Categories
නිර්මාණ විවිධ

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව

මෙත් සිතින් ගායනා කරනු මැනවි.

අධ්‍යාපනං භයංකාරං
සබ්‍බ රෝගෝ නිවාරණං
උසස් පෙළං හරි සනීපං
විශ්වවිජ්ජාලංච ගච්ඡමං

සර්ව ආතල් දූරිංභූතං
විසූක දස්සනං නොම බලං
චිත්ත සම්පත්තී දූරංගමං
නේක විසූක දස්සනං

යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං
වන්දේ හෝම්වර්ක් කන්දං
සාදු සාදූ අයිසැක් නිව්ටං
සාදු සාදු අයින්ස්ටයිං

රසායන විද්‍යා මහප්‍රාණං
සිලබස් පතරංග ජාතකං
විද්‍යාගාරං අති උත්තමං
ප්‍රැක්ටිකල් කරපං මචං

ශුද්ධ ගණිතං නොම ශුද්ධං
ව්‍යවහාරික‍යේ ‍නොම ගණිතං
ත්‍රිකෝණමිතියං සර්වසාම්‍යයං
සයින්, කොස්, ටෑං, හුටං

පාඨශාලා අත්‍යවශ්‍යං
සියට අසූවම ගච්ඡපං
ක්ලාස් ටීචර් ෂේප් න්‍යායං
ප්‍රින්සිපල් මරණං භයං

ඩෝල්ටං හොල්මං කරපං
රදර්ෆඩ් සරණංවරං
නේක වර්ණෝ අලංකාරං
වර්ණාවලී තේජෝබලං

ආවර්තිතාවෝ අලංකාරං
හයිඩ්‍රජං ලිතියොං අයොං
ඔක්සිජන් නං පට්ට අවමං
හුස්ම ඇද ඇද පාඩං කරපං

ජීව විද්‍යා අති සූක්ෂමං
පාඩම් නොකරොත් නං කෙළං
ගෙම්බං ඡේදනං ඔක්කාරං
සර්ව රෝගං නිවාරණං

රොටරි සක්යා සැසිප් පලයං
ටියුෂං පරමං නිර්මලං
ගෲප් ක්ලාස් A/C සුවඳං
මාස් ක්ලාස් දාඩිය ගඳං

වාණිජං නිර්භයං සුක්ඛං
කලා නං අති හිතකරං
සාර්ව ආර්ථික මහා තේජං
සන්දේශ කාව්‍යං සර්වං සුභං

ඉංජිනියරිං මෙඩිකල් සුඛං
කැම්පස් ආතල් පරිකල්පිතං
විද්‍යා පීඨං සර්ව ස්වප්නං
අති අලංකෘත දර්ශනං

42 replies on “කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව”

විහිලුවෙන් හරි, ඈත්ත කියලා තියෙන්නෙ.

මේ සර්ව ගාථා බලෙං
මාගේ ගත වෙරි සීතලං
ඕන මගුලක් ගච්ඡතිංච
මට එපා අධ්‍යාපනං

දීර්ඝ කාලස්ස පංති ගච්ඡති
නහි ෆ්‍රී ටයිම් ෆො නින්‍දති
සිලබසස්ස නිර්මාතෲ සොයං
ගනිං මරං කොටපං ඕකං

ඔන්ලි සුක්ඛං ඒලෙවලේ
දම්මං රබර් ඇහැ කෑලිතී
මෙහෙම කොරලා නහි හරියන්තී
රස්සාවක් හොයපං පුතං

සිරාවටම නියමයි.
අධ්‍යාපනං රොක්ස්සං

මේ ස්ලෝකය මට ඇවිත් තිබුනේ විද්‍යුත් තැපෑලකින්… .

එස් එස් සී විනාසාය…
සම්මානෝ අති දුර්ලබං ….
රැකියා විරහිතං දුක්ඛං ….
බී. ඒ. ඩිග්රි මහඃ බයං…

– සමහර විට මේක කියන්න වෙනව ඇත්තේ උඩින් තියන ස්ලෝක කිව්වට අවුරුදු ගානකට පස්සෙදි ලු….

හික් හික්… මේ මහානාර්ඝ ගාථා රත්නයේ බලෙන් තව තව අධ්‍යාපන අවස්ථා පහළ වේවා.. බුධාජීව මල්ලිගේ රිප්ලයි එකත් මරු..!

සාදූ සාදූ සාදූ……

සුදාගේ සූත්‍රං
එවුරි ඩේ කියපං
අධ්‍යාපනං සඵලං
සැමදා සුවර් සොටං

පට්ට ආතල් මලයං
හිනා අනුභවං මරණං
ගනිං පොත පඩං කරපං
කැම්පස් ආතල් නං නියතං

එල ම තමා…
අපෙ මූණුපොතේ කවි සංසදයට ඔබෙ නමත් එක්ක මෙය දාන්න අවසර දෙන්න පුලුවන්ද?

ඒ ගාතා ටික අගට මේ ටිකත් එකතුකරගත්තොත් කැම්පස් වන්දනාව අතිසාර්ථක වෙනවලු (මහපොලත් ලැබේලු) …….

ගෝටාභයං මහා වීරං
ඇමරිදීපං ඉධාගතා
රනිලං විනාස බාවං
බැසිලං නිවං ගොයිං

මහින්දං ආයු රක්ඛං
සහේලිං ඒහී තාරකං
මර්විනං ටං ටං හුටං
කල්යානං පද ලාංචනං

හොඳයි හොඳයි අයිය හොඳට ලියල තියෙනව.හැබයි දැන් ඉතින් කවි පද ටිකක් වෙනස් කරන්ඩ වෙනව අයියෙ.මොකද දන්නවද?අයිය ලොකු ලොකු ටෝක්ස් දීල CCD (Colombo Crime Division – Sri Lanka Police) අයයට විරැද්දව පැමිණිල්ලක් ට කරල දැන් ඒ ගොල්ලෝ ඒක විබාග කරන්ඩ ආරම්බකලා කියල අද රාත්‍රී 10.30 ට් විතර මට ආරන්චි වුනා.ඒ බව දැනගෙන දැනටමත් එක අයිය කෙනෙක් විනාඩි 10 යි එයාගෙ බ්ලොග් එක වහල.මට අයියල ගැන දුකයි.මමත් මෘදුකාංග ඉංජිනෙරුවෙක් වුනාට අය්යල තරම් අපි ඉගෙන ගෙන නැති හින්ද මම රිවස් ඉංජිනියරින් ගැන කතා කරන්ඩ ගියෙ නැ.මොකද අය්යෙ දන්නෙ නැති කෙහෙල් මල් ගැන කතා කරන්ඩ ගිහින් නකුට ග්ලෝගන්ඩ ඔනෙ නැහැනෙ.හැබයි අයියේ මම Srilankan IT Law නම් ඉගෙන ගෙන තියෙනව.සමහර විට අයිය ඒ ගැන මට වඩා දැනුමක් ඇති නේද?කොහොම හරි කමක් නෑ අය්යෙ දැන් ඉඳලම හොඳ ලෝයර් කෙනෙකුයි වන්දි ගෙවන්ඩයි කීයක් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලගෙන තියා ගත්තොත් හොඳයි.
බුදුසරණයි…

podi waradeemak aye correct karala post kala ayye.issella eka makala danda..

හොඳයි හොඳයි අයිය හොඳට ලියල තියෙනව.හැබයි දැන් ඉතින් කවි පද ටිකක් වෙනස් කරන්ඩ වෙනව අයියෙ.මොකද දන්නවද?අයිය ලොකු ලොකු ටෝක්ස් දීල අයියට විරැද්දව පැමිණිල්ලක් CCD (Colombo Crime Division – Sri Lanka Police) ට කරල දැන් ඒ ගොල්ලෝ ඒක විබාග කරන්ඩ ආරම්බකලා කියල අද රාත්‍රී 10.30 ට් විතර මට ආරන්චි වුනා.ඒ බව දැනගෙන දැනටමත් එක අයිය කෙනෙක් විනාඩි 10 යි එයාගෙ බ්ලොග් එක වහල.මට අයියල ගැන දුකයි.මමත් මෘදුකාංග ඉංජිනෙරුවෙක් වුනාට අය්යල තරම් අපි ඉගෙන ගෙන නැති හින්ද මම රිවස් ඉංජිනියරින් ගැන කතා කරන්ඩ ගියෙ නැ.මොකද අය්යෙ දන්නෙ නැති කෙහෙල් මල් ගැන කතා කරන්ඩ ගිහින් නකුට ග්ලෝගන්ඩ ඔනෙ නැහැනෙ.හැබයි අයියේ මම Srilankan IT Law නම් ඉගෙන ගෙන තියෙනව.සමහර විට අයිය ඒ ගැන මට වඩා දැනුමක් ඇති නේද?කොහොම හරි කමක් නෑ අය්යෙ දැන් ඉඳලම හොඳ ලෝයර් කෙනෙකුයි වන්දි ගෙවන්ඩයි කීයක් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලගෙන තියා ගත්තොත් හොඳයි.
බුදුසරණයි…

සමාවෙන්න ඕනේ හැමෝටම, ගොඩක් ප්‍රමාද වුනා මේ ලිපියට ආපු ප්‍රතිචාර වලට ප්‍රති-ප්‍රතිචාර දක්වන්න නම්. ඔන්න ආපහු වතාවක් සමාව ඉල්ලලා සිටිනවා වගේම. ප්‍රතිචාර දක්වපු හැම දෙනාටමත් බොහොම ස්තූතියි කියලා කියන්න අමතක කරන්නේ නැහැ.

කවියෙන් ප්‍රතිචාර දක්වපු අයට ළඟදීම ප්‍රතිචාර එකතු කරන්නම්. වැඩ වැඩි නිසා මුකුත් ඔළුවට එන්නේ නෑ සමහර වෙලාවට. ඉතින් පස්සේ වෙලාවක හරියටම ඒවාට ප්‍රතිචාර එකතු කරන්නම්. 🙂

@බුධාජීව- මටත් තේරෙන්නේ නෑ බං මොකක්ද කියන්නේ කියලා… කිසිම අදහසක් ඔළුවට එන්නේ නෑ. කොහේවත් ටෙක්නිකල් දේවල් ගැන කෑ ගහගෙන ගිහිල්ලත් නෑ. කෑ ගහගෙන යන්නෙත් නෑ.

@Upulpp- අයියෝ සමාවෙන්න ඕනේ ප්‍රතිචාරය එකතු කරන්න පරක්කු වුනාට. ඔන්න මගේ අවසර! 😉

ane malli. ………………
matath mathak una mage A/L kale.sha hari shok kalayak eka.sakya 1 panthi giya hati. iskoleta horen nawa katha kiyawapu hati mathak wenakota hinath yanawa. oyata pin mewa liyanawata

බොහෙම ස්තූතියි ප්‍රතිචාරයට. බලාගෙන ගියාම අපි හැමෝගෙම සිරාම කාලේ තමයි මේ උසස් පෙළ කාලේ. ෂහ්! ඒක මරු! 🙂

‍‍බොහොම ස්තූතියි නංගී comment එකට. අනිවාර්යයෙන්ම තව ලියනවා ඉස්සරහට 🙂

Leave a Reply to කණිෂ්ක Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.