කෙටි කතාවක්: පණිවිඩය එනකන්… 24

ඇගෙන් ඇගේ ආදරය ඉල්ලා යවපු කෙටි පණිවිඩයට තවමත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැතිවුනත් මගේ හිත කියන්නෙම ඇය මට ආදරය දෙයි කියල. ඒ මට ඇයව දැනෙන නිසා. ඒත්, මම ඇයව තවමත් ඇහින් දැකල තියෙන්නෙ එකපාරක් විතරයි. ඒකත් විනාඩි පහකට. ඉතින් ඇගේ කැමැත්ත ලැබෙයිද? ඇයට කැමති වෙන්න මගේ කිසිම ගුණාංගයක් නොතිබීම මට-මාවම එපා කරවපු ප්‍රශ්නයක්. ඉතින් ඇය මට කැමැතිවෙයිද?

ඇය මට කැමති නෑ කිව්වොත් මම ඇගෙන් අහනව අපිට යාළුවෝ විදිහට ඉන්න බැරිවෙයිද කියල. ඇය මගෙත් එක්ක යහළුවෙක් විදිහට ඉන්න බෑ කියන එකක් නැතිවෙයි. ඒත් ඇය බෑ කියල කිව්වොත්? කමක් නෑ. මට තනියම ඉන්න පුළුවනි. ඇය මගේ හිතේ ඇය ගැන ආදරයක් ඇති බව දැනගත්තාම, ඇයට ආදරය දුන් වෙනත් කෙනෙක් ඉන්නවානං, නැතිනම් ඇගේ ඇගේ හිතේ වෙන කවුරුවත් ඉන්නවානම්, ඇය මගේ ආදරය සහ මාව දුරස් කරාවි. කමක් නෑ. ඇයට ඇගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනි. ඒක ඇයටත්-මටත් දෙදෙනාටම හොඳයි.

ඒත් මට ඇය නැතුව ඉන්න බෑ වගේ. ඇයත් එක්ක කතා නොකර එක ‍මොහොතක් ඉන්න බෑ මට. මට හිතාගන්න බෑ ඇය මගෙන් තවත් ඈත් වුනොත් මට මොනව වේවිද කියල. මං විභාගෙන් ෆේල් වේවිද? නෑ… මම සිත සතුටින් තියාගන්න ඕනෙ. ඇය මාත් එක්ක කතා කරන්නෙ ඇයි? ඒ මගේ ගැන ඇයට ආදරයක් ඇති නිසාද? නැතිනම් මම ඇගේ හොඳ මිතුරෙකු නිසාද? මට බයයි. ඒ හඬ මගෙන් තවත් ඈතට යාවි කියල මම බයයි.

නෑ. එහෙම වුනත්, නොවුනත් මම සතුටින් ඉන්න ඕනේ. කවදහරි මට ඇය වගේ හොඳ යෙහෙලියක්-පෙම්වතියක් මුනගැහේවි. නෑ… එක්කො ඕනෑ නැහැ. මම හැමදාම තනියම ඉන්නව. ඒක තමයි හොඳම දේ. ඇය කැමතිනම් මාව මිතුරෙකු වගේ ආශ්‍රය කරන්න, ඇය කැමතිතාත් මම ඇයව ආශ්‍රය කරනව. ඒත් ඇයට මාව ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ. ඇයට ආදරය කරන කවුරුහරි ඉන්නවානං ඒක ඔහුට ප්‍රශ්නයක් වේවි. මම ඇයත් එක්ක කතා කරන එක. ඒක එයාට ප්‍රශ්නයක් වේවි. ඉතින් මම ඇගෙන් සමුගන්නව.

ඒත් මට ඇය නැතුව ඉන්න බෑ. මම ඊළඟ ආත්මයක ඇගේ පුතෙක් වෙලා ඉපදෙන්න ඕනෙ. එතකොට මට පුතෙක් විදිහට ඇගේ ආදරය ලබාගන්න පුළුවන් වේවි. ඔව්. එහෙම හොඳයි. මම මැරෙනවා!

බෑ… මට මැරෙන්න බෑ. මම මැරෙන එක එච්චර හොඳ‍ දෙයක් ‍නොවෙයි. එතකොට කවුද මගේ අම්ම-තාත්ත බලා‍ගන්නෙ? මට අයියලත් නෑ… අක්කලත් නෑ… නංගිල-මල්ලිලත් නෑ… මැරෙන්න කලින් ඇයගෙත් අහන්න ඕනෙ මගේම නංගි කෙනෙක් වගේ ඇයට ඉන්න පුළුවනිද කියලා…

බීඊඊප් බීඊඊප් – බීඊඊප් බීඊඊප්

අහ්. ඇයගෙන් පණිවිඩය ඇවිත්.

මමත් ඔයාට ආ‍දරෙයි “අයියෙ”. ගොඩාක්…

-නිමි නැත-

24 thoughts on “කෙටි කතාවක්: පණිවිඩය එනකන්…

  1. Reply මල්$han Apr 4,2010 7:48 pm

    අනර්ඝයි සුදාරකයෝ……100%

  2. Reply මනුශාන් Apr 4,2010 8:11 pm

    එළකිරි
    විලිලැස්ජාවෙ සන්තෝශේ බැරුවා

  3. Reply තූර්ය Apr 4,2010 8:41 pm

    මෙ දවස්වල පොද වැස්ස නෙ… ඒකට තෙමුණම ඔහොම වෙනව.. 😀

    මොනව උනත් එළ කතාව!!!

  4. Reply බුධාජීව Apr 4,2010 8:47 pm

    මම නං කියෙව්වෙ නෑ කොල්ලො, සොරි තමා. නිකං උඩිං පල්ලෙන් බැලුවා.
    Reading these stuff makes me dizzy and numb.

    🙂

  5. Reply Dasun Sameera Weerasinghe Apr 4,2010 9:02 pm

    මාරයි. සිරාවට ලියල තියෙනවා. ඒ වෙලාවට එන හැඟිම් සමුදාය. අවසානයත් නියමටම නියමයි. පොල්ලෙන් ගැහුව වගේ.

  6. Reply හෙළයා Apr 4,2010 10:04 pm

    නියමයිනේ මලයෝ. හොඳ නිර්මාණයක්.

  7. Reply සුළඟ Apr 4,2010 10:30 pm

    McAfee Site Adviser එක කියනවා මේ සයිට් එකේ security අවුල් කියලා. ඇයි ඒ?

  8. Reply panhida Apr 4,2010 10:59 pm

    නියමෙට ලියල තියනව මල්ලි කතාව… 🙂

  9. Reply හර්ෂණ Apr 4,2010 11:09 pm

    ඇත්තටම සුදාරක ම‍ලයො උබට ඔය හිතුන විදිහ නේද ?

  10. Reply පහන් Apr 4,2010 11:14 pm

    <3 <3… මේක ඇත්තම සීන් එකක්ද?

  11. Reply Dili/දිලින Apr 5,2010 8:10 am

    🙂 පට්ට පට්ට, ගින්දර කථාව

  12. Reply Apr 5,2010 11:21 am

    අවස්ථා සම්බන්දය ලියන්න
    මෙය කා විසින් කාට යවන ලද්දක්ද?

