Skip to content

ආන්ත්‍රාවයි, ෆේස්බුක්!

ජනවාරි 5, 2010

සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ‍ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව. ෆේස්බුක් වෙබ් අඩවියේ ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සමඟ සම්බන්ධ ඡායාරූප ඇ‍යගේ ‍ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවේ කෙනෙක් අතට හෝ, මිතුරු ලැයිස්තුවෙන් බැහැර පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා දැන් වැඩේ තරමක් දුර දිග ගිහින්!

මේ කතා කරන්න සූදානම් වුනේ ඇය ගැන හෝ එම ඡායාරූප ගැන නෙවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම පිළිබඳ ඇතිවන ගැටලු විශේෂයෙන්ම සලකා බැලීමට අවශ්‍යයි. ෆේස්බුක් වෙබ් අඩවිය නිසා ‍මිතුරු-මිතුරියන්, පෙම්වතුන්, අඹු-සැමියන් සහ ඥාතීන් අතර ඇතිවූ අර්බුද අතුරින් සමහරක් අර්බුද නිමා වී තියෙන්නේ බො‍හොම ශෝචනීය මරණයක් දක්වා දුරදිග යාමෙන්!

මෑතකදී නැවත වතාවක් වෙනස් වුන ෆේස්බුක් පුද්ගලිකත්වය පිළිබඳ අදාළ වෙනස්කම්, එසේත් නැතිනම් Facebook privacy settings හරහා බොහෝ දෙනෙක්ගෙ ෆේස්බුක් ගිණුම් ඇත්තේ අවදානම් සහිත මට්ටමේ. බොහෝවිට අර මුලින් පවසපු නිරූපණ ශිල්පිණියගේ ඡායාරූප අන් අය වෙතට පත්වීමටත් මෙය ප්‍රධාන වශයෙන් බලපෑවා වෙන්න වෙන්න පුළුවන්. දැන් නිවැරදි ලෙස තම ෆේස්බුක් ගිණුමේ පුද්ගලිකත්වයට අදාළ වෙනස්කම් යාවත්කාලීන කර නොමැති 90%ක් දෙනාගේ පුද්ගලික තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව තියෙනවා.

ලංකාවෙ (විතරක් නොවෙයි, වෙනත් බොහෝ රටවල) බොහෝමයක් අන්තර්ජාතික පාසල්වල, ඉහළ පෙළේ පාසල් වල සිසුසිසුවියන්ගේ හැසීරීම අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් ෆේස්බුක් වෙබ් අඩවිය සුවිශේෂී ස්ථානයක්. ප්‍රශ්නය ඇතිවන්නේ එසේ හැසීරීමේ නොවෙයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික හැසිරීම් දෙනෝ දාහක් දෙනාට ප්‍රදර්ශනය කිරීමෙන්.

එක්තරා ආකාරයකින්, තමන්ගේ නරක හැසීරීමකට අදාළ ඡායාරූප පමණක් නොවෙයි, ඕනෑම ආකාරයක ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කිරීම එක්තරා ආකාරයක අවදානමක්. තාක්ෂණය ගැන නැවත නැවතත් පැවසීම නිරර්ථකයි. ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ඒ ඡායාරූප වෙනස් කිරීමට හැකියාව තියෙනවා. දැනට බොහෝ කලින් ෆේස්බුක් ‍හරහා සංවාදගත වුන මගේ මිතුරෙකු මගෙන් උදව්වක් ඉල්ලුවා මතකයි. ඒ, ගැහැණු ළමයෙකුගේ පින්තූරයක් නිරුවත් ඡායාරූපයක් සමඟ සම්බන්ධ කරන ලෙස. එම ඉල්ලීම නෙයෙකුත් හේතු ඉදිරිපත් කරලා ප්‍රති‍ක්ෂේප කරාට පස්සෙ, අද වෙනකන් මම වැඩිපුර කතා බහ කරන්න ගි‍‍යේ නැත්තෙ, තව මොන විදිහේ උදව් ඉල්ලාවීදැයි බයෙන්.

ෆේස්බුක් වෙබ් අඩවිය බොහොම වටිනා කියන මෙවලමක්. සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වශයෙන් බොහොමයක් අවශ්‍යතාවන් ඉටුකරගැනීමට සුවිශේෂී‍ වෙබ් අඩවියක්. මිතුරු මිතුරියන් අතර සම්බන්ධතාව වර්ධනය කරගැනීම කෙසේවෙතත්, ඊට වඩා ඉහළ මට්ටමකට යන ජනමාධ්‍ය වටිනාකමක් ඇති වෙබ් අඩවියක්. අවශ්‍ය කරන්නේ නිවැරදි ෆේස්බුක් භාවිතයයි. ඔබ මිතුරන් වැඩි වැඩියෙන් එකතු කරගන්නවානං පුද්ගලික භාවිතය සඳහා ෆේස්බුක් භාවිතය අවම කළ යුතුයි. පුද්ගලික තොරතුරු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ නොකළ යුතුයි. එහිම අනිත් පැත්ත, ඔබ පුද්ගලික තොරතුරු නෑදෑ හිත මිතුරන් සමඟින් හුවමාරු කරගැනීම සිතනවානම්, වහාම වැඩි වැඩියෙන් මිතුරු මිතුරියන් ඇතුළු කරගැනීමෙන් වැලකී. හොඳින්ම දන්නා මිතුරු මිතුරියන් ඇතුළත් කරගැනීම කළ යුතුයි. එමෙන්ම නිති පතා ෆේස්බුක් වෙබ් අඩවියේ පුද්ගලිකත්වය සඳහා අදාළ වෙනස්කම් (Facebook Privacy Settings) පිළිබඳව අවධානයෙන් සිටිමින් එය නඩත්තු කිරීම අතිශයින්ම වැදගත්! නිරතුරුවම පුද්ගලිකත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. ෆේස්බුක් විතරක් නෙවෙයි, ඕනෑම දෙයක් අන්තර්ජාලයට එකතු කිරීමට පෙර දෙවරක් සිතන්න. මේ ලියන මටත් තියෙන්නෙ හොඳ හොඳ අත්දැකීම්!

කාලයට හරියන ආප්තෝපදේශකින්ම සටහනට නැවතීමේ තිත තියන්නම්…

පනින්න පෙර සිතා බලනු!

ප්‍රතිචාර 22 leave one →
  1. ජනවාරි 5, 2010 1:09 ප.ව.

    couldn’t agree more :D

  2. ජනවාරි 5, 2010 1:14 ප.ව.

    සමහරුන් Facebook “මිතුරන්” එකතු කිරීමේ උන්මාදයකින් පෙලෙන්නේ සිටින මිතුරන් ගණන ඉහළ ගිය තරමට තමන්ට යම් මූල්‍යමය ප්‍රතිලාභයක් වැනි දෙයක් ලැබෙනවාක් මෙන් සිතමින්.

    ෆේස්බුක් හෝ කුමන හෝ සමාජ ජාල අඩවියක් භාවිතා කළ යුත්තේ අප විසින් හඳුනාගත් මිතුරන් සමග ගනු දෙනු කිරීමට මිස, අලුතින් අයවළුන් හඳුනා ගැනීමට නොවෙයි කියන මතයේයි මම ඉන්නේ.

    • ජනවාරි 5, 2010 1:21 ප.ව.

      ඒක ඒ තමන් භාවිතා කරන පරමාර්ථයේ හැටියටයි. තමන්ට මිතුරන් වැඩිවීම සමහර විට ලාභ ප්‍රයෝජනයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් අවස්ථාත් නැත්තෙම නැහැ. හැබැයි තමන් දැනගන්න ඕනේ මිතුරන් වැඩිවෙන වැඩිවෙන තරමට තමන්ගෙ පෞද්ගලිකත්වයත් රැකගන්න. ඒක අර තමන්ගෙ පරමාර්ථයේ හැටියට පාවිච්චි කරන්න ඕනේ. මේකත් නිකං අර…

      දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ වගේ කාරණයක්.

