Skip to content

අලුත් වෙච්ච පරණ රොබින්

අගෝස්තු 30, 2009

robin-hood

දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ ම‍ං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ ‍දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ ‍මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න වුනාට විවිධ වූ හේතූන් මත ලියැ‍විල්ල නතර වීම ගැන මට ප්‍රශ්නයක් ඇතිවුනත් ඒ ප්‍රශ්නේ සතියේ ඊළඟ දින වලදී ඔළුට උඩට වැටෙන වැඩ රාජකාරී එක්ක අමතක වෙලා යන නිසා ආයෙත් “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න හ‍ිතෙන්නේ ඉරිදා රෑ අටට. රොබින් හුඩ් බලලා ඉවර වුනාම. ඉතින් කොහොමහරි මේක අදනං ලියලා ඉවරවෙනවාමයි කියලා හිතාගෙන පුටුව උඩ වාඩි වුනේ. ‍ඉතින් හ’ර්න් දෙයියා‍ගේ පිහිටෙන් ඇල්බියන් අසිපතේ ආනුභාවයෙන්වත් මේක ලියැ‍වුනොත් තමයි හොඳ.

හරි. පළවෙනි ‍ඡේදය ඉවරයි. ඊළඟට අමාරු හරිය.

Robin Hood

මේ රොබින් හුඩ් ඒ රොබින් හුඩ් නෙවෙයි. ඒ රොබින් හුඩ් කිව්වේ මේ අපි අර පොඩි කාලේ බලපු රොබින් හුඩ්. ඒ රොබින් හුඩ්, මේ රොබින් හුඩ් නෙවෙයි. හරි ගුප්තයි. අනික මට මතක හැටියට එයා ඒකේ සුදු චරිතයක් විතරයි. ඒත් මේ අලුත් රොබින්. ඒ රොබින් වගේ නෙවෙයි. කළු-සුදු දෙකම පෙන්නන මරු රොබින් කෙනෙක්.

මං දන්නවා දැන් කට්ටියට මඤ්ඤං වෙලා කියලා. ඒ රොබින් – මේ රොබින් – රොබින් රොබින් රොබින්. හරි මට පේනවා නිකන් ඔළුව වටේ රොබින් කුරුල්ලෝ පියාඹනවා වගේ…

ආ හරි කමක් නෑ. මේ කියාගෙන ගියේ රොබින් කුරුල්ලෝ ගැන නෙවෙයි. ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් ගැන. හරි මං කියාගෙන ගියේ. ඒ රොබින් ගැනම වුනත් අලුත් රොබින් කෙනෙක් ගැන.

ඔන්න මොන ‍මොන වැඩේ තිබුනත්. ඉරිදා රෑ හත වෙනකොට දහම් පාසල් වුනත් ඉවරවෙලා තියෙන නිසාත්. රෑ හත නිදහස්ව තියාගන්න අමතක කරන්න එපා. ජාතික රූපවාහිනිය මේ වෙනකොට කොච්චර පිරිහිලා තිබුනත්. මටම පුදුමයි මේක  විකාශනය කරන්න පටන්ගත්තේ ඇයි කියලා.

‍gui-gisbon

මේක මම බලන්නේ, බලන්න කියන්නේ රස වින්දනය නිසාම විතරක් නෙවෙයි. බලන අයට අවබෝධ කරගන්න ලැබේවි මේ කතාවත් එක්ක තමන්ට සමාජ දේශපාලනික කාරනා ගොඩක් තේරුම්ගන්න ලැබේවි කියන එක. ඒක ‍එදාට විතරක් නෙවෙයි. කතාව නිර්මාණය වෙලා තියෙන අද කාලයටත් හොඳින් ගැලපෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් දේශපාලනයේ තියෙන ආර්ට් එක තේරුම්ගන්න කැමතිනං පොඩ්ඩක් හොඳට විවෘත මනසකින් කතාව බලන්න අමතක කරන්න එපා. රොබින්හුඩ්ට ජනතාව අ‍තරේ කැපී පෙනෙන්න තියෙන අවශ්‍යතාව. සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය. දේශපාලනික සම්බන්ධතා හතුරා එක්ක නිර්මාණය කරගැනීම කියන දේවල් පොඩ්ඩක් මනස විවෘත කරලා බලන්න.

meriyan

හැබැයි. ඔය කොයි මනස වුනත් වැහෙන වෙලාවක් එනවා. ඒ තමයි මැරියන් පේන්න ඉන්න වෙලාව :D

නැද්ද මං අහන්නේ… මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා :D

robinhood1

අලුත් වෙච්ච පරණ රොබින් හුඩ්ට කැමතිනං (අකමැති වුනත් කමක් නෑ) මෙන්න මේවා බලන්නත් අමතක කරන්න එපා.

විකීපීඩියා ලිපිය
IMDB
රසිකයන්ගේ අඩවිය (Fan Site)
නිල වෙබ් අඩවිය

ප්‍රතිචාර 17 leave one →
  1. අගෝස්තු 30, 2009 11:00 ප.ව.

    “මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා”

    ටොපියගේ මැරියන් නෙමේ නම් කමක් නෑ ඕන එකක්! :D

    • අගෝස්තු 30, 2009 11:01 ප.ව.

      නෑ නෑ, මං කියලා තියෙන්නේ මේ පොටෝ එකේ ඉන්න මැරියන් :D

  2. අගෝස්තු 30, 2009 11:12 ප.ව.

    i just got a suggestion for you! :) i think if you can write posts about problems you got and asking solutions if you don’t. i like to tell you this as brother, don’t think and discuss about things we can’t solve, talk about things we can solve and for the purpose of finding better solution for your problem. simply make a discussions on how to get rid of problems or how to solve it instead of blaming to someone else. because if you do so, each and every post will be golden for everyone, otherwise just another crap. just a something to think about bro.

    • අගෝස්තු 30, 2009 11:18 ප.ව.

      ආහ්, බොහොම ස්තූතියි යෝජනාවට. ඒත් මං කැමතියි මගේ බ්ලොග් එක මේ විදිහටම ගෙනියන්න. මොකද කාටවත් ප්‍රයෝජනවත් වුනත් නැතත් මං කැමතියි ‍මේක මේ ස්ටයිල් එකටම ගෙනියන්න. :) හැබැයි, සමහර විට වෙනස් වෙන්න බැරිකමකුත් නෑ. මොකද මේ බ්ලොග් එක එක මාතෘකාවක් කේන්ද්‍ර කරගෙන යන එකක් නෙවෙයිනේ.

      • අගෝස්තු 30, 2009 11:21 ප.ව.

        it’s fine, i just wanted to change the way you have been thinking, to a way that leads you to successes!

        • අගෝස්තු 30, 2009 11:24 ප.ව.

          අහ්, බොහොම ස්තූතියි නැවතත් :) හිතීමේ වෙනස් වීමක් අවශ්‍යව තිබුනත් මං කැමතියි මේ හිතීමට. මේක මගේ හිතීමේ විලාසිතාව :) කාලයත් එක්ක ඔය කියලා තියන අදහසුත් එක්ක ඉතින් ඒක වෙනස් වෙන්න බැරිකමක් නම් නැහැ. ආයෙමත් වතාවක් බොහොම ස්තූතියි.

  3. අගෝස්තු 30, 2009 11:29 ප.ව.

    read books those are written by great people (who achieved their goals) one of my personal favor is “YOU CAN WIN” book, search net, it’s available there to download. key to success is not skills but ATTITUDES. that’s why new concept! “Hire for attitudes and train for skills” a bit of HR stuff :)

    • අගෝස්තු 30, 2009 11:34 ප.ව.

      මට තේරුම් ගන්න බැහැ ඔබ ඔය කියන අභිමථාර්ථ වලට ළඟා වීම කියන දේ ගැන. බ්ලොග් අඩවියේ පැවැත්මයි. ඒ අභිමථාර්ත වලට ළඟා වීමයි කියන දේ අතර සම්බන්ධය පිළිබඳව මට දැන් ගැටලුවක් මතු වෙලයි තියෙන්නේ. අනික හැම වෙලාවෙම සාර්ථකත්වය කියන්නේ මුදල් නෙවෙයි. මුදල් අවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩකරන්න අවශ්‍යයි. ඒත් සාර්ථකත්වය කියන්නේ මුදල් ලබාගැනීම හෝ ප්‍රසිද්ධිය ලබා ගැනීම කියන දේ නෙවෙයි. එක එක අයගේ සාර්ථකත්වය පදනම් වෙන්නේ ඒ ඒ අයගේ තියෙන ඒ ඒ අයගේ විලාසිතාව, ක්‍රමය අනුව.

  4. අගෝස්තු 30, 2009 11:39 ප.ව.

    i know i didn’t mean about money, just extract the meaning. find out the answer why do they Hire for ATTITUDES? then you’ll find out what i mean. NOT MONEY!!

    • අගෝස්තු 30, 2009 11:45 ප.ව.

      මුදල් නොවුන‍ට. ඔතනට සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරික ලෝකය නෙව. මගේ ආකල්ප ඔතනින් පරිබාහිරයි තමයි. ඒත් මට අනිත් අය මං ගැන මොනවා හිතුවත් කමක් නැහැ. මට මගේ විලාසිතාවට ගැලපෙන දේ කරනවා කියන හැඟීමෙන් මං කරනවානං.

  5. Prasad permalink
    අගෝස්තු 30, 2009 11:45 ප.ව.

    මමත් හැම ඉරිදාම අමතක නොකර “අලුත් වෙච්ච පරණ රොබින්” බලනවාමයි…

  6. අගෝස්තු 30, 2009 11:46 ප.ව.

    good :)

  7. අගෝස්තු 31, 2009 9:17 පෙ.ව.

    [said]
    මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා :D
    [/said]

    විකාරද බං ? උඹ ලස්සන දැකල නෑ. ඔය සුද්දියොංගෙ මොන ලස්සනක්ද ?

    කතාව නං මචං පටං ගත්ත දවසෙ බැලුවට පස්සෙ බලන්න බැරි උනා. මම දැං TV එක එච්චරම නොබලන නිසා ඒක බලන්න හිතුනෙත් නෑ මතක් වුනෙත් නෑ, මොකෝ කියන්නෙ worth watching ද ?

    • අගෝස්තු 31, 2009 9:21 පෙ.ව.

      නැතුව නැතුව. අනිවා බලන්න. මඟඇරිච්ච ඒවා අන්තර්ජාලයෙන් හොයාගන්න බැරිවෙන එකක් නැහැ ;)

      • අගෝස්තු 31, 2009 7:16 ප.ව.

        තුන් වෙනි කතා මාලාව වෙනකම්ම ටොරන්ට්ස් වලින් බාගෙන බැලුවා :D නියම කතාව. TV එකේ සතියට පැය ගානෙ බලනවට වැඩිය ඔක්කොම ටික එක දිගට බැලුවම නියමයි :D

  8. සැප්තැම්බර් 2, 2009 2:59 ප.ව.

    මටනම් පරණ එක හොදයි.

    • Kokila permalink
      මාර්තු 27, 2011 8:54 ප.ව.

      මටනම් හොද අලුත් රොබින්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers