Skip to content

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…

ඔක්තෝබර් 28, 2009

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…

මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම තැම්බෙනව. ඒකත් එක්තරා ආකාරයක අතුරේ යෑමක්. හැබැයි විනෝදජනකයි. (ඒ කියන්නෙ පොඩ්ඩක් හරි ලිස්සුවොත් කෙලවෙනවා කියන අර්ථයෙන්)

මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු තවත් කවි කියලා සැක කරන්න පුලුවන් දේවල් දෙකක්. Perfect නැහැ. ටිකෙන් ටික Perfect කවියෙක් කතා කාරයෙක් වෙන්න උත්සාහ කරන නිසා අමු තිත්ත කුණුහරුපෙන් වුනත් විවේචනය කරන එක වැදගත්. අමු තිත්ත කුණුහරුප සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වයට පටහැනි නිසා වගේම. කුණුහරුප වචන කොටු ‍කොටු කරන්න බැරි නිසාම. මට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් එව්වා නං හරි. කොහොමහරි විවේචනය සහ විචාරයයි වැදගත්.

අදත් වැඩිපුර ලියන්න වෙලාවක් නම් නැහැ. මෙන්න අර කවි කියලා සැක කරන්න පුලුවන් නිර්මාණ දෙක.

හරි නං මේ කවිය මෙතන දාන්න ඒ කවියෙ උරුමකාරියගෙන් අවසර ලැබෙන්න ඕනෙ. ඒත් මං මගේ හිතුමතේට අවසර නැතුවම මෙතන දානව.


ඇහුනා ඇහුනා ඇහුනා…
නුඹ සක්මන් කරනා වග
මසිත මත තාලයට
හැරලා කවුලුවෙන් කවුලුව
විවර කර දුනෙමි
නුඹට සැරි සරන්නට.

දැනුනා දැනුනා දැනුනා…
නුඹ ඇවිත් බව
සුමුදු සුසිනිදු පා කමල තබනා බව
මගේ හද නොරිදෙන්නට.

ලිවුවා ලිවුවා ලිවුවා…
හිතේ පෙම් කවක් නුඹ
හිත මත කුරුටු ගාමින්
සදා නොමැකෙන්නට.

හැඬුනා හැඬුනා හැඬුනා…
නුඹ ලබා ගන්නට
‍බොහෝ කල් ඉවසිය යුතු බව දැන.

හිඳිනු මැන හිඳිනු මැන හිඳිනු මැන…
සදා කල් හදවතේ
තනි නොතනියට සැම විට.

(පුංචි) අපේ නෙලාගැනීම.

අසිපත් කගපත් අරගෙන
අපි යනවා යුද්දයකට
පොලු කැති පිහි මුගුරු රැගෙන
අපි යනවා අපෙ යුද්දෙට.

ආනන්දෙයි
නාලන්දෙයි
රෝයල් අපියි
ඉසිපත‍නෙයි

ගහ ගන්නව
හරි හරියට

ඌ රෝයල්,
මූ තෝමස්.
නෙලපන් බං ඉන්නෙ නැතුව.

අපෙ මහ ලොකු හයි හත්තිය
අපෙ මහ ‍ලොකු ගරු නම්බුව
මුලු ලෝකෙට පෙන්නන්නට
නෙලපන් බං ඉන්නෙ නැතුව.

රෝයල් රොක්ස්
හැමෝම රොක්ස්

බාලිකාවෙ සුදු තාප්ප
බැබලෙනවා හරි එළියට.

හරියට ඒ බාලිකාව.
අපේම බූදලය වගේ…

සහෝදරී බාලිකාව
අපේම මනමාලියො ටික.

පිට එවුන්ට දෙන්නේ නෑ…

“ගමේ වැල ගමේ කපුටන්ට”

අපි හරියට කපුටො වගේ…
තාප්ප වල
අපේ වසුරු.

ඒත් කපුටු පරපුරෙ ඇති
එකමුතුකම අපෙ නම් නෑ…

මනුස්සයෝ අපි නිසානෙ,
ඒක එහෙම වෙන්න ඇත්තෙ.

ලාංකීය ආඩම්බරකම
අපේ ඇඟේ ඇති නිසානෙ,
අපේ එවුන්ටම නෙලන්නෙ.

අනේ අපේ දේශප්‍රේමේ.

ඉතින් අපේ තාත්තිලට
ජී එස් පී ප්ලස් ලැබෙයිද?

මේක ලියපු අනේ මටත්
නෙලලා පලයං දවසක.

ප්‍රතිචාර 10 leave one →
  1. ඔක්තෝබර් 28, 2009 12:18 පෙ.ව.