  13. Reply සුපුන් සුදාරක Apr 5,2010 7:44 pm

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි කිව්වා ඕන්! 🙂

    @බුධාජීව- මචන් උඹ හරි. මං වුනත් පොඩ්ඩක් මඤ්ඤං වෙනව මේ වගේ “ආදරය” සම්බන්ධ කතා කියවද්දි
    @හර්ෂණ- මට හිතුන නිසා නේන්නං මේ වගේ කතාවක් ලියැවුනේ… 😛
    @පහන්- භාගයක් ඇත්ත. භාගයක් බොරු. ඒ කියන්නෙ මේ “අර්ධ්‍යාසත්‍යයක්” 😉
    @ම- කවුරු විසින් කාට කිව්වත් ‍මොකද බං, කතාව කතාවමනෙ 😉 මේක කවුරුහරි කාටහරි ගැන මොනවහරි වෙලාවක හිතපු එකක් වෙන්න පුලුවනි. 😉

  14. Reply රවා Apr 5,2010 11:47 pm

    සුපුන් බාගයක් ඇත්ත බාගයක් බොරු කියන්න පණිවිඩය එනකම් හිතෙන තැනට එනකම් ඇත්ත.. එතනින් එහාට බොරුද ? එහෙමද…? නැත්නම් …? එහෙම් මෙහෙන් යද්දි ඔයා කාගෙ හරි කෙනෙක් ගෙ බ්ලොග් එකකට දාලා තිබුන කමෙන්ට් එකකින් මෙතනට ආවෙ අපි දෙන්නවා හම්බ වෙනවා හොරයි නෙද…?

  15. Reply palaamalla Apr 6,2010 3:03 pm

    ඇත්ත නම් හික් හික්… මගෙනුත් සුබ පැතුම්.

  16. Reply Ansh Lucky Sri Jay Apr 11,2010 4:47 pm

    නියමයිනේ මලයෝ.
    🙂

  17. Reply හසිත ජයසූරිය Apr 12,2010 7:10 pm

    කතාව නම් පට්ට!සීන් එක ඇත්තද?

  18. Reply සුපුන් සුදාරක Apr 13,2010 11:16 am

    @රවා- මෙහෙමයි, කතාවෙ හැමතැනම ඇත්තයි බොරුයි දෙකම තියෙනවා! 🙂
    රවාගේ බ්ලොග් එක කියවන්න වෙනම වෙලාවක් ගන්න ඕනෙ. ඇත්තටම ඒක හොඳ බ්ලොග් අඩවියක්. මට වෙලාව ලැබෙන්නෙ බොහොම අඩුවෙන් නිසා තමයි ප්‍රශ්නෙ. උඩින් පල්ලෙන් කියවා තියෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී කියවන්නං
    @palaamalla- තැන්කු තැන්කු. ඒ වුනාට මේක නිර්මාණයක් සහෝ. නිර්මාණයක් විතරයි. 🙂
    @Ansh- තැන්කු තැන්කු. 🙂
    @හසිත- ඇත්තයි බො‍රුයි දෙකම එකතු වෙලා තියෙන්නෙ. හරියට නිකන් ඇත්ත බොරුවෙන් වෙන් කරල ගන්න බෑ වගේ. 😉

  19. Reply RoshanHerath Apr 13,2010 10:46 pm

    නියම කතාව මලයෝ.. හිතට වදින්න ලියලා තියෙනවා…

  20. Reply sanjeew Apr 19,2010 3:53 pm

    මේ ඔයාටමද මෙහෙම හිතුනෙ

  21. Reply randika sedara Apr 22,2010 10:06 pm

    හිහිහි….නියමයිනෙ සුදාරක …. 😀

  22. Reply සුපුන් සුදාරක Apr 23,2010 11:51 am

    @RoshanHerath- බොහොම ඉස්තූතියි සහෝදරයා
    @sanjeew- කතාව නම් හිතුනෙ මට. ඒත් කතාවෙ කතා නායකයා මමම නෙවෙයි. 😉 ඒ වෙන කෙනෙක්.

  23. Reply xxxxxxxx Apr 23,2010 10:58 pm

    ubamam wasanawantai
    mage kathawe awasane wenas

    “”Ai deiyane xxxxxxxx oya mata adarekalee”

  24. Reply Darshana Jun 14,2010 12:38 am

    කියන්න වචන නෑ … ගින්දර …

Leave a Reply

%d bloggers like this: