කරති ප්‍රේමය දුරින් දුරසිට
මාර්තු 7, 2010
සොඳුරු සුකොමළ මියුරු මදහස
විදින සත්සර පෙමැති අදහස
දුරිනි නුදුරිනි හඬිනි පෙම්සර
විඳිමි සොඳුරිනි රැවැති නුඹ හස
පෙමැති අදරැති සුරැකි පෙම්බස
සයුරු නිම්නැති අදර හදබස
කරති ප්‍රේමය දුරින් දුරසිට
නුමුදු සොඳුරිය ළඟකැ ඇතිමෙන්
සුමුදු තොල් පෙති පහස විඳිමෙන්
කෝල වෙයි සිත අදර බැල්මෙන්
මියුරු සුමියුරු ප්‍රේම නල රැල්
විදිමි දින දින සිහිනයෙක මෙන්
සුරත සතපා නුඹේ මුව මත
පියුම් පෙති ලෙස පෙමින් කළඹා
ලවන් මතු තොල් තවා තෙරපා
ප්‍රේම සයුරෙහි නුඹව ගිල්වා
ස්වප්න සුර නිදි නොමැති රෑ යම
මවා සිහිනෙන් නුවන් අබියස
දෙනෙත් පෙති මත ලවන් සතපා
සිනිඳු සුළඟින් දෙවමි ප්‍රේමය
නොයන් දුරකට සයුරු තෙරෙතර
ළංව ඉනු මැන හදට ළංවී
හදේ සොඳුරුම තැනට ළංවී
දොවනු මැන මා ප්‍රේම විල මැද
ප්‍රතිචාර 15
leave one →

යකෝ මුගේ වයසටද කතාව ? අපිනම් ඔයකාලේ ඔය මුකුත් දන්නෙ නෑ.
“ස්වප්න සුර නිදි නොමැති රෑ යම”
යකෝ නින්ද යන්නෙ නැත්නම් පොතක් බලපිය.
“සුමුදු තොල් පෙති පහස විඳිමෙන්”
සංස්කුරුතික අමාත්‍යාංශෙට අහූනොත් උඹව වාරණය කරයි.
අම්‌මො, ලමයා හොදටම නරක් වෙලා
මෙන්නෝ මේ පොඩි එකා කුණුහරුප කියනවෝ!!!
සියලු දෙනාගේ අවධානය පිණිස – මේක කවියක් විතරයි යකුනේ!
කරති ප්‍රේමය දුරින් දුරසිට
හඩති සිත ලඟින් ලඟසිට
කැරකේ සසර දුකින් දුකහට
හමුවෙත් කවුරැන් කාහට
ලක්ෂණ කවි ටික….
පදි ගැලපුම නියමයි…
රෑට නින්ද නොයන යාමෙකෙට නම් මක්සී
/බිඟුවා…!
ම්… හ්ම්හ්ම්.
සුදාරක කලින් ලියපු කවි මීට වඩා නිදහස් කියලයි මට හිතෙන්නේ. මේකෙ ආකෘතිය ආරක්ශා කරන්න සක්ක පද ටිකකුත් ගහල තියෙනව නෙව. දැන් බලන්න අර “හරි අපූරු නුගේගොඩ” වගේ කවියක් එක්ක සසඳලා. ආදරය ගැන ම ලියපු තවත් කවිත් ඇති. මට ඒවා එක පාර සිහියට එන්නෙ නෑ.
ආ තව එකක්. අර “නුමුදු සොඳුරිය ළඟකැ ඇතිමෙන්” කියන පදයේ නුමුදු කියල යෙදුවෙ ඊට පස්සෙ පදයේ එන සුමුදු යන වචනෙත් එක්ක රිද්මය අතින් සහ එලිසමයෙන් යා කරන්න හිතාගෙන වෙන්න ඕන. ඒත් නුමුදු කියන්නෙ “මුදු බවක් නැති”. මම හිතන්නෙ සුදාරක කියන්න අදහස් කලේ “නමුදු” / “නමුත්” වගේ දෙයක් බවයි. ඒ වගේ වෙලාවට ආකෘතිය සහ තාක්ශනික පැත්ත ගැන හිතනවා වෙනුවට නමුදු කියලා දාලා ගොඩ ගියා නම් කවියට හොඳයි කියලයි මට හිතෙන්නේ.
