Categories
Social Media

සෝෂල් මීඩියාද? සෝෂල් ඩිසීස්ද?

මේ දවස්වල බලන්න එපැයි Twitter එකේ ආඩම්බර්! ලොකු ලොකු තැන්වලින් Twitter එකට බැහැල මාර්කටින්ග් වැඩ පටන් අරගෙන. ට්විටර් විතරක් නෙවෙයි. ෆේස්බුක් වලත් ඒ වගේම ලොකු මාර්කටින්ග් වැඩ. නොමිලේ යට ඇඳුම්, නොමිලේ කේක්, නොමිලේ iPad, ෆිල්ම් බලන්න ටිකට් සහ තවත් බොහෝ දේවල් ලබාගන්න කට්ටිය පොරකනව. පුද්ගලිකව මාත් කැමතියි නොමිලේ ලැබෙන කේක් කෑල්ලක රහ බලන්න. නිකන් දෙනවනං, ඕනෙ දෙමළ පත්තරයක්. එහෙම නේද? 😉

ඒත් මේ තරග වල ප්‍රමිතිය කොහොමද? මම දැක්ක එක්තරා මයිල් කැපීමට උදව් දෙන වෙළඳ භාණ්ඩයක්, ෆේස්බුක් හරහා පවත්වන තරගයක්. ඒ තරගය තමයි, තමන් පෙනී සිටින පුද්ගලික ඡායාරූපයක් අප්ලෝඩ් කරල, ඒකට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න එක. අනේ මේ ලස්සන ගෑනු ළමයි තමන් සුපිරිසිදුව මවිල් බෑ බවට සහතිකයක්, ෆේස්බුක් පිටුවට අප්ලෝඩ් කරල.

උන්ට හොඳනං අප්ලෝඩ් කරන්න, අපිට මොකද?

හරි. ඒව දැක්කම අපේ ඇහැත් ගිණිකන වැටෙනවා තමයි. ඒත් මේ අයගෙ පොටෝ වලට මොකද වෙන්නෙ? මොනවද මේ අයගෙ privacy policies? ලෝකෙ හතර වටේම අයට මේ පොටෝ බලන්න පුලුවන්ද?

ලංකාවෙ Adults වෙබ් අඩවි තහනම් කරපු එකේ. මේ ගැන අවදානම අඩුවෙන්න පුලුවන්. ඒත් ඊට වඩා දරුණුම දේ තමයි, මේ ෆේස්බුක් පිටුවලින් උස්සන ඡායාරූප, තප්පර දෙකක් ඇතුළත ElaKiri.com වගේ පට්ට ආතල් වෙබ් අඩවියක, OMG :O . Sexy Sri Lankan Girls වගේ thread එකක් ඇතුළට වැටෙන එක.

අන්තර්ජාලය ඇතුළෙ මේව වැටෙන එක අපිට නවත්වන්න බෑ තමයි. ඒත් කොහොමද තමුන් කසාද බඳින්න ලංවුනාම මනාල පාර්ශවේ වැඩිහිටියෙක්ට අහුවෙනව මේ වෙබ් අඩවිය. මෙන්න ඡායාරූපයක් තියෙනව. තමුන්ගෙ නෑදැ පුතා බඳින්නෙ මේ ගෑනු කෙනා. “අනේ පුතේ, මේ කොහෙවත් යන වෛශාවක්ව කසාද බඳින්න එපා, මං උඹට හොඳ එකක් හොයල දෙන්නං” කිව්වොත් තියෙන ආතල් එක? ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක් නේද?

තමන් වෛශ්‍යාවක් නොවුනත්, අන්තර්ජාලය ඇතුළෙ තමන්ගෙ වෛශ්‍යා ප්‍රතිරූපයක් නිර්මාණය වෙලා තියෙන්න පුලුවන්. Fake profile හදල සිඟිති ආතල් ගන්න දේශප්‍රේමී ලාංකිකයෙකුට තමන්ගෙ ඡායාරූප හොඳ සම්පත්!

මේ ළඟදි තව එකක්. එක්තරා ලංකාවෙ FM නාලිකාවකින් කරන වෙබ් පිටුවක ආදර ගීත ඉල්ලුම් කරන ගෑනු ළමයින්ට පැණි හලන නිවේදකයෙක් ගැන කතාවක් ගියා. ඉතින් අර ගෑනු ළමයට කෝ පුද්ගලිකත්වයක්? ඒක නිසා, සෝෂල් මීඩියා-සෝෂල් ඩිසීස් එකක් වෙන්න දෙන්න එපා!

හරිහැටි වෙබ් අඩවියක්, තමන්ගෙ වැඩසටහන ගැන හරියට සටහනක් ඒ ආයතනයට නැතිනම්, (බ්ලොග් එකක් ඒ ආයතනයට තියෙනවානං වඩා සුදුසුයි!) සහ හරිහැටි privacy policy එකක් නැත්තං ඒ අයගෙ දේවල් වලට නැවිල දෙන්න යද්දි පරිස්සමෙන්!

මා ප්‍රිය හිතවත් සෝෂල් මීඩියා නෝනාවරණි, මහත්වරුණි, කරන මඟුලක් හරිහැටි සම්මතයක් ඇතුව කරන්න. ඔබගේ නොමිලේ කේක් කෑල්ලට ඉස්තූතියි…

ප.ලි: ඔය දෙන කේක් කෑල්ල, යට ඇඳුම, ටොපිය, ඩිස්කවුන්ට් එක දෙන්නෙ ඇත්තටම නිකන් නෙවෙයි. වැඩිපුර නොහිතුවත් ලොකු මාකටින් propaganda එකක් ඇතුළෙ. ඉතින්, පරිස්සමෙන්.

20 replies on “සෝෂල් මීඩියාද? සෝෂල් ඩිසීස්ද?”

අර එළකිරියේ සින් එක මං අදුරන කෙල්ලෙක්ටත් උනා.. 😀 (try;)
කෙල්ල අයියා එක්ක කිරිකිට් මැච් එක බලන්න ගියපුවාගේ පොටොස් අනේ අර සෙක්සි ත්‍රෙඩ් එකක දාලා..
අනේ ඒකිගේ සෙක්සිය මංනේ දන්නෙ.. මාත් ඉතිං මුකුත් කිවේත් නැහැ..

ඔහොම ආතල් ගන්න උන් තමා ඉන්නෙ.. මෙවාට ඉතිං විසදුම් නම් නැ වගේ..!

සෝෂල් මීඩියා vs සුදාරක! the war is begun!

මොනව වුණත් ඇත්ත කාතාව. අපිට ඔව්ව දිරවගන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒ වුණාට ලංකාවෙ අපි විතරක් නෙවෙයිනෙ ඉන්නෙ. කුණු සංස්කෘතිකකාරයො ගොඩක් ඉන්න රටකට ඇමරිකන් කල්චර් එක බලෙන් adopt කරන්න ගියොත් (විශේෂයෙන් ප්‍රමිතියක් නැතිව) ඇතිවෙන ගැටලු ගැන ඉතිං කියන්න ඕනෙ නෑනෙ. ඒ හින්දා මේ දේවල් කරන මිනිස්සු ටිකක් තියෙන තත්ත්ව වලට හැඩගැහෙනවා නම් හොඳයි. සුදුසු දේ සුදුසු අයට නිසි ප්‍රමිතියෙන් නම් එච්චරයි.

ඊයේ සීන් එක සැරටම වැදිලා වගේ.
මගෙත් ලොකු විරෝධයක් තියෙනවා පෙරේරා අක්නල් කරපු වැඩේ ගැන :/

බට් ද වේ පොස්ට් ඉස් වෙරි ගුඩ්

පුහ්…

සුදාරක මලයාගේ කතාවට මෙනන් පහක්…

ගියාට අවුලක් නෑ සහෝදරය. ඒකෙ කිසිම වරදක් නෑ. පවත්වන අය එන අයව දැල් දාලා අල්ලගන්නකොට කෝ මේ අයගෙ win-win situation එක? :O

මලයා මලයා කේන්ති ගන්නේ මක්කටැයි? ආයේ ඉතිං සෝෂල් මීඩියා ඔය නිකං දෙන දේවල් දෙන්නේ අපිට ආදරේකට නෙමෙයිනේ. උන් නිකං දෙන සිංහල පත්තරයක්වත් නොගෙන ඉන්න එකයි ඇඟට ගුණ. 😀

ඒත් නිකන් දෙනව නම් කුරුලු උණ උනත් චෝයි කියල බදාගන්න අය තමයි වැඩි පුර ඉන්නෙ . ඕව විතරක් නෙවෙයි ඇයි කට්ටිය පැය ගානක් ඇඩ් කිලික් කොරන්නෙ ඩොලර් සත කාලක් විතර එකතු කරගන්න . ඇහුවාම කියන්නෙ . නිකන් හම්බවෙන නිසා කීය නත් කමක් නැ කියලනෙ

“වැඩිපුර නොහිතුවත් ලොකු මාකටින් propaganda එකක් ඇතුළෙ”

මම දවසක් කීව උඹට මතකද දන්නෙ නැහැ, ඕනෙම දේකට සල්ලි කියන දේ ඇතුළු වුනාම මනුස්සකම බල්ලට යනව කියල. ඒකමයි නේද මේ වෙන්නෙ?

එක මචං උංගෙ වැඩක්…
යට ඇදුමකට තමන්ගෙ අනාගතය හරි කසාදෙ හරි බිල්ලට තියන්න පුලුවන්නම් උන්ට ___ කියන එකේ වැරැද්දක් නෑ…
අනික බං අනතර්ජාලෙ කියන්න ෆේස් බුක් විතරයි කියලා හිතාගන ඉන්න සමහරුන්ට privacy policies ගැන අවබෝදයක් ඇති කියලා හිතනවද? ලංකාවෙ 30% තොරතුරු තාක්ශන සාක්ශරතාවයේ මහිමය

නිකන් කණා මුට්ටි බිදින්නා වගේ පොල්ල වන වන යන්නේ නැතුව කෙළින්ම ගැහුවනම් නේද හොඳ? නැතිනම් අහක ඉන්න මිනිස්සුන්ගෙත් ඔළු පැලෙන්න පුළුවන්.
ඔයා මේකට බ්ලොග්කරුවනුත් සම්බන්ධයි කියලා වෙන පෝස්ට් එකක ලියල තිබ්බ නිසා කියන්නේ.

“ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ” කියන්නේ කට කහනවට නෙවෙයි වෙන්නැති නේ…. 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.