Skip to content

මඳ විරාමයකට පසු…

පෙබරවාරි 25, 2010

මාතෘකාවක් විදිහට මඳ විරාමයක් කිව්වාට මේ ගත්ත විරාමය නම් හොඳටම දිග වැඩියි කියල හිතෙන්නෙ. මාස දෙකකට ආසන්න කාලයක් ගත්තු මේ විවේකයට විරාමක් තියල ආයෙත් වැඩට බහින්නයි සූදානම. ජීවිතේ මොනතරම් කාර්යබහුලකම් තිබ්බත් බ්ලොග් එක අතඅරින්න බැරි හේතු ගොඩක් තියෙනව. හිතට එන එක එක අදහස් කන්දරාව හිතෙන් පිටකරල නිදහස් කරගන්න තියෙන තැන බ්ලොග් එක නිසා මේක මගේ හිතේ Recycle Bin එක වගේ තමයි. ඒකත් මරු!

ව්‍යාපෘති, විභාග ආදී එකී නොකී මෙකී දහසක් වැඩ එකතුකරගෙන ජීවිතේ ගෙනියනකොට කොච්චර ආතති ආවත් අන්තිමේ ගානක් දෙකක් හදල, ව්‍යාපෘතියක් දෙකක් රැස්වීමක් ඉවරකරාම හිතෙන දැනෙන සහනය කියල නිම කරන්න බැරි තරම්. මුකුත් නොකර ඉන්නවට වඩා වැඩ ටිකක් බදාගෙන කරනකොට වෙලාව යනව තේරෙන්නෙත් නැති තරම්. ඒ අතරතුරේ ආදරෙත් ගඟක් වගේ ගලාගෙන යනව.

උදේ පාන්දර බස් එකට නැග්ග‍ට පස්සෙ හිතට එන එක එක අදහස් කන්දරාව ආයෙත් බස් එකෙන් බහිනවාත් එක්කම හිතෙනුත් බැහැල ගිහිල්ල. මම තාමත් කියන්නෙ අදහස් වල උල්පත බස් එක කියල. ‍දැන් වැඩිය බස් එකේ යන නින්දකුත් නැහැ. ඇහැත් ඇරගෙන ජනේලයෙන් එහා බලාගෙන යනකොට ඔළුවට එන අදහස් කන්දරාව ඒ වෙලාවෙම මොකේ හරි ලියන්න පුලුවන්කමක් තිබ්බනං මෙලහකට පොත් දහයක් පහලොවක් ගහල ඉවරයි. ඒත් ඉතින් ඒකත් නිකන් කරන්න පුලුවන් වැඩක්යැ. හිතට එන අදහස් කළමනාකරණය කරගන්නත් ඕනේ.

ඉදිරි මාස කිහිපය ඇතුළත අපේ වැඩ ටික ටික එළියට ඒවි. එලියට දැම්මාම කියන්නංකො. බ්ලොග් අඩවිය පරණ පුරුදු http://blog.sudaraka.com ඇතුළටම රිංගුව. වර්ඩ්ප්‍රෙස් ඇතුළෙම හිටවලා තියෙන නිසා අතිරේක කර‍දරේකුත් නැහැ. ලියන්නනං ගොඩක් දේවල් තියෙනව. ඒත් ලියන්න ඕනෙ කරන මූඩ් එක තමයි නැත්තෙ.

ලියන්න මූඩ් එක එනකන්…
සුබ අනාගතයක්! :D

ප්‍රතිචාර 19 leave one →
  1. පෙබරවාරි 25, 2010 6:12 ප.ව.

    බස් එකෙ යද්දි කලාමැදිරි රාත්‍රියත් ඇහුවනම් පට්ටම උත්තේජනේ
    උබ කැමතිම වැඩසටහනනේ ;)

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 25, 2010 6:46 ප.ව.

      ආපෝ… කණාමැදිරි රාත්‍රිය. :D ඕක ඇහුවම තියෙන සිතිවිලිත් අමු තිත්ත කුණුහරුප බවට පරිවර්තනය වෙනව! :D

  2. පෙබරවාරි 25, 2010 6:18 ප.ව.

    සුභ අනාගතයක්, සුභ අනාගතයක්! :D

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 25, 2010 6:46 ප.ව.

      ;)

    • ඇනී permalink
      පෙබරවාරි 26, 2010 5:00 ප.ව.

      සුභ කියල වචනයක් නැහැ. හරි වචනෙ “සුබ”
      ලියනවනම් හරියට ලියපිය

  3. පෙබරවාරි 25, 2010 6:24 ප.ව.

    මොකො බොලේ මේ බ්ලොග උපන් ඇඳුම පිටින් තියලා.කෝ මුට අන්දලා තිබ්බ ඇඳුම???

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 25, 2010 6:48 ප.ව.

      වර්ඩ්ප්‍රෙස් වල තියෙන්නෙ ඉතින් ඇඳුම් සීමිත ප්‍රමාණයක් නෙව. ඒවායිනුත් හිතට අල්ලපු එක තමයි මේ. ‍හොඳ එව්ව තියෙනවාද කියල බලන්න ඕනේ.

  4. පෙබරවාරි 25, 2010 6:48 ප.ව.

    ආ ඇති යන්තං ඔයින් ගියා :D

    ෂහ් බ්ලොග් එක හිතේ recycle bin එකය කියන කියමන මරු නෙව.

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 25, 2010 7:12 ප.ව.

      හික්. ඒක මේ නිකන් හිත‍ට ආපු කතාවක්. :D ඔන්න ඒකත් දැම්ම Recycle Bin එකට. ;) දැන් ඉතින් ඔන්න ආයෙත් බ්ලොග් කෙරුවාවෙ තමා. :)

  5. පෙබරවාරි 25, 2010 7:25 ප.ව.

    මරු මරු ලියමු දිගටම

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 25, 2010 7:41 ප.ව.

      අනිවා! :)

  6. පෙබරවාරි 25, 2010 8:46 ප.ව.

    වැඩිය කමෙන්ට්ස් නොදැමම්ත් නිතර කියවන බ්ලොග් එකක්. කලෙකින් මුකුත් ලියල නැති නිසා අපි හිතුවෙ කොල්ල රට පැනලවත්ද කියල. ජය වේවා දිගටම ලියන්න. සුභ අනාගතයක් එක්ක විශ්වාසනීය වෙනසක් :D

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 3:59 ප.ව.

      අපොයි. රට පනින්න ‍ලොකු ආශාවක් තිබුනත් මෙහේ තියෙන වැඩ දාලා යන්න හිතෙන්නෙම නැහැ නෙව. :) දැන්නම් දිගටම ලියනව.

  7. පෙබරවාරි 25, 2010 9:52 ප.ව.

    බස්සෙකේ යන ගමන් කොල කෑල්ලක ඒ ගලාගෙන එන අදහස් ටික කටුවට ගහගත්ත නම් අපට තව හොද ලිපි ටිකක් බලන්න තිබුණා.

    ආයේ ඒ වගේ අල නොලැබෙන්න කියල තමයි කියන්න තියෙන්නේ

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 4:01 ප.ව.

      කාලෙකට කලින් ඔය වැඩේට පාවිච්චි කරේ ජංගම දුරකථනය. ඒකට දැන් ලොකු රාජකාරියක් බාරදීල තියෙන නිසා දැන් අදහස් ඔක්කොම හිතේ මැවෙන්නයි හි‍තේම නැතිවෙන්නයි ඉඩ දීල. :)

  8. පෙබරවාරි 25, 2010 10:26 ප.ව.

    එත් මං බැලුවා කටකාර කොල්ලාට මොකද උනේ කියලා …

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 5:32 ප.ව.

      හික්. මුකුත් වුනේ නෑ ඉතින්. පොඩි බ්‍රේක් එකක් අරගත්ත. :)

  9. පෙබරවාරි 26, 2010 12:57 පෙ.ව.

    ඇත්තටම සුදාරක මේ නිමක් නැති ප්‍රවාහන කාලය තමා මගෙත් අදහස් උල්පත. කෝ කරුමෙට මට රියදුරෙක් නෑනෙ. හිටියනම් දවසට පොත ගානෙ ලියනවා.

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 5:33 ප.ව.

      සිරාවටම ඒක ඇත්ත. බස් එක ඇතුතෙ එහෙට මෙහෙට පැද්දි පැද්දි කලබලකාරී නගරය මැද්දෙන් ගියත්. ඒ ඔක්කොම කලබල අමතක කරල මනෝ ලෝකයට ගියොත්, එතන තියෙන්නෙ පුදුම නිදහසක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers