අසාමාන්‍ය කුමුදු 6

මේ මා‍ වෙත බ්ලොග් අඩවියේ පළ කරන මෙන් ඉල්ලා සිටිමින් විද්‍යුත් තැපෑලට එවන ලද්දාවූ කුමුදු පින්තු මහත්මා පිළිබඳ ලිපියකි. කර්තෘ අඥ්‍යාතයි. ඔහු පවසන අන්දමින් ඔහු කුමුදු පින්තු මහත්මාගේ පාඨශාලයීය ජීවිතයේ සමකාලීනයෙකි.

වනචර කෙල්ල. (කෙටි කතාවකි) 42

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය. හ්ම්… යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා ...

කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව… 9

බ්ලොග් කියවන පාඨකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් බ්ලොග් අඩවි අතර නම ගිය බ්ලොග් අඩවියක් වුන “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියේ කතෘ කුමුදු පින්තු මහත්මාගේ අභාවය සමස්ත සිංහල බ්ලොග් අවකාශයම ශෝකයෙන් පිරවූ ප්‍රවෘත්තියක් වුණා. කෙසේ හෝ ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් පසු මිතුරකු සමඟ ඔහුගේ නිවසට යාමට අවස්ථාව හිමිවුවත් අවාසනාවට ඔහුට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි නොවූයේ තවමත් ...

වරද කාගෙද? 12

සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් ...

කාලෙකට පස්සේ… ආයෙමත්. 11

මේ දවස්වල මුකුත් ‍නොලිව්වට මොකද, හිතේ නම් තිබුනෙ ලියන්නම කියලයි. ඒත් මොනව කියල ලියන්නද? ජීවිතේ එන්න එන්න සංකීර්ණ වෙනව. උසස් පෙළත් අත ළඟ. මේ අගෝස්තු වල ලියන කණ්ඩායමෙන් පස්සෙ ඊළඟට හෙනහුරා වැටෙන්නෙ අපේ ඔළුවට. හරි. කමක් නෑ කියමු. උසස් පෙළ කියන්නෙ සැඟවුනු ආශිර්වාදයක්. මේ දවස්වල සෑහෙන්න ප්‍රමාණයක් වැඩ කෙරෙනව. පුලුවන් තරම් කාල කලමණාකරණය කරගෙන හැම ...