Categories
අධ්‍යාපනික විශේෂාංග ලිපි

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට වෙනසක් අවශ්‍ය ඇයි?අධ්‍යාපනික වශයෙන් යල් පැනගිය ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන රටාව කාලානුක්‍රමිකව වෙනස් වීමේ තදබල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය අසහනය පිළිබඳව සලකා බැලීමේදී මතුවූ තදබල අවශ්‍යතාවකි. වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු. විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමේදී ශිෂ්‍යයින්ට මුහුනපාන්නට සිදුවන ගැටලු සහ වාර විභාග වලට මුහුනදීමට නොහැකිව සියදිවි නසාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතින යුගයකි මේ. නිසි බලධාරීන් නිසි පියවර නොගතහොත් අඳුරට යැවෙන්නේ මේ රටේ අනාගතයයි. මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවයි. සියලුම අංශ හී වගකීම රජයකට, ආණ්ඩුවකට පැවරීම වර්තමානයට නොගැලපෙන කරුණකි. අවශ්‍යවන්නේ රජය අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන නිසි ලෙසින් නිසියාකාරව සපයා වඩාත් ශක්තිමත් අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය වීමට ඉඩහසර සැලසීම ය. ර‍ටක, එසේත් නැතිනම් යම් කිසි භූගෝලීය වපසරියක් තුළ අනාගතය පදනම් වන්නේ එරට අධ්‍යාපනික පදනම හරහා වේ. එබැවින් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු පාසල්, විශ්ව විද්‍යාල නිර්මාණය වීම අත්‍යවශ්‍ය කරුණකි. පාසල් තුළ පවතින ශිෂ්‍ය අසහනකාරී තත්වයන් උදා වීමට ප්‍රධානතම හේතුව කාලානුක්‍රමිකව යාවත්කාලීන නොවන ගුරු පද්ධතියක් සිටීම සහ විෂය නිර්දේශයක් නිර්මාණය වී තිබීම ය.

අධ්‍යයන අවකාශයක් තුළ ශිෂ්‍යයා වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත් නොකර විෂය නි‍ර්දේශයකට පමණක් සීමා කරවීම නිසා ශිෂ්‍යයා පත්වන අපහසුතාව මෙතෙකැයි කිය නොහැක. උදාහරණයක් වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයා, උසස් පෙළ විභාගයට මුහුනදීම සඳහා 80%ක පාසල් පැමිණීම සටහන් කළ යුතු ය. මෙයින් ශිෂ්‍යයා තව දුරටත් විෂය නිර්දේශයටම සහ පාසල් භූමියටම සීමා කිරීම පමණක් සිදුවන අතර එයින් බලාපොරොත්තු විය හැකි යහපතක් නොමැත. පවතින විභාග ක්‍රමය තුළ ඉහළට යාමට නම් බහුතරයක් උප‍යෝගී කරගන්නා ක්‍රියාමාර්ගය වනුයේ පොතෙහිම ඇලී ගැලී බාහිර කාල්පනිකත්වයකින් තුරුව විෂය නිර්දේශ අධ්‍යයනයෙහි නියැලීම ය. එය වූ කලී සීමිත පිරිසකට පමණක් යෝග්‍ය වන කරුණක් මිසක විවිධ වූ දක්ෂතාවන්ගේ නිරත පාසල් සිසුන්ට සිදුවන අසාධාරණයකි. වි‍ශේෂයෙන්ම ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට ආවේණික වූ අධ්‍යයන ක්‍රමවේදයක් ඇත. එලෙස ගත් කල මේ ක්‍රමය හරහා බිහිවන්නේ තවදුරටත් ආත්මාර්ථකාමීත්වයට යොමු වූ සමාජයට වෛර කරන “බුද්ධිමත්” “උගත්” ප්‍රජාවක් පමණි.

ඒ ආකාරයෙන් වර්තමාන අධ්‍යාපන රාමුවෙන් මිදී තමාටම ආවේණික ක්‍රමයන් හරහා ඉදිරියට පැමිණි පිරිස් සැලකිල්ලට ගැනීමේදී එයින් බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පිරිසකි. ඔවුන් තමන්ට ලැබෙන අධ්‍යාපනික අවකාශය පිළිබඳ දැනීම සහ අතැති මුදල් නිසාවෙන් අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍රයන් හඹායෑමේ සමත්කම් දක්වයි. වර්තමානයේ කොළඹින් බැහැර පෙදෙස්වලින් ඉදිරියට පැමිණ ජීවිතය ජයගනු ලබන්නේ සැලකිය යුතු සුලු පිරිසක් පමණි.‍ ඒ තමන්ගේ ඇති ආසාව නිසාම පමණක් මිස වෙනත් උත්ප්‍රේරකයක් නිසා නොවේ.

සත්‍ය නම් අධ්‍යාපනික රාමුවෙන් මිදී පැමිණීමට ස්වෝත්සාහය අවශ්‍ය බවයි. නමුත්. එලෙස ස්වෝත්සාහී වීමට පවතින අධ්‍යාපනය ක්‍රමයෙන් උත්ප්‍රේරක ලැබෙන්නේද?

නැත. කිසිසේත්ම නැත. පාසලේ ඉගැන්විය යුතු නිසා ගුරුවරුන් උගන්වන අතරතුර ඉගෙනගත යුතු නිසා සිසුන් ඉගෙනීමෙහි නිරත වෙයි. වඩාත් ලෝකයට විවෘත විය යුතු උසස් පෙළ සිසුවාද සංවෘත කරදමන්නේ අධ්‍යාපන ක්‍රමයයි. අවසානයේ බිහිවන්නේ පෙර කී පරිදි සමාජයට වෛර කරන ප්‍රජාවකි.

මෙය 100%ක්ම සාධාරණීයකරණය කිරීමට නොහැකි වූවත් අවම වශයෙන් 85%ක ප්‍රතිශතයකින්වත් සාධාරණීයකරණය කළ හැකි තත්වයකි. වහාම මේ ක්‍රමයන් වෙනස් නොවන්නේ නම් ඉදිරියේදී රටක් වශයෙන් සහ භූගෝලීය බිම් ප්‍රදේශයක් වශයෙන් මුහුන දීමට සිදුවන අපහසුතාව ගණනය කළ ‍නොහැක.

‍‍මේ සඳහා තවදුරටත් කෑ ගැසීමෙන් ඇතිවන ප්‍ර‍යෝජනයක් නැත. අප අපම හැකි පමණින් විසඳුම් ඉදිරිපත් නොකළහොත් මේ සඳහා පියවරක් කා හටවත් තැබීමට නොහැකි වනු ඇත. පුළුන් කොට්ට මත මොළය තබා ඒ මත වාඩි වී සිහිල් වායු සමීකරණ සුළං රැල්ලෙන් සිත සනහා තීන්දු තීරණ ගන්නා යුගයක. අප අපම වහ වහා විසඳුම් යෝජනාකරමින් පතුරුවා හැරිය යුතු ය. ඒ තුවක්කුවෙන් නොවේ. අවිහිංසකවාදී ප්‍රතිපත්තිමය විලාශයෙනි. එවිට අපට නොමැති වුවත් අපගේ ඉදිරි පරම්පරාව‍ට එයින් යම්කිසිම හෝ ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි වනවා නියත ය.

ශිෂ්‍යත්වයේදී සමත්කම් නොපෑ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ දී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. එසේත් නැතිනම් උසස් පෙළ මට්ටමේදී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. නොඑසේනම් පසුකාලීනව තම හැකියාවන් ඉදිරිපත් කරනු ඇත. මේ බව තේරුම්ගනිමින් එක්තරා සීමාවකට කොටු නොකර. ශිෂ්‍යයින් සියල්ලන්ම එකම මට්ටමකැයි නොසලකා නිදහස් අධ්‍යාපනික වාතාවරණයක් නිර්මාණ කළ යුතු ය. විෂය නිර්දේශයකට අනුකූලව ඉගැන්වීමෙහි සහ ඉගෙනීමෙහි නිරත විය යුතු ය. නමුත් ශිෂ්‍යයා එයට කොටු නොකළ යුතු ය.

සත්‍ය වශයෙන්ම අතිරේක පන්ති ශිෂ්‍යයාගේ අධ්‍යාපනය අවකාශය සීමා කර දමනු ලබයි. අතිරේක පන්ති වලින් ලබන්නේ අතිරේක දැනුමක් නොව විෂය නි‍ර්දේශයටම සීමා කරන ලද දැනීමකි. පාසලේ ඉගැන්වෙන දෙය ඊට පෙර ඉගෙන යාමට අවශ්‍ය කරනු ලබන කටයුත්ත එයින් ඉටුවනවා පමණක්ම මිස ‍ඇතිවන විශේෂ දැනුමක් නොමැත. අතිරේක පන්ති වලට යොමුවන්නේ පාසල තුළ ඉගැන්‍වීම් නිසියාකාරයෙන් සිදුනොවෙතැයි යන සිතුවිල්ලෙනි. එනිසාවෙන් අතිරේක පන්ති වෙත යොමු නොවී පාසල තුළම සහ එයින් බාහිරව අන්තර්ජාලය හා පොත් පත් ඇසුරින් දැනුම ‍සොයා යාමේ ක්‍රමවේදයක් නිර්මාණය වී යුතු ය. ශිෂ්‍යයා වඩාත් දැනුවත් වෙන්නේ එකතැන හිඳිමින් ඉගෙනීමෙන් නොව දැනුම සොයා යාමෙනි.

තවත් කරුණක් නම් ඇතැම් පාසල් වල ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ක්‍රියා කලාපයයි. පාසල ක්‍රියාත්මක විය යුත්තේ අධ්‍යාපනික වශයෙන් මිස පාසල පවුල් සහ සමාජ සම්බන්ධතා වෙත අත නොදැමීමේ බලවත් අවශ්‍යතාව මේ වන විට මතු වෙමින් පවතී. පසුගිය දිනෙක තම පෙම් සම්බන්ධතාව පාසලට ආරන්චි වී තම දෙමව්පියන් පාසලට කැඳවන්නට යැයි ලැබූ නියෝගයත් සමඟ අත්තන ඇට කා සිය දිවි නසාගත් පුවතක් වාර්තා විය. සමාජ සම්බන්ධතාවන්ට අත දැමීම බරපතල කරුණකි. එය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් නොව හැඟීම් හා දැනීම් සම්බන්ධ ගැටලුවකි. පාසල විසින් එලෙස දෙමාපියන් කැඳවන්නටැයි නියෝග කිරීමද, සියදිවි නසාගැනීමද අතිශයින්ම පිළිකුල් සහගත කරුණු බව නැවත නැවතත් සිහිකැඳවිය යුතු නැත. සියදිවි නසාගැනීමට මෙහිදී මුලික හේතුව නිසි සමාජ දැනීමක් නොමැති වීමද, නිසි සමාජ දැනීමක් නොමැති වීමට හේතුව වන්නේද පෙර කී පරිදි විෂය නිර්දේශයන්ට සහ පාසලට පමණක් සිසුවා කොටු කර තැබීම ය. සමාජ අවබෝධය ඇතිවන්නේ සමාජය සමඟ කටයුතු කිරීමෙනි. එය විෂය නි‍ර්දේශයකින් ඉගෙනිය නොහැක. එය ඉගෙනගත හැක්කේ සමාජය සමඟ ගැටීමෙන්, සාහිත්‍ය කලා අධ්‍යයනයෙන්, නව කතා – කෙටි කතා පරිශීලනයෙනි. නමුත් එලෙස වටපිටාවක් වර්තමානයේ නිර්මාණය වී නොමැති බව පවසන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි. මේ මිය යන්නේ රටේ අනාගතයයි.


සියදිවි නසාගැනීමේ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කළ සුපුන් බුධාජීව සොහොයුරාට තුති.

12 replies on “ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි…”

i think you better send the url of this post to the President, he will make arrangements. may be you’ll get a chance to restructure educational system. again don’t waste time on writing about failures if you don’t get something out of it? think about the time you spent on writing all stuff and the outcome you got. i don’t think you got something out of analyzing problems. problems everywhere even on private sector. i don’t see any point of your entire post. but like a complain. well if you really interested in correcting problems here some tips

1) get the permission to analyze current educational system
2) analyze why things are not working
3) find solutions within the resources (HR and other)
4) create a detailed report of the problems, causes, solutions
5) report it to the government

if you do above all stuff and government accepts your report, then the time you spent will be useful for them but not for you, may be good for your fellow guys.

first ask government officials that do they allow you analyze educational system and give them back a report that includes above stuff. if they allow you to you’ll get a chance like that. we can consider the thing you’ve done is something for the country if they accepted and used your information for it’s successes

මම ලියන හැම බ්ලොග් සටහනකින්ම බලාපොරොත්තුවන දේවල් කිහිපයක් තියෙනවා.

1. සංවාදයක් නිර්මාණය කිරීම
2. විවිධ ලිවීමේ ක්‍රම අත්හදා බැලීම
3. ලිවීමේ ශෛලිය දියුණු කරගැනීම
4. අන්තර්ජාලය කුළ සිංහල භාෂා අන්තර්ගතය වැඩිකිරීම

ඉතින්, ලිවීම මට පුද්ගලික වශයෙන් වාසියි. මේක පිටට ගියොත්, ඒකත් තව බොහෝ දෙනෙක්ට වාසි වෙයි. එහෙම පිටට ගියපු අවස්ථා තියෙනවා 🙂 ඉතින් ඒකයි මං ලියන්නේ. නැත්තං ඉතින් බ්ලොග් එක වහලා දාලා පාඩමක් පොතක් බලාගෙන බකන් නිලාගෙන හිටතෑකි 😀

@සුදාරක
[said]
මේ ක්‍රමය හරහා බිහිවන්නේ තවදුරටත් ආත්මාර්ථකාමීත්වයට යොමු වූ සමාජයට වෛර කරන “බුද්ධිමත්” ප්‍රජාවක් පමණි.
[/said]
එය “බුද්ධිමත්” නොව “උගත්” ලෙස නිවැරදි විය යුතුයි.

මොකද බුද්ධිමත් කෙනෙකුට ආත්මාර්කාමීවෙන්නත්, සමාජයට වෛර කරන්නත් බැරි නිසා.

බොහොම ස්තූතියි. මම ඔය වචන දෙක අතරේ පැටලිලා විසඳුමක් නැතිව මුලින් හිතට ආපු වචනේ දැම්මා. දැං හරි. ඔන්න හැදුවා.

සම්පුර්ණයෙන් එකඟයි. තව කියන්න දේ තිබ්බට ඒක උඹම අපිම දන්නවා නෙව!

මේ මට උඩ බැනරයක් ගහන්න පුළුවන් වෙයිද Advertise Here කොටු හතරෙන් එකක? 😉 😛

කොටු නම් නෑ, ඒත් ඇතුලේ අකුරු දාපු සෘජුකෝණාකාර පෙට්ටි තියෙනවා තද දුඹුරු පාට තීරුවක. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.