Skip to content

මැරතන් දිවීම සහ තවත් අතුරු කතා.

අප්‍රේල් 25, 2010

කොහොමින් කොහොමින් හරි තුන්වෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්වට ලිවිල්ලෙන් සහභාගී වීමට හිටියත් ‍මොකද, හිතේ කිසිම ඒකාග්‍රතාවක් නොමැති වීම සහ මෙවර මැරතන් ඉසව්වට සහභාගි වුනේ මැරතන් මූලස්ථානයේ සිට නිසා වීමත් හේතු කරගෙන මගේ අතින් කිසිම දෙයක් ලියැවුනේ නැහැ. ඒ ගැන බ්ලොග් අඩවියේ කියවන්නන්ගෙන් සමාව ඉල්ලන්නයි මේ ලිපිය විශේෂයෙන් ලියන්නෙ.

මැරතන් ලිවිල්ලට මැරතන් මූලස්ථානයට ගිහින් නිදි මැරුවට මොකද, එතනට එකතුවෙලා හිටපු මලින්ත, කාලිංග, තිළිණ, සූ, බුද්ධික, ඉන්ද්‍රනාම සහ කාලිංග මෙනෙවිය (හෝ මහත්මිය) එක්ක සතුටු සාමිච්චියේ යෙදීමත් එක්තරා ආකාරයක අපූරු අත්දැකීමක්.

(අතුරු කතා: කො‍හොම නමුත් මම ගෙදරින් පිට හිඳීම එක්තරා කෙනෙකුට නම් අපූරු අත්දැකීමක් වුනේ නැහැලු. ඇයත් නිදිමරාගෙන, පැයෙන් පැය නින්දෙන් අවදිවෙමිනුයි ඉඳල තියෙන්නෙ)
මොනව වුනත් මට දැන් වෙරි වගෙයි. වෙරි වෙන්න ‍බොන්නම අවශ්‍ය නැහැ. නිදිමැරුවම හොඳටම ඇති. :) මේ ලිපිය ලියල සෑහෙන්න හොඳ නින්දක් දාන එකයි දැන් මගේ එකම බලාපොරොත්තුව.

කොහොම නමුත් ඊළඟ මැරතන් එකේ හරි ලියන්නයි හිතාගෙන ඉන්නෙ.

‍කො‍‍හොමහරි මේ දවස්වල මගේ හිතට නම් කිසි නිවනක් නැහැ. ඒකම හේතුවක් වෙන්න ඕනෙ මේ කවදාවත් නැතුව බ්ලොග් ලිවිල්ලත් ‍නොලියවෙන්න හේතුව. කොහොමහරි හිත සැහැල්ලුවෙන් තියාගෙන ජීවිතය ගෙනියන්නයි මට ඕනෙ. බලමු. පුද්ගලයෙක් වයසෙන් වැඩිවෙනකොට තමන් මත ගොඩගැහෙන වගකීම් කන්දරාව ගැන තේරෙන්නෙ දැනුයි.

පොඩිකාලෙ ඉක්මනට කාල ලොකු වෙන්න කියල බලෙන් කැවුවෙත් මේ වගකීම් ගොඩ අපිට දැනෙන්න දෙන්නද කියලත් මට හිතෙනව.

ඒ නමුත්, අපිත් හෙන ආසාවෙන් කෑම කෑවෙ ඉක්මනට ලොකු වෙන්න ඇති ඕනෑකම නිසාත්, කවපු අයට වරදක් පටවන්නත් බැහැ.

මට මේ වයසට මෙහෙමනං, මට බය තියෙන්නෙ තව අවුරුදු දහයක් පහළොවක් යද්දි කොහොම වෙයිද කියල.

ඒ වුනාට ඉතින් බයවෙලත් බැහැ නෙව. ජීවිතයට මුහුනදෙන්න ඕනෙ.

සතුටින්. :)

ප්‍රතිචාර 7 leave one →
  1. Ansh Lucky Sri Jay permalink
    අප්‍රේල් 25, 2010 1:41 ප.ව.

    පොඩි කාලේ බලන් ඉන්නවා ඉක්මනට ලොකු වෙනකම්, ලොකු කාලෙට ආවට පස්සේ හිතෙනවා අනේ, පොඩි කාලෙම උන්නානම් හොඳයි කියලා. මොකෝ අප්සෙට් එක මල්ලියේ??
    :)

  2. අප්‍රේල් 25, 2010 4:04 ප.ව.

    බයිට්වුන බයිට් විල්ලෙ හැටියට, ටිකක් නිදාගන්න එක හොඳයි

  3. අප්‍රේල් 25, 2010 4:19 ප.ව.

    සුපුන්ව වැට් එකෙදි දැක්කෙ නැහැ..

  4. අප්‍රේල් 25, 2010 9:13 ප.ව.

    ඕවා ඔහොම තමයි … දැන් කීයද වයස ?

  5. අප්‍රේල් 25, 2010 10:42 ප.ව.

    මොකෝ මලයෝ ?

  6. අප්‍රේල් 25, 2010 10:44 ප.ව.

    understanding is most important factor in life. If do any thing with better understand it will become better success and visa versa.

  7. අප්‍රේල් 26, 2010 12:04 පෙ.ව.

    මම නම් මේ දහ අට පිරෙනකන් බන් බලන් ඉන්නෙ……ඉතකොට ඉතින් ෆුල් ජොලිනෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS