අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා…

ජූනි 14, 2009

මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ!

ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා කරන්නද නේද? ඒක පාර්ශ්වික ආදරේත් එක්ක කවි කතා ලියන්න තිබ්බ සිතිවිලිත් ඉතින් එකතැනටම පල් වෙලා ගියා…

අනිත් එව්වානං ඉතින් එච්චර වැදගත් ‍හේතුම නෙවෙයි. මොකද ඉතින් මෙන මල කරදරේ තිබුනත් බ්ලොග් එක ලියන්න නම් අමතක නොකරන නිසා. සිංහල බ්ලොග්කරණ ව්‍යාපෘතියේ වැඩ ගොඩකට හිරවුනා. දැනට එපමණ තරගකාරීත්වයක් පෙනෙන්න නොතිබුනාට අපි මේ දාගෙන යන පදනම හරහා ඉදිරි මාස දෙක තුනේදී සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉතාමත් ආකර්ෂණීය ඉසව්වක් වේවි කියන එක තමයි මගේනං අදහස.

මේ කාලේ මට එක එක අදහස් පහළවුනා. අනේ මන්දා… අම්මා කියන්නේ නං මගේ ඔළුවේ ඉන්නේ රාහු-ලු. රාහු ලැබුවාම ඉතින් එක එක දේවල් ගැන හිතනවා කියනවානේ‍‍ ජ්‍යොතිෂ්‍යයේ. ඉතින් ඒක ඇත්ත වගේ. මට කලා විෂයන් හදාරනවාද? භෞතිය විද්‍යා (ගණිත) විෂයන් හදාරනවාද කියලා මාරම ගැටළුවක් ඇති වුනේ මෙන්න මේ කාලේදී තමයි. මගේ ෆේස්බුක් යාළුවන්ටනම් මේ කතාව එච්චර අලුත් කතාවක් නම් නෙවෙයි. කොහොමහරි අවසන් තීරණයකට ආවා. ඒ ගණිත විෂයම කරනවා කියලා තමයි. මේ වගේම ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ ලියලා ඉවරවුනාමත්, ඊට කලිනුත් මම මුහුන දුන්නා. අනේ මන්දා…. මට ගැලපෙන්නේ කලා විෂයන් කියලා හොඳට ‍තේරුනාත්. ගණිත-විද්‍යා විෂයනුත් මට එච්චර අප්සැට් නැති නිසාත් (මං මේ පම්පෝරි ගහනවා කියලානං හිතන්නෙපා හො‍ඳේ…) ඉදිරි අනාගතේ ලංකාව ඇතුලේ කලා කාරයෙක්ට ෂුවර් නෑ කියලා සාමාන්‍ය ජන මතය නිසාත් මම ආපහු ගණිත අංශයටම හිරවෙන්න තීරණය කරා. ඒක එක පැත්තකින් අපරාදයක් වගේ හිතුනත් පෙරලුනු පිට හොඳයි කියන්නා වගේ මම මුලින් හිතපු විදිහට සිංහලයි ජනමාධ්‍යකරණය වගේ විෂයනුයි දෙක වෙනම භාහිරව හදාරන්නයි කල්පනාව.

මේ විෂයන් තෝරාගනිද්දී මගේ ඉලක්කය මොකක්ද කියන එකනේ ඉතින් බලපාන්නේ. ඇත්තම කිව්වොත් මට ඉංජිනේරුවෙක්, විද්‍යාඥයෙක් වගේ මොකෙක්වත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට ඔනේ මේ… නිදහස් ජීවිතයක්. හැබැයි නිදහස් ජීවිතේ වගේ නෙවෙයි සල්ලි කියන කාරණෙත්. කවදා වෙනකං ඉතින් දෙමව්පියන්ගෙන් කියලා යැපෙන්නද? අපිත් ඉතින් පවුලක් පන්සලක් වෙන්න එපැයි! (අපොයි මූ හිතන දුර!) ඉතින් ඉස්සරහට මුහුන‍‍ දෙන්න වෙන – දැනටමත් මුහුණදෙන්න වෙලා තියෙන ලෝක ආර්ථික අර්බුද ගැනත් හිතුවාම අනාගතේ මොනවායින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ… ‍

සාපෙල ඉවරවෙලා ළි‍ඳේ පනින්න තරම් කම්මැලිකමට හිටිය වෙලාවේම ළි‍ඳේ පැනලා ඉවරයක් කරගත්තානං හොඳයි කියලා හිතෙන්නේ මේ බදාගෙන ඉන්න, බදාගන්න ඉන්න වැඩ කන්දරාව දැක්කාම. දැන් ඉතින් ඉස්කෝලෙත් පටන්ගන්න එකේ… නොදැනීම මේ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා උසස්‍ පෙළත් ලියලා ඉවරවෙලාම තමයි පස්ස බලන්න වෙන්නේ. දවසෙන් තුන් කාලක්ම ඉතින් ගෙදරින් එළියට හිරවේවි. ඉතින් ඒකත් එක්තරා ආකාරයක විනෝදයක් තමයි. උදෙන් නැගිටිනවා-ඉස්කෝලේ යනවා-ව්‍යාපෘතියේ වැඩකරනවා-පන්ති යනවා-බස් එකේ පැයක් දෙකක් නිදාගන්නවා-ගෙදර එනවා…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ! ජීවිතේ නං මල්ල්ල්ල්ල්…….ල්!

32 Responses leave one →
  1. ජූනි 14, 2009

    එල එල…
    ඉක්මනින්ම නැවතත් කවි කතා ලියන්න උත්ප්‍රේරකයක් හමු වේවා! (මගේ කණ බේරගන්නත් පුලුවන් එකනොට :D )

  2. ජූනි 14, 2009

    එහෙන් හෙටින් ආරම්භ වෙන ඔබගේ උසස් පෙළ දිවියට මගෙන් සුභ පැතුම්….

  3. ජූනි 14, 2009

    ඉස්කෝලෙ යන කාලෙ බඩුවක් බැස්සෙ නැත්තං ආතල් එකක් නෑ බං. තව එකක් හොයාගෙන බැහැපන්. “සුළඟ වගේ ඇවිදින්” කියවපං කො :)

  4. ජූනි 14, 2009

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම- හිහී… ඔව් ඔව් ඉක්මනට වෙන උත්ප්‍රේරකයක් ලැබුනොත් තමයි හොඳ…
    @චුටා- බොහොම ස්තූතියි
    @නිදහස- ඒක නං ඇත්ත තමයි ලොක්කා… ඔය “සුළඟ වගේ ඇවිදින්” කියන පොත කාගෙද? කියවන්න ඕනේ…

  5. ජූනි 14, 2009

    මල්ලී, ආදරය කියන්නේ එක පැත්තට සීමා වුණ එකක් නෙමේනේ. ඉතිං “මබ මගේ වේ නම්” කාලේ වගේම “ඔබ මා ළඟ ඉන්න මේ වසන්තේ” කලයට සීමා වෙන්නේ නැහැනේ, “හිමි නැති නුඹ” කියල ඔනේ කවියක් හරි කතාවක් ගොතන්න පුලුවන් නෙව, එත් පුතෝ ඔනෙ තරම් (රි)ලව් කතා තියෙනවා. ඒ හින්දා උඹේ දක්ෂතා නාස්ති කරන්න එපා එව්වාටම, ඔයාට ඊට වඩා දුර යන්න පුලුවන් කොල්ලෝ. එහෙම පලයං, ගණිත අංශය කල ඒක හොඳා දැන් මාධ්‍යවේදීන්ගේ තත්වය දැක්කාම (මෙතන මෙව්වා කියන්න ඕනේ නැහැනේ.). ඔයාගේ නිර්මාණ ශක්තිය සමාජයේ නො කතා කරන, ගණං නො ගන්නා පැති වලට යොදවා ගන්න පුලුවන් නම් යෝග්‍ය වෙයි. රටට වැඩදායි කෙනෙකු වෙන්නට ඔබට සුභාසිරි මල්ලී!

  6. ජූනි 14, 2009

    මට නං ඒ දවස් වල ඉස්කෝලේ යනව කියන්නේ මරණව වගේ වැඩක්. කවද මේ කරුමෙ ඉවර වෙයිද කිය කිය තමයි ඉස්කෝලේ බඩ ගැවේ. ඒත් උ.පෙ ඉවර වුනාම හිතෙනවා තව අවු 1-2 ක් ඉස්කෝලේ තිබුණා නම් හොදයි කියල. ඒ නිසා පාසල් කාලේ කරන්න පුලුවන් හැමදේම කරන්න. එළට ඉගෙන ගන්න, ඉස්කෝලේ ඉවර වෙලා කෙල්ලො පස්සෙ යන්න, වලියක් දෙකක් දා ගන්න ‍වගේ දේවල් හික්…

    සුභ අනාගතයක්…

  7. ජූනි 14, 2009

    Arts නේද? මේක කියෙව්වනං: http://myworldmywaysmyideas.blogspot.com/2009/01/arts-is-notshit.html

    හැබැයි මාත් කියන්නෙ මැත කරන එක හොඳයි. මම නං කරගත්ත ලොකුම වරද තමයි මැත නොකරපු එක. :(

    හැපි හැපී ස්කූලිං! :)

  8. ජූනි 14, 2009
    කසුන් permalink

    එක අතකට ඒක පාර්ශ්වික ආදරය හොඳයි. අප්‍රකාශිත නිසාම ඒක හැමදාමත් සුන්දර මතකයක් විදියට හිතේ තියේවි. :)

    සුභ අනාගතයක්!

  9. ජූනි 14, 2009

    @-බිன்ku- බොහොම ස්තූතියි අයියේ…
    @Thilina- “කෙල්ලො පස්සෙ යන්න, වලියක් දෙකක් දා ගන්න” හිහී… මම නම් එච්චර වලි බර නෑ නෙව ;) සුබ පැතුමට බොහොම ස්තූතියි…
    @ශාකුන්තල- ම්… මාත් කියෙව්වා… ඔව් ඉතින්… :) අයියා මැත නොකරානං මොකක්ද කරේ? බයෝ?
    @කසුන්- ඔව් අන්න ඒක නං ඇත්ත… :) සුබ පැතුමට බොහොම ස්තූතියි…

  10. ජූනි 14, 2009

    ආ.. මල්ලි උඔ තාම A/L නේ…
    කැම්පස් ගිහින් බලපන්කෝ….. :P

  11. ජූනි 14, 2009

    @කණිෂ්ක- හිහී… “යන්න පුළුවන් වුනොත්” බලමු… ;)

  12. ජූනි 14, 2009

    මම නං බයෝ කළේ… ඒකනෙ දැං කෙළවිලා තියෙන්නෙ. :(

  13. ජූනි 14, 2009

    @ශාකුන්තල- ආහ් ඒ මොකෝ? දැන් ඉතින් කැම්පස් නෙව….

  14. ජූනි 14, 2009

    අලුත් මලක් හොයගන්නත් පුලුවන් වෙවා
    සුබ A/L කාලයක් ගත වෙවා

  15. ජූනි 14, 2009

    අපි වල හිතපු පන්ති 2ම දැන් මැද්දෙන් බිත්තියක් ගහල පන්ති 4ක් කරල.දැන් නම් ඉස්කෝලෙ හිටපු ගොඩක් අය අවුරුදු 2කින් විතර හම්බ වෙලා නෑ.මට ඉස්කෝලෙ Chemistry වලටයි, Physics වලටයි වැඩ කරන්න ගියෙ පිටු 200ක පොත් 2ක් විතරයි.Bio වලට නම් පොත් 4ක් විතර ගියා.හිතා ගත්තෑකිනෙ මම ඉගෙන ගත්තු හැටි…:)

  16. ජූනි 14, 2009

    මචං, AL සෙක්ෂන් එක OL වලට වඩා වෙනස්.. ඒකෙ ටීචර්ස්ල එහෙමත් පට්ට.. OL අයට වඩා බොක්ක.. ගිහංම බලපං කො.

    අනිත් එක අපත ගහන එවුං – වැඩර් ල – ෂේප්ස්ල (මම වගේ ! :-P ) දැං දැංම වැඩ බාර අරගෙන, තම තමංගෙ චරිත රඟපානව. මමත් හිතුවෙ ටික කලක් යයි කියල ඒකට.. එ වුනාට කස්ටිය දැනටම තම තමංගෙ පීලි වලට ඇවිල්ල..

    අලුත් කලාස් එකේ හොඳ බුවාල ටිකක් සෙට් කරගන්ඩර් !

  17. ජූනි 14, 2009

    ඉස්කෝලෙ යන කාළෙ ලව් කේස් පටලව ගත්තම ගොඩක් අයට මළ ඉලවු වෙනව. ඒක නිසා ඔයා ඊළඟ අවුරුදු දෙකේ බැහැල වැඩ කරන්න. කැම්පස් ගියාට පස්සෙ බැරියැ ඕන හැටියෙ නටන්න! හිකිස්! උ.පෙළ තරම් චාටර් අමාරු කාලයක් මට නම් ජීවිතේටම තිබිල නෑ. තෝරගන්න විශය ගැන : ඔයාට තිබුන ප්‍රශ්නයම මටත් තිබුන. හැබයි සා.පෙ කාලෙදිම ප්‍රෝග්‍රැමින් උණ තිබුන නිසා ගණිතය තෝරගත්ත. අද මම කරන රස්සාවට මම ආසයි. ඉතින් ඔයත් ඔයාට ආසාවෙන් කරන්න පුලුවන් ක්ෂේත්‍රයක් තෝර ගන්න.

  18. ජූනි 15, 2009

    @Sudaraka,
    කැම්පස් නං තමා.. ඒත් අපේක්ෂා භංගත්වය (වචනෙ හරිද දන්නෑ :P ) වගෙ සීන් එකක් තියෙනව. මොනව කොරන්නද ඉතිං… ජීවිතේ ඔහොම තමා. :(

    @Niroshinie,
    A/L තමා ආතල්ම කාලෙ. අපි ඉතිං පාඩම් කරන්නෙ නැතුව කොල්ලො සැට් එකත් එක්ක ‘වල’ බැහැපු එක තමා වැඩියම කළේ. Class ඉවර වුණ ගමන් එක්කෝ bus stand එකේ… නැත්තං රේල් පාරෙ. අන්තිම මාස දෙකේ තමා පොත් අතට ගන්නෙ. දැං කොහෙද ඒවගේ ආතල් එකක් ගන්නවත් වෙලාව.. :(

    හැබැයි මට නං වුණේ මළ ඉලව් නෙවෙයි මල් මල් ලව් :D . ලබන නොවැම්බරයට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනව :-O . හැබැයි ඉතිං ඒක තියෙන නිසා නිසා කැම්පස් ඇවිත් හිතේ හැටියට නටන්න බැරි එක තමා අවුල. :D LOL

  19. ජූනි 15, 2009

    @හාකුන්තල
    හැබැයි ඉතිං ඒක තියෙන නිසා නිසා කැම්පස් ඇවිත් හිතේ හැටියට නටන්න බැරි එක තමා අවුල
    අපෝ.. නොදකිං පැණියා :D

  20. ජූනි 15, 2009

    අපොයි ඔව්. ඉස්කෝලෙ කාලේ ලව් කියන්නේ ඉලව්වක්ම තමා. අපි prefects කාලේ ඉස්කෝලේ ළමයෙක් කොල්ලෙක් එක්ක පාරේ යනව දැක්කොත් ඒ ළමයට ආයේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් බැනුම් නොඅහා ඇතුලට එනවා බොරු. අනික අනේ ඉස්කෝලේ කාලේ මොන ලව්ද?එතකොට ලව් කරන්න නෝ ටයිම්.අනේ ඇත්තමයි මලේ කියන්නේ, මාත් ඔයා වගේ ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ තියන හැම මගුලකටම සෙට් වෙලා පිස්සු නටපු කෙනෙක් අන්තිමට දෙමව්පිය දිනේදි ගුරුවරුන්ගෙන් නොසෑහෙන්න බැනුම් පන්තියේ නෑ කියලා. ඉස්කෝලේ වැඩ ටික කරගන්න වෙලා මදි කොට මනෝ පාර ගහන් ලව් කරන්නේ කොහෙද?ඔය අවුරුදු දෙක ඉස්කෝලේ වැඩ ටික කරගෙන ඉන්න. නැත්තං ඉතින් ඔය ශාකුන්තල අය්යට වැදුනු හෙනේම තම ඔයාටත්..හිකිස්

    සමහර වෙලාවට මම කොහෙහරි රවුමක් ගහල පන්තියට එනකොට පාඩම පට්න් ගෙන. මම ඉතින් පන්ති භාර ගුරුතුමිය මගේ දිහා බලයි කියල පන්තියට ඇතුල් වෙන තැනට වෙලා බලාගෙන ඉන්නවා. එක පාරටම පන්තියට කඩාගෙන පන්නින බෑනේ. class teacherද? එයා නෙවේ මැරුනත් මම දිහා බලන්නේ. excuse කරන්නත් බයයි පන්තියට වෙලා ගිහින් ආව කියල බනියි කියලා. කොහොමහරි period එකෙන් කාලක් විතර හිටගෙන හිටියට පස්සේ ඔන්න කියනවා ඇතුලට එන්න කියල. අය්යෝ ඒ කාලේ අත් දැකීඑම් නම් කියල වැඩක් නෑ. දැන් තමා හිතෙන්නි ඒ කාලේ සුන්දරත්වය කොච්ච්‍රක්ද කියලා. කැම්පස් එනවා කියන්නේ වාසනාවක් තමා.

    ඒ වුනාට පුදුම වැඩ ගොඩක්. නිකං හිතන්න කාලේ අවුරුදු දෙක හමාරටම අපි English වලට කලේ නව කතා දෙකයි. කැම්පස් එකේ මේ සෙමෙස්ටරයට..ඒ කියන්නේ මාස හයට විතරක් නවකතා 6ක්!පිස්සු හැදිල හොද වෙලා ආයෙත් හැදෙනවා

    ගැන කියනවානම් මෙහෙමයි. O/Lඉවර වෙනකොට මට පුදුම languages පිස්සුවක් ගහල තිබුනා. French, English කිව්වොත් අයේ ඉතින් කන්න ඕනෙත් නෑ. මම නම් ඉතින් එක හිතින් තීරණය කලා Languages කරනවා කියලා. ගෙදරින් නම් විරෝධතා ආවා.ගොඩක් අය කිව්වේ වලට A9k ක් අරගෙන Arts කරන්න පිස්සුද කියලා. මට ඒක ප්‍රශ්ණයක් උනේ නෑ. Arts කලා. ඉස්කෝලේ කාලේ කරන්න තියන හැම පිස්සුවම නට නට ඉඳලා යතං කොහොමහරි ගෙදර ඉදන් විනාඩි 10න් යන්න පුලුවන් කැම්පස් එකටම ආවා.ඒ දවස් වල හිතට පොඩි ආඩම්බරයක් නොතිබුනා නෙවෙයි. එත් දැන් නම් අර ශාකුන්තල අය්යා කියන්නා වාගේ පොඩි පසු තැවීමක් හරි අපේක්ෂා භංගත්වයහරි හිතේ කොනක තියනවා වගේ දැනෙනවා.

    ඒක ගොඩක් වැඩි උනේ to be husbandගේ මොරටුව Bsc IT කරන යාලුවෝ අඳුරගත්තට පස්සේ. සමහර වෙලාවට එයාලා එයාලට දෙන assignment මට email කරනවා නිකන් කියවල බලන්න කියලා. අනේ මන්ද මට නම් එවා හරිම interesting. (කරකොට කොහොමද දන්නේ නෑ.) අපේ තාත්තා building contractor කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට BOQ වගේ ඒවා හදන්න වෙන්නේ මට. ඒ වෙලාවට දන්නේ නැති දේවල් අහගන්න වෙන්නේ ඉතින් මොරටුව dep of civil eng එකට කෝල් කරල තමා. එතකොටත් හිතෙනවා අනේ මම මැත කලා නම් මේ හැම දෙයක්ම පහසුවෙන් කරගන්න/ඉගෙන ගන්න පුලුවන් නේද කියලා. සමහරවිට එකම දේ ගොඩ කාලයක් කරනකොට ඇති වෙන ඒකාකාරී බව නිසාද දන්නේ නෑ

    අනික සමහරු arts කිව්වම බලන්නේ වපර ඇහින්. හිතන්නේ මාත් වැඩකට නැති කලා විශයන් කරන කෙනෙක් කියලා. ඒක තමා අර ශාකුන්තල අය්ය ලින්ක් එකක් දාල තියන පෝස්ට් එකේ පසු කතාව

    අපෝ ලියන්න ගියෝතින් මේ ගැන පිටු සීයක් උනත් ලියන්න පුලුවන් මගේ අත් දැකීම් විතරක්.

    අන්තිමට මට නම් කියන්න තියෙන්නේ Atrs වලට වඩා මැත්ස් කරන එක හොදයි ඔයා ඉන්න field එක අනුව. all the best ඔයාගේ අනාගත a/l දිවියට.

    computer කියන්නේ ඉතින් maths තමා. හැබයි arts කරල computer පැත්තේ හොද රැකියාවන් කරන අයත් නැතුවාම නෙවෙයි. සදීප අය්යා ඒක හොදම උදාහරනයක්. A/L කලේ කලා විශයන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධිය කරන ගමන් BIT කරල දැන් software engineer කෙනෙක් විදියට වැඩ කරනවා

    මේ එයාගේ බ්ලොග් එක.
    http://lankasand.wordpress.com/

  21. ජූනි 15, 2009

    සුභ පැතුම් මල්ලියා… ඉදිරි අවුරුදු 2ත් සාර්ථකව ගෙවා ගන්න…

  22. ජූනි 15, 2009

    එළකිරි… ඔහොම යං… :D

    සුදාර‍කයො. මේ මගේ ඔලුවට උඩිං තියෙන comment එකත් සටහනට ම එකතු කරපං. සටහනට වඩා දිගයි comment එක ^^^ ;)

  23. ජූනි 15, 2009

    [said : deeps]අපි prefects කාලේ ඉස්කෝලේ ළමයෙක් කොල්ලෙක් එක්ක පාරේ යනව දැක්කොත් ඒ ළමයට ආයේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් බැනුම් නොඅහා ඇතුලට එනවා බොරු.[/said]

    @ deeps :
    ඔයා ශිෂ්‍යනායකයෙක් වුනා කියල අනිත් අයගෙ පෞදිගලික ජීවිතයට ඇඟිලි ගහන්න ඔයාට අයිතියක් කොහෙන්ද ?

    මතක තියාගන්න, ශිෂ්‍යනායක තනතුර බලපවත්වන්නෙ පාසල ( = පාසල් භූමිය / පාසල විසින් විවිධ කටයුතු සඳහා යොදාගන්නා ස්ථාන (උදා : බිග් මැච් එකේදි ගව්‍රන්ඩ් එක.).) තුළ පමණයි. පාසල තුලදී ශිෂ්‍යයන්ගේ හැසිරීම පාලනය යි ශිෂ්‍ය නායකයකුගේ හැකියාවන් වලට අයත් වන්නේ.

  24. ජූනි 15, 2009

    @බුධාජීව
    >ඔයා ශිෂ්‍යනායකයෙක් වුනා කියල අනිත් අයගෙ පෞදිගලික ජීවිතයට >ඇඟිලි ගහන්න ඔයාට අයිතියක් කොහෙන්ද ?

    >මතක තියාගන්න, ශිෂ්‍යනායක තනතුර බලපවත්වන්නෙ පාසල ( = >පාසල් භූමිය / පාසල විසින් විවිධ කටයුතු සඳහා යොදාගන්නා >ස්ථාන (උදා : බිග් මැච් එකේදි ගව්‍රන්ඩ් එක.).) තුළ පමණයි. >පාසල තුලදී ශිෂ්‍යයන්ගේ හැසිරීම පාලනය යි ශිෂ්‍ය නායකයකුගේ >හැකියාවන් වලට අයත් වන්නේ.

    *මල්ලිගේ කතාව ඇත්ත. ඒත් ඒක එක එක පාසල් වල නීති සහ සංස්කෘතිය අනුව වෙනස් වෙනවා.මේ ගැන මෙතන කතාකිරීම එතරම් නුවණැති කාර්යක් ලෙස මා දකින්නේ නෑ. පොඩි සිද්දියක් විතරක් කියන්නම්. දවසක් මම මල්ලිත් එක්ක නුවර තිබුනු ප්‍රදර්ශනයක් බලන්න ගියා. ඊලග දවසේ ඉස්කොලේ එනකොටම ශිෂ්‍ය නායිකාවක් මගෙන් ඇහුවා කලින් දවසේ රවුම් ගැහුවේ කා එක්කද කියලා. මම කිව්ව මල්ලි එක්ක කියල. ඊට පස්සේ එයා මට මොනවත් කියන්න ආවේ නෑ. නමුත් සමහර ලමයි ඉන්නවා පාසලේ ගෞරවය ගැන නොසිතා කොල්ලො/ කෙල්ලො එක්ක රවුම් ගහන. ඒ අය ගැන නම් පියවරක් ගන්න එක හොද දේයක් විදියට තමා මම නම් දකින්නේ. නැතුව තමගේ අය්ය මල්ලි එක්ක ගමනක් යන්න බැරි තරමට නීති තද කිරීම නම් විහිලුවක් විතරයි

  25. ජූනි 15, 2009

    [said : deeps]

    නමුත් සමහර ලමයි ඉන්නවා පාසලේ ගෞරවය ගැන නොසිතා කොල්ලො/ කෙල්ලො එක්ක රවුම් ගහන

    [/said]

    ඒක යකාගෙ වැඩක් නෙ ! මම හිතන පතන – යන එන විදිය තීරණය කරන්නේ ඉස්කෝලෙ ද ? නැතිනම් මම ද ?

    පාසලකින් කෙරෙන්න ඕන ඍජුව නීති පැනවීම / තර්ජන (“බැනීම = තර්ජන” වීම බොහෝ අවස්ථා වල සිදුවේ.) මගින් යමෙකුගේ හැසිරීම නොව ඔහුගේ ආකල්ප යහපත්කරණයට උත්සාහ දැරීමයි.

    අනිත් එක කෑල්ලක් දාගැනීම “වරදක්” යයි කියන්නේ කොයි රටේ ද ? (ලංකාවේ ! අපේ ලංකාවේ !!)

  26. ජූනි 15, 2009

    @deeps, @බුධාජීව,

    මේක වෙනම ගෙන කතා කළ යුතු ප්‍රශ්ණයක්. මගේ අදහස කෙටියෙන් කීවොත්, ශිෂ්‍යයින් පාසල් නිළ ඇඳුම ඇඳගෙන යන එන ගමන් බිමන්, කරන වැඩ ගැන විමසන්න ශිෂ්‍ය නායකයින්ට අයිතියක් තිබිය යුතුයි. නැත්තං ඉතිං පාසල් නිළ ඇඳුම ඇඳගෙන ඕන කුපාඩි වැඩක් කරල අන්තිමේ පාසලේ නම (නිළ ලාංඡනයෙන් අඳුනගන්න පුළුවන්) තමයි නිකං නිස්කාරණේ සවුත්තු වෙන්නෙ.

    “දවසක් මම මල්ලිත් එක්ක නුවර තිබුනු ප්‍රදර්ශනයක් බලන්න ගියා.”
    සාමාන්‍ය විධියට ඇඳගෙන මේ ගමන ගියා නම් prefects ලාට අයිතියක් නෑ ඔයාගෙන් ඒ ගැන අහන්න.

  27. ජූනි 15, 2009

    [said : ශාකුන්තල]

    පාසල් නිළ ඇඳුම ඇඳගෙන ඕන කුපාඩි වැඩක් කරල අන්තිමේ පාසලේ නම (නිළ ලාංඡනයෙන් අඳුනගන්න පුළුවන්) තමයි නිකං නිස්කාරණේ සවුත්තු වෙන්නෙ.

    [/said]

    @ශාකුන්තල :
    ආ.. මට ඒක අමතක වුනා.. පාසල් නිල ඇඳුමේ සිට කරන ක්‍රියා සම්බන්ධව විමසීමේ අයිතියක් පාසලට තිබිය යුතුයි.

    නමුත් එය ශිෂ්‍යනායකයෙක් ගෙන් විනය භාර ගුරුවරයෙක් වෙත යොමු විය යුතුයි. හේතුව, පාසල් භුමියෙන් පිට සිදුවී කාරණයක් නිසා. නැතිනම් සමහර ශිෂ්‍ය නායකයො “ඇරියස් වලට රිටන් දෙන්න” ඔය බලය පාවිච්චි කරන්න පුළුවන්.

    [said : ශාකුන්තල]

    > [said : deeps]

    “දවසක් මම මල්ලිත් එක්ක නුවර තිබුනු ප්‍රදර්ශනයක් බලන්න ගියා.”

    > [/said]

    සාමාන්‍ය විධියට ඇඳගෙන මේ ගමන ගියා නම් prefects ලාට අයිතියක් නෑ ඔයාගෙන් ඒ ගැන අහන්න.

    [/said]

    @ deeps :
    ශාකුන්තලගෙ ප්‍රශ්නය මමත් අහනවා.

  28. ජූනි 16, 2009

    ඔව් මම පාට ඇඳුමක් ඇදගෙන ගියේ. ඔය කොහොම උනත් මෙහෙ නම් ගොඩක් වෙලාවට ගැහැනු පාසල් වල පාට ඇදුම් ඇදගෙන කොල්ලෙක් එක්ක පාරේ ගියත් නිල ඇදුමින් පාරේ ගියත් දෙකම එකයි. අපේ පාසලේ නම් ගුරුවරුනුත් ඒක විරුද්දයි. සමහර වෙලාවට ගුරුවරු තමා අපිට කියන්නේ අර ළමයා මේ වෙලාවට අර කොල්ලත් එක්ක මෙතන ඉන්නව කියලා. ඔන්න හේතු අහන්න එපා. ගොඩක් අයගේ හිත රිදෙයි.අන්තිමට ඔහොම ඒව කෙලවර වෙන්නේ ඉස්කෝල වලට බැන ගන්න එකෙන් . අපි ඉගෙන ගත්ත තැනට ගරු කරන්න ඔනේ නේ මොනවා වුනත්. ඊට පස්සේ මෙතනත් වලියක් යයි http://apps.facebook.com/livingsocial/micro/polls/114947/results?ref=poll_friend_choice_notif වගේ.
    පස්සෙ වෙලාවක බ්ලොග් එකේ මේ ගැන ලියන්න පොරොන්දු වෙන්වා.

  29. ජූනි 16, 2009

    @shaakunthala
    >පාසලේ නම (නිළ ලාංඡනයෙන් අඳුනගන්න පුළුවන්)

    පිස්සුද ??දැන් කොල්ලො නිළ ලාංඡනය නැතිව තමා පාරට බහින්නේ. ගෑණු ලමයින්ට තමා සේරම ප්‍රශ්න. ටයි එක ගලවන්න කියලයැ. සපත්තු, මේස්, කොණ්ඩය පීරල තියන විදිය, අත් ඔරලෝසුව, ඔවයින් දෙකක් තිබුනොත් පුලුවන් නේ ඉස්කෝලේ අඳුරගන්න;-P

  30. ජූනි 16, 2009

    @deeps :
    ආ.. ඔයාගේ බ්ලොග් එකේ මේක ගැන ලියන්න. අපිත් සෙට් වෙන්නම් සංවාදයකට. මේක සිරාවට වැදගත් ප්‍රශ්නයක්.

    @ශාකුන්තල :
    එහෙම හොඳයි නේද ?

  31. ජූනි 16, 2009

    [said : deeps]

    අන්තිමට ඔහොම ඒව කෙලවර වෙන්නේ ඉස්කෝල වලට බැන ගන්න එකෙන්

    [/deeps]

    @deeps :
    අයියොහ්, ඔයාගෙ ඉස්කෝලෙ නම සඳහන් කරන්නෙ නැතිව ඉන්න. අපිට ඕනෙ ඉස්කෝලයක් අල්ලගෙන ඒක බනින්න නෙවෙ. මේ කියන දේ ගැන සංවාදයක් කරන්න විතරනෙ ! :-)

Trackbacks & Pingbacks

  1. ssudaraka's status on Sunday, 14-Jun-09 04:14:54 UTC - Identi.ca

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments. Your email address will never be published.

Subscribe to this comment feed via RSS