Skip to content

කිරුළට කිරුළක්!

නොවැම්බර් 21, 2009

“මේ රාජකීය විද්‍යාලයේ මාධ්‍ය  ඒකකයේ නිල ප්‍රකාශනයයි. මෙය අප ඒකකයේ නිරන්තර සාකච්ඡා වලින් මතු වූ අදහස් වලින් පෝෂිත වූවකි. පාසල් මාධ්‍ය ඒකකයක් සතු වගකීම වන්නේ ශිෂ්‍යයින් සැබෑ මාධ්‍ය ක්‍රියාවලියකට යොමු කිරීමයි. බොහෝ සහෝදර පාසල් මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවන්නට කරන උත්සාහයට ගරු කරන නමුත් අප දකින හැටියට එය නිවේදන තරග වලට සීමා වූ වචන පමණි. මාධ්‍ය  අර්ථකථනය කිරීමේදී ඓතිහාසික ව බොහෝ පාසල් මාධ්‍යකරුවන් වරද්දාගත් අතරම ඒ වරද සවිඥානිකවම බොහෝ දෙනා පිළිපදිති. ඒ පිළිබඳ ව කිරුළ තුළින් ම කතා කරන්නට අප සූදානම්.”

ඒ කිරුළ සඟරාව. කිරුළ සඟරාව කොළඹ රාජකීය විද්‍යාලයේ නිල ප්‍රකාශනය. තවත් පාසල් සඟරාවක් නෙවෙයි. මේක සිරා සඟරාවක්.

එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව. ඒ හේතු එකින් එක විස්තර කරන්න මට වේලාව මදි. අනික හේතු කිව්වාම ඇති ගතියකුත් නැහැ. තමන්ම සඟරාව අතට අරගෙන තමන්ගේම හේතු අහේතු නිර්මාණය කරගැනීමයි වැදගත්.

සිස්ටම් එකත් එක්ක අන්ත පීඩිත ශිෂ්‍ය ප්‍රජාවේ ශිෂ්‍ය හඬ ගැන දැනගන්න විඳගන්න අවශ්‍ය  නම් කිරුළ සඟරාව අතට අරගෙන කියවන එක ඔබේ වේලාව නාස්ති කිරීමක් නොවෙයි. ඒ වගේම ඒ සඟරාව වෙනුවෙන් කරන වියදම ඔබට ආයෝජනයක් වේවි. අලුත් දෙයක් ගැන හිතන්න. කිරුළ සඟරාව උත්ප්‍රේරකයක් වේවි.

ප්‍රතිචාර 9 leave one →
  1. නොවැම්බර් 21, 2009 11:52 පෙ.ව.

    මේ සඟරාව ලබා ගන්න තැනක් තියෙනවද? මෙහි මිල කීයද?

  2. නොවැම්බර් 21, 2009 12:06 ප.ව.

    ඉක්මනට ඕක ගන්න පුළුවං තැන කියං, අපේ ලොකු අම්මට කියලාවත් ගන්න බලන්න

  3. නොවැම්බර් 21, 2009 12:25 ප.ව.

    මේ වගේ දේ තමයි පාසැල් සංස්කෘතිය තුල සිදු වෙන්න ඕනෑ.
    සුබ පැතුම්!
    (මේක ගන්න ක්‍රමයක් හරි තැනක් හරි දන්වන්න.)

  4. නොවැම්බර් 21, 2009 12:50 ප.ව.

    “කිරුලත් සඟරාවක්ද? නිකං බියර් වගේ…. වහා නවතනු !! ”
    පට්ට ඈ !

    කදිමයි… කාලීන අවශ්‍යතාවයක් වගේම මහඟු කර්තව්‍යයක් !

  5. සංඛ permalink
    නොවැම්බර් 21, 2009 3:01 ප.ව.

    නුගේගොඩ සරසවි පොත් හලෙන් මේ කිරුළ සගරාව මිලදී ගත හැකියි. රාජකීය විද්‍යාලයේ පොත්හලෙනුත් ලබාගන්න පුළුවන්.

  6. නොවැම්බර් 21, 2009 7:48 ප.ව.

    මේක ගන්න පුළුවන් විදියකුත් කිව්වා නම් හොදයි නේද?

    • නොවැම්බර් 21, 2009 10:03 ප.ව.

      ගන්න පුළුවන් විදිහක් මුලින් කිව්වෙ නැත්තෙ පොඩි හේතුවක් තියෙන නිසා. :)

  7. නොවැම්බර් 21, 2009 10:24 ප.ව.

    කිරුළ සඟරාවේ මිල රුපියල් සීයයි. අර “සංඛ” කියලා තියෙනවා වගේ දැන් සරසවි පොත්හලෙන් මිලදී ගන්න පුළුවන් වේවි. ඒ වගේම රාජකීය විද්‍යාල‍යේ ‍‍‍පොත් හලෙන් මේක මිලදී ගන්න පුලුවන්. හැබැයි පිටපත් ගාන නං පුදුම සීමිතයි! :)

  8. නොවැම්බර් 22, 2009 7:10 පෙ.ව.

    මේක සිරා නෙවැ. ගන්ට ඕනෙ බලන්ඩ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers