Categories
ආදර සිතුවිලි ගීත

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න

[youtube=http://www.youtube.com/watch?v=1YudWDXULps&hl=en_US&fs=1&rel=0]

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: ධම්මික බණ්ඩාර
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා

සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!

හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.

ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.

සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.

ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.

43 replies on “කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…”

අපෝ… උඹ වැඩක් නෑනෙ බං! (joke) 😉

මං නං මේ ආයෙ ආයෙත් අහනව. ඒකෙ හරි අමුතු ගතියක් දැනෙනව නෙව. අර්ථ දැක්වීම සිරා කිව්ව‍ට, මෙන්න මාගේ හද පිරි ස්තූතිය! 😉

ඔකේ ලියපු කෙනා කෙනෙක් මහාචාර්‍ය කෙනෙක් මට මතක විදියට, ලගදි රූපවහිනියේ ගිය “සඳ රඟ මඬල” කියන වැඩසටහනේ දෙවනි එකට ඇවිත් හිටියේ අමරසිරි පීරිස්. ඔතනදි ඕක ලියවෙන්න හේතුවත් කියවුනා.. එක සත්‍ය සිදු වීමක්. අත් දැකීමක්. ඒ කතාව මගේ සටහනකින් ඉස්සරහට කියානනම්.

ප්‍රශ්නයක් ? අයි දැන් අහස් නැත්තේ……

this is one of my favorite songs…. hithannath ba asa na kiyala ekata. mata nam meka ahenakota husma hira wenawa wage mokadda wenawa

මටත් අහන්න තියෙන්නේ කැනඩාවට පායන සඳ ලස්සනයිද කියන්න කියලා තමයි. 🙂 පහුගිය දවස් ටිකේම එක දිගටම අහපු ගීතයක්, අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬ ඒ සින්දුව ඇහුවම හිතට දැනෙන දුක තීව්‍ර කරනවා කියලා මට හිතෙනවා.

මට පුදුමෙ කියන්නෙ, මට දුකක්වත් සතුටක්වත් දෙකින් එකක්වත් නොදැනෙන එක. ඔහේ කනේ හෙඩ් සෙට් එක ගහගෙන සින්දුව අහගෙන හිතෙන් එක එක විචාර දෙනව. 🙂

“කැනඩාවට පායන සඳ ලස්සනයිද කියන්න කියලා තමයි.”

මොකාක්? මට කිව්වෙත් නෑනේ???

මට අහන්න තියෙන්නේ ඉතිං නුවරට පායන හඳ ලස්සනද කියලා තමා ඉතිං. හැබැයි ඒ වෙනුවට රොබරෝසියා මල් ගැන ඇහුවේ. 🙂

විචාරය නම් එළකිරි වගේ කරලා තියෙනවා සුදෝ…..මාත් මේ සිංදුව කලින් අහලා තිබුනත් මේ විචාරයෙන් පස්සේ තමා මට හරියටම ඒ සින්දුවේ අර්ථය වැටහුණේ….100%

මටත් ටිකෙන් ටික සින්දුව තේරුම්ගන්න වෙලා ගියා, සින්දුව තේරුම්යනකොටයි සින්දුවට ඇලුනෙ එකපාරටම. මේ ලියන වෙලාවෙත් ආයෙ ආයෙත් අහනව. ඒක මරු! 🙂

මටත් සින්දුවේ අමුත්තක් දැනුනා ,ඒ සින්දුවට කැමති.. අකමැති ගතියක්
කොහොම උනත් උඹෙ විචාරෙත් කියෙව්වට පස්සේ සින්දුවේ අර්ථය ගැන අමුතු කැමැක්තක් අවා හොද විචාරයක් ලොක්කා

මම ඔය සිංදුවට ආසයි කියන්නේ, මාරම ආසයි…
ඇයි මල්ලී, තව උඹ ආසා නැද්ද මේ සිංදුවට අමරසිරි පීරිස්ගේ???

http://www.youtube.com/user/pissagelokaya#p/a/f/0/82NxYwRIokw

ඔබ ආයේමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්…

උන්නු දා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි, දිගු කාළයේ
හිත හදා ගත්ත විතරයි,
ඔබ ආයෙමත් ඇවිදින්…………..

දෑස අග මල් පිපී සැළුනත් කොයිතරම්
එක මලක්වත් සුවද නැතිවිය, ඔබ තරම්..
නුඹ නොදැක සිටි ඒ කාළයේ
නෙත කඳුළු මැකුනා විතරමයි,
ඔබ ආයෙමත් ඇවිදින්…………….

අහලා බලන්නකෝ. උඹත් ආසාවෙයි මේකට..

අහ්, ඒ සින්දුවත් මරු. 🙂 ඒත් මට පුද්ගලිකව ඇඟට වැදුනෙ නැහැ. ඒ, අත්දැකීමක් නොවෙන නිසා වෙන්නත් පුලුවනි. 🙂

ලස්සනට විමසලා තියෙනවා..! ආදරය කියන දේ ගැන ඇත්තටම ප්‍රතිශතික වශයෙන් පෙන්නන්නට තරම් මම එය විඳ නැතත් ටික කලක් හෝ විඳලා තියෙන නිසා වෙලාවකට අහන්න හිතෙනවා…,
” පාදුක්කට පායන හඳ ලස්සනයි ද කියන්න ” කියලත්..,
ඒත් ඒක අහන එක තේරුමක් නැති වැඩක්..! හරිම ලස්සන ලියමනක් මල්ලි..!

ජයෙන් ජය ම පතනවා..!!!

ඔය ආදරේ හරිම අමුතු දෙයක්. එක එක අයට, එක එක විදිහට දැනෙන්නෙ කියලත් වෙලාවකට හිතෙනව. මොනව වුනත්. ආදරය-ආදරයමයි. 🙂

විචාරය නම් එළටම ලියලා තියෙනවා. සිංදුවනම් කලින් අහලා තිබුණේ නෑ. හැබැයි දැන් ඇහුවා. සිංදුවේ අර්ථවත් බවනම් ඉහළයි. ඒක ඔබේ විචාරයෙනුත් ‍හොඳටම පේනවා. ලස්සන සිංදුවක් කියලා කියන්න පුළුවන්. ඔය විචාරයේ තියෙන කතාවම නැවත රූපරචනාවක් විදියට ප්‍රතිනිර්මාණය කරලා මේ සිංදුවත් එක්ක අහන්න තියෙනවනම් මගේ හදවතට තදබල ලෙස දැනේවී. ඒක ෂුවර්. බො‍හොම ස්තූතියි සහෝ ගීතයේ රසය අපිටත් භුක්ති විදින්න සැලැස්සුවට!

මේ සින්දුවේ තියෙන වටිනකම කියන්නේ, හැමදෙයක්ම අකුරු අතරෙ ලස්සනය හංගලා හැමදෙයක්ම සංක්ෂිප්ත කරල තියෙන එක. ඒකෙන් නිදහසේ අර්ථ ගොඩනගාගන්නත් අපිට ඉඩක් හැදෙනව. අර කිව්ව වගේ, සිංදුවට ගැලපෙන රූපරචනාවකුත් නිර්මාණය වුනා නම්, මරු!

නියමට අර්ථදක්වලා තියෙනවා. පදරචනය කරපු කෙනාත් ඔය විදියටම හිතන්න ඇති.

සමහරවිට පදරචකයා මීට වඩා වෙනස් අර්ථ ගැන හිතුවා වෙන්නත් බැරි නැහැ. කොහොමවුනත්, මේ වගේ පදරචනයක් ලියන්න පුදුම හැකියාවක් තියෙන්න ඕනෙ. අතිවිශිෂ්ටයි. මම දැනගත්ත විදිහටනම්, මේ සින්දුවේ පද රචනය ස්වර්ණා දිසානායක කියල කෙනෙක්, හරියටම ෂුවර් නැහැ.

තමන්ට හිමිවෙලා තිබ්බ හදවතක් වෙනකෙනෙකුට පවරලා දීලා ඒ දෙන්නට සුබපතලා ඉවත්වෙලා යාම !
මේ වගේ දෙයක් කරන්න තරම් ශක්තිමත් හදවතක් තියෙන ප්‍රේමවන්තයෝ බොහොම ටිකයි ඉන්නේ…ඒ ටික දෙනා වෙනුවෙන් ලියවිච්ච ගීත තියෙන්නෙත් ටිකයි…
(කරලම බලන්න ඕනෑ ඕකේ රගේ තේරෙන්න :D)

සිරාවටම මචෝ කරලම බලන්න ඕනි ඒක නම් තේරෙන්න,එහෙමත් කරලා හැමදාම ඒකෙනා දැක දැක එහෙම ඉන්න එකත් හරිම අමාරු දෙයක්

ගොඩක් දැනෙන ගීතයක්. විස්තරෙත් හරිම අනර්ඝයි .
මෙල්බර්න් නුවරට හඳ පෑව්වත් උඹ කවදාවත් තනිවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ මලයෝ…

කියන්න දෙයක් නැහැ සුපුන් .. මගෙ බ්ලොග් එකෙ තිරුවෙ මෙ සින්දුව දැක්ක ගමන් මම මෙතනට ආවා ඔයා මෙ ගැන මොනවද ලියලා තියන්නෙ කියලා බලන්න.. මෙ සින්දුව මම ගොඩාක් කාලෙක ඉදන් අහාන සින්දුවක් නමුත් තාමත් එපා වෙලා නැහැ.. තාමත් හිතට වැදිලා තියනවා…
සුපුන් මෙ සින්දුවෙ සරල අර්ථයත් හරිම ලස්සනයි… මෙ ගේය පද නිර්මාණය කවුද දන්නෙ නැහැ නෙද

ඕක කිව්වට කරන්න නොවැ අමාරුව තියෙන්නෙ. 😀

උඹේ විචාරයනම් නියමයි මචෝ. පට්ට !!!

සිහින තරු වැඩ සටහනට හුගක් අය බැන්නත් එකෙත් හොදක් තියෙනව, හුගක් පරන වැඩිපුර අහන්න ලැබෙන්නෙ නැති ගීත ගොඩක් ඒ වැඩ සටහනෙන් අහන්න ලැබුන ඒ වගේම හුගක් අපි නොදන්න සංගීත ශිල්පීන් ගැනත් දැනගන්න ලැබුන,

සමවෙන්න ඔනෙ ලිපියට අදාල නැත්ද මන්ද අදහස 🙂

මම නම් කල්පනා කලේ මල්ලී මේ සිංදුව වගේ එකක් මේ විදිහට ගියොත් කාට කියන්න වෙයිද දන්නේ නැහැ කියලායි. ඒ සම්මානය ඔයාටද? එයාටද? නැත්නම් දෙන්නාටමද?

මාරයි කොල්ලෝ . . පිස්සු හැදෙනවා . .

මේ ගීය නිතර අහලා තිබුනත් මේ තරම් ලොකූ කතාවක් . . ජීවිතය හා බද්ධ වුනු ලොකූ කතාවක් මේ ගීතය ඇතුලේ ජීවත් වෙනවා කියලා තේරුනේ උඹේ විචාරය කියෙව්වට පස්සේ . .

මැක්සා . .

උබ බොක්කටම වදින්න ලියලා තියෙනවා කොල්ලෝ . . .

අනාගතයේ දක්ශ විචාරකයෙක් ගේ කලාකාරයෙක්ගේ ආගමයේ හෙවනැළි දැකපු මගේ හිත සතුටින් පිරිලා . . ඇත්තමයි . . .

oya sinduwa ape bio panthiya anthima dawase agith sir hareyatama terum karala dunna
ela ela

ලතා මඩුළු අතවනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න…

මම නම් මේ පද දෙකට හරිම කැමතියි.. මාර ගති… ස්තූතියි…

මාත් ආසම සින්දුවක්….. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ….. විචාරෙත් පට්ටයි 🙂 අර Confiuzd ප්‍රෝග්‍රැමර් කියල තියනවා වගේ ඕකෙ අන්තිම පද පේලි දෙක කියන්න නම් හරි ශක්තිමත් වගේම හැම දේම උපෙක්ශවෙන් ඉවසාගන්න පුලුවන් හදවතක් තියෙන්නෙ ඕනෙ…. මලයාට සින්දුවේ ඉතුරු ටික කියන්න අවස්ථවක් නොලැබේවා කියල මං ප්‍රර්ථනා කරනවා… 🙂

මං හිතනව වරදිලාවත් කෙල උනොත් මටත් එහෙම ඉවසන්න පුලුවන් වෙයි කියලා :D….

අනේ යකෝ මේක බූට් සින්දුවක් නේ බන්,මේකේ ඇති දුරස්ථ ආදර බම්බුවක් නෑ බන්,

“අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…”

මේ කියන්නෙ වෙන කොල්ලෙක් එක්ක යන්න කියලානේ,

“ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…”

මේ නම් කියන්නෙ උඹ වගේ පොඩි උන්ට නොගැලපෙන දෙයක් ගැන 😛 ලව’ස් ලේන ගැන වගේ මට නම් හිතින්නෙ 😉

මෙ සින්දුවේ අර්ථය මීට වැඩිය ගොඩක් ගැඹුරුයි

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

මෙකෙන් කියන්නෙ වෙන කෙනෙක් එක්ක යන්න කියන එකට වැඩිය,
හිතන්න කොල්ලෙකුට පුලුවන්ද තමන්ගෙ කෙල්ලට වෙන කෙනෙක් එක්ක යන්න කියන්න.මෙකෙදි කථාව කියන කෙනා නැත්නම් පෙම්වතා හදන්නෙ ඉදිරියේ එන අමිහිරි යථාර්ථයට මූණ දෙන්න හිත හදා ගන්න..ආදරෙකදි කටින් කියන දෙයට වඩා ලොකු දෙවල් තියනවා..එවා දැනෙන්න ඇත්තටම ආදරය කරලා තියෙන්න ඕන……

මම වැඩිය classical අහන්නෙ නැ
හැබැයි අමරසිරි පීරිස්ගේ සින්දු වල මොකක්දෝ මෙව්වා එකක් තියෙනවා කියලා නං දන්නවා 😛

anyway
සින්දුවනං උපරිමයි

මේවගේ post එකක් දැම්මට උබට පිං

මං පොඩි කාලේ කියවපු කවි පොතක තිබුණු එක කවියක පද දෙකක් මෙන්න.

ගත සිත නලවන කඳුකරයට මෙන්
ගංගොඩවිලටත් හඳ පායයි!

harima lassanata theruma liyala thiyanawa………you have a good future.keep it up buddy.

niyama sinduwa putha.. ube idea ekath maxa..
habai mama hithannne anthimata kiyanne wena ekek ekka set wenna kiyana eka neda?

“ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…”

mata hithune ehemai..

මේක මට ලියපු සින්දුවක් ද කොහෙද. මට කියන්න තියෙන්නෙත් හන්තානට පායන හඳ ලස්සනයිද කියල තමයි….ඒත්….මමත් එහෙ හිටියා.දැන් ‍මං කොළඹ . ඒත් එයා තාම එහෙ…දැන් එයාට කවුරු හරි ඇති….මං බෝට්ටුවෙන් කොළඹට ආවට පස්සෙ කිසිම විස්තරයක් දන්නෙ නෑ…

ඉතාම මියුරු ගීතයක්…..ශක්තිමත් පද ගැලපීමක් …
විචාරය ඉතා සාර්ථකයි….දිගටම විචාර ලියන ලෙස ඉල්ලමි

malayo samawena sinhala akuru nati unata…peradeniye nounata mat sarasawiyaka thama padha galapanwa…game ina punchi kale hodama yaluwa {eya pirimi lamayek unat mage hodama yaluwa} text krala me sinduwa ewwama tama mat meka ahuwe….mat asama sinduwak….e wagema e text paniwidaya asse mage yaluwa mata nokiyapu loku katawak hangila thiynwa wage mata danenwa………….sindu wicharaya nokrana oya me gana liyala tiynwa dakkama danune loku sathutak.

Leave a Reply to පිස්සා Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.