙයි තවමත්.

මං දැන් කතන්දර 400 ක් දාලා තියෙනවා. ඒ සේරම මං කැමති කතා (කීප දෙනෙක් එවපු ඒවත් දැම්මා, ඒවත් මං කැමති ඒවා).

පාඨකයෝ ගැන හිතලා කතන්දර ලියන්නේ කොහොමද? ඒවා තනිකර ප්‍රභන්ධ වෙනවානේ.

මං ලියන කතන්දර සේරම මගේ අත්දැකීම්, ප්‍රයිමරි හෝ සෙකන්ඩරි මුලාශ්‍ර.

අපි හැමෝම අපි කැමති දේවල් ලියමු, කියවමු.

මගේ අදහස ඒකයි. පරිනාමය සිද්ද වෙයි ස්වභාවිකවම. කෘතිම සිංචනය (ද මොකක්ද එක) අනවශ්‍යයයි.

සිංහල බ්ලොග් අවකාශයෙ කියවන්න වැදගත් දේවල් අඩුයි කියන එක නම් ඇත්ත… මගේ එකෙත් එහෙම වල්පල් දැම්ට ටික දවසකට… දැනටත් වල්පල් තමයි යනව ඇත්තෙ… 😉

සින්ඩි ගැන නම් දන්නෙ නෑ… මොකද මම ඒවට යැවෙනව අඩුයි…

සහතික ඇත්ත මලේ. නලිනි දොස්තර නෝනා ආවම බ්ලොග් අවකාශේ තිබුණු අඩුවක් පිරුන නේද?

සමහර විට මම ඔබ තරම් ප්‍රවීනයෙක් නොවන්නට පුළුවන් ..ඒත් මා හඳුනාගත් දෙයක් පැවසිය යුතුමයි …ඒ සිංහල බ්ලොග් පරිසරය තුලත් විවිධ රැළි පවතින බව , සින්ඩි මූලික වූ රැළි , හුදෙක් හිස් අදහස් පමණත් ඇති බ්ලොග් රැළි , විනෝදය මෙන්ම ජීවිතයට යමක් දෙන සටහන් මෙන්ම විවිධ විෂය කරුණු මත ගොඩ නැංවූ සටහන් පවතින නිසා , සිංහල බ්ලොග් අවකාශය යනු හදෙක් හිස් වූවකැයි කිව නොහැකි නමුත් එහි සමබර තත්ත්වය පවත්වා ගත යුත්තේ වෙනකෙක් ගේ බලපෑම් මත නොව පුද්ගලිකවමය…මෙහිදි හඳුනාගත යුතු වැදගත්ම දේ නම් බ්ලොග් සටහනක් තැබීම මඟින් ඔබෙන් අන්තර්ජාල පරිශ්‍රයට මුදා හැරෙන “ඔබේ අදහස් “ තවෙකෙක් ග්‍රහණය කරන්නට ඉඩ තිබෙනා බවයි …එමෙන්ම කියවා අවසන් වූ විට කාළය කා දැමු බව නොහැඟවෙන අයුරින් සටහන් තැබිය හැකි නම් අප සැමට මෙය උසස් , ප්‍රයෝජනවත් මාධ්‍යයක් බවට පත් කළ හැකි අතර මේ තුලට අත්දැකීම් ඇති වැඩිහිටියන්ද ඇතුළු වනවා නම් තවත් පලබර වන ඇතැයි සිතමි .

//සිංහල බ්ලොග් අවකාශය හිස් යැයි කියන්නෙක් වේ නම් // ඒ මතය පිටතට දමන්නට පෙර මගේ සටහනට ගොඩ වැදී හොඳ නරක පවසන්න ….ඔබට යමක් ගත හැකිවේ යයි සිතමි ..

http://www.sonduru.tk

Leave a Reply to Anandawardhana Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.