  3. Buru permalink
    ජනවාරි 5, 2010 2:14 ප.ව.

    මේක හරිම ප්‍රස්නයක්. මේ ළඟ කාලෙක මට sms ආවා ගමකට. හිටි ගමන් calls හිටන්. අපේ වෙලාව ප්‍රස්නයකුත් තියෙන හින්දා මල පැනලා උන්නේ. මොබයිල් ඕෆ් කරන්නත් බැරි අවස්‍යතා තියෙන අපි වගේ අයට මේක පුදුම කරදරයක් උනා. අනික ඉතින් FB කියන්නෙ යාළුවන්ට තියෙන තැනක් නිසා නම්බර් එක නොදා ඉන්නත් බෑ.
    හැබැයි මට ආව sms කෝල්ස් ඔක්කොම ලංකාවෙන්. මේ වගේ මානසික අසහනකාරයො ඉන්නේ ලංකාවෙ විතරයි කියල මට හිතෙන්නේ.
    ඔයා කීව වගේ ප්‍රොෆඉල් රෙස්ට්‍රික්ට් කරා නම් හරි.

  4. Unknown permalink
    ජනවාරි 5, 2010 2:23 ප.ව.

    Yayata Payana Pura Po Hada
    Thetha Berena Pini Doreka
    Hitha Parana Me Me Duka
    Sapase Winda
    Heta Rewela Eliwena Sanda
    Hitha Harana Ma Paluwa
    Numba Gannawanam Ma Pita
    Yanawa Kaenda

    Wahennam Ma Ida Hita A Sare Eadila
    Sehennam Ma Numbage Es Pura Raendila

    Thani Paledi Thaniwa Uragae Re Ganan Balala
    Awelawaka Peayu Tharuwe Pea Belum Hinda
    Thani Eatha Se Hithin Hithapu Mal Wiye Arume
    Numba Nisawen Ibe Pirunu Alayen Bendune

    Tharu Ganiddi Numbawa Penwu Heenaye Gilila
    Sepata Eddi Pethum Serama Kaluware Binda
    Mal Boisowi Memata Dunna Sathuta Yali Gaththa
    Numba Patha Man Itha Sithin Pidu Jeewithe Maeruna

  5. ජනවාරි 5, 2010 5:12 ප.ව.

    “පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ‍ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව….”

    මම දන්න විදිහටනං මේව මුලින්ම කරලියට ආවේ elakiri ෆෝරම්ස් වලින්……

  6. අනුරංග permalink
    ජනවාරි 5, 2010 5:12 ප.ව.

    මට නමී තවම facebook privacy පිලිබද ප‍්රශ්නයක් ඈවිත් නැහැ.ඒත් ෙමී ළගදි Barak Obama ත් facebook පාවිචිචි කරනෙකාට ප‍රිස්සමී ෙවන්න කියල කියල තිබුනලු.

  7. ජනවාරි 5, 2010 6:09 ප.ව.

    කරදරයක් කියලා දැනුනු නිසා මගේ FB Acount එක නම් මාස කිහිපයකට ඉස්සෙල්ලා Disable කරලා දැම්මා.

  8. ජනවාරි 5, 2010 7:29 ප.ව.

    This is a quite old news. This was published on 27th December 2009 at the following link. I do not know about her character but the photos were there……

    http://gossiplanka.blogspot.com/2009/12/dharani-with-her-boys.html

  9. ජනවාරි 5, 2010 8:22 ප.ව.

    මුලදි ෆේස් බුක් ගැන උනන්දු උනාට , දැන් මම ඒක ගණන් ගන්නෙ නැහැ.

  10. ජනවාරි 5, 2010 9:03 ප.ව.

    ඒක නම් ඇත්ත.. මේ මං වගේ ඔලුවේ ඉදන් රෙද්දක් පෙරවන් හිටියා නම් කිසි කරදරයක් නෑ…

    මම නම් පරිසම් මගේ යාළුවෝ ටික තමා පව් වෙන්නේ..

  11. ජනවාරි 6, 2010 1:31 පෙ.ව.

    ඔය දෙසැම්බරයෙ වෙච්ච settings මාරුවෙන් මූනු පොතේ co-founder කෙනෙක් වෙන mark zuckerberg ගෙත් ගිනුම compromise වෙලා පෟද්ගලික පිංතූර අම්බානක් ලික් වෙලා තිබ්බෙ. අපි වග් පොඩි එව්වො ගැන කවර කතාද?

  12. [No] permalink
    ජනවාරි 6, 2010 10:31 පෙ.ව.

    මේ ළඟදි විය හැකි දෙයක්.
    මම දන්න කිහිප දෙනෙක් මේ දවස් වල FB profile පීර පීර female account වල ඇති ඡායාරූප එකතු කරමින් ඉන්නවා.
    මේ එකතුව බාවිතා කරල එක විදියක වෙබ් අඩවියක් පටන් ගන්න තමයි ඒ අය අදහස් කරන්නේ නිකං ආතල් එකට.

  13. ජනවාරි 6, 2010 11:57 පෙ.ව.

    බොහොම වැදගත් ලිපියක්. facebook අඩවියේ භාවිතාව දැක්කම විශේෂයෙන් කාන්තා පාර්ශවය මේ ගැන නොදන්නා බවයි පේන්නේ.

  14. ජනවාරි 8, 2010 11:50 පෙ.ව.

    මගේ මතය නම්, පෞද්ගලික දේ පිටට නොදීම වගබලාගයුත්තේ තමාවිසින්මය. ෆේස්බුක් හෝ වෙන ඕනෑම මෙවලමක් භාවිතයෙන් තමාගේ පෞද්ගලිකත්වය එලියට දැමීමට ඕනෑතරම් ඉඩ තිබේ.

    ඔබ පෙන්වා තිබෙන විදියට Privacy Settings ගැන දැනුවත් කිරීමෙන්, යම්තාක් දුරට මෙය මගහරවා ගැනීමට පුලුවන්.

    හොඳ ලිපියක්!

  15. මාර්තු 6, 2010 9:32 ප.ව.

    im any time really appriciate ur this important articals………gini gindara.

  16. මාර්තු 12, 2010 7:53 ප.ව.

    මේකෙ තියන විදියට යාලුවො වැඩිවීම කරදරයක් තමා.ඒවුනාට සමහරු තමාගේ ව්්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කිරීම් සිදුවන නිසෑය පුද්ගකයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව.[අන්තර්ජාල මුදල් සොයන්නන්ට]

  17. අප්‍රේල් 16, 2010 8:10 ප.ව.

    සහතික ඇත්ත බන්…මාත් දැන් ෆේස් බුක් ගැන එච්චර උනන්දුවක් නෑ….අර කෙල්ල යායට පායනා එකේ ඉන්න අක්ක නේද?මාත් දැක්ක එලකිරි එකේ දාල තියෙනව…

  18. pubuduwa permalink
    ජූලි 29, 2010 9:45 ප.ව.

    අපො මාත් ඕකෙන් මට්ටු වුනා එක පාරක්

  19. kumara permalink
    ජූලි 30, 2010 6:56 පෙ.ව.

    face book nisa minissunta wena hoda wagema narakakuth wenawa…. ape saamahara gass ballo..aka varadi vidiyata pavichchikaranawa… a a.. unge pahath manasika mattan wala wade kara ganna….ape sinhala miniha

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS