Categories
ආදර සිතුවිලි නිර්මාණ

අද හරි පුදුම දවසක්

අද හරි පුදුම දවසක්
වුනේ අමුතුම යමක්
අහම්බෙන් හමුවූ යමෙක්
වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක්

හමුවී බොහෝ කල් ඇතත්
අපේ ලංවීම නොදැනුනත්
හිතට හොර රහසේ ලංවුනත්
කරනට වුනේ සීමා පමණ මිතුදමකටත්

ෆේස්බුක් පණිවිඩයක්
ස්කයිප් ඇමතුමක්
අකුරු ඇමතුමක්
වුනේ මා හදගත්

ඇති වූ නමුත් අදහසක්
නොපැවසී ඇයට කිසිවක්
ඇය තුළත් අදහසක්
ඇති වී ඇතැයි සිතුවත්

කලින් මා බැඳි පෙමක්
ම වටා පාරා වලක්ලක්
වූ බව දත් ඇයත්
සිතී මා පෙම් කරයි තවමත්

දුටුවෙමි ඇගේ ඉඟියක්
අන්සතු වන බවක්
බියවූ අතින් නොදැනුවත්
ඇසුවා ඇගෙන් නුඹදැයි මා ගැන සිතත්

පැවැසමින් ඇසට කොඳුරත්
දුටු ඇය සිනාසිත්
කරන්නේ නුඹ විහිළුවක්
දැයි මගෙන් ඇසුවේ ඇයත්

අනේ නෑ සත්තමයි
මම නුඹට ආදරෙයි.

ඇයි ඔබ පමා වූයේ
මේ බව දැන්ද පවසනුයේ

කලින් ඔබ ලද පෙමක්
නිසා සිතුවේ නුඹ තවත්
ඇය ගැන තවමත් සිතත්
හෙයින් මට නුඹ හිමි නැතත්

මගෙන් ඉල්ලා හදවතක්
පැමිණියේ අයියෙක් මා‍ වෙතත්
නුඹ මට නොලැබෙදෝ සැකත්
ඔහුට මා සිත දීම පෙළඹත්

නුඹ ගැන සිතා සිටියත්
නුඹගේ ආදරය මට ලැබෙත්
දැයි ඇති වුනින් සැකයක්
පිදී මා හද ඔහුට පමණක්

අද හරි පුදුම දවසක්
වුනේ අමුතුම යමක්
අහම්බෙන් හමුවූ යමෙක්
වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක්

17 replies on “අද හරි පුදුම දවසක්”

නියමයි… සිද්ධිය හොඳට කවියට නගල තියනවා…

බලපං වුණු දෙයක්
පරක්කුව කල හදියක්
ඉතින් අමතක කරපන්
සිටියි මාළුන් මුහු‍දේ ගොඩක්

විරහව බව සැබැයි
ඒත් කතාව අපූරුයි
ඇයි දැයි නොතේරෙයි
ලිව්වට සුදා උඹට ස්තූතියි

‍හැබෑවටම වුන දෙයක්ද?? නැත්තම් තවත් හීනයක්ද??……කොහොමහරි මලයට හරි ගිහින් ‍වගේ…. 😛

Never trust girls….!

ඕක තමා මගේ උපදේශය….. ලව් සීන් එකක් නං අන්තිම මොහොත වෙනංකං මොකක් වෙයිද කියල කියන්න බෑ. 😉

දැන් වත් ඉගෙනගනිං කොල්ලෝ… ආයෙ සීන් එකකට එන්ටර් වෙද්දි ටිකක් දැනෙන්න සලස්වපං ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න බව. 😀

අද අමුතු දවසක්
ආලයක් කල හදියක්
කියැවූ මේ බ්ලොගයෙත්
තිබුනෙ ලස්සන කවියක්

කුමකින් කුමක් වුවත්
නුඹ යහතින් ය සිතුමත්
දැන ගනුම රිසියෙන්
ලියමි කවි අෂ්ඨකය නුඹටත්

ආලය යනු සුළඟේ ලෙන පන් සිලකි
එහි තේරුම නුඹ තබා මමවත් නොදනී
වෛරය ආලය තර ඇති කෙස්ගසකී
සිතෙහි තබා ගෙන ආල කරනු යෙහෙකී

O_o මට නං තේරුං ගන්න බෑ මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. 🙁 හරිගියාද? පරක්කු වැඩි උනාද?


(පරක්කු උනාට සොරි වෙන්ඩ, මම ඊයෙ පොටෝ තොගයක් අප්ලෝඩ් කරමින් හිටියෙ..)

සොඳුරු දවසක් . . .
සොඳුරු හමුවක් . . .
අඳුරු වීමට . . .
ගත නොවේ අසුරු සැනක් වන්
මොහොතක්. . . .
පිදුමට පෙර . . .
සොඳුරු ආදරයක් . . .
සිතා බලනු . .
සිය දහස් වාරයක් . .
සොඳුරු ආදරයෙන් . . .
අඳුරු වේදනාවන්
විඳිනට වේදෝ නොවේදෝයි . . . !

මැදැයි වුන හදියක්..
හිත හිතා ඉද කලක්..
අපායට උනත්..
කලින් පලයන් නොම පමාවක්..

අනේ මන්දා උඹටත්
වෙන්නෙ ඔය වැනිම දෙයක්
හාරන්න එපා තවත් වලක්
අනිවා ඉඳී තඩි ගෙම්බෙක්…. 😀

අපරාදෙ බං. අපායට ගියත් කලින්ම යන්න ඕනෙ කියන්නෙ ඕක තමයි. ඒකෙන් කමක් නෑ. උඹ බලාපොරොත්තු අතඅරින්න එපා.

Leave a Reply to දුකා Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.