Skip to content

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ!

දෙසැම්බර් 10, 2009

අද දෙසැම්බර් නව වෙනිදා.
හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්.
නිකං පියාඹනව වගේ…

පිස්සු!

හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

මේ දවස්වල කට්ටිය උසස් පෙළට පන්ති යන නිසා මටත් ඇතුළුව මේ නිවාඩුවෙන් ඇති කිසිම නිදහසක් නැහැ. පන්තිය පැවැත්වෙන්නෙ සතියකට දවසකට වුනත්, ‍මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස් පන්ති තුන නිසා දවස් තුනක් ඉවරයි සතියෙන්. එතකොට සමහර පන්ති උදේ 8ට පටන්ගත්තාම ඉවරවෙන්නෙ රෑ 7ට 8ට. ඉතින් කොහෙන්ද ජීවිතයක්. ගිහිල්ල වාඩිවෙලා සර්ගේ (ලස්සන) මූන දිහා බලාගෙන භාවනා කරන්නා වගේ ඉඳගෙන වාඩි වෙලා 90%ක් දෙනා ඉගෙනගන්නව. ගණන් හදනව. ඉතින් ආයෙමත් ගෙදර ආපු වෙලාවෙ ඉඳල ආයෙමත් වැ‍ඩ. ටියුට් පොත් මිටි ගණන්! MCQ, ව්‍යුහගත රචනා, ඉරි ගහන්න, ප්‍රස්ථාර අඳින්න…

ෂහ්!

මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්, සාහිත්‍ය, කිරුළ, ජීවිතය, ආදරය…

මේ හැමදේම බැලන්ස් කරගන්නෙ කොහොමද?

අඩුගානෙ අර ශක්තිජනක පානයවත් බොන්න වෙලාවක් තියෙනවාද?

ඉතින් ‍මේක අපේ ෆේස්බුක් මිතුරු සොහොයුරියක් කිව්වෙ කරන්න ‍තියෙන දේවල් ගැන ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න කියලයි. ඉතින් මම හදාගත්ත.

  1. මැත්ස්
  2. කෙමිස්ට්‍රි
  3. පිසික්ස්,
  4. සාහිත්‍ය
  5. කිරුළ
  6. ආදරේ
  7. ජීවිතේ

ෂහ්!

මේක නං මරු (ශිෂ්‍ය) ජීවිතයක් ඕයි!

ප්‍රතිචාර 7 leave one →
  1. දෙසැම්බර් 10, 2009 1:30 ප.ව.

    උඹේ ලැයිස්තුවෙ 7 වෙනි එක අයින් කරලයි මම නං ඉන්නේ!

  2. නවීන් permalink
    දෙසැම්බර් 10, 2009 1:31 ප.ව.

    ඔය ලිස්ට් එකේ අන්තිමට තියෙන එක ඔය තැන තියාගන්න අමාරුයි.. බොහෝ දුරට වෙන්නේ එක ලිස්ට් එකෙන්ම හැලිල යන එක තමයි… හැලෙන්නේ නැතුව තියාගන්න නම් තව් ටිකක් උඩට උසස් කර්න්න වෙනව..

  3. දෙසැම්බර් 10, 2009 2:09 ප.ව.

    හප්පොච්චියෙ. ජීවිතේට නෙව හතේ හත වැදිල තියෙන්නෙ :D

  4. දෙසැම්බර් 10, 2009 2:48 ප.ව.

    7 කෙසේ වෙතත් 6 නම් ඔතැන තියා ගන්න බැරි වග මමත් පිළිගන්නවා. මොකද මම 7 ගැන කියනවා නම් 1 ඉඳන් 5 වෙනකම්ම තියෙන එව්ව කරන්නේ 7 ගොඩ නගාගන්න නේ ඒකනිසා. මොනව උනත් මුල් කොටස් 5 නිසා අංක6.., 6වෙනි තැනට දාපුඑක ට මම නම් විරුද්ධයි. ඒත් 7 හදාගන්න මේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තියෙන කන්ටෙන්ට්ස් ටිකක් එහා මෙහා කරගත්තට කමක් නෑ. හැමදාම එකම විදියට් [මේ විදියට] තියන් ඉන්නේ නැතිව. මොකද එහෙම උනාම අපිට 7 එපා වෙනවා.

  5. දෙසැම්බර් 10, 2009 5:30 ප.ව.

    අනේ මන්දා ළමයෝ… 6-7 යි කියලා දෙකක් නැති තරමට මේ ටිකේ ජිවත් වෙනවා නම් ඔය ළමයාගේ අනාගතේට හොදයි කියලයි මම නම් කියන්නේ.

  6. දෙසැම්බර් 10, 2009 10:36 ප.ව.

    ෆිසික්ස් 3 ට දමා කෙමිස්ට්‍රි 2ට දැමීම පිළිබඳ මාගේ බලවත් විරෝධය! හිකිස්
    මේකයි, ඔයා ඔතන 7 දක්වා නොම්මර දැම්මට, ඇත්තට තියෙන්නෙ නොම්මර 3 යි. අන්තිම හතර ඉබේ කැපිල යනව. හරියට, වාරාවසානයේ 1,2,3,4,5 ඔය විදියට 40 විතර වෙනකන් පන්තියෙ වෙනිය දැමමට, ස්ටේජ් එකට නග්ගල ප්‍රින්සිපල් රිපෝට් දෙන්නෙ 1,2,3 විතරයි නෙ. ඒ වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS