Skip to content

මැතිවරණ කතා

අප්‍රේල් 13, 2010

ජීවිතේ කුණාට සමය පහු කරගෙන ටිකෙන් ටි‍ක ඉදිරියට ඇදෙන මේ වයසෙදි මට නං ලංකාවෙ සිස්ටම් එක ගැන තියෙන්නෙ පුදුම අප්සට් එකක්. සිස්ටම් එකට අදාල නොවන‍ කෙනෙක් සිස්ටම් එකේ බලෙන් හිරකරල තියෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරපු අති බහුතරයකගේ තත්වයත් එහෙම වෙන්න ඕනෙ.

වෙනද ඡන්ද ප්‍රතිඵල බලන්න රෑ නිදිවරාගෙන ඇස් ඇරගෙන ඉන්න මම, මේ පාර ඡන්දෙදි රූපවාහිනිය ඉස්සරටවත් නොගිය එක මට මම ගැනම ප්‍රශ්නාර්ථයක් මතුකරපු දෙයක්. මොනව වුනත් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය හිමිකරගත් මේ දේශපාලනික ජයග්‍රහණය අනෙකුත් පක්ෂ වලට සාපේක්ෂව අති විශිෂ්ට ජයග්‍රහණයක්. දේශපාලන කටයුතු වි‍ශ්ලේෂණය හරියට සිදුනොවුනොත් වෙන්නෙ ලොකු අඩුපාඩුවක්. මේ මැතිවරණය “සාධාරණ හා නිදහස් මැතිවරණයක්” වුනා නම්, මේකෙන් පේන්නෙ ශ්‍රී ලංකාවෙ බහුතර ජනතාව පවතින ක්‍රමයට විරුද්ධ බවත්. ආණ්ඩුවට ඡන්දය දුන් අය පැවති ආණ්ඩුවට ඡන්දය ලබාදෙන්නේ යුධ ජයග්‍රහණයත්, පාරවල් කාර්පට් වීම නිසා සහ ගුවන් පාලම් ඉදිවන නිසා බවත්, ගුවන් තොටුපලවල් හා වරායවල් ඉදි‍වීමේ අපේක්ෂාවෙනුත්, රටේ “භෞතික” දියුණුව පිළිබඳ පැහැදීමෙනුත් බවයි පේන්න තියෙන්නෙ.

කිසිම පක්ෂයකට ඡන්ද නොදුන් අති බහුතරයෙන් පේන්නේ ‍තමන් මේ ර‍ටේ ආණ්ඩුව කෙරෙන විදිහට ඇති විරුද්ධත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස තමන්ගෙන් ගිලිහෙන බව තමන්ට දැනෙන නිසා බවත් කියන්න පුලුවනි. විශේෂත්වය, තමන් විරුද්ධ පක්ෂ එකක්වත් විශ්වාස නොකරන බව පෙන්වීම.

ජනාධිපති ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානය මේ නිතරගයෙන් ලබාගත් ජයග්‍රහණය රටේ දියුණුවටත්, පශ්චාත් යුධ වාතාවරණය යටතේ අස්ථානගත වුන ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස නැවත ස්ථාපනය කිරීමට කටයුතු කරනවානං ඒක වැදගත්. ටිකෙන් ටික රජ‍යේ මාධ්‍ය ග්‍රහනය ලිහිල් කිරීමටත්, ආණ්ඩුව කොම්පැණියක් නොවී (රියල්) ආණ්ඩුවක් කිරීමටත්, කටයුතු කරනවානං වැදගත්.

පෙනෙන විදිහට එක්සත් ජාතික පක්ෂය (/පෙරමුණ) සහ තුන්වෙනි පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ (aka: ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය) තමන්ගෙ දේශපාලනික ගමන්මග අර්බුදකාරී තත්වයකට රැගෙන ආ බවයි පේන‍්නේ. ‍මොනදේ වුනත්, ශක්තිමත් විපක්ෂයක් ‍නොතිබීමේ අවාසිය ජනතාවටයි!

දැන් ඉතින් අපට බලාපොරොත්තු විතරයි. මේ වගේ තත්වයක් තුළ ජනතාව තවත් ආත්මාර්ථකාමී වීම අහඹු තත්වයක් නොවේ.

අතුරු කතා: මෙවර මහ මැතිවරණයෙන් පාර්ලි‍මේන්තුවට තේරී පත්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාට සුබ පතන්නට මෙය අවස්ථාව කරගන්නවා. ඒ බ්ලොග් රචකයෙක් පාර්ලිමේන්තුවට පත්වීම නිසාවෙන්!

ප්‍රතිචාර 7 leave one →
  1. අප්‍රේල් 13, 2010 12:34 ප.ව.

    මිනිස්සුන්ටත් ඉතිං මේ ගැන කරන්න දෙයක් නෑ, එක්කො සියළුම දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්න ඕන. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. සිස්ටම් එක වෙනස් උනත් වෙනස් වෙන්නේ දැනට තියන සිස්ටම් එකේ බලය හිමි අයට ඕනෑ විදියට නිසා, “තම තමන්ගේ ආරක්‍ෂාව, තම තමන්ට බාරයි!”

    අඩුගානේ භෞතික දියුණුවවත් කරනවනං ලංකාවේ ආණ්ඩු හරියකට, ඒක කාන්තාරයක් මැද්දෙ විජලනය උනු මිනිහෙකුට මඩ වතුර වලක් හම්බ උනා වගේ වාසනාවක්!

  2. අප්‍රේල් 13, 2010 1:16 ප.ව.

    මමත් අයත් වෙන්නේ ජන්දය දීමෙන් වැළකීමේ කුලකයට…..
    මොකද අපේ රටේ දේශපාලනය කියන්නේ මට නං මහ තිත්තම තිත්ත අපභ්‍රංසයක්….

  3. indika kumara permalink
    අප්‍රේල් 13, 2010 1:34 ප.ව.

    මැතිවරණයක් කියන දේ එපාම වෙන තරමට මැතිවරණ තිබ්බහම ඔයි වගෙ අවුල් වෙනව……..ඇයි අපිට බැරි 1 පාර ඔක්කොම මැතිවරණ තියන්න……

  4. පළගැටියා permalink
    අප්‍රේල් 13, 2010 1:59 ප.ව.

    හැබැයි ඉතින් සමිති සමාගම් වලදී නම් කියන්නේ සභාවේ නිහඩතාවයෙන් කියවෙන්නේ විරෝධතාවයක් නොමැති බවයි.
    ඒ විතරක් නෙමෙයි නීතියට අනුව නම් යමක් පිළිබදව තම මතය ඉදිරිපත් නොකළ කෙනෙකුගේ මතය පිළිබදව අපට අර්ථ දැක්විය නොහැකියි. විශේෂයෙන්ම නිහඩතාවය විරෝධය දැක්වීමක් ලෙස නීතිය නොසලකයි.
    ඇත්තම කියනවා නම් එක එක අය එක එක හේතු නිසා ඡන්දය දැම්මේ නෑ.
    හැබැයි මිනිස්සුන්ට ආණ්ඩු පෙරලන්න ඕනෙ උනාම ඒක ඒ වෙලාවට කරනවා. 77, 94, 2001, 2004 හොද උදිහරණ.
    ජිල්මාට් වලින් ජනමතය වෙනස් කරනවා කියලා කව්රු හරි හිතනවා නම් ඉතින් මක් කොරන්නච?

  5. අප්‍රේල් 13, 2010 4:16 ප.ව.

    @බුධාජීව- ඔය කතාවම තමයි මේ දවස්වල අපි-අපි අතරත් කතාවෙ තියෙන්නෙ. තමන්ට ඉන්නෙ තමන් විතරයි! ඉතින් මෙහෙම යනකොට සමාජය ආත්මාර්කාමීවෙනව කියන්න ඕක තමයි.
    @පළගැටියා- කියන අදහස මමත් උඩින්ම ඉහළින්ම පිළිගන්නවා. නිහඬතාව විරුද්ධත්වක් විදිහට පිළිගන්න අමාරුවුනත්, මට නං පේන්නෙ මේ ඡන්දයෙදි ඒ නිහඬතාවෙන් හිටි අයට තෝරාගැනීමට ඔප්ෂන් එකක් තිබුනෙ නැහැ කියලයි. ඒ කියන්නෙ ඡන්දය දීමෙන් වැලකුණු අයගෙන් බහුතරයකට, තමන්ට ඡන්දය දීමට පාර්ශවයක් තෝරාගැනීමට අපහසුවුනා කියලයි මටනං හිතෙන්නෙ.

    ප්‍රතිචාර ලබාදුන් හැමෝටම ස්තූතියි! :)

    • අප්‍රේල් 13, 2010 6:51 ප.ව.

      මම නම් ගොඩක් කරුණු වලට එකඟ වෙන්නෙ නෑ… වෙනසක් කරන්න උවමනාවක් තියෙනවනම් මැරුවත් ඇවිත් ඡන්දෙ දෙනව. 1989 පලවෙනි පස් දෙනාට වෙඩි තියෙනව කියද්දිත් අපෙ අම්මයි තාත්තයි උදේ පාන්දරින්ම ගිහින් ඡන්දෙ දාල තිබ්බා…

      ගොඩක් අයට උවමනාවක් තිබුනෙ නෑ ඡන්දෙ දෙන්න…මගේ සමීපතමයො දෙන්නෙක් (මහරජතුමාගේ පාර්ශවයේ) චන්දෙ දැම්මෙ නැත්තෙ ගෙදර දොරේ වැඩ කටයුතු නිසා. කොහොමත් දිනන එකනේ කියල උනන්දු උනේ නෑ. තීරණාත්මක ඡන්දෙකට පස්සෙ තව චන්දයක් තියෙනකොට එහෙම වෙනව. ඇත්තටම ලොක්කාගෙ උපක්‍රමය උනෙත් ඒක (අපි දන්නෙ නැද්ද දකුණෙ මිනිස්සුන්ගෙ ගැට:-D). එහෙම නතුව ජේ. ආර්. මහත්තයගෙ සිස්ටම් එක අනුව 2/3 ට ලං වෙනව තියා හිතන්නවත් බෑ. මේ පාර ඡන්දෙ දැමීම අඩුයි කියල දැනෙන්නෙ කලින් මැතිවරණෙ අතිශය තීරණාත්මක වුන නිසා. ගිය ඡන්දෙට රනිල් මහත්තයා ඉල්ලුවනම් ඒකෙ තත්වෙත් මේ වගේම වෙන්න තිබ්බ.

      හැබැයි ඔය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදි රටවල් කියන ඇමෙරිකාවෙත් 55%ක් ඡන්දෙ දාන්නෙ කලාතුරකින්. සමහර රටවල ඡන්දෙ නොදෙන අයට දඩ ගහන තත්වයක් තියෙන්නෙ. ඒ අතින් ලංකාවේ මිනිස්සු ඉස්සහරින් ඉන්නව කියන්න පුලුවන්.

      මගෙනම් එකම බලාපොරොත්තුව මනාප පොරේට තිත තියන එක. එහෙම උනොත් යුද්දෙ ඉවර උනාට වඩා මට සතුටුයි.

      • අප්‍රේල් 23, 2010 11:53 පෙ.ව.

        මේ රටේ මිනිස්සුන්ට වෙනසක් කරන්න අවශ්‍යතාව තදින්ම තිබුනාට, ඒ අවශ්‍ය වෙනස නියෝජනය කරන දේශපාලන පෙරමුණක් නැති‍වී‍ම හෝ, එවැනි දේශපාලන පෙරමුණකට තමන් වෙත අවධානය යොමු කරගැනීමට නොහැකි වීමයි මට නම් ‍මේ අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් පෙනෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers