Categories
නිර්මාණ

කාමරේ…

මේ දවස්වල සුදාරකට නොසෑහෙන්න වැඩ. එක වැඩක් කරද්දී තව වැඩ දහයක් ඔළුවේ. ඒ වැඩ දහය ගැන හොයලා බැලුවොත් ඒ වැඩත් එක්ක තව දහසක් වැඩ. ඒ වැඩ මේ වැඩ අර වැඩ මේ ඔක්කොම වැඩ-වැඩ-වැඩ ගොඩගැහිලා තියෙන වෙලාවේ ඒ වැඩ දැක්කාම පිස්සු හැදිලා ඒ වැඩ ‍ඔක්කොම කරන මගේ කාමරේ දැක්කාම පිස්සු ඩබල් වුනා.

ඉතින් ගොඩ ගැහිලා තියෙන ඒ-මේ වැඩ ඔක්කොම කරන්න ඕනේ කියලා හිතාගෙන කාමරේ අස්කරද්දී පොත් ටිකක් අස්-පස් කරනකො‍ට ඒ අස්සෙන් මේ අස්සෙන් බිමට ඇදගෙන වැටුනු කොල කෑලි ටික අරගෙන බැලුවා අනේ හැබෑටම අත්‍යවශ්‍ය දෙයක්ද, නැත්තං මොනවාහරි ගණිත ගැටලු විසඳපුවාදවත් කියලා බලන්න…

මොන ගණිත ගැටලුද සුදාරකට…

කොල ටික අතට අරගෙන එහෙට මෙහෙට කරලා බලනකොටයි දැක්කේ මීට මාස ගානකට කලින් ලියපුවා නේද මේ කියලා. හත්වලාමයි ගෙදරට ‍මේ ලියපුවා අහුවුනානම් මෙලහකට, මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න වෙන්නේ ‍මුල්ලේරියාවට යන ගම‍න් ලැප්ටොප් එකක් අතට අරගෙන. ලියලා විතරක් නම් මදෑ. පෝස්ට් කරන්න‍ වෙනම ඩොන්ගල් එකකුත් අරගන්න වෙනවා.

හරි. ඒ අතුරු කතා. ඒ ඒ කොල අස්සේ තිබුනේ මම අර මුලින් බ්ලොග් සටහනකට අරගෙන ලියපු විකාර ලිපි. ඊ‍ට පස්සේ බාගෙට ලියපු කෙටිකතාවක්. ඒවායේ ඇති මඟුලක්, ගන්න දෙයක් නෑ. නිකන් වචන ටිකක් කොලේකට අතෑරලා දාපුවා විතරයි… ඒ අස්සේ… හම්බුනා බ්ලොග්කරණ තරගාවලිය ගැන අයිඩියාර් එක ආපුවාට පස්සේ ලියපු එක එක එව්වා. ඊට පස්සේ ගෙදර ආපු වෙලාවක එක්කෙනෙක් ගැන හිත හිත ලියපුවා. ඉතින් අපේ ඉද්දා සහෝ ළඟදී තමන් ලියපු කවි පද පේලියකුයි, චිත්‍රයකුයි පො‍ටෝ ගහලා ෆේස්බුක්කුවට දාපු එක මගේ ඔළුවට ඇවිල්ලා මාත් ඒකම අනුකරණය කරන්න ඕනේමයි කියලා හිතලා ගත්තා මගේ අධි සුපිරි බලවේගී w200 ජංගම දුරකථනය අතට. ඒක අතට අරගෙන ගැහුවා පොටෝ… 90%ක්ම පරණවිතාන මහත්යාටවත් අඳුරගන්න බැරිවෙන සයිස් පොටෝ… අනිත් එව්වා ටික අප්ලෝඩ් කරලා දැම්මා ෆේස්බුක්කුවට.
බ්ලොග් එකත් දැන් දින ගානක ඉඳලා වේලි වේලි ඉන්න නිසා පාඨකයන්ට අසාධාරණයක් ‍නොවෙන්න, ලියන මටත් අසාධාරණයක් නොවෙන්න ඔන්න සුදාරක බ්ලොග් එකටත් පොටෝ ටික අප්ලෝඩ් කරා. කට්ටියට කියවන්න… මේ කොල ටික ආ‍යේ එහේ මෙහේ අස්ථානගත වුනොත්, ගෙදර අයට නිකමට හරි අහුවුනොත් අර මං මුලින් කියපු සංසිද්ධියම සිද්ධ වෙයි කියලා හිතලා ‍මේවා ටික කොහේ හරි තැනකට දානවා. හිතු‍‍නොත් අර ලියපු සමහර එව්වා දෙන්න කවුරුත් ඇත්තේ නැති නිසා පුච්චලා අළු කරලා දානවා. ඒක ඉතින් හිතටත් හොඳයි නෙව 😉

හුටා, කාමරේ අස්කිරිල්ලයි අනිත් වැඩ ගොඩයි පැත්තක. මම මෙතන බ්ලොග් ලියනවා… අනේද කියන්නේ… මට නම් සිරාවටම පිස්සු…

ආ… දන්නෙම නැතිව බ්ලොග් සටහනකුත් ලියැවිලා එහෙනං… නරක නෑ පුතෝ! 😀

හිත: යකෝ ගිහිල්ලා කාමරේ අස්කරලා, හදන්න තියෙන ගණන් ටික හදලා දාපං නිකං පිස්සු කෙලින්නේ නැතිව!

12 replies on “කාමරේ…”

කාමරේ අස් කරපු එක නම් ලොකු දෙයක් එකෙමුත් වාසියක් වෙනවානේ මමත් කමරය අස් කරොත් රු 50 වත් එහෙන් මෙහෙන් හොයාගන්න පුලුවන් බන්

@ඇන්ඩෲ අංකල්- හ්ම්… හ්ම්.. තමයි 😛
@බුද්ධික- හික්. අනිවා… දැන්නම් වැඩ ගොඩක් උඩ ඉන්නේ… අර w200 සීන් එකත් බලන්න ඕනේ
@දිසා- ආ ඔව් ඒක ඇත්ත. මේ දැන් කාමරේ අස්කරාට, ආයෙත් එක දවසයි ඕක අවුල් ජාලයක් වෙනවා 😀 ඉතින් කාමරේ මාස ගානකට පස්සේ අස් කරාම ඉතින් අර කිව්වා වගේ, මේ කියලා තියෙනවා වගේ වාසි ගොඩයි 😀

සිරාවටම ඔය කොළ ටික ගෙදර කාටහරි අහු වුනා නම් සොරි තමා…:D

එල එල…… මගෙ කාමරේ අස්කරද්දි ඕවගේ දේවල් හම්බෙනවා. විශේෂයෙන්ම ඇඳ යටින්

අවුල් වෙච්චි දේවල් අස් කරද්දි හම්බවෙන අමතක වෙලා ගියපු දෙවල් ආයෙමත් දැක්කම සතුටක් දනෙනවා..

සුදාරක පුතේ, හරි ගියාම එහෙම කාමරේ හැඩි වෙලා තියන්න එපා හොඳේ?

නැත්තං ලියුම් අරවා මේවා මාට්ටු වෙලා අම්මලා පොලු දාන්නයි එයාගේ අරක මේක නැති වෙලා එයාගෙන් නොක්කාඩු අහන්නයි තමා වෙන්නේ එතකොට!

අම්මට තාත්තට අහු වෙන්න කලින් අස්ථානගත කොරන එකනං හොදයි තමයි. 😀

එලනෙ කොල්ලො… උඹටත් මට වගේ ඒක පාර්ශවික ප්‍රේමයක්ද තියෙන්නෙ…??? මගේ එකට නම් අවු:5 ක ඉතිහාසයක් තියෙනව… :O

@Charana- අපොයි මචන් මටනං එච්චර ඉතිහාසයක් නෑ… මාස 5ක 6ක වගේ පොඩි කාලයක් විතරයි… 🙂

Leave a Reply to Charana Widuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.