“නොයන් දුරකට සයුරු තෙරෙතර
ළංව ඉනු මැන හදට ළංවී
හදේ සොඳුරුම තැනට ළංවී
දොවනු මැන මා ප්‍රේම විල මැද”
මෙතන ළං ව ඉනු මැන හදට ළං වී වගේ යෙදුම් තව ටිකක් වාග් කෝශය පෙරල පෙරලා වෑයම් කලා නම් එක ම පදය පුනරුච්චාරනයෙන් ලැබෙන බලයට (හෝ දුබල වීමට) එහා ගිහින් සමානාර්ථය දනවන වචන කීපයක් උපයෝගීකරගෙන වඩා බලවත් අර්ථයක් උපද්දන්න තිබුන කියලත් හැෙඟනවා. හැබැයි ඒ එක්ක ම හැඟෙනවා මේ විදිහට පුනරුක්තිය ම යෙදීම නිසා කවියට ලස්සනක් එකතු වුනා ය කියලත්. කවිය කියවද්දී ආපු ධාරනා කීපයක් විතරයි. සාකච්ඡා කිරීමෙන් පාඩුවක් නොවන හින්දා ප්‍රතිචාරයක් හැටියට ලිව්වා.
බොහොම ඉස්තූති මේ ප්‍රතිචාරයට. මේ කවිය මම එච්චර හිතල ලියපු එකක් නෙවෙයි. ඔහේ හිතට එන අදහස් ටික ලියලදාපු එකයි කරේ. ඔව්. මේක ටිකක් ආකෘතියකට හිරවෙලා වගේ කියලයි මටත් හිතෙන්නෙ. මගේ කවි එක්ක බලද්දි, මේක ටිකක් රාමු වුන කවියක්.
ඔව්. “නුමුදු” කියන වචනය යෙදුවෙ නමුදු, නමුත් කියන අර්ථය දෙන්නයි. ඒක එච්චර හිතන්නෙ නැතුව යොදාගත්ත එකක්. ඒ කියන්නෙ තේරුම ගැන අවබෝධයකින් තොරව ලියපු එකක්. කලින් පදයේ “නුමුදු” කියල යොදාගත්ත නිසා තමයි, ඊළඟ පදයට සුමුදු කියන වචන නිකන්ම මතුවුනේ. අර කිව්වා වගේ, “නමුදු” කියල යොදාගත්තානං තමයි හොඳ. ඒක හරි.
අර පුනුරුක්ති දෝෂයේ කතාව හරි. මම කොච්චර ළඟින් යන වචනයක් හිතුවත්, ඒකම හොඳයි කියල ඒකම කවියට එබුවෙ වෙන වචනයක් ඔළුවට ආපු නැති නිසා තමයි.
බොහොම ඉස්තූතියි කවියට හයියක් වුනාට.
මල්ලි මම ඇත්තටම හිතුවට වඩා උඹේ සිතුවිළි හරි පුළුල්. මම මේ ගතියට කැමතියි. බ්ලොග් ලියවිල්ල අතින් අපිට පෙර පරපුරේ කෙනෙක් විදියට මේ ලියලා තියෙන කවිය හරිම remarkable. ඉතින් මේ කවි ගතිය අතුරුදන් කරගන්න එපා…!
මේ වගේ අදහස් තව ගලන්න ඉඩදෙන්න. මම එහෙම කිව්වැයි කියලා පාඩම් වැඩ අතපහුකරනවා නෙවී ඕං. තේරුනැයි..?
ජයෙන් ජය ම පතනවා…!!!
තව පොඩ්ඩක් හැඳි ගා, ලුණු, මිරිස් පදම බලා තුනපහ ටිකක් එකතු කළා නම් අර්ථයෙන් පමණක් නොව ආකෘතියෙන්ද (රිද්මයෙන්ද ) මීට වඩා ඉහළ නිර්මාණයක් වන්නට තිබුණා. මා වැඩි දෙයක් කරන්නට ගියේ නෑ. මේ එක් කවියක් හැඳි ගෑමේ ප්‍රතිඵලය.
නමුදු සොඳුරිය ළඟකැ ඇතිමෙන්
කෝල වෙයි සිත අදර බැල්මෙන්
මියුරු සුමියුරු සුපෙම් සඳකැන්
විදිමි සිහිනෙක සරණ විලසින්
කවියක අර්ථයත්, ආකෘතියත් එක සේ වැදගත්. මින් එකක් හෝ බිඳේ නම් එතැන සාර්ථක නිර්මාණයක් ඇති වන්නේ නැහැ.
අර්ථය උදෙසා ආකෘතියවත් ආකෘතිය උදෙසා අර්ථයවත් බිලි දිය යුතු නැහැ.
අනෙක සිංහලම වැඩිපුර භාවිතා කරන මෙවන් නිර්මාණයකට සංස්කෘත පදයක් දෙකක් පටලවන්නට යන්නට එපා. එහි කෘතිම බවක් තියෙනවා. (උදා: ප්‍රේම කියනවාට වඩා ‘පෙම්’ හෝ ‘සුපෙම්’ යන්න උචිතයි. ‘ස්වප්න නැතිව ‘සිහින’ කියන්න.)
patta . .. .
ela ela sudaa male . . .
මල්ලි මාරයි නේ..
අනේ වැඩි විචාර වර්ණනා නොලිව්වට මට නම් මේ කවිය නියමයි..!