    හික්ස්!
    අන්තිම කවිය මරු කවියක් තමා, ඕක ලංකාවේ හතර හතේටම පොදු වෙච්ච එකක් නෙව.

    කවුද කිව්වේ ලංකාවේ අහවල් භේද නෑ කියලා?

  2. ඔක්තෝබර් 28, 2009 12:23 පෙ.ව.

    දෙවෙනි එක පට්ට. බලාගෙන. මමත් හොඳට කෑවේ දොළහෙදි :p

  3. හිරන්‍ය permalink
    ඔක්තෝබර් 28, 2009 12:46 පෙ.ව.

    හ්ම්ම්ම් දෙවෙනි එක නම් මරේ මරු……. ගුටි නෙලා ගැනීම් දැන් හැම ඉස්කෝලෙකම වගේ තියනවා නේ……

  4. Hashitha permalink
    ඔක්තෝබර් 28, 2009 8:23 පෙ.ව.

    Api eka parak royal set ekak madden thiyagena guard kala, unuth eelanga paara apiwa guard kala.. wali kaarayo giyama api unta hinaaa wewi nawarasen ealawalu roti Kawa!!

  5. Prabath permalink
    ඔක්තෝබර් 28, 2009 8:28 ප.ව.

    රෝයල් මල්ලිලගේ අමුතුම උණක් තියෙන බව ‍මම අත්දුටුවෙන් දන්නවා. ඇයිද මන්දා ඒ දවස්වල මගේ අසල්වාසියා ‍”රෝයලිස්ට්” කෙනෙක් පාරෙදි හම්බවුනාට මුණ බලල හිනා වෙන්නෙ නෑ. ඉතින් මට පුදුම තරහක් තිබ්බේ රෝයල් කාරයො එක්ක. ඒත් උඹ වගේ පොලොවෙ පය ගහල ඉන්න එවුනුත් ඉන්න බව දැන ගත්තම සතුටුයි.

  6. තූර්ය permalink
    ඔක්තෝබර් 28, 2009 10:03 ප.ව.

    දෙවෙනි කවියනම් පට්ට… ඔය මොක රොක්ස් වෙන්නෙත් කඳට වඩා මොලේ පාවිච්චි කරන අය නිසා…නැතුව තුම්මුල්ලෙ හන්දියෙ, නුගේගොඩ හන්දියෙ, මිලාගිරිය හන්දියෙ ගුටි කෙලගන්න උන් නිසා නෙවෙයි…. උඹල වගේ නිර්මාණශීලීව වැඩක් කරන උන් නිසා තමා ඉස්කෝලෙ නම ඉදිරියට යන්නෙ…ඔහොම යං!!!

  7. ඔක්තෝබර් 29, 2009 10:01 පෙ.ව.

    යන පංති ටිකට පිං සිද්ධ වෙන්න කොල්ලො ටික රිසල්ට්ස් දැම්මම රොක්ස් වෙන්නෙ ඉස්කෝල. ඉස්කෝලෙ නම යනවා කොල්ලොන්ගෙ හම යනවා.

    ඔය උණ තියන වලි කාරයෝ කවදාවත් හරි හමං රිසල්ට්ස් නොදාන එවුං නිසා (රිසල්ට්ස් නොදාන හැම එකාම වලි කාරයෝ නෙවේ, උදාහරණයක් විදියට මම! :P ) උං කරන්නෙ වෙන කවුරුහරි කොල්ලො සෙට් එකක් ඉස්කෝලෙට අරං දෙන තත්වේ තමංගෙ ආභරණයක් විදියට පාවිච්චි කරන එක.

  8. නොවැම්බර් 1, 2009 1:59 ප.ව.

    මට නම් කවි දෙකම ලස්ස්නයි . . . මේ දවස් වල ආදරෙනුත් කුල් මත් වෙලා නිසා මට හිතා ගන්න පුලුවන් සුදාරක මල්ලියා ගතකරන ජොලි සහ නොයිවසිලි ජීවිතේ තරම . . . හික් හික්

  9. නොවැම්බර් 2, 2009 12:59 පෙ.ව.

    පළවෙනි කවිය නම් පට්ට… මම දෙවෙනි කවිය සම්බන්දයෙන් මොනවත් කියන්නෙ නැහැ… ගිය සතියෙත් අම්මගෙන් ගුටි කෑව ලොකු කුඩයක් කඩාගෙන ඇවිල්ලා… : පළවෙනි කවිය නම් පට්ට… කා ගැනද බ0 මේ පළවෙනි කවියෙන් කියන්නෙ???

  10. නොවැම්බර් 4, 2009 1:04 ප.ව.

    කවි දෙකම ලස්ස්නයි . . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS