Skip to content

අද හරි පුදුම දවසක්

සැප්තැම්බර් 5, 2009
සුපුන් සුදාරක ගෙනි

අද හරි පුදුම දවසක්
වුනේ අමුතුම යමක්
අහම්බෙන් හමුවූ යමෙක්
වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක්

හමුවී බොහෝ කල් ඇතත්
අපේ ලංවීම නොදැනුනත්
හිතට හොර රහසේ ලංවුනත්
කරනට වුනේ සීමා පමණ මිතුදමකටත්

ෆේස්බුක් පණිවිඩයක්
ස්කයිප් ඇමතුමක්
අකුරු ඇමතුමක්
වුනේ මා හදගත්

ඇති වූ නමුත් අදහසක්
නොපැවසී ඇයට කිසිවක්
ඇය තුළත් අදහසක්
ඇති වී ඇතැයි සිතුවත්

කලින් මා බැඳි පෙමක්
ම වටා පාරා වලක්ලක්
වූ බව දත් ඇයත්
සිතී මා පෙම් කරයි තවමත්

දුටුවෙමි ඇගේ ඉඟියක්
අන්සතු වන බවක්
බියවූ අතින් නොදැනුවත්
ඇසුවා ඇගෙන් නුඹදැයි මා ගැන සිතත්

පැවැසමින් ඇසට කොඳුරත්
දුටු ඇය සිනාසිත්
කරන්නේ නුඹ විහිළුවක්
දැයි මගෙන් ඇසුවේ ඇයත්

අනේ නෑ සත්තමයි
මම නුඹට ආදරෙයි.

ඇයි ඔබ පමා වූයේ
මේ බව දැන්ද පවසනුයේ

කලින් ඔබ ලද පෙමක්
නිසා සිතුවේ නුඹ තවත්
ඇය ගැන තවමත් සිතත්
හෙයින් මට නුඹ හිමි නැතත්

මගෙන් ඉල්ලා හදවතක්
පැමිණියේ අයියෙක් මා‍ වෙතත්
නුඹ මට නොලැබෙදෝ සැකත්
ඔහුට මා සිත දීම පෙළඹත්

නුඹ ගැන සිතා සිටියත්
නුඹගේ ආදරය මට ලැබෙත්
දැයි ඇති වුනින් සැකයක්
පිදී මා හද ඔහුට පමණක්

අද හරි පුදුම දවසක්
වුනේ අමුතුම යමක්
අහම්බෙන් හමුවූ යමෙක්
වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක්

ප්‍රතිචාර 17 leave one →
  1. සැප්තැම්බර් 5, 2009 9:49 ප.ව.

    මාරයි..ඇත්තටම මාරයි..
    මාර අත්දැකීමක්..විරහවක් තමයි.. .

  2. Prasad permalink
    සැප්තැම්බර් 5, 2009 9:55 ප.ව.

    නියමයි… සිද්ධිය හොඳට කවියට නගල තියනවා…

  3. සැප්තැම්බර් 5, 2009 10:04 ප.ව.

    බලපං වුණු දෙයක්
    පරක්කුව කල හදියක්
    ඉතින් අමතක කරපන්
    සිටියි මාළුන් මුහු‍දේ ගොඩක්

    විරහව බව සැබැයි
    ඒත් කතාව අපූරුයි
    ඇයි දැයි නොතේරෙයි
    ලිව්වට සුදා උඹට ස්තූතියි

  4. Naleen permalink
    සැප්තැම්බර් 5, 2009 11:17 ප.ව.

    ‍හැබෑවටම වුන දෙයක්ද?? නැත්තම් තවත් හීනයක්ද??……කොහොමහරි මලයට හරි ගිහින් ‍වගේ…. :P

  5. සැප්තැම්බර් 6, 2009 1:30 පෙ.ව.

    Never trust girls….!

    ඕක තමා මගේ උපදේශය….. ලව් සීන් එකක් නං අන්තිම මොහොත වෙනංකං මොකක් වෙයිද කියල කියන්න බෑ. ;)

    දැන් වත් ඉගෙනගනිං කොල්ලෝ… ආයෙ සීන් එකකට එන්ටර් වෙද්දි ටිකක් දැනෙන්න සලස්වපං ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න බව. :D

  6. සැප්තැම්බර් 6, 2009 9:37 පෙ.ව.

    අද අමුතු දවසක්
    ආලයක් කල හදියක්
    කියැවූ මේ බ්ලොගයෙත්
    තිබුනෙ ලස්සන කවියක්

    කුමකින් කුමක් වුවත්
    නුඹ යහතින් ය සිතුමත්
    දැන ගනුම රිසියෙන්
    ලියමි කවි අෂ්ඨකය නුඹටත්

    ආලය යනු සුළඟේ ලෙන පන් සිලකි
    එහි තේරුම නුඹ තබා මමවත් නොදනී
    වෛරය ආලය තර ඇති කෙස්ගසකී
    සිතෙහි තබා ගෙන ආල කරනු යෙහෙකී

  7. සැප්තැම්බර් 6, 2009 10:30 පෙ.ව.

    O_o මට නං තේරුං ගන්න බෑ මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. :( හරිගියාද? පරක්කු වැඩි උනාද?


    (පරක්කු උනාට සොරි වෙන්ඩ, මම ඊයෙ පොටෝ තොගයක් අප්ලෝඩ් කරමින් හිටියෙ..)

  8. සැප්තැම්බර් 6, 2009 2:48 ප.ව.

    සොඳුරු දවසක් . . .
    සොඳුරු හමුවක් . . .
    අඳුරු වීමට . . .
    ගත නොවේ අසුරු සැනක් වන්
    මොහොතක්. . . .
    පිදුමට පෙර . . .
    සොඳුරු ආදරයක් . . .
    සිතා බලනු . .
    සිය දහස් වාරයක් . .
    සොඳුරු ආදරයෙන් . . .
    අඳුරු වේදනාවන්
    විඳිනට වේදෝ නොවේදෝයි . . . !

  9. සැප්තැම්බර් 6, 2009 3:06 ප.ව.

    මැදැයි වුන හදියක්..
    හිත හිතා ඉද කලක්..
    අපායට උනත්..
    කලින් පලයන් නොම පමාවක්..

  10. සැප්තැම්බර් 6, 2009 3:07 ප.ව.

    අඩෝ සරලව කියපං සිද්ධිය. මොකක් හරි අල වීමක්ද ?

  11. සැප්තැම්බර් 6, 2009 5:28 ප.ව.

    Sometimes love comes around and it knocks you down. Just get back up when it knocks you down……

  12. සැප්තැම්බර් 6, 2009 9:44 ප.ව.

    හරිම අපූරු නිර්මානයක් අයියේ..
    අපි හිතන විදිහට හැමදේම වෙනවනම් කොච්චර හොඳද?ඒත් එහෙම වෙන්නෙ නැති එකයි ප්‍රෂ්නෙ..

  13. සැප්තැම්බර් 6, 2009 9:44 ප.ව.

    අනේ මන්දා උඹටත්
    වෙන්නෙ ඔය වැනිම දෙයක්
    හාරන්න එපා තවත් වලක්
    අනිවා ඉඳී තඩි ගෙම්බෙක්…. :D

  14. සැප්තැම්බර් 7, 2009 10:25 පෙ.ව.

    onna mama nam kalinma kiuwane..ka era era inna epa kiyala :x

  15. සැප්තැම්බර් 7, 2009 12:14 ප.ව.

    අපරාදෙ බං. අපායට ගියත් කලින්ම යන්න ඕනෙ කියන්නෙ ඕක තමයි. ඒකෙන් කමක් නෑ. උඹ බලාපොරොත්තු අතඅරින්න එපා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS