Skip to content

ආසයි මං කැම්පස් යන්න! (කවි වගේ එව්වා…)

ඔක්තෝබර් 24, 2009
සුපුන් සුදාරක ගෙනි

වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. :)

අබිසරු ලිය

අබිසරු ලිය
සුරූපිනිය
රෑ මනමාලී…

සියුමැළි ලිය
කරන එළිය
රෑ හැඩකාරී…

මන බඳන නිළිය
රති කරළිය
රඟන කුමාරී…

ආදර වෙළඳිය
සලෙලුන් මත්
කරන නුරාවී…

සුර පුරය මවන
මන නළවන
මායා හැඩ කාරී…

නිල්මිනි දිගු දෑසයි
සොඳුරු විලයි
අනුකම්පා නොසොයන්නී…

එක් තැන් ඇ හිමියි
හඬන පුතුයි
වෙනුවෙන් වෙහෙසෙන්නී…

ආදරය බෙදයි
සතුට බෙදයි
දුකෙන් තැවෙන්නී…

ආසයි මං කැම්පස් යන්න

කැම්පස් යන්න
ආසයි මං
ඒත් රැග් අයියල,
කරනවානේ රැග්.
දානවනෙ බත් වලට වැලි!
අලත් තම්බනවනෙ
බෝංචිත් කඩනවනෙ.

මාත් හරි ආසයි
යන්න කැම්පස් එකට
ඩිග්රියක් ගහගන්න
ලෙක්චරර් කෙනෙක් වෙන්න
දේශපාලනේ කරන්න

ඒත් රැග් අයියල
දෙනවනේ රැග්
කරනවානේ වාත
දානවනෙ බත් එකට වැලි!
කියවනවානේ කුණුහරුප!

ඒත් මෙහෙ මුදලාලිල
බත් වලට වැලි දානව
බත් වලට ඩයි දානව
එයාල බාස්මතී කනව
අපි ඉල්ලං කනව

ඉතින් මං ආසයි
යන්න කැම්පස් එකට
රැග් අයියලාගෙන්
බත් වලට වැලි දාගන්න
සෙල්ලම් බත් උයන්න
මඩ නාවන්න

ඒත් මේ උසස් පෙළ
දැක්කාම බඩ රිදෙනව
කන්න ඕනෙ නෑ…
වගේ දැනෙනව

කැම්පස්
ගියත්
නොගියත්
දෙකම එක වගේ දැනෙනව
ලොකු මහත්තුරු
බාස්මතී කනව
අපි කොහෙත්
වලි කනව

ඒකයි අන්දරේ
ඉස්සර කාලෙ
රජ වාසලක්
ඉස්සරහ
“උඹේ කටෙත් පස් – මගේ කටෙත් පස්”
කියල කියන්නට ඇත්තෙ

ඉතින් මං,
ඉඩම් විකුණනව
රට යනව
කැම්පස් යනව

වැලි නැතුව
බත් කනව

මුදලාලිල
සහ
අයියල
බත් වලට වැලි දානව
මගේ ගේ හදාගන්න
ග‍ඟේ වැලි මදි වෙනව
ඉතින් මං රට යනව

ප්‍රතිචාර 24 leave one →
  1. ඔක්තෝබර් 24, 2009 6:21 ප.ව.

    ඔව්වොව්… ! කැම්පස් ඇවිල්ලම බලපං…. :)
    ඇවිත් අල වෙයං…

  2. ඔක්තෝබර් 24, 2009 6:37 ප.ව.

    කෑම්පස් යන්නෝ… අල වෙන්නෝ…

  3. ඔක්තෝබර් 24, 2009 6:39 ප.ව.

    awesome :D

  4. ඔක්තෝබර් 24, 2009 6:44 ප.ව.

    උඹ යන්න ආසනම් දැන්ම ඉඳලා යටඇඳුම් නැතුව ගමන් බිමන් යන්න පුරුදු වෙයන් එහෙ එහෙමලු සතියක්ද කොහෙද යනකම් (මම කැම්පස් ගිහින් නැහැ පත්තරේ දැකපු එකක් මේ දැම්මේ. මාව උල තියන්න එහෙම හදන්න එපො ඕන්)

    උඹ කවි වගේ ඒවා දානකොට ඉමේජ් එකක් කරලා බ්ලොග් ලිපිනෙ කොපිරයිට් එකට දාලා දැම්මනම් හොඳා

    • ඔක්තෝබර් 24, 2009 6:47 ප.ව.

      මං ‍මේ හිතාගෙන ඉන්නෙ කැම්පස් නොයා. කැම්පස් යන අයට ආත්මාරක්ෂ සටන් කලා උගන්නන පන්තියකුයි. කැම්පස් වල හැසිරෙන විදිහයි උගන්නලා පන්තියක් දාලා කීයක් හරි කඩාගන්න :D ඒක හොඳ බිස්නස් එකක් වෙන්න බැරි නෑ :D

      මේ වෙලාව නෑනෙ බං. ඉවරයක් නෑ වැඩ. මේක දැම්මෙත් බොහොම අමාරුවෙන්… :( ම‍රණෙ කියන විදිහ අනුගමනය කරල බලන්න ඕනෙ.

  5. සචී permalink
    ඔක්තෝබර් 24, 2009 6:57 ප.ව.

    කියන්න වචන නෑ මල්ලි….!!! ඉතාම අපූරුයි……!!!!!!!!!!

  6. හිරන්‍ය permalink
    ඔක්තෝබර් 24, 2009 6:58 ප.ව.

    මරු කවි දෙක….. පළවෙනි එකනම් වැඩිය කරුත් කතා කරන්නේ නැති මාතෘකාවක්…… උඹ ඒ ගැන වෙනස්ම කෝණයකින් බලලා තියනවා…. එළ. දෙවෙනි එකත් නිමයි බලාගෙන ගියාම කඩකාරයොත් අපිට රැග් තමා දෙන්නේ….. :D

  7. ඔක්තෝබර් 24, 2009 7:02 ප.ව.

    සමාවෙන්න, මේකට තව කතාවක් එකතු කරන්න තියෙනවා. අපේ රසායන විද්‍යා ගුරුතුමාගෙ කතාවක් තමයි ඔය දෙවෙනි කවියට පදනම් වුනේ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ. :)

  8. ඔක්තෝබර් 24, 2009 7:58 ප.ව.

    පළවෙනි නිර්මාණයෙන් සදාකාලීන ගැටළුවකුත්, දෙවැනි නිර්මාණයෙන් කාලීන ගැටළුවකුත් සාකච්ඡා කරලා තියනවා.

    සමාජ ගැටළු සාකච්ඡා කරන්නට කලා නිර්මාණ වල දායකත්වය ගැන උදාහරණ පෙන්වන්න උඹේ නිර්මාණ දෙක ඉතාම ගැළපෙනවා.

    [said]
    අපේ රසායන විද්‍යා ගුරුතුමාගෙ කතාවක් තමයි ඔය දෙවෙනි කවියට පදනම් වුනේ
    [/said]
    බද්දෙ රොක්ස් වගේ නෙවද? :P

    හැබැයි ඉතිං මීට පස්සෙ එක මාතෘකාවක් ගැන නිර්මාණ මීටපස්සෙ උඹෙං නෑ කියල උඹ ට්‍වීටලා තියනවා දැක්කා. ඒක නං හරි අසාධාරණයි හොඳයි?

    • ඔක්තෝබර් 24, 2009 9:15 ප.ව.

      බද්දෙවිතාන ගැන කිව්වොත් නං. ඉගැන්නිල්ල කෙසේවෙතත්. අහන් ඉන්න පුලුවන් දේශනයක්! ඉගැන්නිල්ලත් කියන්න තරම් වරදක් නැතිව හොඳින් කෙරෙනව. :) කොහොමහරි මම යන පංති තුනෙන් ආසම පන්තිය මේක තමයි. :)

      ඒ දේවල් ගැන නිර්මාණ නං කෙරේවි. හැබැයි වැඩිය ඒ ගැන කතා නොකෙරේවි. ප්‍රසිද්ධියේ කතා නොකෙරෙන එක කෝකටත් හොඳයිනෙ බං. :)

  9. වැප් permalink
    ඔක්තෝබර් 24, 2009 8:22 ප.ව.

    පළමු කවිය ගැන විවාදයක් නැහැ. ඔක ඉතින ලොකයේ පැරණම රස්සවනේ

    දෙවෙනි කවිය නම් ලස්සනයි, නියමයි ශෝක්. හැබහි ඉඩං ටික විකුනල ඉගෙන ගත්තත්, පිට රට ගියත්, ලංකාවට ඇවිත් රටට මොකක් හරි වැඩක් කරන්න

    ගියොත් කැම්පස් උත්සාහ කරන්න බත් වලට වැලි නොදාන සින්නෙක් වෙන්න
    දැම්මොත් ක‍ඩයක් උත්සාහ කරන්න තියන වැලි කැටත් අයින් කරපු කඩකරයෙක් වෙන්න

    හි හි හි හි

  10. ඔක්තෝබර් 24, 2009 9:35 ප.ව.

    දෙවැන්නේ කෙසේ වෙතත් පළමු කවියෙන් ඔබ නිර්මාණශීලීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. විරිත රැක යළි ලියන්නට උත්සාහ කරන්න, කවි පෙළම. කවි කිහිපයක් මම සුළු ලෙස සංශෝධනය කළෙමි විරිත රකිනු පිණිස, පහත:

    සුරූපිනිය
    අබිසරු ලිය
    රෑ මනමාලී

    සියුමැළි ලිය
    කරන එළිය
    රෑ හැඩකාරී

    රුවැති නිළිය
    රති කරළිය
    රඟන කුමාරී

    පෙම් වෙළඳිය
    සලෙලුන් මත්
    කරන නුරාවී

    - Taboo

    • ඔක්තෝබර් 25, 2009 10:56 පෙ.ව.

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. ඇත්තටම ගොඩක් වටිනවා. මේ ගැන හරි දැනුම්‍ තේරුමක් අධ්‍යයනයක් අපේ අතින් කෙරෙන්නෙ නෑ නෙව. ඉතින් මේ වගේ ප්‍රතිචාරත් ගොඩක් වැදගත්. නියමයි!

  11. ඔක්තෝබර් 25, 2009 7:49 පෙ.ව.

    හරිම අපූරු නිර්මානයක් අයියේ…

  12. ඔක්තෝබර් 26, 2009 1:30 ප.ව.

    ඇත්තෙන්ම ලස්සනයි මලේ . . .

    ටැබූ කීවා වගේ මුලින්ම මූනු පොතෙත් මේ කවි කියවද්ඩී පොඩි පරහක් දැනුනා ඒත් කොහොම වෙනස්ක් කරන්න තිබුනාද කරන්න කියලා හිතට අවේ නෑ . . . ටැබූ දීලා තියෙනේ නියම ගැලපෙන උදහරනයක් . . .

    ඔයාට හොඳ අනාගතයක් තියෙනවා මලේ . . . වැඩේ කියන්නේ ඔයා හැම දේම සමබර කර ගෙන යනවා වගේ පේනවා . . . හරිම සතුටුයි ඒකට . .

    ජය වේවා . . .! !

    • ඔක්තෝබර් 27, 2009 6:58 ප.ව.

      බොහොම ඉස්තූතියි දුකා අයියේ ප්‍රතිචාරයට. තාම මම ‍මේ කවි ලියන්න ට්‍රයි කරනව. මම තාමත් එච්චර කැමති නැ මගේ මේවට කවි කියල කියාගන්න. ඒ වුනාට කවි වගේ ගතියක් පේන නිසා කොහොම කිව්වත් කමක් නෑ. ඇත්තටම මේ ව‍ගේ ප්‍රතිචාර ලොකු හයියක් ඉදිරියටත් ලියන්න. කවිවලට ලැබෙන විචාරය බොහොම වැදගත්. :)

      මම බොහොම උත්සාහ කරනවා සේරම සමබර කරගෙන යන්න. මං හිතන්නෙ සාර්ථක වෙන්න පුලුවන් වේවි. :)

      ‍ආයෙමත් බොහොම ඉස්තූතියි ප්‍රතිචාරයට! :)

  13. ඔක්තෝබර් 26, 2009 1:33 ප.ව.

    මගේ ෆොටෝ එක ලස්සනයි නේද . . ?? පුත්තලම් බූරුවා . . . මම මයි මේක (මේ පික් එක ) සිලෙක්ට් කලේ දවසක් ඒත් දැන් මේක වෙනස් කරන හැටි නම් දන්නෙ නෑ . . හික් හික්

    • ඔක්තෝබර් 27, 2009 7:03 ප.ව.

      ආ පො‍ටෝ එක එළ! :D හැබැයි පොටෝ එක වෙනස් කරගන්න ඕනෙ නම්, http://www.gravatar.com එකට යන්න. ඒකෙන් තමයි දුකා අයියගෙ ඊ-මේල් ඇඩ්‍රස් එකත් එක්ක මේ පින්තූරේ සම්බන්ධ කරන්නේ. http://www.gravatar.com ගිහිල්ලා, එකේ වම් උඩ කෙළවරෙන් Log in ක්ලික් කරලා දුකා අයියගෙ ඊ-මේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ඇතුළුවෙලා පින්තූරය වෙනස් කරන්න පුලුවන්. වැඩි විස්තර ඒ වෙබ් අඩවියෙන් ලේසියෙන්ම ගන්න පුලුවන්. :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS