Categories
Uncategorized

පසුබිමේ කතාව | Behind the scenes

මේ පසුගිය 17 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ එලිදැක්වුන අලුත් සිංහල චිත්‍රපටයක්. නම විතරයි ඉංග්‍රීසි. කතාව සිංහලෙන්.

චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙව. මීට අවුරුද්දකට කලින් සාහිත්‍ය ඒකකයේ සභාපති.

දැන් ලොකු ළමයි!

චිත්‍රපටය නරඹන්න ආපු බොහෝ දෙනා කිව්වෙ මේක අමුතුම චිත්‍රපටයක් කියලයි. නරකක් නොකී තරම්. ඒ, බොහෝ විට මේ චිත්‍රපටිය තාමත් එපමණ අත්දැකීම් නොමැති තරුණ කණ්ඩායමක වැඩක් නිසා වෙන්න ඇති.

තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක රජීව සහ ඔහුගේ තුන් දෙනාගේ කණ්ඩායම, පාසලෙන් ඉවත් වුනායින් පසු වාණිජ මට්ටමේ සුවිසල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට ඇතුළත් වීමට දරන උත්සාහය මේ චිත්‍රපටියේ කතාවයි.

සරල සැහැල්ලු රංගනයකින් මේ චිත්‍රපටයට දායකත්වය දක්වන්නේ රජීව රාමනායක, දිනිඳු ඒකනායක, පියුමාල් සමින්ද, නිරන්ග කළුආරච්චි, රුවෙන්දි වක්වල්ල ඇතුළු තරුණ කණ්ඩායමක්. චිත්‍රපටයේ කැමරාකරණය චානුක ඩිමෙල්ගෙන්. චිත්‍රපටය ලියන්නේ තුන්දෙනෙක්. ඒ සුපුන් සුදාරක, කෝසල සෙනෙවිරත්න සහ ලක්පති විජේසේකර. චිත්‍රපටියෙ නිෂ්පාදන කළමණාකරු චිරත් අබේසිංහ. සංස්කරණය සමූද්‍ර උමයංගගෙන්.

අධ්‍යක්ෂණය, ලක්පති විජේසේකර.

චිත්‍රපටයේ පැත්තක දායකත්වය අපෙනුත් තියෙන නිසා චිත්‍රපටය විචාරය කිරීමේ අයිතිය තරමක් දුරට ගිලිහීම අභාග්‍යයක්. නමුත් දායකත්වය දැක්වීම ඊටත් වඩා විශාල භාග්‍යයක්.

අලුත් චිත්‍රපටයක්. වැඩි විස්තර පසුව දෙන්නම්.

ඡායාරූප සහ තවත් විස්තර කිහිපයක් මෙතැනින්: http://films.lk/FilmDetailsComing.php?id=1991

ජය!

පලි: නොයෙකුත් කාරණා මත සති ගානක් හිතේ කම්පනයෙන් හිටිය නිසා මුකුත් ලියන්න හිතුනෙ නැහැ. ආයෙත් හිත යථා තත්වයට ආවේ ඊයේ චිත්‍රපටිය එලිදැක්වීමේ අවස්ථාව නිසා. ඉතින් ඒකට දායකත්වය දැක්වීමෙන් හැදුන හිත නිසා දැන් හිත කම්පනයෙන් නිදහස්.

සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීමේදී හමුවෙමු!

19 replies on “පසුබිමේ කතාව | Behind the scenes”

මගේ සුබ පැතුම් 🙂
සෑහෙන ලොකු වැඩක් නේ. මේක නැවත ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන් කියන්න. නරඹන්න ඕන.

ජය වේවා!

පින්තරටික බැලුවම පේනව ගොන්පාට් එකක් කියල. කතාව ලියන්න උබත් හවුල් උනානම් අනිවාර්යෙන්ම ඒක ගොං කතාවක් වෙන්න ඇති. ලංකාවේ මෝඩයෝ ගොඩක් ඉන්න නිසා උඹලගෙ ෆිල්ම් එක බලන්නත් කට්ටිය ඉදියි බයවෙන්න එපා.සිංහල සිනමාවේ අන්තර්ජාල නියෝජනය කියන්නෙ මොකක්ද? අප්පට උඩු අන්තර්ජාලය උබලගෙද :p

ගොන්පාට් එකක්ද නැත්ද කියලා බලාගන්න වෙන්නේ නම් චිත්‍රපටිය නරඹලාම තමයි. ඒක නිසා ගොන් පාට් කතා ගැන ප්‍රතිචාර මට දෙන්න බෑ. කොහොම වුනත් මේ චිත්‍රපටිය මෝඩයෝ විසින් හෝ නරඹනවා ඇති.

කොහොමනමුත් ඔය link එක දීලා තියෙන films.lk වෙබ් අඩවිය මේ චිත්‍රපටයට සම්බන්ධයක් නැහැ. ඒක සාමාන්‍ය චිත්‍රපටි ගැන සඳහන් වෙබ් අඩවියක්. ඒක නිසා අන්තර්ජාලය අපේ නෙවෙයි. ඔය ප්‍රශ්නය ඒ වෙබ් අඩවියේ අයිතිකරුවන්ගෙන් ඇහුවා නම් තමයි හොඳ. ඒ ඔබේ දැනුවත් වීම පිණිසයි. 🙂

අපේ කොල්ලෙක්ගේ වැඩක් නේ ඇත්තටම සතුටුයි. මල්ලිලාට නංගිලා සෙට් එකට සුභ පැතුම් තවත් දිගු ගමනකට…………….

හොඳ වැඩක්.., උණුසුම් සුභ පැතුම්..! ජය වේවා කියා පතනවා..! ඊළඟට Screening Event එකක් තියේ නම් කියන්න.., ආසයි බලන්න..!
ජය!

පොඩියට හරි පුළුවන් තරමෙන් මොනවා හරි කරන එකට .. suba පතනවා නෙමේ . එහෙම උන් එනවා මෙතන සිංහල සිනමාව ගෙන කියවන්න . මුන් වගේ හේත්ත ඉන්න කන් සිනමාවට විතරක් නෙමේ රටටවත් හොඳක් වෙන්නේ නේ . තෝ වගේ ගොනෙකුට විතරි ..film එකක් බලන්නේ නෙතුව “Gon Part” කියල කියන්න පුළුවන් . ගොන් හරකෝ ඉස්සෙල්ල බලල එක වෙරදී නම් උන්ට එක හදා ගන්න උදව් කරපන්. උඹ තමි මෙතන ගොන් පාර්ට් කාරය

Leave a Reply to Siripalage Puka Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.